Categories
විවිධ හින්දි චිත්‍රපටි

රබ් නේ බනා ඩි ජෝඩි | Rab Ne Bana Di Jodi

Rab Ne Bana Di Jodi Poster

මම මගේ “සාපෙක මහිම” කියන බ්ලොග් සටහනේ ලිව්වානේ මම අපේ හොස්ටල් එකේ කට්ටියත් එක්ක අවසාන දවසේ ෆිල්ම් එකක් බලන්න ගියා කියලා, මේක තමයි ඒක. ඒ කිව්වේ Rab Ne Bana Di Jodi තමයි බලන්න ගියපු චිත්‍රපටිය. මෙම චිත්‍රපටියේ රඟපාන්නේ වෙන කවුරුවත් නෙවෙයි! ඒ, ෂාරුක් ඛාන්. තරමක් වෙනස් ආදර කතාවක් පාදක වෙච්ච මේ චිත්‍රපටිය බලන්න නම් ඔන්න අමතක කරන්න එපා. මේ චිත්‍රපටියට ෂාරුක් ඛාන් එක්ක රංග‍නයෙන් දායකත්ව‍ය දක්වන්නේ නවක නිළි අනුෂ්කා ෂර්මා විසිනුයි. චිත්‍රපටියේ එන අලංකාර සංගීත නිර්මාණය සලීම් සුලෙයිමාන් විසින් නිර්මිතයි.

චිත්‍රපටියේ ෂාරුක් ඛාන්ගේ රඟපෑම් ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ. නවක නිළියක් වුනාට අනුෂ්කා ෂර්මා ඉතාමත් දක්ෂ විදිහට මේ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය දක්වනවා. රඟපෑම විතරද? ඇයි ලස්සන? 😉

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, ප්‍රවීණ බොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙකු වන ආදිත්‍ය චොප්රා විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ, ආදිත්‍ය චොප්රා සමඟින් යාෂ් චොප්රා විසිනුයි.

මෙන්න මේ සින්දුවට කාජල් දේව්ගන්, බිපාෂා බාසු, ප්‍රීති සින්ටා, රාණි මුඛර්ජි සහ ලාරා දත්තා විශේෂ ආරාධිත රංග‍නයෙන් දායකත්වය දක්වනවා.

මේ තමයි, මේ චිත්‍රපටියේ මම නම් ආසම සින්දුව

රබ් නේ බනා ඩි‍ ජෝඩි චිත්‍රපටිය තමයි මේ වසරේ ගජිනි චිත්‍රපටිය ඇරුන කොට ඊළඟට සාර්ථකම බොලිවුඩ් චිත්‍රපටිය. (ගජිනි චිත්‍රපටිය ගැන පස්සේ කියන්නම්) දැන් මේ චිත්‍රපටිය කොළඹ ලිබර්ටි සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වෙනවා. ඔන්න කැමතිනම්, බලන්න යන්න පුළුවන්.