Categories
ආදරය මතවාද

ආදරය, රාගය, විවාහය (සහ සංස්කෘතිය)

මේ මාතෘකාව ගැන ලියන්න මම වයස මදිද කියල මම දන්නෙ නැහැ. මම ලියනව. කියවන්නෝ කියවනව. ඉතින් ම‍ගේ වයසේ සුදුසුකම තීරණය කිරීම ඔබේ අතේ.

කෙලින්ම මාතෘකාව යන්න කලින් කතාවට අවශ්‍යකරන පදනම දාලාම කතාව ඉදිරියට අරගෙන යන්නම්. ලංකාව කියන්නෙ විශේෂයෙන්ම සංස්කෘතික රාමුවකින් විශේෂයෙන් කොටුවූ රාජ්‍යයක්. රාජ්‍යයක් ඉදිරියට යාමට, රාජ්‍යයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමට මේ සංස්කෘතිය කියන රාමුව අවශ්‍යයි. උදාහරණයක් විදිහට ඇමරිකාවටත්, ඇෆ්ගනිස්ථානයටත් ඒ රටටම අනන්‍ය වුන සංස්කෘතික රාමුවක් ගොඩනගාගෙන තියෙනව. ඇමරිකාවෙ නිරුවතින් පෙළපාලි කරොත් හොඳයි, හැබැයි ඇෆ්ගනිස්ථානෙ නිරුවත තියා අඩ නිරුවතවත් බැහැ.

සාමාන්‍යයෙන් ලංකාවෙ පුරවැසියන් විදිහට අපි සමීපවෙලා තියෙන්නෙ ශ්‍රී ලංකාවෙ සංස්කෘතියත් එක්ක. ශ්‍රී ලංකාවෙ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විකෘති වුන සංස්කෘතියක් කියල පේන්නෙ අපිට ඒ සංස්කෘතිය එක්ක තියෙන බැඳීම නිසා. අනික ඕනෑම රටක සංස්කෘතිය සම්මත කරන්නෙ ඒ රටේ ආගමික පූජකවරුන්, රදළයන් (දේශපාලකයන්) වුනත්. ඒක පොතක පතක ලියැවෙන දෙයක් නෙවෙයි. සංස්කෘතිය සම්මතවෙන්නේ සමාජයේ පුද්ගලයන්ගේ භාවිතයත් එක්කයි.

එතකොට සංස්කෘතිය මිනිසුන්ගේ නිර්මාණයක්. ඒක කාලයෙන් කාලයට වෙනස්වෙනව. සංස්කෘතිය පේන්න තියෙන භෞතික දෙයක් නෙවෙයි. ඒක තියෙන්නෙ විවිධ මිනිසුන් හිතන පතන විදිහෙන්.

එතකොට රාජ්‍යයක් නිර්මාණය වෙන්නෙ එක විදිහට හිතන පතන මිනිසුන්ගෙන් නිසා, මිනිසුන් හිතන පතන ආකාරයේ සංස්කෘතියේ බහුතරයක් සමාන වෙනකොට එතන රාජ්‍යයක් උපදිනවා.

එතකොට ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ඇතුළෙ සංස්කෘතික බිඳීම් හරිම විකෘති සහගතයි.

සංස්කෘතිය ගැන වැල්වටාරම් කියාගෙන ආවෙ, අදාළ තැනට එන්නයි. මේ මාතෘකාව අදාළ තැන වෙන්නෙ; ආදරය, රාගය හා විවාහය කියන තැනයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ දේවල් ගැන කතාවෙන්නෙ රහසිගතව, පුද්ගලිකව. එහෙමත් නැතිනම් ‍තරුණයන් අතර ‍මේ දේවල් ගැන කතා නොවෙනා තරම්. තරුණ තරුණියන් බොහෝවිට එකතුවුනාම කතාවෙන්නෙ තමන්ගෙ විරුද්ධ පාර්ශවයේ අයගේ හැසිරීම, ලාලිත්‍ය පිළිබඳව මිසක්, ඒ හැසිරීමෙන් ඔබ්බට යන මේ සංකීර්ණ මාතෘකා ගැන කතා කිරීමට නොපෙළෙඹෙන තරම්.

