Categories
කෙටි කතා නිර්මාණ

ජනාධිපති මියයයි #කෙටි-කතාවකි

මෙය ප්‍රබන්ධයකි. සියලු නම්, ගම් හා සිදුවීම් මනඃකල්පිත වේ.

තේමා ගීතය වාදනය වේ…

ආයුබෝවන්, මේ සිරස විශේෂ ප්‍රවෘත්ති විකාශයයි. මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාමයේ පැවති දේ‍්ශපාලනික රැස්වීමක් අමතමින් සිටි ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න ස්නයිපර් වෙඩි ප්‍රහාරයකට ලක්විය. මේ වන විට එතුමා තිස්සමහරාම දිසා රෝහල වෙත ගුවන් මඟින් රැගෙනයමින් සිටියි. මේ ප්‍රහාරය සම්බන්ධ වැඩි විස්තර අප වෙත ලැබුනු සැනින් ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්. රැදී සිටින්න වී රිපෝර්ට් – යූ ඩිසයිඩ් සමඟින්…

අලුත්ම පදේ ශ්‍රී!

තක දුන් තක දුන් තක දුදුන් දුන් – තක තක තක තක… මීට ටික වෙලාවකට කලියෙං තිස්සමහරාම පැත්තෙන් ස්නයිපර් වෙඩිල්ලක් පත්තුවෙලා. වෙඩි කාගෙන බිමට ඇදං වැටුන ජනාධිපති දැන් හෙලිකොප්ටරයකින් තිස්සමහරාම දිසා රෝහල වෙත අරගෙන යනවා කියල අපේ ප්‍රාදේශීය වාර්තාකරු සුරාජ් මාපා අපට කිව්වා. ජනාධිපතිට මොනවහරි වුනොත් අපි මුලින්ම දන්වන්නම්. එතකන් ඉරාජ්ගේ අලුත්ම ශ්‍රාස්තීය ගීතය රසවිඳින්න…

රෑ අට පසු වී තත්පරයයි…

ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට්.

අද මුළු ශ්‍රී ලංකාවට හරිම අදුරු දවසක්. ආයෙත් වෙනද වගේ ලංකාවට ආයෙ ඉර පායන්නෙ නැතිවෙයි, ඒ ලංකාව බබලමින් මෙතෙක් කල් රජකරපු අපේ අතිගරු ජනාධිපති තුමා…

“මොන මඟුලක්ද යකෝ මේ කියවන්නෙ? දාපං ගෑණියෙ දෙරණ!”
“ඇයි වදේ, ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නෙව හොඳ.”
“මගෙන් තෝ හොඳවයින් අහගන්නයි හදන්නෙ, කෝ ඕක මෙහෙ දියං.”

…ස්නයිපර් වෙඩි පහරින් බරපතල තුවාල ලබා තිස්සමහරාම දිසා රෝහලට ඇතුළත් කරන ලද ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න මහතා ඉන් සුළු මොහොතකට පසු අභාවප්‍රාප්ත විය. මීට දොළොස් වසරකට පෙර ශ්‍රී ලංකා ප්‍රතිසංස්කරණවාදී පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාන්තත්‍රවාදී ජනරජයේ ජනාධිපති ලෙස පත්වූ එතුමා දෙස් විදෙස් ජන ප්‍රසාදය මැද වසර දොළහක කාලයක් මුළුල්ලේ ජනාධිපති ධූරය හෙබවූයේය. සිව්වෙනි ලෝක යුධ සමයේ ඉන්දු-චීන-ශ්‍රී ලංකා බල ත්‍රිකෝණය ආරම්භ කරමින් නොබියව ඇමරිකාව හා රුසියාව ප්‍රමුඛ යුරෝපා න්‍යෂ්ඨික බලය බිදි මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතීන්ගේ කමිටුවේ විශේෂ ප්‍රසාදය හිමි කරගත්තේය.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක්!
– විපක්ෂ නායක සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා (සිළුමිණ පුවත්පත)

පසුදින ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති

… පුරප්පාඩුවට පත්වූ ජනාධිපති ධූරයට, අග්‍රාමාත්‍ය සුභාෂ් දිල්ෂාන් කටුවනයාපාආරච්චි මහතා වැඩබලන ජනාධිපති ලෙස පත්කෙරින. ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳ අද දින මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ජාතික හෙළ උරුමයේ සභාපති වැඩිදුර අදහස් දක්වමින්…

මේ මීට අවුරුදු තිහකට පෙර බිමට සමතලා කළ කුරිරු දෙමළ ඊළාම් ත්‍රස්තවාදයේ යලි හිස එසවීමක්. ජනාධිපති සෙනෙවිරත්න විසින් ගෙනගිය සැහැල්ලු ලිබරල්වාදී දේශපාලනික ආර්ථික ප්‍රතිපත්ති නිසාවෙන් ඔහුටම එහි ප්‍රති විපාක විඳින්නට සිදුවීම දෛවයේ සරදමක් ලෙස අපි දකිනවා…

මේ අතර තවත් මාධ්‍ය සාකච්ඡාකවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු ජනාධිපති අපේක්ෂිකා මෙන්ම හිටපු ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්නගේ බිරිඳ සහ අධිකරණ වෛද්‍යවරියකද වන පබසරා කාවින්දි මාධ්‍ය අමතා ප්‍රකාශ කරමින්…

අපි දෙදෙනා අතර දේශපාලනික  වශයෙන් මතවාදීමය ගැටළු තිබුනත් අපි අතර කවදාක හෝ පවුල තුළ ගැටුම් ඇතිවී නැහැ. ඔහු හොඳ දේශපාලඥයෙක් වගේම හොඳ සැමියෙක්. කෙසේ නමුත් අප පක්ෂයක් වශයෙන් මෙම ප්‍රහාරය හෙළා දකින අතරම මෙය නව යුගයක් සනිටුහන් කරනු ඇති බව අප පක්ෂයක් වශයෙන් විශ්වාස කරනවා.

(Gossip Lanka news වෙබ් අඩවියේ මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන මොහොතේ ඇගේ ඇස් වල කඳුළු රැඳී තිබුණු බවත් කෙසේ නමුත් ඇගේ හඬ සෘජුව, ගාම්භීරව තිබූ බවත් සඳහන් වුනා)

… ​ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති

ඊයේ මිලින වූ පහන් තරුව, අති ගරු ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න මහතාගේ අතීතය හාරා අවුස්සා බලන්න අපි නං ඔන්න අමතක කරේ නෑ. එතුමා කොළු ගැටයා කාලෙ ලියපු බ්ලොග් සටහන් කියවද්දි, Ex, Bitch වගේ නම් වලින් අමතපු චරිතයක් අපි හොයාගෙන ගියා. නව තාක්ෂණයට පිංසිද්ධ වෙන්න අපි ඇයව ඕස්ට්‍රේලියාවෙන් සොයාගත්තා. ඇය දැන් දෙදරු මවක්. එයාගෙ නම නම් අපි පුද්ගලික හේතු මත කියන්නේ නෑ. ඇය කැමති වුනෙත් නෑ මේ ගැන කතාකරන්න. ඒත් අපි බොහොම අමාරුවෙන් ඇයව කැමති කරගත්තා අපිත් එක්ක වචන දෙකතුනක් කතා කරන්න.

(තිරයේ කොටු කොටු. පහළින් දැන්වීමක් යයි: සියවස් ගණනක ඉතිහාසය! රුවන්වැල්ලේ සොභිත මහත්මාගේ පුතාගේ විශේෂ වෂී ගුරුකම්. ඔබත් කරවාගන්න. ප්‍රතිපල එසැණින්)

මට ඔය තුච්ච මනුස්සයා මතක් කරන්න එපා. ඌ මගේ ජීවිතේ කෑවා. මම ඌව අතෑරියාම ඌ මගේ පස්සෙන් වැඳ වැඳ ආවාත් මම ගණන් ගත්තෙ නෑ. පස්සෙ මම ආයෙ ඌ ගැන හොයන්න බලන්න ගියේ නෑ. මම ඕස්ට්‍රේලියාවට වෙලා දැන් සතුටෙන් මගේ මහත්තයත් එක්ක ජීවත් වෙනව.

දෙරණ ප්‍රවෘත්ති…

මේ අතර මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් ප්‍රවීණ සාහිත්‍යවේදී මාහාචාර්ය ලිෂාන් ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ…

මට ඌ වගේ පොරක් කවදාවත් මුනගැහිලා නෑ. ඌ මට මගේ මල්ලි වගේ. අපි හිතුවෙ නෑ මූ මෙච්චර දුර යයි කියල. ඒත් ඌ සිරා. මට මාර දුකක් ඇතිවුනේ මේ ප්‍රවෘත්තිය අහලා.

මාධ්‍ය වෙත සිය අදහස් දැක්වූ චිත්‍රපට අධ්‍යක්ෂ ලක්පති එගොඩවත්ත මහතා…

මේක හරිම කණගාටුදායක අවස්ථාවක්. රාජකීය විද්‍යාලයේ අපිත් එක්ක එකට ඉගෙනගත්තු සහෝදරයෙක් හැටියට ඔහුට බොහෝ දුර යා හැකි බව අපි දැනගත්තා. ඔහු ඒ වගේම ඔහුගෙ ගමන ඔහු ගියා. දේශපාලනයට සම්බන්ධ වීම මම නම් අනුමත කරන්නේ නෑ. ඔහු සාහිත්‍යවේදියෙක් වුනානම් ඔහුට හොඳ ගමනක් යන්න තිබුනා.

රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ලියනගුණවර්ධන මහතා…

මට මතකයි, ඔහු ඉස්කෝලෙ වැඩ පවා අත්ඇරලා ඉස්කෝලෙ සංගම් වෙනුවෙන් වැඩ කරා. සාහිත්‍ය.lk අඩවිය පටන්ගත්තා. ඇත්තටම ඔහු ඒ වෙනකොට උසස් පෙළට මුහුනදෙන්න 80% නැතිවයි හිටියේ. මම ඔහුට උසස් පෙළ ලියන්න නුදුන්නා නම් ඔහුගේ ගමන එතැනින්ම නතර වෙන්න තිබුනා.

මීට සති දෙකකට පෙර, අරලිය ගහ මන්දිරය – ජනාධිපති කාර්යාලය.

“මම මේක කරන්න ඕනේමද ප්‍රසිඩන්ට්? මට මං ගැන ප්‍රශ්නයක් නෑ. ඒත්,”

“උඹ බය නැතුව මේ වැඩේ කරන්න ඕනෙ. උඹට මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියල මම පොරොන්දු වෙනව. උඹ මේ වැඩේ ඉවර කරල කෙලින්ම USA පනින්න ඕනෙ. මම උඹේ වීස ලෑස්ති කරලයි තියෙන්නෙ ”

“මම කිව්වනෙ මිස්ට ප්‍රසිඩන්ඩ් මට මං ගැන ප්‍රශ්නයක් නෑ කියල. ඇයි ඒත් මේක කරගන්නෙ?”

“මගෙන් වෙන්න ඕනෙ දේවල් මේ රටට මම කරල ඉවරයි.”

“ඉතින් ඇයි මැරෙන්නෙ? සර්, මැඩම් මේ ගැන දන්නවද?”

“තාම නෑ. මැරුනට පස්සෙ දැනගනියි.”

47 replies on “ජනාධිපති මියයයි #කෙටි-කතාවකි”

කියපු දේ නම් මට හරියට තේරුනේ නැහැ හැබැයි සිරා පෝස්ට් එකක් :-ඪ්

යාළුවෝ සේරගේම නම් ටික ඔබලා තියෙනවා චරිත වලට නම් 😀

මේක සාමාන්‍ය සංසිද්දියක්නෙ කොල්ලො 😛
මරුවට ලියලා..!!

අර මීඩියා වල වොයිස් එක නම් මට මැවිලා පේනවා 😀 😀 ලෙසටම ලියලා 😀

තක දුන් තක දුන් තක දුදුන් දුන් – තක තක තක තක…

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන ජනාධිපති ලේකම් නෙරංජි සුලක්ඛනා

