Categories
විවිධ

SPEED නියතං BANDWIDTH අනියතං

ඔන්න ඉතින් අන්තර්ජාලයේ භාවනා කරපු මට ඔන්න අන්තර්ජාලයේ පාවෙන්න චාන්ස් එක ලැබුනා. ගත්තා මොබිටෙල් Broadband එත් ඉතින් හිතෙන හිතෙන විදිහට පාවෙන්න නම් බෑ. මොකද ඉතින් Bandwidth එකක් තියෙනවානේ. ඒක නිසා මැණිකක් රකිනා නා රජි‍ඳෙකු සේ Bandwidth එක රැකගන්න ඕනේ. නැත්තන් ඉතින් මාසේ අන්තිමට නුගේගොඩ හන්දියට වෙලා හිඟාකන්න තමා වෙන්නේ. කොහොමවුනත් තාම මොඩම් එක ලැබුනේ නෑ. මොඩම් එක ලැබුනට පස්සේ වැඩියෙනුත් එක්ක කියන්නංකෝ! 🙂

Categories
විවිධ

සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

මේ ලබන්නාවූ ශ්‍රී සුභ නව වසර සමස්ත ශ්‍රී ලාංකීය ජනයාට සෞභාග්‍යයෙන් සපිරි, සාමයෙන් සතුටෙන් පිරි සුභ නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

මේ නව වසරේ වාද භේද අත්හැර සියල්ලන්ම ශ්‍රී ලාංකිකයන් සේ ජාතිකාභිමානයෙන් එක්වී සාමය උදෙසා කැපවී දේශයට සාමය ළඟ කරවා ගැනීමට කටයුතු කරන්නේද, එය තුලින් අප හට ඉදිරිය යහපත්වූ සාමකාමී දේශයක් ගොඩනැගීමට අනිවාර්යයෙන් හැකිවනු ඇත. අවුවක් වැස්සක් නොතකා දේශයේ සාමය රකින අපේ මහා අරක්ෂක මුර දේවතා පවුර‍ට මේ වසර සුභම සුභ නව වසරක් වේවායි පතනුයේ රටට වින කරන ත්‍රස්තවාදී බල සේනා සුනු විසිනු වී ‍දේශයට සාමය ළඟා වේ යැයි පරම පවිත්‍ර වූ චේතනාවෙනි.

ඔබ සැමට සුභ හෙට දිනයක් දැකීමට හැකිවන, සාමය-සතුට-සෞභාග්‍ය පිරි සුභම සූභ නව වසරක් වේවා!