මූලික වශයෙන් අපි මේ කතාකරන ආදරය (අතුරු කතා: මේ ආදරය, දෙමාපිය-දූදරු ආදරය වැනි දේ සමඟ පටලවා ගත යුතු නැහැ. මේ කතා කරන්නෙ ස්ත්‍රී-පුරුෂ රෝමාන්තික ආදරය ගැනයි) ඇතිවෙන්නෙ දෙන්නෙක්ගෙ පෙනුම මත, කතාබහ කරන විලාශය අනුව වගේ සරල දේවල් වලින්. ‍මම ආදරය
ගැන කතාකරන්නෙ මූලික වශයෙන් සමාජයේ බහුලව පෙනෙන ආදර සම්බන්ධතා පදනම් කරගෙන. ආදරයේ තවත් සංකීර්ණතා තියෙන්න පුලුවනි.  ඒ ගැන කතාකිරීමට මම කැමැත්තක් දක්වන්නෙ නැහැ. (උවමනා කෙනෙකුට කතාකරන්න පුලුවනි) මේ ආදරයට තවත් කල්යද්දි බොහෝවිට එකිනෙකාගේ රුචිඅරුචිකම් අනුව රාගය ලිංගික ආශාවන් එකතුවෙන්න පුලුවනි. ඒ වගේම ලංකාවෙ බොහෝ දෙනෙක් මුලින්ම හිතන දේ තමයි, ආදරය සම්බන්ධතාවකට මුලපුරන්නෙ ලිංගිකත්වය, ලිංගික ආශාවන් මත පදනම් වෙලා කියල, ඒක වැරදියි. මෘදු සිපගැනීම්, සැහැල්ලු බදාගැනීම් (Hugging) වලින් එහාට යන දේවල් තියෙන්න පුලුවනි. ඒත් ප්‍රථමයෙන් ආදරයක් ඇතිවෙන්නෙ එහෙම දෙයක් සඳහා නෙවෙයි. ඔබට එහෙම දෙයක් පිළිබඳ සිතිවිල්ලකින්, එය ඔබට ආදරයක් කියලා හැඟුනොතිත්, ප්‍රවේශමෙන්! ආදරය සහ රාගය දෙකක්!

සරලම උදාහරණය:
ආදරය කියන දේ විකුණන්න බැහැ.
රාගය විකුණන්න පුලුවනි

ඉතින් මේ දෙක දෙකක්.

ආදරය හරහා රාගය ඇතිවීම සාමාන්‍ය දෙයක්. ආදරය හරහා අන්‍යේන්‍ය ආකාර්ශනයක් තුළින් රාගික සිතිවිලි ඇතිවීමට පුලුවනි. ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහි අතුරු කතා පසුවට!

ආයෙත් සංස්කෘතිය සම්බන්ධවෙන්නෙ මෙතනට, ලංකාවෙ සංස්කෘතික රටාව ඇතුළෙ, මේ දේ ගැන තේරුම්ගන්න තරුණයෙකුට, තරුණියකට අවකාශ හිමිවෙන්නෙ නැහැ. ඒ ගැන ලියවුන පොතක් ‍සාමාන්‍යයෙන් පහළ පන්තියේ, පහළ මධ්‍යම පන්තියේ තරුණ තරුණියකට හිමිවන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තරුණයන්ට නිසි උපදේශනයක් නැහැ. ඉතින් පුද්ගලිකව මේ අත්දැකීම් වලට එකතුවීමෙන් තමයි, තමන්ට මේ පිළිබඳව‍ තේරුම්ගන්න වෙන්නෙ. ඉතින් එහෙම වෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි. ඒ වගේම, මේ ගැන ඒ අත්දැකීම් ලැබුන අය වුනත් විවෘතව කතාකරන්නෙ නැත්තෙ ඇයි කියන එකවුනත්, සෑහෙන්න ලොකු ගැටලුවක්. ඒ විවෘතභාවය නැතිවෙලා තියෙන්නෙ මේ තියෙන සංස්කෘතික රාමුව නිසාවෙන්.

