Categories
කාලීන

තවත් සියදිවිනසාගැනීමක්!

වෙනද වගේ සංගම් වැඩවලට පන්තියේ වැඩ අතපසු කරගන්නෙ නැතුව හොඳ ළම‍ය වගේ කලාතුරකින් පන්තියට වෙලා ඉන්නකොට, පන්තියේ යාළුවෝ කතා වෙන දෙයක් එක පාරටම කනට වැටුන. කනට වැ‍ටුනෙ නම් එච්චර සුබ ආරන්චියක් නෙවෙයි. මේක තවත් සිය දිවි නසාගැනීමක්!

සියදිවි නසාගෙන ඇත්තේ පාසල් ශිෂ්‍යයෙක්. නම ගම වයස මම කියන්නෙ නම් දන්නේ නැහැ. නමුත් මරණයට මුල්වූ සිද්ධිය, එහෙමත් නැත්නම් සියදිවි නසාගැනීමට හේතුවක් වුන කාරණය නම් මගේ යාළුවන්ගේ කතාබහෙන් දැනගන්න ලැබුන. ඒ කතාව කෙටියෙන් කිව්වොත්; තමන් ආදරය කරපු තමන්ගේ පෙම්වතිය. තමන්ව අතඇරලා තමන්ගේ හොඳම යාළුවෙකුගේ පෙම්වතිය වීමයි මේ අවාසනාවන්ත සියදිවි නසාගැනීමට හේතුව.

පහුගිය වර්ෂයේ එක්තරා විශේෂ සහගත සියදිවි නසාගැනීමේ සිද්ධියකින් පස්සෙ, ජනමාධ්‍යවලට විකිණීමට සුදුසු මට්ටමෙන් ඉහළ ගියපු ප්‍රවෘත්ති ඉල්ලුම වුනේ සියදිවි නසාගැනීම් පිළිබඳ ඉල්ලුම. සියදිවි නසාගැනීමක් පිටිපස්සෙ බොහෝ සංවේදී කතා රැසක් ‍ගොනු වෙලා තියෙන නිසා තමයි, බොහෝ දෙනා නිරායාසයෙන්ම මේ වගේ ප්‍රවෘත්ති පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නට ඇත්තෙ.‍ කොහොම වුනත්, මනෝවිද්‍යාත්මක සාධක මත සියදිවි නසාගැනීම් පිළිබඳ ප්‍රවෘත්ති දැන් වාර්තා වෙන්නේ නැහැ.

කොහොමහරි තවමත් සියදිවි නසාගැනීම් වෙනව. ඒක තවත් වැඩිවෙන ප්‍රතිශතයක් මිසක්, අඩුවෙන ප්‍රතිශතයක් ගැන නම් හිතාගන්න බැහැ. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය අතින් ඉහළම රට ජපානය. ළඟදි නිකුත් වුන “ත්‍රී ඉඩියට්ස්” චිත්‍රපටිය යටින් යන්නෙත් සියදිවි නසාගැනීම පිළිබඳ කෙරෙන වි‍වේචනයක් හරහා. සියදිවි නසාගැනීම් සියයට සියයකින් නවත්වන්න නම් බැරිවෙයි. ඒත් අවාසනාවන්ත සියදිවි නසාගැනීම් එකක් දෙකක් හෝ නවත්වාගන්න හැකි‍වුනොත්, මේ ලෝකය තවත් ලස්සන වෙන්න පුලුවන්.

මීට කාලයකට පෙර සිසු සිසුවියන් කණ්ඩායමක්ම සියදිවි නසාගත්තේ තම ගුරුවරයා විසින් තමන්ගේ නිවෙස් වලට තමන්ගේ පෙම් සම්බන්ධාව එළිදරව් කියනවා කෙ‍රුනු තර්ජනය උඩ. සියදිවි නසාගැනීම් සඳහා මුල් වෙන ප්‍රධානම සාධකය අද ආදරය කියන මාතෘකාව වෙලා.

ආදරය සුන්දර නම්, ඇයි ආදරය නිසා සියදිවි නසාගන්නෙ?

