Categories
විවිධ

ගජිනි – සුපිරි සිනමා කෘතියක් අත්වින්දෙමි

ඔබයි මගේ ආදරය. ඔබ නැති ලොවක් මට නැත. ඔබේ මරණය මගේද මරණයයි. ඔබේ මිනීමරුවාගේ මිනීමරුවා මම වෙමි!

ගජිනි, හින්දි සිනමාවේ අති ආකර්ශණීය රංගන වින්‍යාසය. ආමීර් ඛාන්ගේ නවතම හින්දි චිත්‍රපටිය. ආදායම් වාර්තා එසැනින්, ප්‍රදර්ශනය ඇරඹූ පළමු දිනය තුලදීම බිඳ හෙළන්නට සමත්වූ. බොලිවුඩ් සිනමාවේ 2008 වර්ෂයේ වර්ෂාවසාන මහා පිපිරුම.

Ghajini Hindi Movie

…. ආහ් මොනවා කියනවාද මන්දා. තාමත් චිත්‍රපටිය මතක් වෙද්දී ඇහැට කඳුලු එනවා. අද චාන්ස් එක හම්බවු‍නේ ගජිනි හින්දි චිත්‍රපටිය බලන්න. හදිසි තීරණයක්. ගියා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවට. පෙන්නන්න පටන්ගත්ත වෙලාවේ ඉඳලා, සිනමා තිරයෙන් ඇහැ ඉවත් කරගන්නවා කියන එක ‍නම් බොරු. ඇත්තටම සුපිරිගනයේ හින්දි චිත්‍රපටියක්. බැලුවේ නැත්නම්, කොහොම හරි බලන්න උත්සාහ කරන්න. හැම හින්දි චිත්‍රපටියක් වගේම පදනම ආදර කතාවක් වුනාට, ඒ ආදර කතාව තුලින් මතුවෙන සුපිරි සිනමා අත්දෑකීම ඔබ අත් නොවින්දොත් ඒක ඔබ සිනමාවට ආදරය කරනවානම් විශාල අඩුපාඩුවක් වේවි. කවදත්, සුපිරි ගනයේ චිත්‍රපටි වලට තමන්ගේ රංගන හැකියාවෙන් පන පොවන ආමීර් ඛාන්ගේ සුපිරි රංගනයෙන් වගේම, සිනමාව‍ට අලුත් ‍නොවුනාට හින්දි සිනමාවට අලුත් ආසින් ගේ රංගනයෙන් වශි වෙලා ගතවුනු ඒ පැය තුන නම් ජීවිතේට අමතක වෙන්නේ නෑ.

සං‍ජේ සිංහානියා, යොවුන් ව්‍යාපාරිකයෙක්. ඔහුට අහම්බෙන් හමුවන ඔහු‍ගේ පෙම්වතිය ‍වන කල්පනා එක්තරා හේතුවක් (හේතුව මොකක්ද කියලා දැනගන්න චිත්‍රපටිය බලන්නම ඕන) මත ඔහු ඉදිරිපිටදීම ඝාතනය වනවා. චිත්‍රපටියේ ජවනිකා අතුරින් උච්චතම හැඟීම් ඉස්මතු වන අවස්තාව තමයි ඒ. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ගොඩනැගෙන දිහා බලාගෙන ඉඳිද්දී මූණට සිනහවක් ආවත්, මේ සිදුවීම වෙද්දී ප්‍රේක්ෂකයාගේ සිතට නැගෙන්නේ වෛරී සිතිවිල්ලක්. දැඩි ප්‍රහාරයට මුහුණදෙන සංජේ සිංහානියා, මරණයෙන් බේරුනත් විශාල ප්‍රශ්නයකට මුහුන දෙනවා. ඔහුගේ මොළයට හානි වීම නිසා, ඔහුට ඕනෑම සිදුවීමක් මතකයේ තියෙන්නේ විනාඩි 15ක කාලයක් සඳහා පමණයි. තමන්ගේ පෙම්වතියගේ ඝාතකයාගෙන් පළිගැනීමට උපරිම උත්සාහය යොදන සංජේ සිංහානියාගේ උත්සාහය සාර්ථක වේවිද? ඒක බලන්න ගජිනි චිත්‍රපටිය බලන්න අමතක කරන්න එපා.

