ජීවි‍තේ… ජීවි‍තේ… ‍ජීවි‍තේ…

ජීවිතේ හරි පුදුමයි කියන්නෙ නිකමට නෙවෙයි.
අද දෙසැම්බර් පළවෙනිද. උඳුවප් පෝය දවස.
කලා උළෙලකුත් කරල හති ඇර ඇර ඉන්න කියාපු දවස.
කොහෙද,
ගෙදරින් කෑ ගහනව පාඩං කරපං කියල…

ගෙදරින් කියන්නෙ,
පුතේ කලා උළෙල නං හොඳයි…
දැං ඉතින් තමන්ට වැඩක් කරගනිං කියල.

මේක මට විතරක් නෙවෙයි.
අපේ හැමෝටම අහගන්න ලැබුන දෙයක්.

හ්ම්…

ඔන්න ඔහොම තමයි ජීවි‍තේ. මේ දවස්වල හති අරිනව. ඒත් හති අරින්නෙ බාගෙට. සම්පූර්ණයෙන් හති ඇරල ඉවරකරන්න වෙන්නෙ 2011 අවුරුද්දෙ තමයි. තවත් අවුරුදු එකහමාරක් විතර වගේ තිබුනාට මේ යන වේගෙට එහෙ බලල මෙහෙ බලනකොට ඔය දවස් ටික වාෂ්ප වෙලා තියේවි. කැලැන්ඩරේ පිටු ගැලවෙනකොට දැනෙන්නෙ දුකක්. 2009 අතඇරල යන්න බෑ වගේ. මොනව කරන්නද? අපිට කාලය වෙනස් කරන්න බෑ. කාලයත් එක්ක අපි වෙනස් වෙන එක තමයි වැදගත්. ලියන්න කියන්න ගොඩක් දේවල් තිබුනාට ‍දැන් ලියවෙන්නෙ නෑ. මේ දවස්වල එළියෙ පහළියෙ කතාකරන්න නම් ගොඩක් මාතෘකා. හැබැයි මම දැන් ඒ දේවල් කතා කරන්න කැමති නෑ. ඒ තරමටම ඒ දේවල් එපා වෙලා. මේ ‍මොනව ගැනද කියල ආයෙ අමුතුවෙන් කියන්න අවශ්‍යතාවක් නැහැ. කතා කරන්න එපා වෙලා තියෙන්නෙ මේ රට යන අත ගැන. රට යන අත බලාගෙන ඉන්නෙ නැතුව. අඩුගානෙ තමන් යන අතවත් හරියට හදාගන්න උත්සාහ කරන්න වෙන කාලයක් මේක. හැබැයි ලැබෙන හැම වෙලාවකම එක්කෙනෙක්ගෙ හරි ආකල්ප හොඳ අතකට වෙනස් කරන්න ලැබෙනවානං ඒක නොකර ඉන්නෙ නැහැ.

මේ දවස්වල උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙලානෙ. මට නම් ප්‍රතිඵල ගැන වැඩිය දෙයක් දැනගන්න ලැබුනෙ නැහැ. මොකද මේ කලා උළෙලකට හිර වෙලානෙ. මොනව වුනත් ඒක නිසා මේ අපේ ගෙදර අයත් කම්පනයට පත් වෙලා වගෙයි පේන්නෙ. කෙනෙක්ට උසස් පෙළ නැතිවුනත්. දියුණුවෙන්න තමන්ගෙම මාර්ග නිර්මාණය කරගන්න පුලුවන් වුනත්, ඕ‍නකෙනෙක් උසස් පෙළ දකින්නෙ තමන්ව දියුණුවට ගෙනයන්න පුලුවන් ‍ෂෝට්කට් එකක් විදිහට. ඒකෙ ඇති වරදක් නැහැ. අපේ අයට තියෙන්නෙ හොඳ තෝරාගැනීම් දෙකයි. එක්කො මෙඩිසින්. නැතිනම් ඉංජිනියරින්. කොහොමහරි මම මේ කලා උළෙල කරද්දි මුනගැහුන අයගෙ සමහර රැකියා දැකල පුදුමයෙන් පුදුමයට පත් වුනා. තමන් තමන්ගෙ රැකියාව ගැන උපරිමයෙන් තෘප්තියෙන් ඉන්නවා වගේම. හරිම නිදහස් සහ උපරිම ඉපැයීම් (මාසයකට ලක්ෂය ඉක්මවා යන) රැකියා. ඒ අය ඒ රැකියාවලට යොමු වෙලා තියෙන්නෙ අපේ සම්මත අධ්‍යාපන විභාග ප්‍රතිඵලත් නැතිවයි! මට ඉතින් ඒවා කරන්න අවශ්‍ය නැහැ. මම බැලුවෙ ඒ රැකියා ගැන…

