යාවත්කාලීන කිරීම: මෙතන කියලා තියෙන JanRain RPX plugin එකේ පොඩි අවුලක් තියෙනවා කියලා අපේ ඉන්දරේ අයියා වාර්තා කරලා තිබුනා වගේම අවුලක් තියෙනවා තමයි. ඉතින් ඒක නිසා ඒ ගැන තියෙන සටහන භාවිතා කිරීම වැඩක් නැහැ. කොහොමවුනත් තමන්ගේ ඩොමේන් නාමය OpenID එකක් කරගන්න හැටි ගැන තියෙන සටහන නම් හරියටම වැඩ!
හැම කෙනාටම තමන්ගේ අනන්‍යතාව අන්තර්ජාල ඇතුලෙදී ආරක්ෂා කරගන්නේ කොහොමද කියන දේ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙන කාලේ මේ. නිකන් හිතලා බලන්න… කවුරුහරි…
අඩෝ මමයි සුදාරක!
නෑ නෑ මමයි සුදාරක!
උඹලා දෙන්නම නෙවෙයි මමයි සුදාරක!
නෑ නෑ ඩෝ… මම මම මම….!
මේ වගේ සංසිද්ධියක් Beyondframe බ්ලොග් අඩවියේ ඇතුළේදී දැක්ක නිසා, මම පොඩ්ඩක් හොයලා බැලුවා මේකට හොඳ විසඳුමක්. කලින් ඉඳලාම හොඳම විසඳුම දැකලා තිබුනේ. ඒක තමයි OpenID. ඒ වුනාට තමන්ගේම සේවාදායකයක ස්ථාපනය කරගන්න වර්ඩ්ප්‍රෙස් පිහිටුවාගන්න වර්ඩ්ප්‍රෙස් අඩවියක් සඳහා OpenID සහය ලබාගන්න අවශ්‍ය නම්, කරන්න වෙන්නේ OpenID Plug-in එක පිහිටුවා ගන්න එක. ඒ වුනාට ළඟකදී ඉඳලා මේ වැඩේ හරියන්නේ නැහැ. Blogger, එහෙමත් නැතිනම් Blog Spot වල පිහිටුවලා තියෙන බ්ලොග් අඩවි වලට ප්‍රතිචාර එකතු කරද්දී එහෙම OpenID Plugin එක පිහිටුවාගෙන තිබුනත්, ඒක හරියට ක්‍රියාත්මක වුනේ නැහැ. ඉතින් මෙන්න මේ කාරණේ නිසා, OpenID භාවිතා කරන එක අතඇරලා තිබුනේ. ඉතින් මේ ළඟදී අර කලින් කිව්ව කාරණේ නිසා ආපහු හොයලා බැලුවා. මුලින්ම හොයලා බැලුවේ මේ OpenID Plug-in එක වැඩද කියලා. ම්…හු… ඒක හරිගියෙත් නැහැ.
ඉතින්, ඊළඟට බැලුවේ වෙන Plugin තියෙනවාද කියලා. එතකොටයි අහුවුනේ JanRain RPX Plug-in එක. මේක තමන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරන්න උදව් වෙනවා නොවුනාට, අනිත් අයගේ අනන්‍යතාව ආරක්ෂා කරගන්න උදව් වෙන Plugin එකක්. ඉතින් තමනුත් පරාර්ථකාමී වෙන්න ඕනේ නිසා, ඔන්න මුලින්ම ඒ Plugin එක දාගන්න. ඒ Plugin එකෙන් පුලුවන්, Facebook Connect, Twitter, Google වගේම තවත් සමාජ ජාල අඩවි සහ OpenID එක හරහා ප්‍රතිචාර එකතු කරන අයව බ්ලොග් අඩවියට සම්බන්ධ කරගන්න. එතකොට අර අල වෙච්ච OpenID Plugin එකට වඩා සාර්ථකව මේක වැඩ කරනවා කියලා කියන්න පුලුවන්.
මුලින්ම, තමන්ගේ වර්ඩ්ප්‍රෙස් පාලක පැනලයට ඇතුළත් වෙන්න. (සාමාන්‍යයෙන් තමන්ගේම සේවාදායකයක වර්ඩ්ප්‍රෙස් පිහිටුවා ගෙන ඉන්න අයට යම්කිසි දැනුමක් මේ ගැන තියෙන නිසා, වැඩිපුර සවිස්තරාත්මක විදිහට විස්තර කරන්න නම් යන්නේ නැහැ.)
ඊළඟට ප්‍රධාන මෙනුවෙන් Plugins යටතේ ඇති “Add New” කියන එක ක්ලික් කරන්න. පාවිච්චි කරන්නේ සිංහල වර්ඩ්ප්‍රෙස් නම්, ප්‍රධාන මෙනුවෙන් ප්ලගින යටතේ ඇති “එක්කරන්න” මත ක්ලික් කරන්න.
ඊළඟ පිටුවෙන්, “JanRain RPX” ඉඟිවදන් ඇතුළත් කරලා “Search Plugins” එහෙමත් නැතිනම්, “ප්ලගින සොයන්න” මත ක්ලික් කරන්න. සෙවුම් ප්‍රතිඵල වලින් ලැබෙන Plugin එක Install ක්ලික් කරලා තමන්ගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට පිහිටුවා ගන්න. හරිම සරලයි වගේම හරිම පහසුයි 😉
තමන්ගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට පිහිටුවාගත්තාට පස්සේ, Plugin එක සක්‍රිය කරන්න. ඊළඟට ප්‍රධාන මෙනුවෙන් Settings (සැකසුම්) යටතේ තියෙන “RPX” මත ක්ලික් කරන්න. ඊළඟට ඔබට පෙනේවි, Plugin එක API key එකක් ඉල්ලනවා කියලා. ඉතින් ඒ API key එක කියන්නේ පොඩි කේත අංකයක්. හරියට නිකං පාස්වර්ඩ් එකක් වගේ දෙයක්. ඒක අරගන්න https://rpxnow.com/get වෙතට පිවිසෙන්න. සල්ලි ගෙවන්න පුලුවන් ගොඩක් සේවාවන් අරගන්න පුලුවන්. ඒත් බ්ලොග් ලියන්නෙකුට නොමිලේ සේවාව හොඳටෝම ඇති කියලයි, මගේ අදහස නම්.
ඉතින්, ලියාපදිංචි වෙන්න නම් SIGN-UP ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔක්කොම අඳුරු වෙලා යනවා වගේ පෙනේවි, බය වෙන්න එපා… මම ඉන්නවානේ 😉 අඳුරු වෙලා මතුවෙන සුදු පාට කොටුවෙන් තෝරගන්න සේවාවන් කිහිපයක් පෙන්නාවී. ඔබට පුලුවන් ඔබේ GoogleFacebook ගිණුම, Blogger ගිණුම, Twitter ගිණුම වගේම තව තව අඩවි වලට සම්බන්ධ ගිණුම් වලින් Sign Up වෙන්න පුලුවන්. Sign Up වෙන්න කැමති ගිණුම භාවිතා කරාට පස්සේ ඔබේ විද්‍යුත් තැපැල් ගිණුම තහවුරු කරන්න පිටුවක් ලැබේවි. ඊළඟට ඔබේ විද්‍යුත් තැපැල් ගිණුමට ලැබේවි විද්‍යුත් ලිපියක්. සාමාන්‍යයෙන් අඩවියක ලියාපදිංචි වුනාම ඒකෙන් විද්‍යුත් ලිපියක් එනවානේ තහවුරු කරන්න. මේකත් ඒ වගේ, ඉතින් විද්‍යුත් තැපැල් ගිණුමට ගිහිල්ලා, RPX වෙතින් ලැබිලා තියෙන විද්‍යුත් ලිපියේ තියෙන යොමුව ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබව අලුත් Application එකක් හදන පිටුවට ඒක යොමු කරාවි. ඊළඟට Application එකට නමක් දෙන්න. මේක කඩ්ඩෙන් (ඉංග්‍රීසියෙන්) දෙන්න. ඊට පස්සේ මේකට