මනුෂ්‍ය ආදරය ඇතිවෙලා තියෙන්නෙ, තම පරම්පරාව ගෙනියාම කියන ප්‍රාථමික අවශ්‍යතාව ඉදිරියට ගෙනයාමට පදනමක් විදිහෙනුයි. හැබැයි, ආදරය හරහා බැඳීම ඇතිවුනත්, තම පරම්පරාව ගෙනියාමට අවශ්‍ය පාර නිර්මාණය වෙන්නෙ රාගයෙනුයි, ලිංගික ආශාවන් තුළිනුයි. මේක ස්වභාවික දෙයක්.

එතකොට ලංකාවෙ සංස්කෘතියට සාපේක්ෂව ආදරය කරන්න නියමිත වයස වෙන්නෙ පාසළෙන් පිටවුනාම වයසයි. ඒ මොකද, ලංකාවෙ මිනිස්සුන් ආදරය ගැන හිතන්නෙ, ආදරය කරන්නෙ රාගය මූලික කරගෙන කියන මතයත් එක්ක නිසාවෙන්. (ප්‍ර‍යෝගික ලෝකෙදි, 99%ක්ම එහෙමම තමයි) ඒ වුනාට ප්‍රයෝගිකව, ආදර සම්බන්ධකම් පාසල් වයසේම ඇතිවෙනව-නැතිවෙනව. සමහරුන් තමන්ට ආදරයක් නෑ කියා දුකෙන් ඉන්න අතරෙ, සමහරු තමන් ආදරය කියලා, ඇති කරගත්ත බැඳීම නිසා දුක්වෙනව.

ඉතින් විවාහය කියන මාතෘකාවට ඇතුළත්වෙන්නෙ දැන්. විවාහය කියන්නෙ සංස්කෘතිකමය වශයෙන් නීත්‍යානුකූල ඇතිවෙන බැඳීමක්. මේකෙන් ආදරය කරන දෙන්නාගේ එකට ජීවත්වීමේ අයිතින සංස්කෘතිය (aka: සමාජය) විසින් සම්මත කරනව. එතකොට මංගල රාත්‍රිය වැදගත්වෙන්නෙ එතනදි. රාගය හරහා ඇතිවෙන අන්‍යෝන්‍ය ආකර්ෂණය නිසාවෙන් විවාහය ස්ථාවර වෙනව.

ආදරය කරන්න දෙන්නා අතර අන්‍යෝන්‍ය අවබෝධය තිබීම ප්‍රමාණවත්. ඒත්,
(http://kawuluwa.blogspot.com/2010/05/blog-post_04.html ලිපිය සඳහා ප්‍රතිචාරය:)

මෙහෙමයි, ඕකෙ එක එක ‍මනෝවිද්‍යාත්මක, ජීව විද්‍යාත්මක කාරණා නැතුවා නෙවෙයි. විශේෂයෙන්ම ඔය සම්බන්ධයක් තියෙන්න මූලිකවම දෙන්නාගේ අවබෝධයක් තියෙන්න ඕනෙ කියන කතාව මම පිළිගන්නවා වුනත්,

අවුරුදු 10ක් 15ක් ආශ්‍රය කරපු අය කසාද බැඳල, අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙන වෙලාවලුත් තියෙනව.

වයස ගැන මතවාද ගොඩක් හැදිල තියෙන්නෙ ‍මේ ලෝකෙ ආරම්භ‍යේ ඉඳලම එක එක අයගෙ අත්දැකීම්, ආගමික මතවාද සහ එක එක වැඩවසම් වරප්‍රසාද ලත් පැලැන්තියේ (උදා: බමුණන්, රජවරු) අයගෙ උවමනාවට හදාගන්න එක එක මතවාද එක්ක.

