Categories
විවිධ

එව්වා මෙව්වා…

අප්පා ඇති යාන්තං… ගණිත ප්‍රශ්න පත්තරෙත් ඉවරයි. මේ පාර පේපරේ පට්ට ලේසියි. ඒ පාර මේ පේපරේ ලේසියි, ටියුෂන් ගුරුවරයෙක්ට වුනත් හදන්න පුලුවන් කියලා අවලංගු කරලා ආයිත් පාරක් තියයිද දන්නේ නෑ 😀 එදා ගජිනි බලන්න ගිහිල්ලා, හෝල් එක ළඟ තිබ්බ කඩේකින් කාපු ඒවා වැඩකරනවා ‍වගේ. මොනා කරන්නද? ගත්ත සිද්ධාලේප අසමෝදගම්! 😀 ඔන්න උසස් පෙළ කරන්න පරණ නේවාසිකාගාර යාලුවෝ දෙන්නෙකුත් අපේ ගෙදර නැවතුනා. ඔන්න ඒ දෙන්නත්, ළඟදීම බ්ලොග් අවකාශයට එකතු වේවි. ඒ දෙන්නා එක්ක එකතු වෙලා නෝමල් එකේ YuthMAX අඩිවයත් නිකන් විනෝදාංශයක් විදිහට කරගෙන යන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ ඉස්සරහට… ආ ඒක නෙවෙයි, මට එයා ටෙල් ගැන කතා කරන්න බැරි වුනා නෙව. මේ දවස්වල ‍මේ පැත්තේ හැමෝගෙම ෆෝන් වලට ‍කෝල් එකක් ආවාම ඇහෙන්නෙම එයාටෙල් tone මයි. හැබැයි බැලුවාම එක්කෝ connection එක මොබිටෙල්, එහෙම නැත්තම් ඩයලොග්. විලි ලැජ්ජාවේ සන්තෝ‍සේ බෑ කියලා මාත් දාගත්තා ෆෝන් එකට එයාටෙල් ටෝන් එකක්. ඒක මාර ලස්සනයි අප්පා. ගොඩක් Airtel ටෝන් හදලා තියෙන්නේ A. R. Rahman කියලා තමයි ආරන්චි. ආ… A. R. Rahman කිව්වාමයි, මතක් වුනේ. A. R. Rahman විසින් සංගීත නිර්මාණයෙන් දායකවුනු Slumdog Millionaire චිත්‍රපටියත් ඔස්කාර් සම්මාන 10ක් සඳහා නිර්දේශ වෙලා කියලයි ආරන්චි. ඒ සම්මාන 10න් 3ක් සඳහා නිර්දේශ වෙලා තියෙන්නේ A. R. Rahman ම තමයි. ඔව්, මේ චිත්‍රපටියේ තමයි, මෑතකදී අන්තර්ජාලයේ කතාවට ගැනුනු MIA නම් ගායිකාගේ Paper Planes ගීතයත් ඇතුලත් වෙලා තියෙන්නේ. ඔව්,සංගීත නිර්මාණය A. R. Rahman ගේ තමයි. හ්ම්… මම සින්දු ටික නම් ඩවුන්‍ලෝඩ් කරලා බැලුවා. ඒත් තාම හිතට වැදුනේ නෑ. සමහර විට ‍චිත්‍රපටිය බැලුවාට පස්සේ ‍තේරුම්ගන්න පුලුවන් ‍වේවි සින්දු ටික නම්. මේ… ඒක නෙවෙයි. මොකද කියන්නේ? Age of empires online play කරමුද? 😉

Categories
විවිධ

මම AOE පිස්සෙක්මි. ඔබ?