ඔව් ඔව්… මං දන්නවා මේ සෙනසුරාදා ගණිත ප්‍රශ්න පත්තරේ කියලා. ඒත් මොනා කරන්නද මේක ප්‍රදර්ශයනය හෙටින් අවසන් වෙනවා. ඉතින් එහෙව් එකේ… නොබලා ඉන්නේ කොහොමද? බලනවා නම් මෙන්න චිත්‍රපටි! කවුද කියන්නේ බොලිවුඩ් චිත්‍රපටි වල තියෙන්නේ මල් ගස් වටේ දුවන කතා විතරයි කියලා…

මේ තියෙන්නේ ගජිනි චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය

මේ චිත්‍රපටියේ සංගීතය, වෙන කාගේවත් නෙවෙයි 😉 ඒ. ආර් රහුමාන්ගේ. රහුමාන් කිව්වොත් ඒ සංගීතය ගැන නම් කියලා වැඩක් නෑ. අහලා අත්විඳින්නම ඕනේ.

සින්දු අවශ්‍ය නම්, Torrent තියෙනවා හොයලා බලන්න. විඩි‍යෝ බලන්න දැන්ම හදිස්සි වෙන්න එපා. උපරිම සිනමා අත්දැකීම විඳගන්න අවශ්‍යනම් Camera Copy download කරලා බලන්න එපා. DVD Release එක එනකන් ඉන්න 😉

ඉතින් අදට මෙච්චරයි… පස්සේ දවසක ආයෙත් හමුවෙමුකෝ 🙂

13 replies on “ගජිනි – සුපිරි සිනමා කෘතියක් අත්වින්දෙමි”

උබ වැරදි රටේ බන් ඉපදිලා තියෙන්නේ…. මම හරි සල්ලී දීල උබව ඉන්දියාවට ගිහින් දානවා…
නැත්නම් පුටුවක බැදලා, පැය 24 සිංහල ෆිල්ම් පෙන්නනවා… කෙලින්ම අංගොඩ…. 😀

මමත් මේක බැලුවා, මටනම් එච්චර ගතියක් නැහැ. මුලු චිත්‍රපටිය පුරාම මහ කරච්චල් සද්ද ටිකක් තියනව. ගොඩක්ම තියෙන්නෙ ගහ මරාගන්න දේවල්නෙ. ඉවර උනාම අපි ඉන්නෙ ලොකු පීඩනයකින්.
මම නම් එන ගමන් කල්පනා කෙරුවෙ ෆිල්ම් එකත් බලල හිත අවුල් කරගෙන ගෙඩර එන්න උනානෙ කියල.
අන්න ඒකට “rab ne bana di jodi”, දෙපාරක්ම බැලුව ඒක 🙂

අයියෝ මල්ලි ඕක මුලින්ම දෙමළ චිත්‍රපටයක්.. ශක්ති ටීවී එකේම දෙපාරකට වඩා පෙන්නුවා.. ඒකම දැන් හිංදි වලින් කරලා.. මට බලන්න හිතෙන්නේ නැත්තේ දෙකේම වැඩි වෙනසක් නෑ කියලා මම හොදටම දන්න හින්දා…

අනේ අම්මපා… මේ කොල්ලට ඉන්දියාවට ආවඩනවා ඇරෙන්න වෙන වැඩක් නෑ… කාලයක් ඔබාමට කඩේ ගියා… යකෝ ලියපන්කෝ සිංහල ෆිල්ම් එකක් ගැන… උබ නිකන් සිරසට බැන්නට උබත රන් දෙපැය වගේ තමයි, කිසි වෙනසක් නෑ 😀