මේක බරපතළ කාරණයක්. ආදරය තරම් දරුණුවට දැනෙන තවත් දෙයක් නැති බව මමත් පිළිගන්න කාරණයක්. මමත් මේ වෙනකොට පෞද්ගලිකව සමහර දේවල් ගැන ගොඩක් හිතන්න බලන්න පුරුදු වෙලා තියෙන කෙනෙක්. ආදරය සුන්දර නිසා, ආදරය නිසා සියදිවි නසාගැනීමට පෙළබෙන්නෙ, ඒ ආදරයේ සුන්දරත්වය තමන්වෙත අහිමි වීමේ විරහවෙන්ද? තමන්ට තමන් පිළිබඳ අවතක්සේරුවක්, එහෙමත් නැත්නම් තමන්ගේ හිත ඇතුළෙ විශාල රික්තයක් නිර්මාණය වෙලා, ඒ රික්තයේ පුපුරායාමක් විදිහට මේක දකින්නත් පුලුවන්.

තමන් ආදරය කරන්නේ සාපේක්ෂව කියන කාරණය මම බොහෝ විට කියල ඇති. ‍ඉතින් තමන් ආදරය කරන කෙනාගේ සිතැඟි තේරුම්ගෙන ඇයට හෝ ඔහුට කැමති තෝරාගැනීමක් කරගැනීමට ඉඩදීම උපේක්ෂාවෙන් භාරගැනීමට අර මුලින් කියපු කතා නායකයාට හැකියාවක් තිබුනානම්, ඒ අවාසනාවන්ත මරණය නවත්වාගැනීමට හැකියාව තිබුනා වෙන්න පුලුවන්. ඒත් අපි කියන තරම් මේ කාරණය ලෙහෙසි පහසු කාරණය නෙවෙයි. හුදෙක් ආදරය, බොහෝවිට ආත්මාර්ථකාමය වෙන්නත් පුලුවන්. මේ ආත්මාර්ථකාමය මගේ, ඔබේ කාගෙහරි හිතක හොර රහසේ සැඟවිලා ඉන්න පුලුවන්. අපි මොනව කිව්වත්, අපි පෘතග්ජන මිනිස්සු.

තවත් දෙයක්, බොහෝ දෙනෙක් ආදරය කළත්. ආදරයේ සොබාවික නීති පද්ධතිය අඳුනගෙන ඉන්න එක වැදගත්. ඉතින් මේ දේවල් අපේ පාසලේ සිලබස් එකේ නැහැ. තියෙන තරගකාරී සමාජය ඇතුළෙ මේ දේවල් අඳුරගන්න මටත් බැරිවෙලා තියෙනව. මොනදේ වුනත්, ඔබ ආදරය කරන කෙනා එක්ක විවෘතව කතා කරන්න. ආදරය කරන කෙනා අඳුරගන්න. සමහර විට ඔබේ ආදරය අවුරුදු 5ක් 10ක් වෙන්නත් පුලුවන්. ඒත් අපි නොදන්න පැති ගොඩක් තියෙන්න පුලුවන්. ‍බොහෝවිට වර්තමානයේ පෙනෙන දෙයක් තමයි අවුරුදු ගාණක් පෙම් සම්බන්ධතා පවත්වාගෙන ඉඳල, විවාහ වෙලා ටික දවසකින් තමන්ගෙ විවාහ ජීවිතය කටුගාන අය.

ආදරය හා ලිංගිකත්වය කියන්නෙ සෑහෙන සීරියස් දෙයක්. අපේ වැරදි ගොඩක් තියෙනවා වෙන්න පුලුවන්. ඒ වැරදි අවබෝධ කරගෙන ඉදිරියට යන්න. කවදාවත් තමන්ගෙ ගමන සියතින් නසාගන්න උත්සාහකරන්න එපා. පුලුවන්තරම් ඔබේ යහළුවන්, මිතුරු මිතුරියන්, පෙම්වතා හෝ පෙම්වතිය එක්ක ඇතිතරම් කතාකරන්න. ප්‍රශ්න විසඳගන්න. තත්වය දරුණු නම් හෝ පාලනය කරගැනීමට නොහැකි නම් කරුණු අවබෝධයෙන් යුතුව දෙපාර්ශවයම සතුටෙන් වෙන්වෙන්න. හැබැයි, අමතක කරන්න එපා! තමාට තමාවත් විශ්වාස කරගන්න බැරි ලෝකයකයි අපි ඉන්නෙ.

