Categories
විවිධ

මම AOE පිස්සෙක්මි. ඔබ?

දැන් බ්ලොග් ලියනවා වැඩිද මන්දා… ඒත් ලියවෙනවා. මොනවා කරන්නද. හිතේ සතුටට බ්ලොග් ලියවෙනවා… හික්! මොකක් මේ AOE කියන්නේ. AOE කියන්නේ Age Of Empires. මම ආසම පරිගණක ක්‍රීඩාව. මම හිතන්නේ, මම ඉතිහාස විෂයට වැඩිපුරම ආස වුනේ මේ පරිගණක ක්‍රීඩාව නිසා වෙන්න ඇති. ස්ටෝරිය මෙහෙමයි. මම ඉතින් සිස්සත්වේ පාස් වුනා නෙව. ඊට හරිහටම අවුරුද්දකට පස්සේ, ඒ කියන්නේ 6 වසරේ අන්තිමට මට හම්බුනා අගනා පරිගණකයක්. ඉතින් ඒ කාලේ, ඕකෙන් කරන්න දේවල් මුකුත් නෑ නෙව. දැම්මා Game ටිකක්. ඔය දාපු ගේම් අතරින් එකක් තමයි Age of Empires II – The Age of the Kings. මම මේ ගේම් එකට ඇබ්බැහි වුනා කිව්වොත් හරි. පට්ට ආතල් ගේම් එක. හැබැයි මම ගේම් එක ගහනවා බලාගෙන හිටපු අයට නම් ගේම් එක පට්ට චාටර් එකක් වගේ තමයි පෙ‍නුනේ. මම කොච්චර කිව්වත් මේ වගේ පට්ට ගේම් එකක් නැ කියලා, උන් විශ්වාස කොරේ නෑ නෙව. එකම එක මලයයි හිටියේ, ගේම් එකට ආස වුන. හැබැයි මට නම් Game එක අමෘතේ වගේ. මම කොච්චර ඇබ්බැහි වුනාද කි‍ව්වොත්, නිදාගනිද්දී, ගේම් එකේ ප්ලෑන් හැදුවා. ඇත්තම කිව්වොත් හීනෙනුත් මම ගේම් එක ගැහුවා. පස්සේ, ඒ හීනෙන් ගේම් එක ගහපු විදිහට කොම්පියු‍ටරේ ගහලා දිනපු අවස්තා එමටයි. මට කියන්න වචන නෑ ඒ ගේම් එක ගැනනම්.

Age of Empires ක්‍රීඩා‍වේ තියෙන්නේ, අපේම කියලා ශිෂ්ටාචාරයක් ගොඩනගන එකයි, ඒ ශිෂ්ටාචාරය ‍ගොඩනගද්දී, ඒ ශිෂ්ටාචාරයට වෙනත් ශිෂ්ටාචාර වලින් එල්ල වෙන බලපෑම් වලට මුහුනදෙන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය කරන පාබල හමුදාවක්, අශ්වාරෝහක හමුදාවක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි. ශිෂ්ටාචාරයේ ධනය වෙන්නේ රත්තරන්, අපි ඒ රත්තරන් මිනිස්සු යොදවලා එකතු කරන්න අවශ්‍යයි. ඒ වගේම ආහාර දැව එකතු කරන්න අවශ්‍යයි. ඔබ ඉතිහාසයට කැමතිනම්, මේ ක්‍රීඩාව ඔබව පිස්සු වට්ටාවි. ඔබේ මේ ක්‍රීඩාවට පිස්සු ‍වැටුනොත්, ඔබ ඉතිහාසයට ආදරය කරාවි. හැබැයි මට තිබ්බ ලොකු අප්සට් එක තමයි… මේ ක්‍රීඩාවේ ලංකාව, ඉන්දියාව වගේ රටවල් සම්බන්ධව මුකුත්ම දෙයක් නැත්තේ කියලා…. ඔහොම ටික කාලයක් ගතවෙලා ගියා. ක්‍රීඩාව අවසන් කරාට ආපහු දෙපාරක් තුන්පාරක් ගැහුවා‍ කොහොමින් කොහොමින් හරි ඕක ටික කාලයකට අමතක වෙලා ගියාට පස්සේ හම්බවුනා ඒ වගේම ක්‍රීඩාවක් ‍මේක Rise of the nations. මේ පරිගණක ක්‍රීඩාව Age of Empires වලට වඩා දියුණු වුනාට, මට Age of Empires තරම් නං ඇල්ලුවේ නෑ. ඒ මගේ කොම්පියුටරේ මේකේ Graphics වලට එච්චර සහය දක්වපු නැති නිසා වෙන්නත් පුලුවන්. ඊළඟට Age of Mythologies ව‍ගේ ඒවා ගහන්න ලැබුනා. ඒ වුනාට මගේ කලින් පරිගණකයේ තිබ්බ Graphics අන්තිම නිසා වැඩේ එච්චර ඇල්ලුවේ නෑ. හැබැයි අනිවාර්යයෙන්ම ක්‍රීඩාව අවසන් කරන්න නං අමතක කරේ නෑ. ඊළඟට… මේ මැතකදී ආපු Age of Empires III ම්… මේක නම් නියමයි. බොහොම අමාරුවෙන් පරිගණක ක්‍රීඩාව කරලා අවසාන කරා. ඒකනං පට්ටම ක්‍රීඩාවක්. හැබැයි අවසාන කරා කිව්වාට ඒක හරියට වැඩ කරේ නැති අල CD එකකින් ලැ‍බුනේ. ඒකේ තිබ්බ ඔක්කොම ටික ඉවර කරා වුනාට සම්පූර්ණයෙන්ම ගහලා ඉවර කරේ නෑ. කො‍හොම කොහොම හරි කාලයත් එක්ක වැඩේ අමතක වෙලා ගියා. ඔන්න අද කරන්න වැඩකුත් නැතිව හූල්ල හූල්ල ඉන්නකොට දැම්මා මලින්ත අයියාත් එක්ක චැටක්. බල‍න්කෝ මේ චැට් එකෙත් හැටි.

