Categories
තොරතුරු තාක්ෂණය විවිධ

අයියන්ඩිය බිය නොවන්න! SLT ADSL බිල ලඟදීම අඩුවේවි!

ආ… කට්ටිය දැන් බයවෙලා මේ මොකද වෙන්නේ කියලා. එළකිරි අඩවියේ එහෙම ටෙලිකොම් එකේ පලු පැලෙන්න බනිනවා. ඒ අතරේ එක එක තැන්වල එක එක කතා. මේ ඔක්කොම පටන්ගන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් නවතම ප්‍රචාරණ වැඩසටහන එක්කයි. ඒ මොකක්ද ඒ?

මේ තියෙන්නේ ඒක…

SLT Promotion

ගත්තා ටෙලිකොම් ADSL පාරිභෝගික සේවාව. පුදුමයකට වගේ ඉතාමත් ක්ෂණික ප්‍රතිචාරයක් ලබාගන්න ලැබුනා. ඒක ලොකු දෙයක් නැත්නම් ගොඩක්‍ වෙලාවට වෙන්නේ පාරිභෝගික සහය Dial කරලා ෆෝන් එක කනේ තියාගෙන ඉන්ට. එතකොට අපි ඉන්න තැන්වල මුල් ඇදලා. අලුත් පැල හැදිලා ඔක්කොම වෙලා තියේවි…

ආ කතාව කිව්වේ නෑනේ…

SLT ADSL ඔය කරන්නේ සාමාන්‍ය Promotion එකක්. ඒ කරන්නේ ළඟදීම මිල අඩු කරන බවට අඟවන්නයි. මේ අවස්තාවේ ඒ අය හදන්නේ උපරිම පාරිභෝගිකයන් පිරිසක් එකතුකරගන්න. ඒකයි මේ වැඩේ ඒ අය කරන්නේ. ළඟඳීම සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ මිළ අඩුකරන බවට ඒ පාරිභෝගික සහාය නිලධාරියා කිව්වේ හෙන වේගෙකින්. මං හිතන්නේ ‍දැන් ගොඩක් අය ඒ ගැන අහලා Call කරන නිසා වෙන්න ඇති. පවු. මිනිහාටත් එපා වෙලා වෙන්න ඇති 😀

ඔන්න ඕකයි තත්ත්වේ.
අපිට SLT ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න පුලුවන් වේවි.

මිළ අඩු කරන ගමන්. වේගෙත් වැඩි කරොත් එළම කිරි!!!

