Categories
නිර්මාණ විවිධ

කැම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව

මෙත් සිතින් ගායනා කරනු මැනවි.

අධ්‍යාපනං භයංකාරං
සබ්‍බ රෝගෝ නිවාරණං
උසස් පෙළං හරි සනීපං
විශ්වවිජ්ජාලංච ගච්ඡමං

සර්ව ආතල් දූරිංභූතං
විසූක දස්සනං නොම බලං
චිත්ත සම්පත්තී දූරංගමං
නේක විසූක දස්සනං

යාන්ත්‍ර විද්‍යා අති තුච්ඡං
වන්දේ හෝම්වර්ක් කන්දං
සාදු සාදූ අයිසැක් නිව්ටං
සාදු සාදු අයින්ස්ටයිං

රසායන විද්‍යා මහප්‍රාණං
සිලබස් පතරංග ජාතකං
විද්‍යාගාරං අති උත්තමං
ප්‍රැක්ටිකල් කරපං මචං

ශුද්ධ ගණිතං නොම ශුද්ධං
ව්‍යවහාරික‍යේ ‍නොම ගණිතං
ත්‍රිකෝණමිතියං සර්වසාම්‍යයං
සයින්, කොස්, ටෑං, හුටං

පාඨශාලා අත්‍යවශ්‍යං
සියට අසූවම ගච්ඡපං
ක්ලාස් ටීචර් ෂේප් න්‍යායං
ප්‍රින්සිපල් මරණං භයං

ඩෝල්ටං හොල්මං කරපං
රදර්ෆඩ් සරණංවරං
නේක වර්ණෝ අලංකාරං
වර්ණාවලී තේජෝබලං

ආවර්තිතාවෝ අලංකාරං
හයිඩ්‍රජං ලිතියොං අයොං
ඔක්සිජන් නං පට්ට අවමං
හුස්ම ඇද ඇද පාඩං කරපං

ජීව විද්‍යා අති සූක්ෂමං
පාඩම් නොකරොත් නං කෙළං
ගෙම්බං ඡේදනං ඔක්කාරං
සර්ව රෝගං නිවාරණං

රොටරි සක්යා සැසිප් පලයං
ටියුෂං පරමං නිර්මලං
ගෲප් ක්ලාස් A/C සුවඳං
මාස් ක්ලාස් දාඩිය ගඳං

වාණිජං නිර්භයං සුක්ඛං
කලා නං අති හිතකරං
සාර්ව ආර්ථික මහා තේජං
සන්දේශ කාව්‍යං සර්වං සුභං

ඉංජිනියරිං මෙඩිකල් සුඛං
කැම්පස් ආතල් පරිකල්පිතං
විද්‍යා පීඨං සර්ව ස්වප්නං
අති අලංකෘත දර්ශනං

Categories
ආදර සිතුවිලි නිර්මාණ විචිත්‍ර

හමුවෙමු අපි මතු සසරක – අලුත් උදෑසනක

රාත්‍රිය නිසලමුත්,
සිත තාම චංචලයි.
මිනිස් කය නිසලමුත්,
සිත තාම චංචලයි.

සුදෝ සුඳු සඳ රිදී රළ පෙළ
කවුළුවෙන් ඇස තුළට
වැදී තෙරපී හඬා…
කළෙත් මා සිත අවදි,
සිත කෙළේ කය අවදි.

සුරත් ගත් මිතුරු පන්හිඳ,
සරත් සුදු පත්ඉරුව මත.
සිපගනිමින්…

නමුත් සොඳුරිය, වත නුඹේ ඔය,
නොලද්දෙමි අවසර සිඹින්නට.
නමුත් මා සිත තුළ ‍නුඹේ වත රුව,
සිතින් පමණක් සිප සැනහෙන්නට,
ලදිමි අවසර ආදරේ නා‍මෙන්…
නමුත් එය ආදරය නම් නොව,
අඩක් පිරවූ – අඩක් හිස්වූ,
සොඳුරු පැහැදිලි අති අංකෘත,
බි‍ඳෙන සුළු බඳුනක් ය. වීදුරු.

අහෝ…
වැටුනි වීදුරුව බිම,
හදවතද කඩාගෙන,
බිඳුනි සීසීකඩ වැටෙන්නට.

සියුම් තුඩු සම කපා යද්දී..
හදවතට ඇනුනා මහමෙරක් මෙන්.
රුධිර ධාරා ගලා නොමයයි.
කඳුළු දහරා ගලා යයි.

රුධිර දහරා නොම ගලන්නට,
ඇදිමි සියුම් වීදුරු කැබලිති.
එකින් එක ගෙන ඒ කැබැල්ලෙන්,
සැදුවෙමි අලුත් වීදුරුවක්.

අහෝ…
පතුලේ සියුම් සිදුරකි.
සෙවූමුත් සැමතැනම වීදුරු කැබැල්ල,
නොමැත මා හට හමුවුනේ.

හදවත කෙවෙන කල…
විදුලි පන්දම ගෙන අතට,
ගැසුවා ආලෝක ධාරා හදවතට.
දිලිසි දිලිසී මුතු මැණික විලසින්,
හද වතේ මැදටමම සිරවී,
කුරිරු විලසින් මා වෙත සිනාසුනි.

වීදුරු කැබැල්ල…
“මට ඉන්න දීපං උඹේ හදවතත් එක්ක,
ගැලොව්වොත් හදවතින් මාව,
අලුත් වීදුරුවක් හැදුවත් වැඩක් නෑ…
මා ගලවා දැමු සැනින්…
රුධිර දහලා ගලාවි එළියට!”

අහෝ…

මා තැනූ මගේම වීදුරුව,
මගේ ආදරයෙන්ම පිරවූ…
මටම එරෙහිව – මටම මරණය,
කැඳවන්නටයි මේ හදන්නේ.
එපා හදවතේ කෙවෙන්නට…
රිදෙයි මට මරණයටත් වඩා එය.
එහෙයින් මා අසුරු සැනින්,
නුඹ ගලවා ඉවත් කරමි!

ඉතින් ආයුබෝවන්…
හමුවෙමු අපි මතු සසරක
තවත් අලුත් පන්තියක…
තවත් අලුත් උදෑසනක…

නමුත්,
මීට වඩා උදෑසනින්…

අතුරු කතා: රචකයාට කඳුළු කඩාහැලෙයි…