Malinthe: gmoz pplz

me: gmoz gmoz
ඊයේ රෑ මචන් බැලුවා මං නං
Malinthe: :D
me: අන්තර්ජංජාලයේ
Malinthe: හෙමද
me: හෙහෙමයි
Sent at 10:51 AM on Sunday
me: වට්ස්ඩවුන්?
Malinthe: නතින් අයි ගෙස්
me: අප්පටසිරි
කම්මැලියෝ
අදත් පන්ති තිබ්බානං හරි
Malinthe: මී ටූ බං
:(
ඇඟට පණ නෑ
me: පණ තිබ්බාට වැඩකුත් නෑ
පොත් හැම එකක්ම කියෝලා ඉවරයි
එක චිත්තරපටියක් ඩවුන්ලෝඩ් වෙනවා
Malinthe: හිකිස්
me: ජීවිතේ මහා බම්බුවකි
Sent at 11:02 AM on Sunday
Malinthe: :D
Sent at 11:04 AM on Sunday
me: මට නම් දැන් එපා වෙලා තියෙන්නේ
මේ මඟුලේ (පාදු‍ක්කේ)
මොන මළ යකෙක්වත් නෑ
ෂික්
තූ… නොදකින්
Malinthe: :D
චිල් බං
මොකද අවුල
me: සෙල්ලමක් කරන්න කවුරුවත් නැ
Malinthe: සෙල්ලං කරන්න?
බිපෙසි
me: ක්‍රිකට් ගහන්න යකෝ
චෙස් අදින්න
age of empires ගහලා තියෙනවාද?
Malinthe: අනේ නෑ බං
මට අල්ලන්නෙ නෑ strategy ගේම්ස්
me: මට නම් එළ!
Malinthe: මං ආස රේසින් තාම
තමා
me: වැඩක් නෑනේ බං රේස්ම තමා
අරක එහෙමද, ශිෂ්ටාචාරයක් ගොඩනගලා ගේමක් දෙන්න එපායැ
;)
Malinthe: හික්
මං කැමති නෑ බං ඔව්වට
me: තිබ්බ ‍ගේම් සිඩී ‍ඔක්කොම එක එක එවුන්ට දීලා
එකක්වත් හම්බවුනේ නෑ
පැත්තපලාතක ගේමක් නෑ
අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕන
ජීවිතය මහා බම්බුවක් ම තමා
Malinthe: චිල් වෙයන්
ඕවත් වැඩද බං
ඔන්න ඔහොමයි වුනේ. කොහොම කොහොමහරි කැරකිලා කැරකිලා, Age Of Empires නිකම්ම මතකෙට ආවා. මතකෙට ආවේ, මේ චෙස් ගැන අහපු නිසා. හික් ඔන්න කොහොම කොහොම හරි කැරකිලා Age of Empires වලට ආවා කියමුකෝ… ඊළඟට Google ගියා, ගැහුවා අඩිවියට ගියා! ෂා! නිකන් අතීතෙට ගියා වගේ. Age Of Empires III වලට අමතරව, තවත් ‍Game 2ක් හඳුන්වලා දීලා, ඒවා තමයි… Age of Empires III – The Asian Dynasties සහ, Age of Empires III – The War Chiefs ‍අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මම දැක්ක ගමන්ම කැමති වුනේ පළවෙනි එකට, Asian Dynasties කලින් මම කිව්වානේ හිතේ දුකක් තිබුනා කියලා India, Sri Lanka වගේ nations නෑ කියලා. ඉතින් ඔන්න එකක් නං හරි. India තියෙනවා. හැබැයි. මේකේ Japan එක්ක තමයි බුදුදහම සම්බන්ධ wonders තියෙන්නේ. ‍මේ බුදුදහම මහායාන බුදුදහමයි. මධ්‍යකාලීන ඉන්දියාව, ජපානය සහ චීනය කියන රටවල් තමයි ‍මේ ක්‍රීඩාවට පාදක වෙලා තියෙන්නේ. මම තාම ක්‍රීඩාව ඩවුන්ලෝඩ් කරනවා. බලමු ශ්‍රී ලංකාවේ සම්බන්ධයක් තියේද කියලා….
ඔන්න මම නං Age of Empires පිස්සෙක්. මං වගේ වෙන Age of Empires පිස්සෝ නැද්ද? 😀