දේශපාලනය කියන එක දෝතින් අරගෙන එළිය දුටු මෙතුමා ට නොයෙකුත් මතවාදීමය හතුරන් සිටියා… ජනාධිපති උපදේශක සුපුන් සුදාරක මහතා වරක් පැවසූ අන්දමට ඔහුට විරුද්ධව නාමිකව මෙන්ම නිර්නාමිකවද බොහෝ පිරිස් ක්‍රියාත්මක වුණා.. මේ වනවිටත් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ විශේෂ කණ්ඩායම් මේ ගැන සෙවීමට පිටත් තර අවසන්… කෙසේ වුවත් රට අරාජික වීමට හෝ වෙනත් ත්‍රස්ත ක්‍රියාවකට ඉඩක් නොදීමට අග්‍රමාත්‍යවරයා දැනටමත් තටයුතු කර අවසන්… මෙම ඛේදජනක මොහොතේ රටේ ස්වෛරීභාවයට හා භෞමික අකණ්ඩතාවයට හානි වන සියල්ලෙන් වැලකී සිටින ලෙසත්,ඉවසීමෙන් කටයුතු කැන ලෙසත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා..

සුදාරකට සැළලිහිණි චැනල් එකයි හඩ්සන් අන්කල්ගේ චැනල් එකයි මතක් වුනා නම් ලිපිය තවත් රසවත් වෙන්න තිබ්බා 🙂 මොනවා වුනත් මරු ලිපිය මල්ලි!!

චරිත වලට අරන් ඉන්න නම් (යාලුවන්ගේ ඒව කියල හිතනව කමෙන්ටුව අනුව ) ටික එහෙම නොවුනා නම් මේකේ රසය තවත් වැඩිවෙනවාය කියලයි මට හිතෙන්නෙ . කොහොම උනත් ඒක ඔයාගේ කැමැත්තනේ .

කේසේ වෙතත් සැහෙන රසයක් තියන ලිපියක්

නියම සිතුවිල්ලක්. හොඳට ලියලා තියෙනවා. හැබැයි හරි කලබලෙන් කතාව ගලාගෙන යන ගතියක් තියෙනවා. කොහොම උනත් වැඩේ හොඳයි කියලා කියන්න පුලුවන්.

ප.ලි: අර නෙරංජි කියන කෙල්ලට කවුද ජනාධිපති ලේකම් පට්ටමක් දුන්නෙ? O_o

ඕයි මේක කියවනකොට කන් දෙක රතු වෙනවනෙ ඕයි! එළ එළ. buwa කිව්වා වගේ යාලුවන්ගෙ නම් ටික නිසා කතාවෙ වැදගත් දේවල් ටික මගහැරෙන ගතියක් නම් තියෙනවා වගේ.

නියම කතාව ළඟ දි ම ඇත්තට ම මෙහෙම කියන්න පුළුවන් වෙයි….

නියමයි.. ශ්‍රී එකේ නිවුස් එක නම් එළකිරි, සුරාජ් මාපා නේ රිපෝට් කරල තියෙන්නේ හික් හික් 😀

හොඳ පරිකල්පනාවක් සහෝ… අවුරුදු 25 කට පස්සෙත් ලංකාවේ මාධ්‍ය මේ කියන විදියට තිබුනොත් මම නම් අකමැත්තෙන් වුනත් රට දාලා යනවා. නැත්නම් වනගත වෙනවා. ඇයි අප්පා ඔය වද කරදරේ තව අවුරුදු 25 ක් ඉවසන්න පුළුවන්ද ?

නියම කථාව සහෝ… නියමටම ලියලා තියෙනවා. රසවත් වගේම මමත් රසවින්දා… උපරිමයි !!!

මරු. ඉන්දරේ කිව්ව වගේ කතාව කලබල ගතියක් තිබ්බට, කතාව ලස්සනට ජවනිකාවෙන් ජවනිකාවට රූපාන්තරය වෙනවා..! මේ තරම් නිර්මාණශීලී නමක් තියෙන ජනාධිපති වරයෙක් ලංකාවේ ඉපදෙයි කියලා හිතන්න අමාරුයි සුදා..! ලංකාව ඒතරමට සාහිත්‍ය මොටකරන රටක් බවට අද වෙනකොට පත් වෙලා.
කාලෙකට පස්සේ කියෙවව සිරා පෝස්ට් එකක්..!

මට හිතෙනවා කතාවේ තියෙන කලබල ගතිය නැතිවුනා නම් මේ කථාව මේ තරම් දැනෙන එකක් නෑ කියලා. හොඳ ප්ලොට් එකක්. උඹට පට්ට පරිකල්පන ශක්තියක් තියෙනවා බන්!