දැන් බ්ලොග් ලියනවා වැඩිද මන්දා… ඒත් ලියවෙනවා. මොනවා කරන්නද. හිතේ සතුටට බ්ලොග් ලියවෙනවා… හික්! මොකක් මේ AOE කියන්නේ. AOE කියන්නේ Age Of Empires. මම ආසම පරිගණක ක්‍රීඩාව. මම හිතන්නේ, මම ඉතිහාස විෂයට වැඩිපුරම ආස වුනේ මේ පරිගණක ක්‍රීඩාව නිසා වෙන්න ඇති. ස්ටෝරිය මෙහෙමයි. මම ඉතින් සිස්සත්වේ පාස් වුනා නෙව. ඊට හරිහටම අවුරුද්දකට පස්සේ, ඒ කියන්නේ 6 වසරේ අන්තිමට මට හම්බුනා අගනා පරිගණකයක්. ඉතින් ඒ කාලේ, ඕකෙන් කරන්න දේවල් මුකුත් නෑ නෙව. දැම්මා Game ටිකක්. ඔය දාපු ගේම් අතරින් එකක් තමයි Age of Empires II – The Age of the Kings. මම මේ ගේම් එකට ඇබ්බැහි වුනා කිව්වොත් හරි. පට්ට ආතල් ගේම් එක. හැබැයි මම ගේම් එක ගහනවා බලාගෙන හිටපු අයට නම් ගේම් එක පට්ට චාටර් එකක් වගේ තමයි පෙ‍නුනේ. මම කොච්චර කිව්වත් මේ වගේ පට්ට ගේම් එකක් නැ කියලා, උන් විශ්වාස කොරේ නෑ නෙව. එකම එක මලයයි හිටියේ, ගේම් එකට ආස වුන. හැබැයි මට නම් Game එක අමෘතේ වගේ. මම කොච්චර ඇබ්බැහි වුනාද කි‍ව්වොත්, නිදාගනිද්දී, ගේම් එකේ ප්ලෑන් හැදුවා. ඇත්තම කිව්වොත් හීනෙනුත් මම ගේම් එක ගැහුවා. පස්සේ, ඒ හීනෙන් ගේම් එක ගහපු විදිහට කොම්පියු‍ටරේ ගහලා දිනපු අවස්තා එමටයි. මට කියන්න වචන නෑ ඒ ගේම් එක ගැනනම්.

Age of Empires ක්‍රීඩා‍වේ තියෙන්නේ, අපේම කියලා ශිෂ්ටාචාරයක් ගොඩනගන එකයි, ඒ ශිෂ්ටාචාරය ‍ගොඩනගද්දී, ඒ ශිෂ්ටාචාරයට වෙනත් ශිෂ්ටාචාර වලින් එල්ල වෙන බලපෑම් වලට මුහුනදෙන්න අවශ්‍යයි. ඒකට අවශ්‍ය කරන පාබල හමුදාවක්, අශ්වාරෝහක හමුදාවක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි. ශිෂ්ටාචාරයේ ධනය වෙන්නේ රත්තරන්, අපි ඒ රත්තරන් මිනිස්සු යොදවලා එකතු කරන්න අවශ්‍යයි. ඒ වගේම ආහාර දැව එකතු කරන්න අවශ්‍යයි. ඔබ ඉතිහාසයට කැමතිනම්, මේ ක්‍රීඩාව ඔබව පිස්සු වට්ටාවි. ඔබේ මේ ක්‍රීඩාවට පිස්සු ‍වැටුනොත්, ඔබ ඉතිහාසයට ආදරය කරාවි. හැබැයි මට තිබ්බ ලොකු අප්සට් එක තමයි… මේ ක්‍රීඩාවේ ලංකාව, ඉන්දියාව වගේ රටවල් සම්බන්ධව මුකුත්ම දෙයක් නැත්තේ කියලා…. ඔහොම ටික කාලයක් ගතවෙලා ගියා. ක්‍රීඩාව අවසන් කරාට ආපහු දෙපාරක් තුන්පාරක් ගැහුවා‍ කොහොමින් කොහොමින් හරි ඕක ටික කාලයකට අමතක වෙලා ගියාට පස්සේ හම්බවුනා ඒ වගේම ක්‍රීඩාවක් ‍මේක Rise of the nations. මේ පරිගණක ක්‍රීඩාව Age of Empires වලට වඩා දියුණු වුනාට, මට Age of Empires තරම් නං ඇල්ලුවේ නෑ. ඒ මගේ කොම්පියුටරේ මේකේ Graphics වලට එච්චර සහය දක්වපු නැති නිසා වෙන්නත් පුලුවන්. ඊළඟට Age of Mythologies ව‍ගේ ඒවා ගහන්න ලැබුනා. ඒ වුනාට මගේ කලින් පරිගණකයේ තිබ්බ Graphics අන්තිම නිසා වැඩේ එච්චර ඇල්ලුවේ නෑ. හැබැයි අනිවාර්යයෙන්ම ක්‍රීඩාව අවසන් කරන්න නං අමතක කරේ නෑ. ඊළඟට… මේ මැතකදී ආපු Age of Empires III ම්… මේක නම් නියමයි. බොහොම අමාරුවෙන් පරිගණක ක්‍රීඩාව කරලා අවසාන කරා. ඒකනං පට්ටම ක්‍රීඩාවක්. හැබැයි අවසාන කරා කිව්වාට ඒක හරියට වැඩ කරේ නැති අල CD එකකින් ලැ‍බුනේ. ඒකේ තිබ්බ ඔක්කොම ටික ඉවර කරා වුනාට සම්පූර්ණයෙන්ම ගහලා ඉවර කරේ නෑ. කො‍හොම කොහොම හරි කාලයත් එක්ක වැඩේ අමතක වෙලා ගියා. ඔන්න අද කරන්න වැඩකුත් නැතිව හූල්ල හූල්ල ඉන්නකොට දැම්මා මලින්ත අයියාත් එක්ක චැටක්. බල‍න්කෝ මේ චැට් එකෙත් හැටි.

