Categories
සාහිත්‍ය

කුරුලු හදවත ගැන කෙටි සටහනක්

155842_10151976643308264_826989464_n

ලියනගේ අමරකීර්තිගේ පොතක් විදිහට මුල්වරට කියවෙන්නේ අටවක පුත්තු. තමාගේ රසවිඳීමේ විචාරය තීරණය වෙන්නේ තමන්ගේ පෙර අත්දැකීම් හා තමාගේ වටාපිටාව එක්ක. ඉතින් මට අටවක පුත්තු සෑහෙන්න වැදගත් පොතක් වුනා. පොත කියවන්නේ උසස් පෙළ කරන කාලේ. එහෙම පොතක් නොකියෙව්වානම්, සමහර විට මට ගණිතය අංශයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න තිබුනා වෙන්න පුලුවනි. 😛

මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙක් හිටියා අපේ විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක්වුන. මනුස්සයා මං ගැන සෑහෙන්න විවේචනයක් අර යාලුවාට දීලා මාව මිතුරුකමෙනුත් අයින් කරන්න කිව්වේ උසස් පෙළ ගණිත අංශයෙන් කරන කෙනෙක් විෂයට පිට පොත් කියවන්න ඇබ්බැහිවුනොත්, එයින් ඇතිවෙන දරුණු විපාක ළඟ මිතුරන්ටත් බලපාන නිසා.

ඒ කතාව ඇත්ත.

කුරුලු හදවත ලියන්නේ අටවක පුත්තු පොතම ලියූ ලියනගේ අමරකීර්ති බව අඳුරගන්න ලැබෙන්නේ ඒ ලියන ශෛලියෙන් සහ කතාවට මුල්වූ පරිසරයෙන්. ඒත් අටවක පුත්තු පොත ලියන අමරකීර්තිගේ ලිවීමේ හැකියාවේ දරුණු පසුබෑමක් පෙන්වන පොතක් තමයි කුරුලු හදවත. ඇයි ඒ?

මම ඉපදෙන්නෙ අනූ දෙක අවුරුද්දේ, හැදෙන්නේ වැඩෙන්නේ රූපවාහිනියත් එක්ක. ගුවන්විදුලිය එක්ක සෑහෙන්න ලොකු සම්බන්ධයක් තිබුනේම නෑ. අනික මම ඉපදෙනකොට ගොඩක් ගුවන් විදුලි චරිත අභාවයට ගිහින්. එහෙම නැතිනම් අභාවප්‍රාප්ත ගන්වලා (ප්‍රේමකීර්ති ද අල්විස්). ඒක නිසා මේ පොතේ මුල් අර්ධයනම් මට දැනුනෙ නෑ. එකම දේ නැවත නැවත කියවෙන නිසා මේ පොත ලියන්නට වැය වුන අවුරුදු හයේ කාල සීමාවේ ලියනගේ අමරකීර්තිට වෙනත් බොහෝ දෑ කරන්නට ඉඩ තිබුනා කියලයි මට නම් හිතුනේ.

ඒ කොහොමවුනත්, කතාවේ අවසාන අර්ධයේ එකතුවන චරිත මේ කතාවට කිසියම් සාධාරණයක් ඉටුකරලා තියෙනවා. ලේඛකයා ඉදිරිපත් කරන්නට උත්සාහ කරන කතාවේ දේශපාලනය සහ මගේ දේශපාලනය සමපාතවෙන නිසා, පොතෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ කරන දේශපාලනය වෙනුවෙන් ලොකු ඇගයීමක් මගෙන් ලියනගේ අමරකීර්තිට හිමිවෙනවා. මේ පොතෙන් සෑහෙන්න හොඳ දේශපාලනයක් ගෙනියන්න තිබුනා කතාවත් ඒ වගේම ශක්තිමත් වුනානම්. කතාව ඇඟට දැනෙන්නෙ නැති නිසා, ඒකෙන් කී දෙනෙක්ට මේ දේශපාලනය ගෙනියන්න පුලුවන්දැයි කියන එකනම් මට සැකයි.

