වෙන දවස්වල නම් අවුරුද්ද අවසානේ ලංකාවේ අපේ රූපවාහිනී නාලිකාවල දෙසැම්බර් 31 වෙනිදාට පෙන්නුවේ සංගීත ප්‍රසංගයක්. ඒ වුනාට දැන් ලංකාවේ තත්ත්වෙත් එක්ක සංගීත ප්‍රසංග වලට එච්චර තැනක් නෑ. ඉතින් දැන්, රූපවාහිනී නාලිකාවල අන්තිම දවසේ පෙන්නන්නේ චිත්‍රපටි. මේ පාර හොඳම වර්ගයේ හින්දි චිත්‍රපටි 3ක් පෙන්නනවා. ඒ, ස්වර්ණවාහිනියේ ඕම් ශාන්තී ඕම්, සිරසේ ඩූම් ටූ (2) සහ TV දෙරණේ රේස්. මම නම් ඔය තුනම බලලා තියෙනවා. හැබැයි ඩූම් 2නම් හරියට බලලා නෑ. ඉතින් බලන්න ඉන්නේ ඒක තමයි. මොකද ඉතින් ඕක ජනතාවගේ නාලිකාව නෙව 😛 රිදී රැයකට නම් මම කැමතිම නෑ. ඔන්න දැන් කියන්න එපා උඹ ලංකාවේ කිසි දෙයක් අගය කරන්නේ නෑ කියලා. මට ඒක නම් අප්පිරියමයි. අපේ ආච්චිලා සීයලා ඔයිට වඩා හොඳට නටාවි. හොඳම වැඩේ දැන්ම ගෙදරට ටීවී දෙක තුනක් ගෙනැල්ලා තියාගන්න එකයි 😉
Category: විවිධ
කවුරුහරි මගෙන් ඇහුවොත් කවුද මේ වෙනකොට ඉන්දියාවේ සාර්ථකම නළුවා කවුද කියලා… නෑ පිස්සුද? මම කියන්නේ ෂාරුක් ඛාන් නම් නෙවෙයි. මම කියන්නේ ආක්ෂේ කුමාර්. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ආක්ෂේ කුමාර් මේ වසර තුනේ 2006, 2007, 2008 රඟපාපු චිත්‍රපටිවලින් එකදිගට, ඒ හැම චිත්‍රපටියක්ම අති සාර්ථකයි. මේ ඔක්කොම බොක්ස් ඔෆිස් හිට්ස්! ඒ ටිකක් කිව්වොත්,
ෆැමිලි – ටයිස් ඔෆ් බ්ලඩ්, භගම් භග්, නමස්තේ ලන්ඩන්, හේ බේබි, බූල් බුලයියා, වෙල්කම්, සින්ග් ඊස් කින්ග්. මේ සාර්ථක චිත්‍රපටි අතර එකතුවෙන තවත් අති සාර්ථක වෙයි කියලා බලාගෙන ඉන්න තවත් චිත්‍රපටියක් ඔන්න මඟ එනවා. ජනවාරි 17 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරන මේ චිත්‍රපටිය තමයි චාන්ද්නී චෝව්ක් ටු චයිනා. ප්‍රහසන, ක්‍රියාදාම හා බොලිවුඩ් පුරවරයටම වෙන්වූ ආදර කතා විලාශය එකට එකතු වුන මේ චිත්‍රපටිය ලෝක ප්‍රසිද්ධ Warner Brothers සමාගමේ පළවෙයි බොලිවුඩ් නිෂ්පාදනයයි. මම කිව්වානේ ඉතින්, බොලිවුඩ් චිත්‍රපටි දැන් හොලිවුඩය ආක්‍රමණය කරන්න පටන් ඇරගෙන. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ නිකිල් අද්වානි විසිනුයි. ඒ වගේම අක්ෂේ කුමාර් එක්ක මේ චිත්‍රපටියේ ද්විත්ව චරිත නිරූපනය කරන්නේ තමන්ගේ පළවෙනි චිත්‍රපටියෙන්ම, ඒ කියන්නේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියෙන් විශාල ජනප්‍රියත්වයක් දිනාගත්තු දීපිකා පදුකෝන් විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටිය චීනයේ සුපිරි චිත්‍රපට තරුවක් වන ගෝර්ඩන් ලියුත් රංගනයෙන් දායකත්වය දක්වනවා. මේ Chandi Chowk To China චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටයයි. මේක බැලුවාම, චිත්‍රපටියේ තාක්ෂණය, කතාව මේ සේරම පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි.
ඔන්න ලබන ජනවාරි 16වෙනිදා චාන්ද්නී චෝක් ඉඳලා චීනේ යන්න ලෑස්ති වෙලා ඉන්න!