Skip to content

ලැජ්ජාව…

නොවැම්බර් 23, 2009
සුපුන් සුදාරක ගෙනි

මේ දවස්වල හිතට කිසිම නිවනක් නැත්තෙ ළඟ ළඟම එන කලා උළෙලේ වැඩ නිසා. උදේ පහට ගෙදරින් පිටත් වුනාම ආයෙත් ගෙදර එනකොට අඩුමගානෙ රෑ හත අටවත් වෙන තරම්. ඉතින් මේ වැඩ ගොඩ අස්සෙ බස් එකේ එහෙට මෙහෙට යද්දි හිතේ කාන්සිය නිවාගන්නෙ සාක්කුවෙ තියෙන ජංගම දුරකථනයෙන්. කාටවත් කරදරයක් නොවෙන්නෙ හෙඩ් සෙට් එකකුත් ගහගෙන ම‍ගේ පාඩුවේ මම මගේ ‍සින්දු ඇහිල්ලෙ. ඒකවත් නැත්තං සිද්ධ වෙන්නෙ මම බස් එක ඇතුළෙ නිදාගන්න එක තමයි. නැත්තං නින්ද යනව. නින්ද යන තදකමට කොහෙන් බහින්න වෙයිද කියල නොදන්න නිසා නින්දෙන් නැගිටලා ඉන්න එකයි වැදගත්. ඒකට උදව් කරන්නෙ දෙන්නෙක්. එකක් ජංගම දුරකථනය. අනික කවුද කවුරුන්ද කියල දැන්ම කියන්න බෑ. ඒක තහනම් වචනයක්. ජංගම දුරකථනය මට උදව් වෙන්නෙ මහන්සිය නිවාගන්න විතරක් නෙවෙයි. උපහාර පැකේජ් එකට පිංසිද්ධ වෙන්න ගොඩක් වැඩ වලට එක එක ආයතන වලට කතා කරන්නත් මගේ දුරකථනය අපිට අපේ වැඩවලට ලොකුඋදව්වක්.

මාතෘකාව ‍වුනේ ලැජ්ජාව. ජංගම දුරකථනයයි ලැජ්ජාවයි අතරෙ සම්බන්ධය මොකක්ද කියල උභතෝ‍කෝටික ප්‍රශ්නයක වෙන්න ඇති ‍මේක කියවන අය නම් ඉන්නෙ. ඉතින් වැඩි අටුවාටීකා අවශ්‍ය නෑ. අටුවාටීකා ලියන්න තරම් වෙලාවකුත් නෑ. ඒ ගැන සමාවෙන්න.

අද උදේ බස් එකේ යද්දි නිදිමත යන්න වගේම මගේ රසාස්වාදනය වෙනුවෙන් කාටවත් කරදරයක් නොවෙන්න මගේ පාඩුවේ මම ‍මගේ ජංගමයට හෙඩ්සෙට් එකත් ගහගෙන වාඩිවෙලා සින්දු අ‍හගෙන ගියා කියමු‍කෝ. බහින්න තැනත් ළං වුනා කියමුකෝ. ඔන්න මම ම‍ගේ සීට් එකෙන් නැගිටලා බහින්න දොර ළඟට ළංවුනා විතරයි මෙන්න ගරු කටයුතු වැදගත් මහත්මයෙක් මගේ අතට තට්ටු කරනව.

මයා: තමුසෙ ඔය ඉස්කෝලෙද යන්නෙ
මම: ඔව්.
මයා: තමුසෙට ලැජ්ජ නැද්ද ඔව්ව එල්ලගෙන ඉස්කෝලෙ යන්න?

මම හිනා වෙලා බස් එකෙන් බැස්ස. මට වාද විවාද කරන්න තරම් වෙලාවක් තිබුනෙවත්. වැඩිය කියපු දේ ගාණකට ගන්නවත් වෙලාව තිබුනෙ නැහැ. ඊළඟ බස් එකේ වාඩි වෙලා මම මගේ කල්පනාවෙ. ඒ කල්පනා කරේ ලැජ්ජාව ගැන.

මේ රටේ බස් එකක පන්ති ඉවරවෙලා (ලස්සන) ගෑනු ළමයෙක්ට තමන්ගෙ ගෙදරට පුංචි හරි අතවරයක් නොවී ගෙදරට අඩිය තියන්න විදිහක් නෑ. තමන්ගෙ වෛරය පිරිමහගන්න තමන්ට හීනෙකින්වත් වරදක් නොකරපු පුංචි එවුන් ඉස්කෝලෙ යන වෑන් එකකට බෝම්බ තියනව. ලෙඩක් ‍ඇති නොවෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගැහුවම මැරිල වැටෙනව. අපේ වයසෙ අපේ සහෝදර සහෝදරියො කනේරු ඇට කාලා තමන්ගෙ ජීවිත තමන්ම නැති කරගන්නව. උපාධිකාරයො මහ පාරෙ රැකියා හිඟා කනව. ශ්‍රේෂ්ඨ අධ්‍යයන ආයතන කියල අපි අපිම වන්දනාමාන කරන ඒවා ඇතුළෙ ඉන්න ලොකු අයියල මරාගන්නව. ඉතින් ඒ වගේ රටක ජීවත් වෙන එකද ලැජ්ජාව? බස් එක ඇතුළෙ තනියම තමන්ගෙ පාඩුවේ සින්දුවක් අහගෙන යන එකද මහ ‍ලොකු ලැජ්ජාව?


අපි ඉස්කෝලෙ ඇතුළෙ හෙඩ් සෙට් ක‍නේ ගහගෙන පිස්සු කෙලින්න යන්නෙ නැහැ. අපි තැනට සුදුසු විදිහටයි අපේ ‍වැඩ. මහ පාරෙ වාහන සද්දෙයි හෝන් සද්දෙයි. කනට හෙන ගහන රේඩියෝවයි. අහගෙන ඉන්න එකද හොඳ? තමන් කැමති සින්දුවක් අහගෙන පාඩුවේ කාටවත් වෛර නොකර තමන්ගෙ ගමන යන එකද හොඳ?

ප්‍රතිචාර 24 leave one →
  1. නොවැම්බර් 23, 2009 8:38 ප.ව.

    තමන් කැමති සින්දුවක් අහගෙන පාඩුවේ කාටවත් වෛර නොකර තමන්ගෙ ගමන යන එක තමයි හොඳ :D මාත් ගොඩක් වෙලාවට ඒක තමා කරන්නෙ.

  2. නොවැම්බර් 23, 2009 8:40 ප.ව.

    උඹට ඔය ටික ඒ අංකල්ට කියන්න තිබ්බේ, එහෙනං අපිට එක්කො උඹව බලන්න ඉස්පිරිතාලෙට එන්න වෙනවා, නැත්තං ඉතිං “සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාතිශය සංවේගය!” කියල බැනර් එකක් අඳින්න වෙනවා! ;)

    ගණං ගන්න එපා, ඕන කෙනෙක් ඕනම දෙයක් දිහා බලන්නෙ තම තමන්ගෙ කණ්ණාඩිය ඇතුලෙන්. ඒ අංකල්ගෙ හිත කියන්න ඇති – උඹ එයා නං, එයා කරන්නෙ එහෙම නිසා – උඹ ඕක අරං ඉස්කෝලෙ ගිහිං කොල්ලොත් එක්ක හවුලෙ වැල-වරකා රස බලනවයි කියලා! :P

    අනික තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් බලං ඉන්නෙ නැතිව අනුංගෙ වැඩ බලන්න යන රටක උඹෙන් ඔහොම ඇහුවෙ නැත්තං තමයි පුදුමෙ. නො ඇහුවත් ස්කූල් සූට් ඇදගත්තු මරුමුස්පාට ( ;) ) කොල්ලෙක් බස්සෙකේ හෙඩ්සෙට් දමාගෙන ඉන්නකොට බහුතරයක් ඔහොම හිතන බව මට සුවර්!

  3. නොවැම්බර් 23, 2009 8:54 ප.ව.

    අ‍ම්මෝ !!!!!! සුදාගේ උපහාර පැකේජ් එක ගැන නම් කියලා වැඩක් නැ !!!

  4. නොවැම්බර් 23, 2009 8:59 ප.ව.

    just dont care the world.

