Categories
විවිධ

සුපිරි තරු සිහිනය සැබෑවූ වගයි!

ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගෙන් 80%ක් පුල පුලා බලා සිටි දෙවැනි අදියරේ පළමු සුපිරි තරුව ලෙස ඊයේ (2007ක්වූ ඔක්තෝම්බර් මස 27 වෙනි දින) අපේ දොස්තර පුතා හෙවත් ප්‍රදීප් රංගන අභිෂේක ලැබුවා. ගණනය කළ නොහැකි විවෘත හා පෞද්ගලික පැසසුම් ගැරහුම් මධ්‍යයේ දැන් දෙවැනි සුපිරි තරුවද තෝරා අවසන්. මීළඟ සුපිරි තරුව වන්නේ ඔබද මමද? මමත් ඊළඟ සුපිරි තරුව තේරීමේ තරඟයට ඉල්ලුම් පත්‍රයක් යවන්නයි ඉන්නේ… මගේ පළමු වටේ තියෙන දවසට ජාතික සත්තු වත්තෙන් ආවොත් ශ්‍රී ලංකාවට ආවේණික ගැරඬි විශේෂ ඉතාමත් පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් වේවි (සමහරවිට). ගණන් ගන්න එපා විහිළුවක් කරේ (හිනාගියාද දන්නේ නෑ). ඔන්න ඔන්න ට්‍රැක් එකෙන් පිට ගියා. හරි හරි ආපහු මෙවර සුපිරි තරුව ගැන කතාකරමු. ඇත්තටම මට මේ සිරස සුපර් ස්ටාර්ස් 2වැනි අදියර (Season 2) පළමු අදියරට වඩා අති සාර්ථක යැයි හැ‍‍ෙඟනවා. මම නම් මුල ඉඳලම හිතුවේ සුරේන්ද්‍ර පෙරේරා සුපිරි තරුව වේවි කියලා. ඒත් ඉතින් අපි හිතන දේ හැම වෙලාවෙම වෙන්නේ නෑනේ මම මේ ජායාරූප උපුටා ගත්තේ සිරස මාධ්‍ය ජාලයේ ඊතලය වෙබ් අඩවියෙන් එහි සුපිරි තරු අතර දිදිලූ තරු 11ක ජායාරූප තියෙනවා. ඇයි එක්කෙනෙක්ගේ විතරක් නැත්තේ? සුපිරි තරු අනුශූරයා වූ සුරේන්ද්‍ර පෙරේරා ගැන කිසිම සඳහනක් නෑනේ. හිතට නම් ටිකක් දුකයි. මොනවා කරන්නද? සුපිරි තරුව වූ ප්‍රදීප් රංගන අනාගතයේ හදවතට (භෞතිකමය හදවත නොවෙයි) වෙද කම් කරන හදවතේ දොස්තර කෙනෙක් වෙන බවට නොඅනුමානයි. ඔහු දැන් තාරුණ්‍යයේ අයිතමයක් වී හමාරයි. මගෙන් ඔහුට උණුසුම් සුභ පැතුම් තවත් රස බර සිරස සුපර් ස්ටාර්ස් අදියරක් එන තෙක් මා හදවතේ දෑස් නොවසා බලාගෙන ඉන්නවා
ගීතමය දෙයක් පිළිබඳ කතාවක ඉඳිද්දී කාව්‍යමය අදහස් ඉබේම නැගෙනවා. මේ පහතින් මා දක්වා ඇත්තේ මාත් මලින්තත් [ඔහුගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න] අතර ඇතිවූ ජාලගත සංවාදයක (Online Chat) කොටසක්
Supun: කෙසේද සැපදුක්?
malinthe: වරදක් නැත දැන්
Supun: ඇසීමත් වේය සතුටක්
සුපිරි තරුව ගැන ඔබේ අදහස්?
Supun: කිසිවෙක් පැරදුනේ නැත බං
🙂
Supun: මාත් කරනව බ්ලොග් එකක් දැන්
http://www.ssudaraka.blogspot.com
malinthe: සිංහලද?
Supun: නැතුව නැතුව…
malinthe: හොඳා
හිතුවේ නෑ ප්‍රදීප් දිනයි කියා
Supun: මාත් එසේමැයි
සිතූ දේ නොම වේය සැමවිට
ගැසුවා කෙ.ප.සේ 4ක් (පසුව එකතු කරමි – කෙ.ප.සේ කියන්නේ කෙටි පණිවිඩ සේවය හො‍‍ඳේ)
😀
වැඩක් නම් නොම වුනේ
අපරාදේ රු20ක්
malinthe: අපි යැව්වා ප්‍රදීප්ට විසිපහක්!
Supun: මට නම් නැතේ එච්චර මුදල්