@කාලිංග මාමා – අනේ යකෝ, ලංකාවේ හොඳ ෆිල්ම් යනවානම් ඒක ගැනත් ලියනවා ඩෝ. ඇයි මම මචං ගැන ලිව්වේ නැද්ද? හෝල් එකේ ඔය අලුතෙන් එන චිත්‍රපටි ගැන දැන්වීම් දානවා නේ. ඕං ගියා ලීඩර් ගැන. මං හිතෙන්නේ හට ඒක ගැන හොඳවයින් ලියන්න වෙයි වගේ 😛 ලංකාවේ‍ හොඳ ෆිල්ම් එකක් බලන්න ලැබුනොත්, අනිවාර්යයෙන්ම ලියනවා. හැබැයි ඒකට ඉතින් ටික කාලයක් ඉන්න වෙයි ‍වගේ. සිරස ගැන ඉතින් කොහොමත් කතා කරලා වැඩක් නෑනේ, ඉන්දියානු ටෙලි නාට්‍යයි චිත්‍රපටියි අහසට පොළව වගේ. අලුත් චිත්‍රපටියක් බලලාම තමයි තේරුම්ගන්න වෙන්නේ කොහොමද කියලා

@නිදහස් අදහස් – ඔව් යකෝ! ඇයි ප්‍රශ්නයක්ද ? 😛
@බුද්ධික – ඔව්, Rab Ne Bana Di Jodi චිත්‍රපටියයි, Ghajini චිත්‍රපටියයි සෑහෙන්න වෙනස්. RNBDJ චිත්‍රපටිය සුඛාන්තයක්. Ghajini චිත්‍රපටිය ‍ශෝඛාන්තයක්. ඒ චිත්‍රපටියේ හැඟීම තමයි චිත්‍රපටිය පුරාම දිවෙන්නේ. මං හිතන්නේ ආපහු හොඳ‍ට චිත්‍රපටියේ දෙබස් තේරුම්ගෙන ඒත් එක්කම බලන්න
@මලී අක්කා – ඔව් ඒක ඇත්ත. මම දෙමළ චිත්‍රපටිය නම් බලලා නෑ දෙමළ චිත්‍රපටියත් කරලා තියෙන්නෙත් ඉංග්‍රීසි චිත්‍රපටියකින් තමයි. ඒ නිසා දෙමළ හෝ ඉංග්‍රීසි චිත්‍රපටිය බලපු කෙනෙක්ට එච්චර වෙනසක් දැනෙන එකක් නෑ. කතාව එකම වුනාට, ආමීර්ඛාන්ගේ රංගන වින්‍යාසය උපරිමයි. මම නම් කියන්නේ මේ චිත්‍රපටිය බලන්න අවස්ථාවක් ලැ‍බුනොත් අනිවාර්යයෙන්ම බලන්න

@ කාලිංග,
මෙයාව යවමුද? එත් අවුල අපි අන්තර්ජාලය හරහා අදුන ගත්ත අයනේ. 😛
එනිසා උදව් කරන්න බැනේ…….

මමත් ගජිනි එකේ දමිල චිත්‍රපටයනම් දෙපාරක් බලලා තියෙනවා. හොඳ රහක් ලැබුණු චිත්‍රපටයක්. හින්දි එක බලනවනම් ටීවි එකේ යනකන්ම ඉන්න වෙනවා. මොකද මට හින්දි තේරෙන්නෙ නැහැනෙ. ටීවි එකේ යන කාලෙක සිංහල උපසිරසිත් එක්ක දාන්නෙ නැතෑ. කොහොමත් මගේ අංජනමෙ හැටියට මේ අවුරුද්දෙ 31 රෑ මම ස්වර්ණවාහිණියෙ මේක බලන්නයි හිතාන ඉන්නෙ 😀

@අමල් ඉෂාන්ත – ඔව්, බලන්න ඕනේ. ඒ වුනාට දැන් හින්දි චිත්‍රපටිය බැලුවාම බලන්න හිතෙන්නෙත් නෑ වගේ. චිත්‍රපටිය බලපු මගේ යාලුවෙක් නම් කිව්වේ, දමිළ චිත්‍රපටිය හොඳ වුනාට හින්දි චිත්‍රපටිය තරම් උසස් මට්ටම්‍ක ඒක නෑ කියලයි.
@මචන් – DVDrip Release වුනාම බාගන්න. ඉංග්‍රීසි උපසිරැසිත් හොයාගත හැකි නෙව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.