    “I don’t care The World” :D

  5. නොවැම්බර් 23, 2009 9:40 ප.ව.

    අනෙ ඔය අහවල් අංකල්ලා කියන ඒවා අහන්න එපා බන්
    අනවෂ්‍ය දේට පැනලා පස්චාත් භාගය දික් කරන උදවියට වැඩිය අපි විනිතව ඉන්නවා
    ඔය මිනිස්සු කියන කියන විදියට ඉදලා තමා අපිට මෙහෙම හෙන ගහලා වගෙ ඉන්නේ
    රස්තියාදුවේ යන කුපාඩියෙක් කෙල්ලෙක්ව බයිට් එකට ගන්නවා දැක්කොත් එකට හිනා වෙලා යන එව්න් අපි ස්කොලෙට ෆොන් එකක් සීඩී එකක් ගෙනියනවා දැක්කාම තමා එව්න්ට ෆෝම් වෙන්නේ

  6. Pamodh permalink
    නොවැම්බර් 23, 2009 9:54 ප.ව.

    machn mamath dawsak dakka umba bus eke headset eka gahagena yanawa.. machn ochchara oka gannan ganna epa mokada skul uniforn eken phnes pawichchi karanakota hamoma hithanne rasthiyadu karayek kiayalai… onna okai lankawe hugak minissunge weradda.. koi welaweth hitthanne tharuna kollo kiaynne pisso wage dangala ewun kiaylaai.. eee wunta hama kollama pissek neve ne..

  7. නොවැම්බර් 23, 2009 9:55 ප.ව.

    මනුශාන් කීව කාරණේ ඉතාම වැදගත් එකක්.

    පොඩිකාලෙ ඉඳන්ම උගන්නලා තියෙන්නෙ “වැඩිහිටියන්ට ගරු කරන්න”. මේ “වැඩිහිටියා” යන්න පොත්-පත්වල කෙසේ අර්ථ දැක්වුනත්, සමාජයේදී භාවිතා වෙන්නේ “වයසින් වැඩි අය” කියන අර්ථයෙන් පමණයි.

    ඒ නිසා අපේ සමහරක් අය හිතං ඉන්නවා වයස වැඩි එකෙක් කීව පළියට අපි විසින් යමක් පිළිගතයුතුයි කියලා, වයසින් වැඩි එවුනුත් හිතං ඉන්නවා උන් කියනා දේ අපි පිළිගතයුතුයි කියලා.

    ඉතිං ඒවගේ සිතිවිල්ලක ක්‍රියාත්මක ප්‍රතිඵලයකට තමයි සුදාට මූණ දෙන්න සිද්ධ වුනේ.

    [said:මනුශාන්]

    රස්තියාදුවේ යන කුපාඩියෙක් කෙල්ලෙක්ව බයිට් එකට ගන්නවා දැක්කොත් එකට හිනා වෙලා යන එව්න් අපි ස්කොලෙට ෆොන් එකක් සීඩී එකක් ගෙනියනවා දැක්කාම තමා එව්න්ට ෆෝම් වෙන්නේ
    [/said]
    ඇත්ත. ඔය කියන්නෙ තමංගෙ ඇඟත් බේරගෙන – රටට පේන්න තමං මහා සංස්කෘතික ආරක්‍ෂකයෙක් – පරමාදර්ශී පුද්ගලයෙක් කියල රඟපාන්න “වැඩිහිටියන්” විසින් යොදාගන්නා ක්‍රම.

    ෆෝන් එක අතේ තියං හිටි සුදාට ටෝක දැම්මට තමංට රිටන් හම්බ නොවෙන බව දන්න “වැඩිහිටියා” ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා සුදාට “හරි මග පෙන්වන්න” ඉදිරිපත් වුනා, නමුත් මනුශාන් කීවා වගේම කොහෙවත් යන කුපාඩියෙක් බස් එකේදි කෙල්ලෙක්ට කරදර කරනවා දැකලා ඔහු “හරි මග පෙන්වන්න” ඉදිරිපත් නොවෙන්නේ තමන්ට රිටන් වදින බව දන්නා නිසා. ඔන්න ඕකයි “තමන් බේරිලා සංස්කෘතිය ආරක්‍ෂා කරන වැඩිහිටියා!”