සාහිත්‍ය ඒකකයේ සභාපතිකම ගන්නත් ඉල්ලීමක් තියෙනව. ඒ අතරෙ කිරුළ සඟරාවටත් පුංචි පහේ දායකත්වයක් දක්වන්නත් හිතෙනව. මේ පාරනම් අධ්‍යාපන කටයුතු බාධා නොකරගන්න දැඩි විශ්වාසයක් තියෙනව. ආයෙමත් අපේ බාසාවෙන් කිව්වොත් වල නම් බහින්නෑ. වෙලාව කළමණාකරණය කරගෙන. කට්ටියත් එක්ක එකතුවෙලා. කලා කටයුතු හිමින් සීරුවෙ දියත් කරනව. එහෙමයි මගේ බලාපොරොත්තුව.

ඔය අතරමඟ පුංචි ආදර කතාවකුත් තියෙනව. ඒවා නං ඉතින් රාජ්‍ය රහස්!

Join the Conversation

11 Comments

  1. සම්මත අධ්‍යාපන ක්‍රමය ප්‍රෝඩාවක්. ඒවායින් ඇති කරන්නෙ ගිරවුන් පමණයි. අධ්‍යාපනය නිදහස් වුණත් පුද්ගලික (මම පෞද්ගලික උපාධි ආයතනයකත් ඉගෙනගෙන තියෙනවා) වුණත් ඒවායෙ තියෙන්නෙ පරණ ගිරා පෝතක ක්‍රමයමයි.

    ඒ මොකක් වුණත්, මේ දේවල් වෙනස් කරන්න නම් අපි දැනට ඉන්න තත්වයෙන් මිදිය යුතුයි. ඉහළට යා යුතුයි. ඒ ඉහළට යන්න සම්මත සුදුසුකම් වලින් පරිපූර්ණ විය යුතුයි. ඒ නිසා මුලින් ඉගෙනගන්න. පාඩම් කර විභාග සමත් වෙන්න. දෙවනුව වෙනස ගැන හිතන්න පුළුවන්. 🙂

    කොහොම වුණත් මේ වගේ කලා උළෙලක් සංවිධානය කරන්න සහභාගි වෙලා, තමන්ගෙ සංවිධාන ශක්තිය උපරිමයෙන් පෙන්නපු සුදාරක මලයට නං ජොබක් නොලැබෙනව බොරු. 🙂

    1. ඔව් ඔව්. මොනව වුනත් ඉතින් ඉගෙනගන්න එකනං අත්‍යවශ්‍යයි තමයි. ඒත් මට පුදුමෙ එහෙම ‍මේ සම්ප්‍රදායික ඉගෙනීමේ රාමුවෙන් ඉගෙනගත්තෙ නැති අයත් සිරා තැන්වල ඉන්නවා දැක්කාමයි. සමහර විට සම්ප්‍රදායික රාමුවෙන් නැතිව ඉගෙනගන්න අයට ගොඩක් දුරකට යන්න පුලුවන් කියලයි වෙලාවකට හිතෙන්නෙත්.

  2. මට මේ හිතාගන්න බැරි දේශපාලණය කරන්න හිටි එකාට එකපාර මොකෝ මේ එපා වුනේ කියල, ආදරය නිසාද ?

  3. එළ එළ සුබ පැතුම්!!! මචො…. 😀
    හික් වල බහින්නෑ බලමුකො ඉස්සරහට වල බහින්නැද්ද කියලා 😛

  4. මීට පස්සෙ නං වල බහින්නෙ නෑ නෑමයි කියල හිතාගත්තට, වල බහින තැනට වැඩ සිද්ධ වෙනවා. නැති ව්‍යාපෘති මතු වෙනවා!

  5. මගේ මේ පාර ප්‍රතිපල නම් සෑහෙන්න හොඳයි…. ඒ පිළිබඳව බ්ලොග් පෝස්ට් එක තව පැය කීපයකින්….

  6. කලාව..,වලබැහිලි..,බැනුම්..,අතපහුවීම්…ආදරේ.. ,… ,… ඔය කොයිකත් කලවම් වෙන්න ඕන…හැබැයි .එකම වට්ටෝරුව හැම කාලෙටම සුදුසු නොවෙන්න පුලුවන්..

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: