සංක්‍රාන්ති සමය – not a love story

අඳුර ගලා ගොස්
දැන්,
යන්තමින් ආලෝකය පැමිණෙමින් පවතී…
සයුරු රළ බිඳෙන හඬ දැන් නෑසේ.
ඇත්තේ මන්ද ආලෝකයක් පමණි.

නමුත් හිස් අවකාශය තවමත් එසේමය. අන්ධකාරයේ ශාපය මා වෙලාගනිමින්, තවමත් බලපවත්වනු දැනේ…
රස්තියාදු ගැසූ සිත ඔත්පලව එක තැන නැවතී ඇත්දැයි බියෙන් මන්දාලෝකයේ උදව්වෙන් සිත අත පත ගා බැලීමි.

සිත ඔත්පලව නැත.
සිත පනගසයි.
සිත තවමත් බලවත්ය.

තැන තැන තුවාල වී ලේ ගලද්දී මම නැගී සිටීමට උත්සාහ කළෙමි.
හදවත පුපුරා යළිත් ඇද වැටුනෙමි. සිටි තැනටම.

නැවතත් ඝන අන්ධකාරය මා වෙලාගත් අතර, කාලය හා අවකාශය පිළිබඳව අනවබෝධයෙන් මම සිරවුනෙමි.
කොතෙක් කාලය ගියේදැයි නොදනිමි.

යහළු යෙහෙලියන් මා අමතනු ඇසේ.
ඔවුන් මා නැවත් ඔවුන් වෙත ඔසවාගෙන යාමට උත්සාහ කරනු දැනින. ඒ වෙනුවෙන් ඔවුන් මා සිත තුළට වීමට උත්සාහ කරයි.

නමුත් මා සිත මගේය.
පනගන්වාගත යුත්තේ මාය.

දෙමසකුත් තවත් භාගයකට පසු…
***

දෙමසකුත් තවත් භාගයකට පසු…
ප්‍රචණ්ඩ රළ පහරක් වේගයෙන් මා වෙලාගත් බව දැනින.
වැල්ලේ ගොඩනැගූ මාලිගා සියල්ලේ නටඹුන්වත් දැන් පෙනෙන්නට නැත.

මා ඒ චණ්ඩ රළ පහර නම් කිරීමට නමක් සෙව්වෙමි.
කැත්‍රිනා?
ක්‍රිස්ට්‍රිනා?
ජූලියා?

නැත. මා හට ඒ නම් අවැසි නැත. හිතට ළඟ එකම නම යෙදීමටද මට සිත් නොදේ. වැල්ලේ මාලිගා තැනීමට යෙදූ අඩිතාලම ඕස්ට්‍රේලියා පුරය දෙසට ඈත සයුරේ ගසා යනු දුටුවෙමි.

අල්වාගන්නට දෑත දිගු කළ නමුදු දෑත දිග මදිය. අවසානයේ මිත්‍ර පාර්ශව එන්නත් ආධාරයෙන් මා යළි නැගී සිටියෙමි.

යලිදු සිහිනය ගොඩනැගීමට මට අවැසිව ඇත. අවසානයේ කිසිවකුත් නොමැති, ඉමක් කොනක් තොතේරෙන, තැන තැන නටඹුන් පෙනෙන අවු රශ්මියෙන් දැවුන අත්හැර දමා තිබූ මිටියාවතක් වෙත මා ඉබේ පැමිණියෙමි. එසේ නොවේ නම් නම හොඳින් දන්නා කවුරුන් විසින් හෝ මා ගුප්ත ලෙස මෙතැනට කැඳවා අත්හැර දමා ඇත. ඔබනාඳුනන මා පමණක් හොඳින් හඳුනන මළ හදවතක් මේ ගුප්ත මිටියාවතේ ඇවිදිමින් සිටියි…

මිතුරන් පෙනෙන්නට ඇත. නමුදු ඒ බොහෝ දුරිනි…
පෙරදා තෝරාගත් මාර්ගයේ වූ කටු පඳුරු සිදුරු කළ හදවත දෝතට ගෙන කාත් කවුරුත් නොමැති මාගේ, මටම පමණක් අයිති වූ, මේ මිටියාවතේ නිදන් කළෙමි. හදවතින් පිටවන වේගවත් රුධිර දහරා යවා ඒ තුළින් බල ගැන්වෙන රුධිර-විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමට මම සමත්වුනෙමි… එයට බොහෝ කල් ගතවූ බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

ජීවිතයේ කෙටි මං නොමැති බව හඳුනාගතිමි.

අලුත් දවසක්, අලුත් බලාපොරොත්තු සහ පරණ මම.

Join the Conversation

13 Comments

  1. අදයි උඹව හොයාගත්තේ… සිරා… මං දිගටම කියවනව……

    1. හ්ම්… කතාවට පාදක වුනේ Love storyයක් තමයි වුනත්, කතාව ගලාගෙන යන්නෙත් ආදරයක් මත වුනත්, මේක love story එකක් නෙවෙයි. 🙂 සංක්‍රාන්ති සමයක් කියන්නෙ මුකුත්ම නොමැති කාලයක් නෙව. 😉

  2. අෆොයි. වරදවා වටහා ගත යුතු නැත. මෙය කතාවක්ම පමණි. ජීවිතයට සම්බන්ධ නැත්තේම නැතිවුනත් කතාවක්ම පමණි. 🙂

  3. කතාවක් ම විතරක් වෙනවාට මනාපය.
    සරීරයෙන් කුඩා වුවාට උඹ සිතින් අලියෙකු බව වටහා ගන්නට මේ සංක්‍රාන්තිය හොඳම කාලයයි..!
    ඉතින්…, නැඟිටපන්..!!!

  4. ඔබනාඳුනන මා පමණක් හොඳින් හඳුනන මළ හදවතක් මේ ගුප්ත මිටියාවතේ ඇවිදිමින් සිටියි…

    මේ මම කැමතිම පේලිය.

Leave a comment

Leave a Reply to සහෝධරයා Cancel reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: