Categories
Uncategorized

කාලෙකට පස්සේ… ආයෙමත්.

මේ දවස්වල මුකුත් ‍නොලිව්වට මොකද, හිතේ නම් තිබුනෙ ලියන්නම කියලයි. ඒත් මොනව කියල ලියන්නද? ජීවිතේ එන්න එන්න සංකීර්ණ වෙනව. උසස් පෙළත් අත ළඟ. මේ අගෝස්තු වල ලියන කණ්ඩායමෙන් පස්සෙ ඊළඟට හෙනහුරා වැටෙන්නෙ අපේ ඔළුවට. හරි. කමක් නෑ කියමු. උසස් පෙළ කියන්නෙ සැඟවුනු ආශිර්වාදයක්.

මේ දවස්වල සෑහෙන්න ප්‍රමාණයක් වැඩ කෙරෙනව. පුලුවන් තරම් කාල කලමණාකරණය කරගෙන හැම වැඩක්ම ගොඩදාගනව. පසුගිය මාස තුනක විතර කාලයක් ‍කිසියම්ම පසුබෑමකට ජීවිතේ ලක්වුනා කිව්වොත් හරි. ‍මොනව වුනත්, ආදරය ගොඩක් දේවල් අපිට උගන්වනවා.

‍මේ දවස්වල සාහිත්‍ය සංග‍මයේ අලුත් වැඩ ටික ලෑස්ති කරගෙන යන අතරෙ. කිරුළ හිමින් හිමින් ලියැවෙනව. වැඩිපුර බර ඇදෙන්නෙ මගෙ යාළුවගෙ අතින් කිව්වොත් හරි. කොහොමින් කොහොමින් හරි ළඟදීම කිරුළ එළියට එයි. සාහිත්‍ය.lk අඩවියත් එළියට එයි. ඒ ගැන බයවෙන්න එපා. සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ඊළඟ අදියරත් ළඟදීම ආරම්භ වෙයි. අලුත් විදිහකට මේ පාර බ්ලොග්කරණ තරගාවලිය තියන්නයි බලාපොරොත්තුව.

හැමදේම හොඳින් සිදුවෙනව කියන්නයි මේ සටහන ලියවෙන්නෙ. කොහොමහරි මාත් දැන් අවුරුදු 18ක් වුන ලොකු-කොට-වැඩිහිටි-ළමයෙක්!

පළමුවත් පාඩම!
දෙවනුවත් පාඩම!!
තෙවෙනුවත් පාඩම!!!

11 replies on “කාලෙකට පස්සේ… ආයෙමත්.”

මුලින් ම කියන්න තියෙන්නේ මල්ලී.., මේ පැත්තේ නොආවට කමක් නැහැ ඒත් ඒ ලෙවෙල් ගොඩදාගන්න කියලයි..! මොකද උඹේ වයසේදී ඒ කාරනේ මට හම එකකට ම වඩා ඔලුව උඩින් තිබ්බ නිසා..! බයවෙන්න එපා..! උඹට හරියනවා..! ඒක සත්තයි..!
ජයෙන් ජය පතනවා..!

සියල්ල හොඳින් වෙනවා නම් එච්චරයි ……….

[ මොනවා කරන්නත් කලින් පඩම් වැඩ ටික කරගන්න … ඊට පස්සේ ඔනතරම් දේවල් ඔනා ඔනා විදිහට ලියන්න/කරන්න/කියන්න පලුවන් 😀 { එහෙම කිව්වයි කියලා පාඩම්ම විතරක් කරන්ත් එපා 😀 } ]

උසස් පෙළ තමා අංක එක වෙන්න ඕනි… පාඩම් කරපන්.. ඒත් පාඩම් කියල පොතටම වෙලා ඉන්නත් එපා මලේ…

සුබ පතනවා.

ආයි කියන්නේ නෑ.

මං දවස් දෙකක් ඇඩ්වයිස් දෙකක් දීල ඇති. එකක් SBU පාටි එකදා. අනික Skype වලින් කතා කරපු දවසේ.
නෝ මෝ කමෙන්ට්ස්.

කවුද හලෝ මේ යුරේනි නොෂිකා කියන්නේ?

යුරේනි නොෂිකා? ඔහ්. මොකක්ද හැබෑටම එයාගෙයි මගෙයි තියෙන සම්බන්ධේ? 😮
යුරේනි නොෂිකා කියන්නේ නම් නිලියක්, නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක් වෙන්න ඕනෙ මගේ මතකෙ හරි නම්. 🙂

එල එල ….., සියලුම කටයුතු හොඳින් කරගන්න්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා …. , ජය !!

අහ්, සුදාරක මලේ..
හැම දෙයක්ම සමබරව හරියට කරගෙන, විභාගය ගොඩ දා ගන්න ඕනේ හොඳේ..??
අනිවා දාගන්න බව අපි දන්නවා.
🙂

අහ්, මොකද්ද මේ යුරේනි නොෂිකාත් එක්ක තියෙන සීන් එක??
😀
ලොල්

Leave a Reply to Hasitha ජයසූරිය Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.