යාවත්කාලීන කිරීම – ඔන්න ADSL ගාස්තු අඩුකරලා! –

Categories
අන්තර්ජාලය තොරතුරු තාක්ෂණය විවිධ

දිවිය පහසු කරන සම්පත් බැංකුව හා දිවියට කෙළවන ශ්‍රී ලංකා ටෙලිකොම්

අපේ පවුලේ බැංකුව සම්පත් බැංකුව තමයි ඉතින්. ඒක ඉතින් මලින්ත හරහා වක්‍රව දැනගන්න ඇතිනේ… 😉 ඉතින් මේ ළඟදී මරු වැඩක් වුනා. ටෙලිකොම් බිල ගෙවන්න දවසක් පරක්කු වුනා විතරයි මෙන්න බොලේ දුරකථන සම්බන්ධතාවය නවත්තලා. කනෙක්ෂන් දෙන්න සතිගණන් මාස ගණන් රැ‍ග් එක දෙන ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙන්න බිල ගෙවන්න දවසක් පරක්කු වෙච්ච ගමන් සම්බන්ධතාවය අයින් කරලා. ඉතින් මොකද කරේ ගත්තා 0112303030 මේක තමයි සම්පත් බැංකුවේ ටෙලි බෑන්කින්ග් සේවා දුරකථන අංකය. නියම සේවාවක්. දුරකථ‍නයෙන් ගිණුම් ශේෂය බලාගන්න, ගිණුම් අතර මුදල් මාරුකරන්න. Mobile Cash වගේම ඉතාමත් කාර්යක්ෂම හා මිත්‍රශීලීව ගණුදෙනුකරුවන්ට සහායත් ලබාදෙනවා. මේ ‍සේවාවේ තවත් අංශයක් තියෙනවා අපේ බැංකු ගිණුමින් එක් එක් සේවාවන් සඳහා (උදාහරණයක් වශයෙන් කිව්වොත් SLT) ගෙවීම් කරන්නත් පුළුවන්. ඉතින් සම්පත් ටෙලි බෑන්කින්ග් සේවාවට සම්බන්ධ වෙලා පහසුවෙන් ගෙවීම කරා. ඔන්න හිටියා දවසක් දෙකක්, සෙනසුරාදා ඉරිදත් ගතවුනා. තාම ‍ටෙලිකොම් එක සම්බන්ධතාවය දීලා නෑ. ‍ඒ වගේම මම උන්ගේ (මුන්ට මෙහෙම කතා කරලත් මදි) පාරිභෝගික සහය අංකේ 0112555555 අංකේට කතා කරන්න හැදුවාම කියනවා “ඔබේ දුරකථනයෙන් ඇමතුම් ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත. විස්තර සඳහා කරුණාකර අංක 1242 අමතන්න කියලා” ඉතින් පාරිභෝගික සහය අමතන්නත් මුන්ට ගෙවලා ඉන්න ඕනේද? මගේ CDMA ෆෝන් එකේ නම් නොමිලේම පුළුවන් කම තිබ්බා. ඉතින් මොනවා කරන්නද? ඉතින් ඊට පස්සේ 1242 අංකේට ගත්තා. මෙන්න ආයෙමත් අර කුණුහරුපේ වාදනය‍ වෙනවා. ඉතින් මොකද කරේ… මගේ ජංගම දුරකථනේ ගත්තා. ඒක මොබිටෙල් නිසා ඒකේ Any8 අංක වලට 0112555555 අංකේ දාගත්තා. ඊට පස්සේ ජංගම දුරකථනෙන් පාරිභෝගික සහායට කතා කරා. පුදුමේ කියන්නේ වැඩි වෙලා යන්න කලින් ඉස්සුවා (සාමාන්‍යයෙන් ටෙලිකොම් දුරකථනෙකින් ගත්තොත් නම් අංකේ ඩයල් කරලා සහයට කෙනෙක් සෙට් වෙනකම් නාලා, කාලා, බීලා, අළුත් ඇඳුමකුත් ඇඳගෙන ආපහු දුරක‍ථනේ ළඟට එන්න වෙලාව තියෙනවා. ඒත් තව වෙලාවකුත් ඉතිරිවෙනවා) ඉතින් ඔන්න කතා කරා කියමුකෝ. ඊට පස්සේ කිව්වා මෙහෙම ටෙලි බෑන්කින්ග් වලින් ගෙව්වා. ඒත් තාම සම්බන්ධතාවය දීලා නැ කියලා. ඉතින් එහෙන් කියපි, තාම නම් අප්ඩේට් වෙලා නෑ. කොහොමද ගෙව්වේ අරකයි මේකයි කියලා ඊට පස්‍සේ එයා කිව්වා අපි මේක චෙක් කරලා ආපහු කරන්නම් කියලා මගේ අංකෙත් ඉල්ලගත්තා. අපරා‍දේ කියන්න බෑ ටෙලිකොම් එකේ බලු බල්ලෙක්වත් කතා කරේ නෑ. ඊටපස්සේ මම හිතුවා සම්පත් බැංකුවේ වරදක් ඇති ඒකයි. කියලා. සම්පත් බැංකුව නම් හැමදාම වේගවත් (මම කතා කරපු හැම දවසකම වගේ ඉක්මනින් ප්‍රතිචාර දක්වලා තියෙනවා) එතනට මම කිව්වා මෙහෙමයි. මම ගෙව්වා, තාම අප්ඩේට් වෙලා නෑ. එහෙන් කිව්වා සම්පත් බැංකුවෙන් අහන්න කියලා. ඊට පස්සේ මගෙන් දුරකථන අංකේ ඉල්ලගෙන කිව්වා. අපි තව ටිකකින් මේක පරික්ෂා කරලා කතා කරන්නම් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ විනාඩි 15ක්වත් ගියේ නෑ. ‍සම්පත් බැංකුවෙන් කතා කරා. ඊට පස්සේ මගෙන් ටෙලිකොම් ගිණුම් අංකෙයි, බිල්පතේ ඉන්වොයිසි අංකෙයි අහලා ඉල්ලගත්තා. ඊට පස්සේ ආපහු විනාඩි 5කින් විතර කතා කරාම කිව්වා. මේක‍ ගෙවපු දවසට පස්සේ දවසෙම ටෙලිකොම් එකට ඊ-මේල් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ වැරැද්ද තියෙන්නේ ටෙලිකොම් එකේ තමයි. ඉතින් ආපහු ගත්තා 0112555555ට ඊට පස්සේ එතනට කිව්වා බැංකුවේ වැරැද්දක් නෑ. මම දිනෙයි වෙලාවයි දෙකම කියලා කිව්වා ඒ වෙලාවට සම්පත් බැංකුවෙන් ටෙලිකොම් එකට මේල් කරලා කියලා. ඉතින් මෙන්න තව අංකයක් දීපි. ඔන්න ඉතින් ඒකටත් කතා කරා. ඒකට කතා කරාම තමයි එතනින් කිව්වේ ආ හරි මෙහාට එදාම ඇවිල්ලා කියලා. දැන් මේක අප්ඩේට් කරන්නම් කියලා. ඇයි හත්තිලව්වේ අපි කතාකරනකම්ම ඉන්න ඕනෑද බිල අප්ඩේට් කරන්න? මුන් හදන්නේ අපේ සල්ලි හොරාට ගහගන්නද කියලා කියන්නත් බෑ. අඩුගානේ මුලින් 0112555555ට කතා කරපු වෙලාවේ එතනින්වත් කිව්වානම් හරිනේ මේ අංකෙට කතා කරන්නයි කියලà·
. එතකොට රස්තියාදුවක් නෑනේ.