  8. Buru permalink
    නොවැම්බර් 23, 2009 9:55 ප.ව.

    well said malli… dont listen to what others say…. just act the way how u feel… simply ignore these people….

  9. හසිත permalink
    නොවැම්බර් 24, 2009 12:09 පෙ.ව.

    මාත් ඔහොම තමයි මලේ. වැඩට යද්දි මාත් හෙඩ්සෙට් එක ගහගෙන තමා යන්නේ. අනිත් අය මොනවා කරනවාද, මොනා කියනවද කියල මට වැඩක් නැහැ. හැබැයි මොකෙක් හරි කථාවක් දාන්න සෙට් උනොත් තමයි මගෙත් මල පිබිදෙන්නේ. නැත්නම් අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ……..

    අනික …… බිරුවට කන්දක් පාත් වෙනවද, මං අහන්නේ

  10. නොවැම්බර් 24, 2009 12:15 පෙ.ව.

    කටට එන එව්වා මෙතන නො කියන තරමට හොඳයි වගේ.

    ගොන් පාට් කතාවක්නේ මේක, උඹ සින්දු ඇහුවේ Headset එකෙන්, ඒ සින්දු මිසක් කුණු හරුපයක්වත් අහවල් එකක් කෑ ගහන සද්ද නෙමේනේ.

    අපේ අප්පා ඒ මහත්මයාගේ දරු දේපල ගැන දුකේ බෑ!!!

  11. නොවැම්බර් 24, 2009 9:19 පෙ.ව.

    අපි පාසල් යන කාලේ නම් අපිට පාසල තුළට ජංගම දුරකථන ගෙනියන්න දුන්නේ නෑ. කොහොමත් ඒ කාළේ ජංගම දුරකථන කියන්නේ ටිකක් විතර දුර්ලභ දෙයක්. (මම මේ කියන්නේ අවුරුදු 20කට 25කට කලින් නෙවේ. මීට අවුරුදු 3 4 කට කලින් :D ).

    දැන් කාලය වෙනස්. දියුණු වෙන ලෝකයත් එක්ක ජංගම දුරකතනය ජීවිතයේ වැදගත් සාධකයක් වෙලා. එහෙම එකේ තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නොවී, සමාජ සාරධර්ම වලින් පිට පනින්නේ නැතුව තමන්ගේ සීමාවේ ඉඳගෙන වැඩිහිටියෙක් නෙවේ පාසල් යන ශිෂ්‍යයෙක් වුනත් ජංගම දුරකථනයක් භාවිතා කළාට ප්‍රශ්නයක් නෑ.

    තමන්ගේ පාඩුවේ තමන් කැමති සංගීතයක් රස විඳින එක බස් වල දාන කන් කැඩෙන සින්දු අමාරුවෙන් ගමනාන්තය තෙක් අහන් ඉන්නවා‍ට වඩා හොඳයි කියලා මම නම් හිතන්නේ (මමත් එහෙමයි)…

  12. සංජීව් permalink
    නොවැම්බර් 24, 2009 10:46 පෙ.ව.

    ගනන ගන්න එපා. ඒ මෑන්ට බස් එකේ යනකොට සින්දු අහන්න විදියක් නැතිව ඇති, සාමාන්‍ය ඉරිසියාව. බස් එකේ යනකොට ටෙක්කතා ඇහුවනම් ඔහොම් වෙන්නෙ නෑ හි … හි… ……

  13. නොවැම්බර් 24, 2009 12:43 ප.ව.

    තමන් වරදක් නොකරන බව තමන්ගේ හර්දශාක්ෂිය දන්නා කල් අනුන් කියන දෙවල් වැඩිය ගනන් නොගෙන හිටින් බං . . . අර කව්ද කිව්ව වගෙ බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙනවාද . . . නෑ නේ??

  14. නොවැම්බර් 24, 2009 5:46 ප.ව.

    ආ මල්ලීට චමින්ද කෙනෙක් හමුවෙලා වගේ…..හී හී
    ඔහොම ඉන්න අය බස් වල කරන වැඩ දන්නෝ දනිති

  15. අමුතු permalink
    නොවැම්බර් 24, 2009 8:05 ප.ව.

