Categories
විවිධ

අන්තර්ජාලය සමඟ භාවනා කිරීම

Sri Lanka Telecom

ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආපහු ලියනවා. ලියන්න බැරිවුනේ අපේ පළමු වාර විභාගේ නිසා. විභාගේ නම් දැන් ඉවරයි. ඇඟට නොදැනීම අප්‍රේල් නිවාඩුවටත් ටිකෙන් ටික ළඟා වෙනවා. ජීවිතේ කියන්නේ ඔහොම තමයි කාලය යනවා තේරෙන්නෙම නෑ. සාමාන්‍ය පෙළ ලියන්නත් තව මාස කිහිපයයි තියෙන්නේ. මම තාම පාවිචිචි කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සී. ඩී. එම්. ඒ දුරකතනයක්. ඒකෙන් තමයි මේ ඔක්කොම වැඩ ටික අමාරුවෙන් හරි කරන්නේ. මට දැන් අන්තර්ජාලය සමඟ කටයුතු කිරීම නම් හරියට භාවනාවක් වගේ. පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ මේ සී. ඩී. එම්. ඒ එකෙන් අන්තර්ජාලයට සම්බන්ධවෙන්න. ඒක නිසාම මම මාස තුනකට කළින් (2008 ජනවාරි) නුගේගොඩ ටෙලිකොම් එකට ගිහිල්ලා කිව්වා මට දැන් තියෙන්නේ CDMA දුරකතනයක්, මට ඒක ස්ථාවර දුරකතනයකට මාරු කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ අය ලියුමක් ඉල්ලුවා. ඊට පස්සේ දවසේ මම ආපහු ගිහිල්ලා ලියුම භාරදුන්නා ඔන්න දැන් සතියක් විතර හිටියා. ඊට පස්සේ ආපහු ගියා නුගේගොඩ ටෙලිකොම් එකට. ගියාම එතනින් කිව්වා ඔයාගේ ෆෝන් එක ඇරගෙන තියෙන්නේ හම්බන්තොටින්, ඒක නිසා හම්බන්තොටින් මෙහාට මුලින් මාරු කරගෙන ඉන්න කියලා. ඔන්න ඒකටත් ඉතින් ලියුම භාරදීලා සතියක් විතර ගියා එහෙම සතියක් ඉඳලා ඒකට ගිහිල්ලා CDMA එකේ අංකෙත් මාරු කරගෙන ආවා. එහෙමත් කරලා ආපහු අළුත් අංකෙත් දාලා ලියුමක් දුන්නා

ඔන්න ඉතින් ඊටපස්සේ තව ටික කාලයක් ගියා තාම නෑ කිසිම පිළිතුරක් ඉතින් ඒක නිසා ආපහු මම ගියා නුගේගොඩ, ඊට පස්සේ එතනින් කිව්වා loops බලන්න දාලා තියෙන්නේ තව සතියකින් විතර එන්න කියලා…ඔහොම ඔහොම සතියෙන් සතිය ගියා දැන් අප්‍රේල් මාසෙත් පටන් ඇරගෙන ඒත් තාම නෑ පිළිතුරක් දැන් මොකද කරන්නේ… මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.

Categories
විචිත්‍ර

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය දැන් ක්‍රියාත්මකයි!.

ශ්‍රී ලාංකේය බ්ලොග්කරණය ප්‍රචර්ධනය හා සිංහල බ්ලොග්කරුවන්ගේ උන්නතිය උදෙසා, සිංහල බ්ලොග් ලියන්නන්ගේ එකමුතුවෙන් නිර්මාණය වූ නවතම වෙබ් අඩවිය “සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය“යි මෙම වෙබ් අඩවිය හරහා සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන්නන් වෙනුවෙන් විවිධ ඉසව් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, ඒවායෙහි ප්‍රධාන අරමුණ වන්නේ තරඟකාරීත්වයක් ඇතිකිරීම නොව සිංහල බ්ලොග්කරුවන් අතර සුහදත්වයක් ගොඩනැගීම හා නිර්මාණශීලි බව වර්ධනය කිරීමයි. දැන් ඔබට http://www.sinhalabloggers.com වෙබ් අඩවිය හරහා මෙම ඉසව් සඳහා සහභාගී වීමට කටයුතු සලසා ඇත.
මෙම වෙබ් අඩවියෙන්…
+ සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීම ප්‍රවර්ධනය කිරීම
+ බ්ලොග් ලියන්නන්ගේ අනන්‍යතාවය සුරැකීම
+ බ්ලොග් ලියන්නන්ගේ බ්ලොග් ලිවීම සම්බන්ධ ගැටළුවලදී සහයෝගය දැක්වීම
+ බ්ලොග් ලියන්නන් දිරිමත් කිරීම
+ බ්ලොග් ලියන්නන් අතර සුහදත්වය ගොඩනැගීම
+ සහ තවත් බොහෝ දෑ.

ඔබත් පහත් යොමු හරහා මෙම වෙබ් අඩවි සමඟ එකතු වී, සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීම ප්‍රවර්ධනයට උපකාරී වන්න.
ප්‍රධාන වෙබ් අඩවිය – http://www.sinhalabloggers.com
සංසදය (Forum) – http://forum.sinhalabloggers.com

මෙම වෙබ් අඩවියට තවත් විශේෂාංගද එකතු කෙරෙමින් පවතින බැවින්, කරුණාකර එම විශේෂෘංග පිළිබඳ දැනුවත් වීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙබ් අඩවිය සමඟ නිතිපතා රැඳී සිටින්න.