බලාගෙන ගියාම වැරැද්ද වෙන කාගේවත් නෙවෙයි අපේම තමයි. ටෙලිකොම් වගේ සේවා සපයන්ගෙන් සේවාව ලබාගන්න එකයි තියෙන ලොකුම වැරැද්ද. හැබැයි දැන් අර T.V එක වහලා දාන්න කිව්වා වගේ මේකටත් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි ‍යකෝ ටෙලිකොම් වලින් සේවාව ගන්නේ වෙන එකක් ගනින් කියලා. ඒකත් ඇත්ත තමයි. ඒත් ඉතින් අඩුවටයි, මාස ගාණක් වෙහෙසවෙලා හරි පහසුවෙන් ඇරගන්න පුළුවන් ADSL සේවාවක් ලංකාවේ දෙන්නේ ටෙලිකොම් විතරයිනේ (ඒක හරියට ඒකාධිකාරියක් ව‍ගේ නේද?). තවත් එකක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් දුරකථන සම්බන්ධතාවය අයින් කරලානම් තමුන්නාන්සේ කොහොමද බ්ලොග් එකේ ලියන්නේ කියලා. වැඩේ කියන්නේ මගේ දුරකථනයේ නවත්තලා තියෙන්නේ ඇමතුම් ගන්න එක විතරයි. මම හිතන්නේ ටෙලිකොම් එකට ම‍ගේ ADSL සම්බන්ධතාවය අයින් කරන්න අමතක වෙලා 😀 මේ ටෙලිකොම් එකේ හැමෝටම තියෙනවා ලොකු අමතක වීමේ රෝගයක්. එක වෙලාවට ‍ඒකෙන් පාරිභෝගිකයන්ට වාසියි. තව වෙලාවක පාරිභෝගිකයන්ට අවාසියි.

දැන් රටේ එළකිරි බොන්න පුරුදුකරගෙන යනවානේ. පාරිභෝගියන්ට කෙසේවෙතත් මුලින්ම ටෙලිකොම් එකට එළකිරි පොවලා ඉන්න ඕනේ. එතකොට මතක ශක්තිය වැඩිවෙනවා කියනවානේ. ඒ වගේම “අපි වවමු රට නගමු” ප්‍රතිපත්තිය යටතේ ලංකාවේ ගොටුකොල වවලා ඒ ඔක්කොම මුලි‍න්ම ටෙලිකොම් එකට කවලා තමයි ලංකාව දියුණු කරන්න පටන්ගන්න ඕනේ. මොකද අනාගතේ ලංකාවේ දියුණුවට තොරතුරු තාක්ෂණය බලපාන නිසා. ඉතින් ලංකාවේ තොරතුරු තාක්ෂණ ඒකාධිකාරිය තියෙන්නේ ටෙලිකොම් එක‍ටනේ. මේකට ඉක්මනට ක්‍රියාමාර්ග නොගත්තොත් ටෙලිකොම් නිසා අපේ දිවියට කෙළවෙන එක කෙසේවෙතත්, ලංකාවේ තොරතුරු තාක්ෂණයටත් කෙළවෙන දවස වැඩි ඈතක නොවේ!…

යාවත්කාලීන කිරීම – අපරාදේ කියන්න බෑ අර අප්ඩේට් කරනවා කිව්වාට පස්සේ මේ සටහන ලියන අතරතුරේ සම්බන්ධතාවය ලබාදීලා 😀 😀