35 replies on “මම AOE පිස්සෙක්මි. ඔබ?”

AOE කියද්දි මතක්‌ වෙනව මරු කතාවක්‌.. ඔන්න එක පාරක්‌ ගේමින් ටූනමන්ට්‌ එකක ගහද්දි අපේ යාලුවෙක්‌ නැව් ගොඩාක්‌ හැදුවා. ඒ නැව් ටිකේ හැටියට ඕන එකෙක්‌ ට ගහල පරද්දන්න පුලුවන්. ඔන්න දැන් ඒ ටීම් එකේ කට්‌ටිය නැව් ටිකත් අරන් අනික්‌ ටීම් එකට ගහන්න යන්න හැදුවේ. නැව් ටිකත් අරන් පොඩ්ඩක්‌ ඉස්‌සරහට ගිහින් බැලින්නම් ඒක පොඩි පොකුනක්‌. කොහෙටවත් යන්න බෑ. අනික්‌ ටීම් එකේ කට්‌ටිය පොකුණ මගහැරල වටෙන් ඇවිත් කුඩුකරා කෑම්ප් එක 😀

@ තිළිණි අක්කා – හික්! Age of Empires online play කරන්න පුලුවන් තැනක් තියෙනවාද? ලෝකෝ අනිත් අයත් එක්ක? එක තැනක්?

මමත් මාර විදිහට ආස ගෙම් එකක් තමයි AOE. AOE II වලට තමා ගොඩක්ම කැමති. III එකත් ටිකක් ගැහුව…

@ ප්‍රසාද් නයනජිත් – AOE පළවෙනි එකත් ගහලා තියෙනවා. හැබැයි ඒක එච්චර ඇල්ලුවේ නැ. හැබැයි AOE II තමයි අල්ලලා ගියේ. ඒ වගේ පට්ට ගේම් එකක් නම් තව නෑ 😀

@සුපුන් – ආයෙත් අහල… 😀 තව පාරක් ගහන්නමයි හිත… 😀

mamath ehema thama, habai issara dan nam kalekin gamae ekak play kare naha. ea unath thamath AOE gahapu hati mathak wenakota full aathal.
dawas ganan, eka digata eka nam maru. 🙂

සුදාරක පුතේ, අහවල් දේකට ද තිළිණට තිළිණි අක්කා කියන්නෙ 😀 අලුත් ක්‍රමයක් ද?

😀

@kasun – ඒක තමයි, පැය ගණන්, දවස් ගණන්… මේ වගේ එළ ගේමක් නම් තව නෑ. එක එක විදිහට, එක එක ප්ලෑන් ගගහා මරු ගේමක් දුන්නේ මේකටනම්

@Severus Snape – ආ… ඔබතුමා තිළිණ අයියා දැකලා නෑ නෙව. කොණ්ඩේ ස්ටයිල් එක හරියට ශිහාන්ගේ අක්කා වගේ! 😀

එළම එළ මමත් මේක කම්පියුටර් ක්ලාස් එකේදී කම්පියුටර් නැති වෙනකම් ගැහුවා.