කොහොමත් මේ පොත ලියනගේ අමරකීර්ති තමන්ගේ ජීවිතයේ රාජකාරි මැද ලියපු පොතක් බව පේන්න තියෙන්නේ පොතේ තියෙන බොහෝ කෙටි පරිච්ඡේදවලින්. සිංහල නවකතාකාරයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය, නවකතා ලියන්නට වෙලාවක් හොයාගන්න නොහැකි වීම. ඒකට ඉතින් ලංකාවෙ ආර්ථික රටාවට දොස් කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අපිට වුනත් කැම්පස් එකේ නාට්‍යයක් ලියන්න, සින්දුවක් අහන්න, අලුත් නිර්මාණයක් කරන්න වෙලාවක් නෑ. හිතට එන අදහස් උඩට අලුත් තියරි ගොඩගැහෙන නිසා අලුත් නිර්මාණයක් හෝ කවියක් හෝ ලිවීමේ අදහස් ලත් තැනම ලොප් කරනවා.

ඉතින් පුංචි අපට එහෙමනම්, ලොකු රචකයින් ගැන කවර කතා ද?

මේ පොත මෙහෙම වුනත්, ලියනගේ අමරකීර්ති තව මොන විදිහේ පොතක් ලිව්වත් මම කියවනවා. බාගයක් යද්දි පොත පැත්තකින් නොතිව්වේ රචකයාට තියෙන ගෞරවය නිසා මිසක් වෙන යමක් නිසා නෙවෙයි. අනික මේ සටහන අවලාද කිරීමක් නෙවෙයි. මෑතක කියවපු “මාගම් සෝලිය”, “සෙංකොට්ටං” වැනි නවකතාවලට වඩා මේ පොතේ පරිණත සංයමක් තියෙනවා. 3

ඒත් මට ලොකු බයක් තියෙනවා. අපේ අලුත් පරම්පරාවෙ අයට සරත්චන්ද්‍රගේම, හෝ මාර්ටින් වික්‍රමසිංහගේම පොත් “හොඳ පොත්” කියල උදාහරණ වලට පෙන්නන්න වෙයිද කියලා. සමහරවිට සිංහල සාහිත්‍යයේ අභාවය, අනාගතයේ ලංකාවෙ විද්‍යා/ගණිත විෂයයන් කරන දරුවන්ටනම් හොඳක්ම සිදුකරයි. 🙂

ප. ලි:

මේ පොත තුළ දමයන්තගේ කෙරෙන ගෞරව නියෝජනය (Cameo එක?), අටවක පුත්තු පොතේ පාඨකයන් වෙනුවෙන් ලේඛකයා විසින් කරන ආචාරයක් විදිහටයි මම දකින්නේ. 🙂

Categories
SLIIT විවිධ

SLIIT පළමු වසරට ඔබ සාදරයෙන් පිළිගනිමු.

පූර්වකථනය

මෙච්චර දිග ලිපියක් කියවන්න කෙනෙක්ට වෙලාව හෝ උවමනාව තියේදැයි දන්නෑ. නමුත් ලිවීම සහ කිසියම් හෝ තැනක වාර්තා කර තැබීමයි අවශ්‍ය. අනිත් කාරණේ මේක SLIIT එකේ වෙළඳ දැන්වීමක් නෙවෙයි. 😛 ඒ වගේම SLIIT එකට අදාළ වෙන සමහර දේවල් අනෙකුත් අධ්‍යාපන ආයතනවලටත් අදාළවෙන්න පුළුවනි.


මේ වගේ සටහනක් ලියන්න හිතුනෙ 2014 අධ්‍යයන වර්ෂය සඳහා අලුතෙන් ඇතුළත් වුන අයගෙ Freshers’ Day එකේ ඉන්න ගමන්. අලුත් මුහුණු, අලුත් ජීවිත. තමන්ගෙ උසස් පෙළින් පස්සෙ රජයේ විශ්ව විද්‍යාලයකට යාමට අදහස් නොකරන හෝ සුදුසුකම් නැති ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (මින් ඉදිරියට මේ සටහනේදී “SLIIT එක” කියල හඳුන්වන ආයතනය) ඇවිත් ජීවිතය අලුතෙන් පටන්ගන්න. මාත් එහෙම කරා. අද මම දෙවෙනි වසරේ.

ඇත්තටම එහෙම අලුතෙන් ජීවිතය පටන්ගන්න පුලුවන්ද?