    මම නම් හිතන්නෙ පැහැදිලි ඉරිසියාව… අර වැදගත් කියල කියපු මහත්තයාගේ කියන එකා ඉස්කෝලෙ යන කාලෙ ඒ මනුස්සයාට ජංගම දුරකථනයක් තිබුනා නම් එයත් ඕය ටික නොකරයිද??? මුං හිතන්නෙ ඒකලෙ මට නොතිබ්බ නමෙ දැන් කාලෙ පොඩි උන්ටත් ඕනෙ නෑ කියලා…..

    කොච්චර තහංචි දැම්මත් ළමයි ඉස්කෝලෙට ඔය වගේ දේවල් ගෙනියන එක නවත්තන්න බෑ……

  16. නොවැම්බර් 24, 2009 9:13 ප.ව.

    අපෝ ඕවා සත පහකට තියා සතේකට වත් ගණන් ගන්න එපා මල්ලි.. කොහොමත් අපේ රටේ වැඩිහිටියෝ වැඩි ගණනකට ඔය ලෙඩේ තියනවා.. උන් සේරම මඩ ගා ගෙන ඉන්න ගමන් පොඩි එකෙක් කෝම්පිට්ටුවක් හැදුවත් උන්ව නලියන්න ගන්නවා.. හැබැයි කරන්න තියන තරම් තුජ්ජ වැඩ ටික උන් කරන්නේ.. ඕව ඇහුවම හොද කථා කටට එනවා.. නොකියා ඉන්න එක වඩා හොදයි

  17. නොවැම්බර් 24, 2009 9:30 ප.ව.

    ගනන් ගන්න එපා බං ඕවා.ඇත්තටට ඒ වෙලාවෙ මුකුත් නොකිය ආපු එක ගොඩක් හොදයි. මොකද ඒ වෙලාවෙ ඒකට ප්‍රතිචාර දක්වන්න ගියා නම් ලොකු ප්‍රශ්ණයක් ඇති වෙන්න තිබුණා. අද ඒ වගේ මිනිස්සු හැම තැනම ඉන්නවා බං.

  18. නොවැම්බර් 24, 2009 10:54 ප.ව.

    පුදුම කතාවක් නෙව ඒක! malee_msg කියන කතාව ඇත්ත
    “උන් සේරම මඩ ගා ගෙන ඉන්න ගමන් පොඩි එකෙක් කෝම්පිට්ටුවක් හැදුවත් උන්ව නලියන්න ගන්නවා”

    සද්ද නැතුව යන එක තමයි ඇඟට ගුණ. මේ වගේ උදවියට තව මොන මොන මානසික ව්‍යාධි තියෙනවද කවුද දන්නෙ :-o

  19. නොවැම්බර් 25, 2009 10:48 පෙ.ව.

    මිනිහට හවසට බලන්න කියල බ්ලොග් එකේ ලින්ක් එක දීල එන්න තිබ්බෙ.. ;)

  20. නොවැම්බර් 25, 2009 3:43 ප.ව.

    ඕක සාමාන්‍ය ලාංකීය කුහකත්වය..ඕක ඇතිවෙන්න හේතු භූත වූ කරුණු කාරණා කතා කරන්න වෙනම වෙලාවක් යනවා උන්ගෙ බම්බු සංස්කෘතිය උන්ටම හොඳයි.

  21. පුබුදු ෂිරන්ත permalink
    නොවැම්බර් 30, 2009 1:17 පෙ.ව.

    බස් එකේ අජිත් මුතුකුමරන අඩන සින්දුවක් අහනවට වඩා තමන් කෑමති 1ක් අහගෙන අපිත් යන්නේ.ඔය වෙඩිහිටියො කෞරුවත් බස් එකේදි අම්මා කෙනෙක්ට ශීට්1ක් දෙනවද?ඒක දෙන්නෙත් තමන්ගෙ පාඩුවේ බස් එකේ යන කොල්ලෙක්ම තමා..

  22. දෙසැම්බර් 1, 2009 4:53 ප.ව.

    owa ganan ganna epa machan . .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS