Categories
ජන මාධ්‍ය තොරතුරු තාක්ෂණය බ්ලොග්

බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව

පසුගිය දෙසැම්බර් 19වෙනිදා කොළඹ එක්සෙල් වර්ල්ඩ් වෙත එකතුවුන ලෝකය පුරා සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන සිංහල බ්ලොග්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුනගැහිල අඳුරගෙන විවිධාකාරයේ ‍දේවල් කතා වුන හැටි මතක ඇති. එදා කතාවට එකතුවුන චානුක වත්තේගම මහතා කිව්වේ බ්ලොග් ලිපි සඳහා ප්‍රචාරණයක් පුවත්පත් මාධ්‍ය හරහා ලබාදීමට ක්‍රියාකිරීමේ හැකියාව ඇති බව. මීට පෙර රාවය පුවත්පතේ දැක්ම හා දර්ශනය අනුව තෝරාගත් බ්ලොග් ලිපියක් පළ වුනා හැර, ලංකාව තුළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක බ්ලොග් සඳහා ඉඩක් නොමැති වූ තරම්.

ඒත් අද (2010.01.10) ඉරිදා , ලක්බිම පුවත්පතේ 18වෙනි පිටුවේ සිංහල බ්ලොග් අවකාශයේ පළ වන බ්ලොග් අඩවි තුළින් තෝරාගත් බ්ලොග් ලිපි ප්‍රමාණයක් පළ කරලා!

මේ ආකාරයෙන් තෝරාගෙන ඇත්තේ, (පහත දැක්වෙන) බ්ලොග් ලිපි හයක්. කොහොමවුනත් තවම ලක්බිම පුවත්පතේ වෙබ් අඩවිය නම් සිංහල යුනිකේත භාවිතා කිරීමට යොමු නොවී ඇති හැඩයි.

‍කැටපත් පවුරඑළුවාගේ සවුදම
සිතූගේ සිතුවිලිනිවාඩුවට කලින් ගමට, මං එන්නද පියඹා…
මනුසත් උයනඅපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් . . . හෆොයි . . .!
අරුණි ශපිරෝ වෙතින්ගෙම්බාගේ දෘෂ්ටාන්තය
SANKALPANAඇගලුම් කම්හල ජිවිතයම කර කදුලු සගවනා රත්තරනේ..
අච්චාරුමාරයා ගැහැණුන්ට කෝචොක් දාලා නෝන්ඩි වෙච්ච හැටි

බ්ලොග් අවකාශයේ ඉන් එහාට බ්ලොග් ලියන්නන් වෙත ප්‍රධාන පෙළේ සම්මත ජනමාධ්‍ය තුළ වේදිකාවක් නිර්මාණය වීම ඉතාමත් වැදගත් කාරණයක්. මෙහි සාධනීය පැති බොහොමයක් තියෙනවා. සිංහලෙන් බ්ලොග් ලියන්නන්ට තමන්ගේ බ්ලොග් අඩවිය තුළම වේදිකාව ඉබේම නිර්මාණය වීමත්, තමන්ගේ ලිපි තුළ ගුණාත්මක බව වැඩි‍වුනොත් බ්ලොග් අවකාශයෙන් එහාට තමන්ගේ ලිපි ප්‍රචාරණය කිරීමටත් අවකාශ ලැබෙන නිසා දැන්, බ්ලොග්කරණ අවකාශය තවත් ඉහළ මට්ටමට ගොඩනැගෙන්න පුළුවන්. පසුගිය අවුරුදු දෙක තුළ අලුතෙන්ම නිර්මාණය වුන සහ ක්‍රියාශීලි බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සිංහල බ්ලොග් සින්ඩිකේටරයේම ප්‍රදර්ශනය කරන ආකාරයෙන් ක්‍රියාශීලී බ්ලොග් අඩවි ප්‍රමාණය 587ක්! (2009.10.10 – 12:00) මාස තුනක් තුළ ක්‍රියාශීලී නොවන බ්ලොග් අඩවි සින්ඩිකේටරයෙන් ඉවත් වීම නිසා සමස්තයක් විදිහට අන්තර්ජාලය තුළ පවතින සිංහල බ්ලොග් අඩවි ප්‍රමාණය 600කට ආසන්නයි! මේ වසර අවසානය වන විට එම බ්ලොග් අඩවි ප්‍රමාණය දෙගුණ තෙගුණ වනු ඇති!

මේ ආකාරයෙන් බ්ලොග් අවකාශය වෙත අවධානය ක්‍රම ක්‍රමයෙන් අවධානය ලබාගැනීමට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළ බ්ලොග් අවකාශය සඳහා ඉඩක් ලැබීම වැදගත්. එවිට පුවත්පත් පාඨකයින් හා, පුවත්පතකට ලිපියක් ඇතුළත් කරගැනීමට වෙහෙස වන පිරිස විකල්ප මාධ්‍යයක් වශයෙන් බ්ලොග් අවකාශය භාවිතා කිරීමට පෙළඹේවි. ඒ ආකාරයෙන් වක්‍රව බ්ලොග් අවකාශය ප්‍රසාරණය වීම අනාගත ජනමාධ්‍යකරණ යුගයට සාමාන්‍ය ජනතාව සූදානම් කරනු ඇති. ශිෂ්‍යයින්, වෘත්තිකයින්, ගුරුවරුන්, නළු නිළියන්, වෘත්තීය ජනමාධ්‍යකරුවන්, දේශපාලකයින් ඉතාමත් පහසුවෙන් බ්ලොග් අවකාශය වෙත විවෘත වීම නිසා ඔවුන්ගෙන් බ්ලොග් අවකාශයටත්, බ්ලොග් අවකාශය නිසා ඔවුන්ටත් අන්‍යෝන්‍ය වශයෙන් වටිනාකම් එකතු කරගැනීමට පුළුවන්. වි‍ශේෂයෙන්ම බ්ලොග් අවකාශයේ සැරීසැරීම සුවිශේෂී අත්දැකීම් රැසක් එකතුකරගැනීමක්!

කොහොම නමුත් බ්ලොග් අවකාශය, බ්ලොග් අවකාශය විදිහටම හඳුනාගැනීම වැදගත්. 90%ක්ම බ්ලොග් අඩවි ලියවෙන්නෙ පෞද්ගලික උවමනාවන් මත. ඒක නිසා ගල්, මුල්, මල්, මඩ, බාල්දි මේ හැම එකක්ම අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අපිට පුද්ගලික සිතුම්පැතුම් වලට වැට බඳින්න බැහැ. ඒක නිසා, කියන්නා කෙසේ කීවත්… අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

බ්ලොග් අවකාශයට වැඩ බැඳිමේ හැකියාවක් තියෙනවානම්, ඒ ප්‍රාදේශීය මට්ටමෙන් විතරයි. ඒ wordpress, bloggger වැනි සේවාවන් අවහිර කිරීමෙනුයි. ඉදිරි අනාගතය ගැන අපිට දැන්ම කියන්න බැහැ. පුවත්පත් හරහා විවෘත වන අවධානය නරක පැත්තටත් යොමුවෙන්න හැකියාව තියෙනවා කියන දේ ගැන අවධානයෙන් සිටීමයි වැදගත්!

එහෙමනම්,
සිංහල බ්ලොග් අවකාශයට ජයවේවා!

6 replies on “බ්ලොග් අඩවි සඳහා පුවත්පත් වේදිකාව”

ඇත්තටම මම බ්ලොග් පත්තරේ පලකිරිම සම්බබ්න්ධව පොඩි ලිපියක් ලිඋව හැබැයි ඔබ තරම්ම විස්තර අඩංගු නැ.

කේසේ නමුත් ඔබ කියන්නාක් මෙන් මෙම අවධානය යොමු වීම කෙරෙහි අපිට දෙපැත්තකින් බැලිය හැක

සුදා උබට මතකඩ මේ වැඩේ සාහිත්‍ය එල් කේ එකෙන් කරගන්න මාස ගානකට කලින් පත්තර කන්තෝරැ වල රස්තියාදුවුන හැටි 😉

හි හි සිරාවට 😉 රිඩ් එකේ ආර් ආර් එකේ ලේක් හවුස් එකේ ඇයි අර මුල්ම ප්‍රින්ට් ෂොප් එක !!! නමත් මතක නෑ ඒකෙ 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.