ඔව් පුලුවන්. දැනටමත් 2013 අවුරුද්දෙ උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් නිසා විභාගය සමත් අය සැනසිල්ලෙන් තමන්ගෙ ඉගෙනීම් කටයුතු කරන අතරේ, උසස් පෙළ අසමත් අය ඉන්නේ ලොකු ගැටලුවක. ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ආයෙමත් උසස් පෙළ කරන ගමන්, ඔබට පුලුවනි SLIIT එකේ කටයුතු මඟඅරවාගන්නේ නැතිව කරන්න. ඔබ නැවත මුහුණදෙන්න බලාපොරොත්තු වෙන්නේ ගණිතය හෝ ජීව විද්‍යා අංශයෙන්නම්, ආතතිය තරමක් වැඩියි. කලා විෂයන්ගෙන් නැවත උසස් පෙළට පෙනී සිටින්න උත්සාහ කළොත් නරකද? ඔබ තොරතුරු තාක්ෂණ උපාධිය හදාරනවානම් ඕනෑම විෂයකින් අවම ‘S’ සාමාර්ථ ප්‍රමාණවත්. අවුරුද්දේ පළමු සෙමෙස්තරය බොහොම සාමකාමී එකක් වුනත්, දෙවෙනි සෙමෙස්තරයට අදාළ විෂයයන් සමත්වීමට ඔබට සමූහ ව්‍යාපෘති, Viva, Presentations සඳහා මුහුනදීමට සිදුවෙනවා. මීට අමතරව උසස් පෙළ කරන දවස්වලමයි මධ්‍ය වාර පරීක්ෂණය වැටෙන්නේ. උසස් පෙළ නැවත කරනා අයටනම් මධ්‍ය වාර පරීක්ෂණයෙන් නිදහස් වීමට අවසර තියෙනවා.

මුලින්ම තමන් උසස් පෙළ අසමත්නම්, ඒ පිළිබඳව ලජ්ජා වෙලා වැඩක් නෑ. එක අතකින් වුන දේ වුනා වගේම තමා කවුද කියලා තමාම තේරුම්ගැනීමයි වැදගත්. මම උසස් පෙළ 2013 වර්ෂයේ කරා කලා විෂය ධාරාවෙන්. ප්‍රතිඵලය ‘B’ සාමාර්ථ දෙකක් සහ ‘C’ සාමාර්ථ එකක්. ඒ වගේම කලා විෂය ධාරාවෙන් පෙනී සිටි නිසා උසස් පෙළ විෂයන් සහ මධ්‍ය වාර පරීක්ෂණය පැවැත්වෙන වේලාවන් ගැටුනෙ නැති නිසා විභාග දෙකම එකවර කරා. දෙවෙනි වාරය අවසානයේ GPA එක 3.53ක්!

ඉතින් උසස් පෙළ තමන්ගෙ දෙවෙනි වසරට කල් නොදා මේ අවුරුද්දේම කරගන්න උත්සාහ කරන්න. දෙවෙනි වසරේ විෂයයන් එක්ක පළමු වසරේ විෂයයන් සසඳද්දී පළමු වසරේ විෂයයන් Joke එකක්. ඒත් පළමු වසරෙන් නිසි පදනම දැමෙන නිසා පළමු වසර සුළුකොට තැකීම තහනම්. ඔබට දේශන සහ විද්‍යාගාර (Lab Sessions) අතපසු වෙනවානම්, ඔබ SLIIT එකට එන්න හිතුවෙ ඇයි කියලා නැවත වරක් හිතනවානම් තමයි හොඳ.

මම කලා විෂයන්ට පාඩම් කරද්දී බොහෝ වෙලාවක් පාඩම් කරේ, SLIIT එක සහ ගෙදර අතරමැද පාරෙදී. ඒ කියන්නෙ බස් එකේදී. 😛 ඉතින් ඔබ කලා විෂයන් කරනවානම් වඩා හොඳයි. නමුත් තමුන් කරන්නේ කලා විෂයයන්, කලා විෂයයන් ලේසියි කියල මිථ්‍යා මතයක නම් ඉන්න එපා. විෂයයන් තෝරාගැනීමේදී ඔබ කැමති විෂයයන් “මේ දැන්වත්!” තෝරාගන්න. විෂයයට අදාළ ගෞරවය (Respect එක) දෙන්න. එතකොට වැඩේ ලේසියි.