සුධාරක,

මමත් මේ ගේම් 3 ම ඉවර කලා. එම්පයර් ත්‍රී ඉවර ‍කලේ නම් ගේම් එක ඇවිල්ලා මාසෙකින් විතර.
මම ඔයා ඔය කියලා තියෙන ගේම් සියල්ලක්ම ගහලා තියෙනවා. එත් එම්පයර් තරම් හොද එකක් තවම හමු වුනේ නෑ.

ඇති යාන්තම් strategy ගේම්ස් පිලිගන්න කට්ටියක් දැකක….strategy ගේම්ස්තමා මම හිතන විදියට හොද සැලසුම් කිරීමේ හැකියාවක් දෙන එකම ගේම් විශේෂය..

AOE මාලාවෙ මටනම් හිතට ඇල්ලුවෙ AOE II එකයි AOE III එකයි විතරයි

Microshit වල වැඩ ගැන එච්චර පැහැදීම්ක් නැති උනත්… මේ games නම් ඉස්තරම් කියල කියන්න පුලුවන්..

කට්ටියක් ඉන්නවනම් Microshit game server එකට සෙට් වෙල, ඔන්ලයින් round එක්කක් යමුද ??.

මොකද කියන්නෙ ??

AOE series එක නියමයි. කියල වැඩක්‌ නෑ සිරා. හැබැයි ඕකෙම එල්ලෙන්න එපා, තව ගහන්න ඕන තරම් තියෙනව. Command & Conquer 3: Kane’s Wrath, Company of Heroes, Command & Conquer: Red Alert 3 තමයි ළංගකදි ඉදන් Multiplayer වලට නැගල යන්නෙ http://www.Gamer.lk පැත්තෙ යන්න, ගහන හැටියි ගහන්න කට්‌ටියකුයි හොයාගන්න පුලුවන් ලේසියෙන්. මම එකෙ ඉන්නව Dili නමින්.

මමත් AOE නම් ගහල තියෙනවා. ඒ උනාට මම එච්චර ආසා strategy game එකක් නෙමේ ඒක. මමත් strategy පිස්සෙක් තමයි ඒ උනාට. ඉස්සර OL කරන කාලෙ නම් Command & Conquer Tiberian Sun, C & C Firestorm, Red Alert, Red Alert 2, Commandos 1,2,3,4 තමයි ලිස්‍ට් එක. ඔය හැම එකම මම ඉවර කළා. :D. . . දැන් නම් වෙලා නෑ. ඉඳල හි‍ටල වෙලාවක් හම්බුනාම කරන්නෙ Warcraft III Reign of Chaos & Frozen Throne එක ටිකක් ගහනවා. ඒක නම් සිරා. ට්‍රයි කරල බලන්න 😀

මට නං හිතට අල්ලන එකම එක GTA Vice City විතරයි. GTA series එකෙත් Vice City එකම විතරයි. මේක ලංකාවෙ වැඩියෙන්ම සෙල්ලම් කරන්නෙ පොඩි ළමයි. හැබැයි මේකෙ සඳහන් කරලම තියෙනව වැඩිහිටියන්ට පමණයි කියල. (60 පැනපු අයට නෙවෙයි 😀 )

Vice City කීප වතාවක්ම මම අවසාන කළා. දැන් විභාගෙ ඉවර වුණාම තව පාරක් සෙල්ලම් කරනවා.

@dilandamith – ඔව් ඔව්, AOE වගේ ගේම් එකක් නම් තව නෑ! 😀
@ගයාන් කල්හාර – අන්න ඒක‍ හොඳ වැඩේ… මොකද කියන්නේ? කට්ටිය සෙට් වෙමුද?
@Dili – ඔව්, මට තිළිණි අක්කා 😉 කිව්වා Warcraft ගැන. ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ. මාත් සෙට් වෙන්නම් ළඟදීම වෙබ් අඩවියට 🙂
@චතුර වික්‍රමරත්න – මට නම් දැනට හොඳම AOE තමා, බලමු Warcraft ට්‍රයි කරලා. තාම ගහලා නම් නෑ.
@ශාකුන්තල – Age of Empires ට්‍රයි කරලා බලන්න, ඒක එළ.

මම AOE කලින් සෙල්ලම් කරල තියෙනව. දවස් දෙකෙන් එපා වුණා. මම ස්වභාවයෙන්ම ගේම් වලට අකමැතියි නමුත් පුදුම විධියට Vice City වලට ඇබ්බැහි වුණා.

@sudaraka – අන්න හොදයි… දවසක් වෙලාවක් තීරණය කරගෙන සෙට් වෙමුද.??? මම පිට අයත් එක්ක නම් ප්ලේ කරල තියනව… ඒත් ලකාවේ අයත් එක්ක කවදාවත් ප්ලේ කරල නෑ….

