Categories
විවිධ

කෙටි සටහනක්

රුපියල් හැත්තෑපන්දහසක් ලබාදී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී මාසය මාසය බැගින් විධායක ජනාධිපති ක්‍රමයේ සුව පහස විඳීමට තට්ටු මාරු ක්‍රමයට සෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට අවස්ථාව ලබාදෙන්නේ නම් මැනවි. පෙබරවාරි මාසය සඳහා විධායක ජනාධිපති ධූරය සඳහා ලියාපදිංචි වන අපේක්ෂකයාට වි‍ශේෂ වට්ටම් ලබාදීමට හැක. එතකොටවත් සාමාන්‍ය ජනතාවට ඔවුන් මොන රෙද්දක් කරගත්තත් සැනසිල්ලේ සිටීමට හැකිවනු ඇත.

Categories
ජන මාධ්‍ය තොරතුරු තාක්ෂණය බ්ලොග්

බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව

පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා දර්ශනය අනුව තෝරාගත් බ්ලොග් ලිපියක් පළ වුනා හැර, ලංකාව තුළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක බ්ලොග් සඳහා ඉඩක් නොමැති වූ තරම්.