හමුවෙමු අපි මතු සසරක – අලුත් උදෑසනක

රාත්‍රිය නිසලමුත්,
සිත තාම චංචලයි.
මිනිස් කය නිසලමුත්,
සිත තාම චංචලයි.

සුදෝ සුඳු සඳ රිදී රළ පෙළ
කවුළුවෙන් ඇස තුළට
වැදී තෙරපී හඬා…
කළෙත් මා සිත අවදි,
සිත කෙළේ කය අවදි.

සුරත් ගත් මිතුරු පන්හිඳ,
සරත් සුදු පත්ඉරුව මත.
සිපගනිමින්…

නමුත් සොඳුරිය, වත නුඹේ ඔය,
නොලද්දෙමි අවසර සිඹින්නට.
නමුත් මා සිත තුළ ‍නුඹේ වත රුව,
සිතින් පමණක් සිප සැනහෙන්නට,
ලදිමි අවසර ආදරේ නා‍මෙන්…
නමුත් එය ආදරය නම් නොව,
අඩක් පිරවූ – අඩක් හිස්වූ,
සොඳුරු පැහැදිලි අති අංකෘත,
බි‍ඳෙන සුළු බඳුනක් ය. වීදුරු.

අහෝ…
වැටුනි වීදුරුව බිම,
හදවතද කඩාගෙන,
බිඳුනි සීසීකඩ වැටෙන්නට.

සියුම් තුඩු සම කපා යද්දී..
හදවතට ඇනුනා මහමෙරක් මෙන්.
රුධිර ධාරා ගලා නොමයයි.
කඳුළු දහරා ගලා යයි.

රුධිර දහරා නොම ගලන්නට,
ඇදිමි සියුම් වීදුරු කැබලිති.
එකින් එක ගෙන ඒ කැබැල්ලෙන්,
සැදුවෙමි අලුත් වීදුරුවක්.

අහෝ…
පතුලේ සියුම් සිදුරකි.
සෙවූමුත් සැමතැනම වීදුරු කැබැල්ල,
නොමැත මා හට හමුවුනේ.

හදවත කෙවෙන කල…
විදුලි පන්දම ගෙන අතට,
ගැසුවා ආලෝක ධාරා හදවතට.
දිලිසි දිලිසී මුතු මැණික විලසින්,
හද වතේ මැදටමම සිරවී,
කුරිරු විලසින් මා වෙත සිනාසුනි.

වීදුරු කැබැල්ල…
“මට ඉන්න දීපං උඹේ හදවතත් එක්ක,
ගැලොව්වොත් හදවතින් මාව,
අලුත් වීදුරුවක් හැදුවත් වැඩක් නෑ…
මා ගලවා දැමු සැනින්…
රුධිර දහලා ගලාවි එළියට!”

අහෝ…

මා තැනූ මගේම වීදුරුව,
මගේ ආදරයෙන්ම පිරවූ…
මටම එරෙහිව – මටම මරණය,
කැඳවන්නටයි මේ හදන්නේ.
එපා හදවතේ කෙවෙන්නට…
රිදෙයි මට මරණයටත් වඩා එය.
එහෙයින් මා අසුරු සැනින්,
නුඹ ගලවා ඉවත් කරමි!

ඉතින් ආයුබෝවන්…
හමුවෙමු අපි මතු සසරක
තවත් අලුත් පන්තියක…
තවත් අලුත් උදෑසනක…

නමුත්,
මීට වඩා උදෑසනින්…

අතුරු කතා: රචකයාට කඳුළු කඩාහැලෙයි…

Join the Conversation

6 Comments

  1. හිමිදිරි වැහි බින්ඳු සමඟ
    .
    නුඹ දෙ’තනිත ගෙන
    .
    කැරකෙන වේගය…
    .
    .
    .
    .
    .
    හරියට මගේ හිත මුසල කරවන විදුලි පංකාව
    .
    .
    .
    .
    .
    විඩා මගේ සිත සසඳවන…
    .
    .
    .
    .
    .
    නාන කාමරේ කරාමය
    .
    .
    .
    .
    .

  2. මම ලිව්ව ඒක නිකං මැන්ඩල් එකක්, ගණං ගන්න එපා.

    එළ නිදැස් පෙල! මම පතනවා එහෙමවත් වෙන්න කියලා!

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: