Categories
නිර්මාණ

කවියක් යැයි සැලකිය හැකි යමක්.

බිඳී යන සිහින මත
යලි ගලපා තබා ප්‍රේමය
මල් මාවතක් ලෙසින් සකසා
කරයි ඒ මත සක්මන්,
ඔබ.

සිනිඳු දෙපා මල් නොතලා
විරාගී දෙනෙත් විකසිත කර
බොළඳ වදන් තෙපලා
ආරාධනා කරයි මා වෙත,
ඔබ.

සයුර මැද සිර කුටිය තුළ
මල් වැසි වැටෙනමුත් වට
බැමි බිඳ දැමිය නොහැකි නම්
කරමි නම් කෙසේ ප්‍රේමය,
මම.

ප.ලි: මේක ෆේස්බුක් එකේ ලියපු කවියක්. අලුත් දේවල් එකතු වෙනකොට යට යන නිසා; ලියවිල්ල සුරක්ෂිත කරගන්නයි බ්ලොග් එකට Copy Paste කරේ. විභාගය අත ළඟ. අත පොත ළඟ. 🙂

2 replies on “කවියක් යැයි සැලකිය හැකි යමක්.”

ලස්සන කවි පෙළක්.හොඳ බ්ලොග් එකක්.අත පොත ලඟම තියාගන්න.වෙන කොහෙවත් ගෙනියන්න එපා,විභාගෙත් ලඟයිනේ.

“කොමෙන්ටුවක් යැයි සැලකිය හැකි යමක්”
අත පොත ළඟ. ඒත් හිත මුහුණු පොත ළඟ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.