Categories
විචිත්‍ර විවිධ හින්දි චිත්‍රපටි

ඕම් ශාන්ති ඕම්

ඔව්, හින්දි චිත්‍රපටි රසිකයින්ට නම් මේක හොඳ ආරංචියක්. හින්දි චිත්‍රපටි බැලුවේ නැති වුනත් කමක් නෑ මම නම් ඔබට 100%ක්ම නිර්දේශ කරන චිත්‍රපටියක් තමයි ඕම් ශාන්තී ඕම්. හින්දු ආගමේ විශ්වාසයක් වන පුනුරුප්පත්තිය පදනම් කරගනිමින් මෙම චිත්‍රපටිය අති ආකර්ශනයකින් යුක්තව නිර්මාණය කිරීමට මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරිය මෙන්ම තිර රචකාවිය වන ෆාරා ඛාන් සමත් වී තිබීම වි‍ශේෂත්වයක්. එමෙන්ම මෙම චිත්‍රපටියට තමන්ගේ උපරිම රංග කුසලතාවය දායක කරමින් ඒ ඒ රූපරාමු වලට උචිත වන අන්දමින් අතිවිශිෂ්ට ද්විත්ව චරිත නිරූපනයක නියැලීමට මෙහි ප්‍රධාන චරිත හොබවන ෂාරුක් ඛාන් සමත් වී තිබෙනවා. සංගීතයක් ඉතා උසස් අන්දමින් චිත්‍රපටියට යොදා ඇති නමුත් චිත්‍රපටියේ අඩංගු ගීත නම් මට එච්චර හරි ගියේ නෑ. නමුත් චිත්‍රපටියේ සමහරක් ගීත නම් ඉතාමත් උසස් ඒ මොනවාදැයි ඔබම චිත්‍රපටිය නරඹා තීරණය කරනවා නම් වඩාත් හොඳයි. චිත්‍රපටියේ කතාව නම් මම ඔබට කියන්නේ නෑ මොකද මම කලින්ම කිව්වා වගේ ඔබම මෙම චිත්‍රපටිය නැරඹිය යුතුයි. මෙම චිත්‍රපටියේ ඇති සුවිශේෂම අවස්ථාව නම් මෙහි එන එක් සංගීතමය ජවනිකාවකට බොලිවුඩ් පුරයේ තරු රුසක්ම ආරාධිත රංගනයෙන් දායක වෙනවා. ඒ අතර සල්මාන් ඛාන්, සායිඩ් ඛාන්, සයිෆ් අලි ඛාන්, ප්‍රීති සින්ටා, රාණි මුඛර්ජි, විද්‍යා බාලන්, ප්‍රියංකා චොප්රා, උර්මිලා, ජුහී චව්ලා, කාජල් දේව්ගන් සමඟ තවත් බොහෝ දෙනෙක් සිටිනවා.ආහ්, තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ චිත්‍රපටියෙන් බොලිවුඩ් රංගනයට පිවිසෙන අළුත්ම නිළිය දීපිකා පාදුකෝන් ඉතා දක්ෂ අයුරින් තමන්ගේ කාර්යයේ නියැළෙන බව දැකීම ඉතාමත් සතුටක්. ඒත් දුක තමයි ලංකාවේ ආධුනික නිළියන් කාටවත් ඒ තරම් දක්ෂ ලෙස රංග‍නයේ නියැළීමට අපහසු වීම. (අනේ කවුරුවත් තරහා වෙන්නනම් එපා) කෙසේ වෙතත් ඇයද ඉතාමත් ආකර්ෂණීය ලෙස මෙම චිත්‍රපටියට තම දායකත්වය සපයනවා.

එමෙන්ම ඕම් ශ‍ාන්තී ඕම් චිත්‍රපටිය ප්‍රදර්ශනයට පැමිණ එක් සතියකින්ම ඉන්දියාවේ බොක්ස් ඔෆීස් වාර්තා කඩා බිඳ හෙලීමද විශේෂත්වයක්.
චිත්‍රපටිය ප්‍රදර්ශනයට පැමිණ පළමු සතිය තුළ ලැබූ ආදායම් වාර්තාව පහත දැක්වෙනවා
ඇමෙරිකාව – US$ 2,892,773
එක්සත් රාජධානිය – GB£ 518,845
ඕස්ට්‍රේලියාව – AU$188,784
(විකීපීඩියා ඇසුරෙනි)

එමෙන්ම මෙම චිත්‍රපටියට ලැබෙන විචාර ප්‍රතිචාරද ඉතාමත් ඉහළයි. එයට හේතු ලෙස ඔවුන් දක්වන්නේ මෙම චිත්‍රපටිය නැරඹීමට අසුන්ගත් විට නැවත නැගිටීමට සිදුවන්නේ චිත්‍රපටියේ අවසානයේ වන බවත්, මෙම චිත්‍රපටිය තුළ හාස්‍ය, ආදරය, භීතිය, ක්‍රියාදාම හා අද්භූත යන භාවයන් එකකට එකක් පරයන සේ අඩංගු වීමයි.

වැඩි විස්තර සඳහා…
විකීපිඩියා – http://en.wikipedia.org/wiki/Om_Shanti_Om
වෙබ් අඩවිය – http://www.omshantiomfilm.com
IMDB – http://www.imdb.com/title/tt1024943/


මෙම චිත්‍රපටිය ඔබත් නරඹන්න. එවිට ඔබට සමහරක් ආදර කතාවලට එක් ජීවිත කාලයක් මදි වන බව අනිවාර්යයෙන්ම හැ‍ඟෙනු ඇත