දේශන සහ Life at SLIIT

සිහින බිඳ දමන්නට ලැබුනාට සමාවෙන්න. ඒත්, ඔබ SLIIT එනකොට හිතාගෙන හිටිය සුන්දර සිහින, ප්‍රයිවෙට් කැම්පස් ආතල් මෙහේ නෑ. 🙂 සමහර දේශන අහගෙන ඉන්න එපා වෙනවා, නින්ද යනවා, බැච් එකේ තමන්ට හරියන කෙල්ලෙක් නෑ 😛 වගේ ප්‍රශ්න ඕනෙතරම් 😛 මම SLIIT එකට එද්දී programming දැනුම බින්දුවයි. ඒත් පහුගිය අවුරුද්දේ C++, C# (ASP.net) ගැන ඉගෙනගත්ත දේවල් සෑහෙන්න වැදගත් වුනා. දේශන වලදි ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. නොතේරෙන දේවල් සහ ඕනෑම වර්ගයේ ප්‍රශ්නයක් අදාළ Lecturerගෙන් හෝ Lab Instructorගෙන් දැනගන්න. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රශ්න තිබුනාට බය වෙන්න එපා, සිංහලෙන් අහල විසඳගන්න. මම SLIIT එකේ Lecturerල සහ Lab Instructorලගේ දකින හොඳම දේ නම් ප්‍රශ්න ඇසීම දිරිමත් කිරීම සහ ඕනෑම ප්‍රශ්නයකට උදව් කිරීමට උත්සාහ කිරීම. බොහෝ නොතේරෙන දේශන ප්‍රශ්න ඇසීමෙන් විසඳගන්න පුලුවනි. 🙂

මට ගණන් බෑ!

ඉතින් මටත් ගණන් බෑ! 😛 පළවෙනි අවුරුද්දේ මුහුනදෙන ලොකුම දේ තමයි උසස් පෙළ ගණිත දැනුම නොමැතිවීමේ ගැටලුව. බොරු කියන්නෙ මොකටද, ගණිත දැනුම තිබුනානම් අනිත් අයට වඩා ඉහළින් ඉන්න අවස්ථාව ලැබෙනවා පළමු වසරේදී. එහෙම වෙලාවට ගණිතයේ අම්ම තාත්ත හොයන්න යන්න අවශ්‍ය නෑ. ගැටලු විසඳන රටාව අඳුරගත්තාම හොඳටම ඇති. උදාහරණවල රටාව අනුගමනය කරල ගැටලු විසඳලා උත්තර බලාගන්න. හරි උත්තරය ලැබීමට වඩා උත්සාහ කරන එකයි වැදගත්. ඊට අමතරව උසස් පෙළ පන්ති වලට වඩා ගණිතය උගන්වන හොඳ තැන් කිහිපයක් අන්තර්ජාලයේ තියෙනවා. හොඳම තැන තමයි patrickJMT YouTube channel එක.

ස්වර්ණමය නීතිය (Golden Rule): සෙමෙස්තර අවසාන විභාගයට කලින් පැරණි ප්‍රශ්න පත්‍ර කරන්න අමතක කරන්නත් එපා 😉

මෙන්න මේකයි සටහනේ අවසාන සාරාංශය සහ අමතර දෑ…

  • උසස් පෙළ සුදුසුකම් සම්පූර්ණ කරලා නැතිනම් පළමු අධ්‍යයන වර්ෂය තුළම ඉවර කරගන්න. ඒ ගැන ලැජ්ජ වෙන්න එපා. 😛
  • Lecturerලගෙන්, Lab Instructorsලගෙන් ප්‍රශ්න අහන්න බය වෙන්න එපා.
  • තමන් කවුද කියල හොඳට අවබෝධ කරගන්න.
  • තමන් කරන දේ ගැන confident තියාගන්න.
  • Lectures එන්න. නැත්තන් SLIIT එන එක දැන්ම නතරකරන්න. (අපිට ඉස්කෝලෙ උගන්නපු විදිහට Learn or Depart!)
  • තමන්ගෙ ළඟ ඉන්න මිනිස්සු වෙනස් වෙනවා, හොඳ අවබෝධයෙන් වැඩ කරන්න.
  • ලොකු සීන් දාන්න එපා. හැමෝම එක්ක හිනා වෙලා ඉන්න. 🙂
  • Freshers’ Day එක හොඳයි. ඒ වගේම මගේ ලොකු respect එකක් තියෙනවා විවිධ අංගයන් වලට බය නැතිව ඉදිරිපත්වුන අය වෙනුවෙන්. 🙂

ජයවේවා!