Malinthe: gmoz pplz

me: gmoz gmoz
ඊයේ රෑ මචන් බැලුවා මං නං
Malinthe: :D
me: අන්තර්ජංජාලයේ
Malinthe: හෙමද
me: හෙහෙමයි
Sent at 10:51 AM on Sunday
me: වට්ස්ඩවුන්?
Malinthe: නතින් අයි ගෙස්
me: අප්පටසිරි
කම්මැලියෝ
අදත් පන්ති තිබ්බානං හරි
Malinthe: මී ටූ බං
:(
ඇඟට පණ නෑ
me: පණ තිබ්බාට වැඩකුත් නෑ
පොත් හැම එකක්ම කියෝලා ඉවරයි
එක චිත්තරපටියක් ඩවුන්ලෝඩ් වෙනවා
Malinthe: හිකිස්
me: ජීවිතේ මහා බම්බුවකි
Sent at 11:02 AM on Sunday
Malinthe: :D
Sent at 11:04 AM on Sunday
me: මට නම් දැන් එපා වෙලා තියෙන්නේ
මේ මඟුලේ (පාදු‍ක්කේ)
මොන මළ යකෙක්වත් නෑ
ෂික්
තූ… නොදකින්
Malinthe: :D
චිල් බං
මොකද අවුල
me: සෙල්ලමක් කරන්න කවුරුවත් නැ
Malinthe: සෙල්ලං කරන්න?
බිපෙසි
me: ක්‍රිකට් ගහන්න යකෝ
චෙස් අදින්න
age of empires ගහලා තියෙනවාද?
Malinthe: අනේ නෑ බං
මට අල්ලන්නෙ නෑ strategy ගේම්ස්
me: මට නම් එළ!
Malinthe: මං ආස රේසින් තාම
තමා
me: වැඩක් නෑනේ බං රේස්ම තමා
අරක එහෙමද, ශිෂ්ටාචාරයක් ගොඩනගලා ගේමක් දෙන්න එපායැ
;)
Malinthe: හික්
මං කැමති නෑ බං ඔව්වට
me: තිබ්බ ‍ගේම් සිඩී ‍ඔක්කොම එක එක එවුන්ට දීලා
එකක්වත් හම්බවුනේ නෑ
පැත්තපලාතක ගේමක් නෑ
අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕන
ජීවිතය මහා බම්බුවක් ම තමා
Malinthe: චිල් වෙයන්
ඕවත් වැඩද බං
ඔන්න ඔහොමයි වුනේ. කොහොම කොහොමහරි කැරකිලා කැරකිලා, Age Of Empires නිකම්ම මතකෙට ආවා. මතකෙට ආවේ, මේ චෙස් ගැන අහපු නිසා. හික් ඔන්න කොහොම කොහොම හරි කැරකිලා Age of Empires වලට ආවා කියමුකෝ… ඊළඟට Google ගියා, ගැහුවා අඩිවියට ගියා! ෂා! නිකන් අතීතෙට ගියා වගේ. Age Of Empires III වලට අමතරව, තවත් ‍Game 2ක් හඳුන්වලා දීලා, ඒවා තමයි… Age of Empires III – The Asian Dynasties සහ, Age of Empires III – The War Chiefs ‍අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මම දැක්ක ගමන්ම කැමති වුනේ පළවෙනි එකට, Asian Dynasties කලින් මම කිව්වානේ හිතේ දුකක් තිබුනා කියලා India, Sri Lanka වගේ nations නෑ කියලා. ඉතින් ඔන්න එකක් නං හරි. India තියෙනවා. හැබැයි. මේකේ Japan එක්ක තමයි බුදුදහම සම්බන්ධ wonders තියෙන්නේ. ‍මේ බුදුදහම මහායාන බුදුදහමයි. මධ්‍යකාලීන ඉන්දියාව, ජපානය සහ චීනය කියන රටවල් තමයි ‍මේ ක්‍රීඩාවට පාදක වෙලා තියෙන්නේ. මම තාම ක්‍රීඩාව ඩවුන්ලෝඩ් කරනවා. බලමු ශ්‍රී ලංකාවේ සම්බන්ධයක් තියේද කියලා….
ඔන්න මම නං Age of Empires පිස්සෙක්. මං වගේ වෙන Age of Empires පිස්සෝ නැද්ද? 😀