පාවිච්චි කරන ඩොමේන් නාමය ලබාදෙන්න. උදාහරණයක් විදිහට blog.sudaraka.com දෙන්න පුලුවන්. ඩොමේන් එකටයි, සබ් ඩොමේන් හැම එකටමයි භාවිතා කරන්න අවශ්‍ය නම්, sudaraka.com වගේයි, *.sudaraka.com කියලා වුනත් එකතු කරන්න කැමති නම් පුලුවන්. ඒත් පාවිච්චි කරන්නේ අපේ බ්ලොග් එකට විතරක් නිසා, බ්ලොග් අඩවියට අදාල ඩොමේන් නාමය හරි සබ් ඩොමේන් නාමය විතරක් හරි ඇතුළත් කරන එක ඇති. ගිණුම.
සුබපැතුම්! ඊළඟ පිටුවෙන් ඔබට ඔබේ API key කේතය ලැබේවි. දැන් ආපහු තමන්ගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියේ RPX Plugin එකට අදාල පිටුවට ගිහිල්ලා කේතය ඇතුළත් කරලා “Save” මත ක්ලික් කරන්න. හරිම සරලයි! ඊට පස්සේ “Insert RPX comment hints into my page automatically” ඉස්සරහා කොටුවට හරියක් දාලා, “Save Comment Options” මත ක්ලික් කරන්න.
එච්චරයි. RPX වෙබ් අඩවියට ගිහිල්ලා ඒ වෙබ් අඩවියට ඇතුළත් වෙලා ඒකේ දකුණු අත පැත්තේ තියෙන Setup යටතේ තියෙන “Configure Providers” මත ක්ලික් කරලා තමන්ට සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙබ් අඩවි හය තෝරාගන්න පුලුවන්. මම නම් තෝරාගෙන තියෙන්නේ Google, WordPress, Twitter, Facebook සහ Blogger කියන වෙබ් අඩවි පහත් එක්ක OpenID හැඳුනුම. ඉතින් ඔන්න දැන් මගේ බ්ලොග් අඩවියෙත්, ඉතාමත් පහසුවෙන් තමන්ගේ අනන්‍යතාව තියාගෙන ප්‍රතිචාර එකතු කරන්න පුලුවන්. (මේක හරියටම වැඩකරනවාද කියලා බලන්න තම තමන්ගේ ගිණුම් වලින් මේ ලිපියට ප්‍රතිචාර එකතු කරාට කිසිම අවුලක් නෑ 🙂 )
හරි, දැන් ඊළඟට තම තමන්ට පුද්ගලිකව තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ… තමන්ට පුද්ගලිකව OpenID එකක් අරගන්නේ කොහොමද කියන එක. තමන්ටම කියලා OpenID එකක් අරගන්න එක මහලොකු දෙයක් නෙවෙයි. දැන් ඔබේ වර්ඩ්ප්‍රෙස්(.com) වල තියෙ බ්ලොග් ලිපිනයත්, Blogspot බ්ලොග් ලිපියනත් OpenID ලිපිනයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම තවත් OpenID සේවාවන් සපයන තැන් තියෙනවා. ඒ වුනත්, තමන්ගේ ඩොමේන් නාමයක් යටතේ බ්ලොග් අඩවියක් කරගෙන යට අයට තමන්ගේ ඩොමේන් නාමය තමන්ගේ OpenID එක විදිහට පාවිච්චි කරන්න ගන්න එක නම් ලොකු අවුලක්. ඒකට අර මුලින් කිව්ව OpenID Plugin එක ප්‍රයෝජනවත් වුනත්, ඒක හරියට Blogger බ්ලොග් අඩවි සඳහා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ පුංචි පහේ වැඩ කෑල්ල කරන එක. එතකොට Plugin ඕනෙත් නෑ. හරිම සිම්පල්. කරන්න තියෙන්නේ පොඩි වඩු වැඩක් කරන එක විතරයි.