එලකිරි.කොම් එකේ නම් CS ප්ලේ කරනවා. ඒත් අපිවගේ පොඩ් පරිගනක තියන අයට ඒක එච්චර හොද නැ… 😉

දවසක් වෙලාවක් ඔයගොල්ලම තීරණය කරන්න… අපි එන්නෙමු.. 😀

AOE play කරනවනම් වඩා හොදයි.. මොකද.. අනිත් Games වල AOEතරම්. ගතියක් නෑ.. warcraft නම් try කරල නෑ..Red alert,command and conquer එහෙමනම් චා..7යි

මමත් ඔය ගේම් 3ම ගහල තියෙනවා. III එකේ Ceylon කියලා මැප් එකක් තියෙනවා. හැබැය් ඒකෙ තියෙන්නෙ පොඩි පොඩි දූපත් ටිකක්.

@ගයාන් – warcraft ට්‍රයි කරලා බලන්න ඕනෑ. අනිත් Game දෙක නම් පට්ට චාටර්! 😀
@තූර්ය – අනිවා! 😀
@Panther – ඔව් ඔව්, මාත් ගැහුවා. ඇති යන්තන් එක තැනක හරි ලංකාව සම්බන්ධ වෙලා තියෙනවා 😀

ඒකනේ අපි කිව්වෙ.. මොකෝ කියන්නෙ, දාමුද ඔන්ලයින් ගේම් පාරක්.. කට්ටිය එකතු වෙලා,. උපරිම 8ක් ද කොහෙද පුලුවන්…

පොඩ්ඩක් ඉන්නෝ… මම තාම ගේම බානවෝ….

මොකක්ද ගහන්නේ …… දෙකද? තුනද?

මමද AOE පිස්සෙක්මි. දැන් බොහෝදුරට සනීපය. නමුත් ඉවත්කර නැත්තෙමි. බැරිවෙලා හෝ එක්වරක් හෝ ගේමට එන්ටර් වුවහොත් බඩුය. මාස ගානකට සුව නොවේය. අලුත් රාජධානියක් ගොඩනගා තද බැටෑලියන් එකක් සමග ගොස් අල්ලපු රටවල් වලට පහරදී ඒවාද මා සතු කරගන්නා විට දැනෙන ආතල්එක කියා නිමකල නොහැක.
පුඃ එහෙමත් ගේමක් !

@dilandamith – Age of Empires 3 ගහමු. මො‍කද කියන්නේ?
@නිලන්ත – නැත්තං! ඒ වගේ පට්ට ගේම් එකක් තව නෑ 😀

සුදාරකගේ ලිපිය දැකලා මටත් හිතුනා Age of Empires පොඩ්ඩක් play කරලා බලන්න. මුලින්ම play කලේ “Age of Empires II – The Age of the Kings” නරකම නෑ, හැබැයි ඉවරයක් නැතුව ගරන්න පුළුවන්, වේලාව යනවා තේරෙන්නෑ. හැබැයි ගේම් එකට ඇබ්බැහි වෙන්න එපා,ඉදලා හිටලා ගහන්න.මම දැන් “Age of Empires II: The Conquerors Expansion” භාගත කරමින් ඉන්නේ. ගේම් එක නම් හොදයි කියලා වැඩක් නැ.

AOE පටිට මාරම මාර ගේමක් මාත් නැතිවෙන්න ගැහුවා AOE 3 නං හමිබුනේ නෑ
බාගන්න තැනක් තියනවා නමි කියන්න
මම vice city 4 පාරක් ඉවර කරා මම strategy game වලට වගේ අනික් ගේමි වලටත් ආසයි

ANE MAN DA MAMA OYA ‘AOE’ kiyana kisima deyak danne natha………danna kenek innawa nam mata dannawanna

hey just saw this AOE thing and HAD to comment. Me too an AOE fanatic.. I, II, III ive played em all..Mythology, Titans, Rise of nations ..everything! Bt I thought AOE III was way easier than II. I’ve yet to come across a game like that..Commandos was OK too and Warcraft too bt havent played that in a looong time..Tried Civilization bt its turn based so it kind of sucks 🙁 nyway currently downloading this game called Spore – like u get to create a whole new life form and play God! hopefully its gud! Cheers!

AOE කියන්නේ මරු ගේම් එකක් තමයි… ජීවිතයේ ගහපු පට්ටම ගේම් එක… අට දෙනෙක් සෙට් වෙලා දෙපැත්තට බෙදිලා ගහ ගනිද්දී තමා මරේ මරු…

Leave a Reply to Niroshinie Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.