ඉතින්,
විවාහය කියන එක සෑහෙන්න සීරියස් දෙයක්. දෙන්නට දෙන්න ජීව විද්‍යාත්මකවත්, මනෝ විද්‍යාත්මකවත් ගැලපෙන්න ඕනෙ.

‍කොච්චර දෙන්නාව තේරුම්අරගෙන තිබුනත් විවාහ‍යේදී ජීව විද්‍යාත්මකව කරුණුත් බලපානව.

උදාහරණයක් විදිහට තමාට වඩා වයසින් වැඩි කාන්තාවක් විවාහයේදී පිරිමියාට වඩා ඉක්මනින් කාන්තාව වයසට පත්වීම නිසා එක එක ගැටලු නිරායාසයෙන්ම ඇතිවෙන්න පුලුවනි. (හැබැයි වයස කොච්චර ගියත්, ඒ ආසාවන්, හැකියාවන් ඒ විදිහට රැක‍ගැනීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව)

ඔය කවුරු බණ දේශනා කරත්, ප්‍රායෝගික ලෝකෙදි නොයෙකුත් ප්‍රශ්න එනව.

ආදරය කියන සංකල්පයත්, විවාහයත් පටලවාගත යුතු නැහැ. විවාහය ගොඩනැගෙන්නෙ ආදරයත් රාගයත් එකතු වෙලා එතනින් තමන්ගෙ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න.

ඒත්, ආදරය කියන්නෙ වෙනම මතවාදයක්.

ඕනෙම කෙනෙකුට ආදරය කරන්න පුලුවනි. ඒත් ආදරයත් රාගයත් එකතුකරගත්තොත්, එතනදි ඒක වෙන්නෙ විවාහවීමේ අපේක්ෂාවත් එකතුකරගෙන නොබිදිය හැකි බැඳීමකුත් එකතුවෙලා.

රාගය අවශ්‍ය වෙන්නෙ විවාහය රැකගන්න.

මේ කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. තමන්ට හොඳයි, ගැලපෙනවා කියල හිතෙනවනම්, ඒ ‍දේ කරන්න ඕනෙම කෙනෙකුට අයිතිය තියෙනව.

සංස්කෘතික රාමුවලින් එළියට යෑමේ අවසරය ඕනෑ කෙනෙකුට තියෙනව. මොකද ලංකාවෙ සංස්කෘතිය නෙවෙයි ඇමරිකාවෙ. 🙂