මුලින්ම හරිම සරල ක්‍රියාදාමයක් තියෙන්නේ. https://www.myopenid.com/ වෙබ් අඩවියෙන් ගිණුමක් හදාගන්න. ලියාපදිංචි වෙලා http://ssudaraka.myopenid.com/ වගේ OpenID ලිපිනයක් අරගන්න. ඔබේ ඊට පස්සේ වර්ඩ්ප්‍රෙස් පාලක පැනලයට ගිහිල්ලා, ප්‍රධාන මෙනුවෙන් Appearance (පෙනුම) යටතේ ඇති “Editor” එකෙන් (සකසනය කියන යොමුවෙන්) ඔබේ දැනට තියෙන Theme එක සංස්කරණයට පිවිසෙන්න. ඊළඟ පිටුවෙන් දකුණු අත පැත්තේ තියෙන “Theme Files” (තේමා ගොනු) යටතේ ඇති “Header” (ශීර්ෂකය) මත ක්ලික් කරලා, ඒකේ <head> </head> HTML Tag අතරට පහත තියෙන කේතය ඇතුළත් කරන්න.
<link rel=”openid.server”
href=”http://www.myopenid.com/server” />
<link rel=”openid.delegate”
href=”http://youraccount.myopenid.com/” />
<link rel=”openid2.local_id”
href=”http://youraccount.myopenid.com” />
<link rel=”openid2.provider”
href=”http://www.myopenid.com/server” />
<meta http-equiv=”X-XRDS-Location”
content=”http://www.myopenid.com/xrds?username=youraccount.myopenid.com” />
ඒකේ youraccount.myopenid.com වෙනුවට තමන් myopenid.com එකෙන් ලබාගත්තු OpenID ලිපිනය (උදාහරණයක් විදිහට ssudaraka.myopenid.com කියන ලිපිනය) මාරු කරන්න.
එච්චරයි! උත්සාහ කරලා බලන්නකෝ… ඊට පස්සේ මේක Blogger මත පරික්ෂා කරන්න ඕනේ නම් බ්ලොගර් මත ඇති ප්‍රතිචාර පරික්ෂණ පිටුව https://www.blogger.com/comment.g?blogID=1504961872775281277&postID=1449318644434822126 ට ගිහිල්ලා OpenID තෝරලා පරික්ෂා කරලා බලන්න. OpenID එක විදිහට තමන්ගේ බ්ලොග් අඩවියේ ලිපිනය ඇතුළත් කරන්න. ඊට පස්සේ තමන්ව යොමු කරාවි myopenid.com වෙත. ඊට පස්සේ එතැනින් තමන්ගේ ගිණුමට ඇතුළත් වෙලා. ප්‍රතිචාර තහවුරු කරන එක විතරයි තියෙන්නේ…
එළකිරි වගේ වැඩ!
myopenid.com ගැන තව වැඩිදුර දැනගන්න අවශ්‍ය නම්, ඒකේ උපකාරක පිටුව https://www.myopenid.com/help බලන්න අමතක කරන්න එපා
බ්ලොග් අඩවියක් නැති අයට වුනත් දැන් තමන්ගේ අනන්‍යතාව රැකගෙන ප්‍රතිචාර යොමු කරන්න OpenID එකක් භාවිතා කරන්න පෙළඹුනා නං… වැඩේ ගොඩ! අන්වර්ථනාම වලින් ලියන අයට වුනත් ඒක ගොඩක් වැදගත්.