ගමන දිගයි සුදාරක.
පැතුම්ගේ කතාව මාත් අනුමත කරනවා.

(මේ පාර ඒ ලෙවල් කරලා හෙම හිටියා නම් මම උඹට කිස් එකකුත් දෙනවා)

මේක හීනයක් නේද?
මං අහන්නේ රාජකීය විද්‍යාලයේ එකෙක් අනාගතයේ ජනාධිපති වෙන එක?

රාජකීය එකෙක් එලවල එන්න ඉන්න එකාත් රාජකීය නේ , දැන්ම නැතත් කවදහරි රජවෙන්න ඉඩ තියනව . මොකද අපේ ගම් මට්ටමේ , බිම් මට්ටමේ “ටේස්ට් එකට” හරියන පොරක් තමයි මිනිහා . (අපේ මහරජතුමා වගේම ) . ඒ ටේස්ට් එක හරිද කියන එක තමයි ප්‍රශ්නේ ?

සුපිරි.. මම මුලින්ම නම් අතරෙ ටිකක් අතරමං වුනා. පස්සෙ මම දන්න සහෝදර බ්ලොග් කරුවෙක්ගෙ නමක් දැක්කට පස්සෙ පාර හොයාගත්තා.

මරු මචං.. මට නම් හිතෙන්නෙ ජනාධිපති දාන්න ගිය පබ්ලිසිටි ස්ටන්ට් එකක් කෙලාස් වුනා කියලයි.

ඔයින් එකක් නම් දැක්කා . . කතන්දර අහපු දේමයි මටත් අහන්න හිතෙන්නේ . කතාව නම් අපුරුයි. ඕක වෙද්දී සුදු ලේන්සුවක් වැනුවද????

ඇයි USA පනින්නෙ චීනට පනින්නෙ නැතුව . ඒ මනුස්සයව සතුරු රටකට පටවල අමාරුවෙ දානව නේද ?

මැක්සා . ..

නරක ලෝකෙක හොඳින් ජීවත් වෙන්න බෑ කියලා හිතපු නිසාද මිස්ටර් ප්‍රසිඩන්ට් ඒ විදිහට ප්ලෑන් කරන්නේ?

කියන විදිහට ඔහු බොහොම හොඳ කෙනෙක්.

එහෙම කෙනෙක් නරක සමාජේ හොඳ තමන්ට ජීවත් වෙන්න අමාරු එක බහුතරයක් මිනිසුන්ගේ හිත සුව පිනිස වත් හිතලා ජීවත් වෙන්න උත්සාග හන්න තිබ්බා නේද?

අහ් අර නම් නිකමට හිතුනට දැම්මා වෙන්න බෑ වගේ හිතුනා

උදා:- ප්‍රවීණ සාහිත්‍යවේදී මාහාචාර්ය ලිෂාන් ජයවර්ධන

ඒත් සමහර නම් වලට අදාල තණතුරු කොහොමත්ම ගැලපෙන්නේ නෑ වගේ හික්ස් . ..

නියම ලියවිල්ල . .

කෙටි නාට්‍යකට ගන්න ඇහැක් වේවි පොඩි පොඩි වෙනස් කම් ටිකක් කලොත් . . .

මොකෝ කියන්නේ ලබන රාජ්‍ය නාට්‍ය උළෙලට කෙටි නාට්‍යක් කරමුද?

ඉතාම කාලෝචිතයි. මම News බලන එක අතහැරලා තියෙන්නේ.
ස්වර්ණවාහිනී එකේ “Live @ 8” (අත්තටම Drama @ 8 කියලා තමයි කියන්න තියන්නේ) වල අද News එක මතුසම්න්ධයි කියලා හෙට පෙන්නන එක්ත් ලිව්නම් පංකාදුයි.

මේකත් බලන්න…
http://www.youtube.com/watch?v=QgM2arXlzM8

හී… නියම කතාව! අපරාදේ ප්‍රසිඩන්ට්වත් මරන් නැතුව රට පන්නන තිබ්බේ

mama hithanne next president puthawa karanna karapu plan ekak wenna athi.
gdlck dear nice story…………

Leave a Reply to kalana Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.