පසු ලිවීම: මේක මාතෘකානුකූල රචනාවක් නෙවෙයි. සිතිවිලි දහරාවක එකතුවක්. 🙂

Categories
ජන මාධ්‍ය පොත් විවිධ

ඊළඟ බ්ලොග් සටහනකට පෙරවදනක් සමඟින් තවත් බොහෝ දෑ

අලුත්ම අලුත් උණු උණු ප්‍රවෘත්ති වටින් ගොඩින් ඇහෙනාතුරේ (ඇහෙන + අතරතුරේ) TV එක දැම්මේ නිළ වශයෙන් තහවුරු කරන ලද ( 😉 ) ප්‍රවෘත්ති මොනවාද කියලා දැනගන්නයි. චැනල් මාරු කරනාතුරේ සුදාරක‍ට වුනේ කබලෙන් ලිපට වැටෙන්නයි. එක චැනල්ලෙකක සින්දු කියනවා. ඒකේ තරඟකරුවෝ විනිසුරු උතුමන්ගේ රෙදි ගලවලා යන නිසාත්… ඒවා කොටු කොටු දාලා වහන්නැති නිසාත්… ටීක්! ටීක්!! ගාලා ශබ්ද වාරණ දාන්නේ නැති නිසාත්… ඊළඟ චැනල් එකට මාරු කරාම ඒකෙත් හත්වලාමේ මෙන්න සින්දු කියනවා. ඉතින් මොකද කරේ. එබුවා ඊළඟ අංකේ රිමෝට් එකේ. මෙන්න මේකේ නටනවා! නිකම් නෙවෙයි. තර‍ඟෙට නටනවා. එළ එළ! උන්ගේ පාඩුවේ උන් ඔහේ නැටුමක් නටාගනිච්චාවේ කියලා තව චැනල් එකකට මාරු වෙද්දී… මෙන්න අම්මලා තර‍ඟයෙන් දිනන්න පොඩි එවුන් ‍නටෝනවා. පොඩි එවුන් දැන් අම්මලා තාත්තලා නටවද්දී ඕකත් මහලොකු දෙයක්ද කියලා, ඊළඟ චැනල්ලෙකට (චැනල්+එකට) මාරු වුන සුදාරක දැක්කේ ආච්චිලා සීයලා නටනවා… ෂහ්… හැටපැන්නත් වඳුරා බිමිං නොයයි කියන කියමන සුදාරකට සර්වකාලීනයි වගේ හැඟිච්ච නිසා ආයෙත් මාරු කරලා චැනල්ලෙක. හත්වලාමයි! මෙන්න බොලේ එක කොල්ලාට කෙල්ලෝ හැට හුටාමාරක්! 😮 මයේ අම්මෝ… මෙහෙමත් ගෑනු තොගයක් අපිට ආදරේට අපේ පස්සෙන් ඇඳුම් තෝර-තෝර-නට-නට-කව-කව ආවොත් කොහොම හිටියිද කියලා හිතනකොට… සුදාරක හිතුවේ තරුව තමං වෙලා එක තරඟකාරියකට විතරක් තර‍ඟෙට එන්න දීලා නිතරඟයෙන්ම දිනන්න දෙන තරඟයක් ගැන. ඒත් ඒක එච්චර නුවනටයි නුවණටයි දෙකටම හුරු තරඟයක් නොවන නිසා වැඩේ පොඩ්ඩක් අතුගාලා දාලා හ‍දවතේ කොනකට ගොඩගහලා තිබ්බ කුණුකන්දල් ගොඩට එකතු කරා.

රෑට රෑට ආකාසෙ පායන තරු වලට අමතරව මෑතකදි ‍ගේ ඇතුලේ පායන්න පටන්ගත්තු තරු ගැන හිත හිත ඉන්න සුදාරකට රෑ වුනත් දවල් තරු පෙනුනේ උගුරට හොරා බෙහෙත් ‍බොනවා ව‍‍ගේ ළඟකදී ඉඳන් කරන ලයිට් කැපිල්ල සිද්ධවුනාම. බල බල හිටපු ‍පොතේ අන්තිම හරිය කියවන්න බැරි වෙන බව මතක්වුනාමයි. සුදාරක‍ ටෝච් එළියෙන් හරි “අටවක පුත්තු” පොත කියවන්න උත්සාහ ගත්තේ ඒ තරම් පොත ගැන පිස්සු වැටිලා හිටපු නිසාමයි. දමයන්තට මොකද වුනේ? රෙජින නෝනා මැරුනාද? දිල්කි ආදරේ කියලා කියාවිද? අනෝමක්කා මැරුවාද? “මැරුනාද?” මාර ප්‍රශ්න තොගයයි! ආපහු ලයිට්ටාපු දවසක “අටවක පුත්තු” ‍පොත ගැන බ්ලොග් සටහනකින් ලියන්න හිතේ තියාගෙන සුදාරක නින්දට යනවා…

මෙහි සමහරක් දෑ කල්පිතයක් පමණි! ලයිට් නැතුව කොහොමෙයි මේ බ්ලොග් පෝස්ට් එක ලිව්වේ? ඉතින් ඒක කල්පිතයක්ම විතරයි!