විශ්වාසය ගැන අතුරු කතාවක් මේ මාතෘකාව ඇතුළටම ගේන්නම්. කවදාවත් ජනමාධ්‍ය විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම ලංකාවෙ ජනමාධ්‍ය. කවුද ඇත්ත කියන්නෙ, කවුද බොරු කියන්නෙ කියල තේරුම්ගන්න බැරි ලෝකයක් මේක. එහෙම කවුරුවත් තේරුම්ගන්න බැරිවෙන ලෝකයක ඉන්න අපි, සියදිවිනසාගන්නේ අපිට කවුරුවන්වත් විශ්වාස කරන්න බැරි නිසාද? ලෝකෙ අපිට විශ්වාස කරන්න පුලුවන් කවුරුත්ම නැද්ද?

අපි අසරණයි.

18 replies on “තවත් සියදිවිනසාගැනීමක්!”

හුම් !! තවත් එක් ප්‍රේමයක දුක්බර අවසානයක් !
ඉස්කෝල වල උගන්වන ඉස්කෝලේ මහත්තුරුන්ට වෙනම අධ්‍යාපනයක් දෙන්න ඔනේ ප්‍රේමය පිලිබදව. එතකොට පුලුවනි ඔක ටික් විතර පාලනයකර ගන්න.
මොනා කරත් අපි අපි ගැනම හිතා ගන්න ඔනේ. පොඩි වයසෙ ඉදන්ම සව්‍යන්පාලනයක් තියෙන්න, ඔනේ එක පාරටම මෝඩ තිරන ගන්නැතිව. 😀

ඔය හා සමාන දෙයක් මගේ සැබෑ ජීවිතයටත් සම්බන්ධයි, මේ ලිපිය මාව ඒ අතීතයට ගෙන ගියා.

තමුන් කරන දෙ ගැන මිට වඩ හැමොම හිතන්න ඔනා කාලයක් මෙක. හැමොගෙම දරාගැනිමෙ මට්ටම එක වගෙ නැහැ. මිනිස්සු පොඩි කාලෙ ඉදන් ගන්න අත්දැකිම් මත තමුන්ගෙ මට්ටම තිරණය කරනවා. කොහොම උනත් හැමතැනම වැරදි තියනවා. එකක් කියලා නෙමෙ. මෙ වගෙ දෙයක් අපෙ නංගිට , අක්කට සිද්ද උනොත් තමයි අපෙත් ඇස් ඇරෙන්නෙ. එතකන් සමහර මිනිස්සු එන්ජොයි කරන එක කරන්නෙ. අපිට භෞතිකමය දෙවල් නැවත නැවත් ඇතිකර ගත්ත හැකි. නමුත් මනුස්සයෙක් ගෙ හිතක් බිදුනොත්, හිතක් කැඩුනොත් එක හදන්න අමාරුයි. මිනිස්සු බොහො වෙලාට රස්සාව, සල්ලි,ලස්සන මෙවගෙ දෙවල් නිසා තමුන්ගෙ පෙම්වතිය අතහරින්න පෙළඹෙනවා, නමුත් වඩත්ම සුදුසු තොරාගැනිමෙදි කල්පනා කාරිව සිදු කිරිමයි.

සියල්ලට පිළිතුර සියදිවි නසාගැනීම නොවෙයි කියන සියල්ලන් දැනගත යුතුයි. අද මහා ප්‍රශ්නයක් ලෙස දැනෙන දෙයක් තව සතියකින් වුවද නොසැලකිය යුත්තක් බවට පත්වන අයුරු මම අත්දැකලා තියනවා. මෙවන් අවස්ථාවක් උදා වූ පසු ක්‍රියාකළ යුතු ආකාරය කොහොමද කියන එක කාටවත් කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි, එය තමන් විසින්ම ඇති කරගත යුත්තක්.

තමන් වෙනත් අය අවබෝධ කරගන්නට උත්සාහ කරන්න ඕනෑ ඊට කලින් තමා ගැන අවබෝධ කරගෙන. තමන් පිළිබඳ අවබෝධයක් ඔහුට තිබුනා නම්, සියදිවි නසාගැනීමට යොමු වෙන්නේ නෑ. එතනින් පාඩුව වෙන්නේ තමන්ට පමණයි.

තේරෙන සුද්ද සිංහලෙන් කියනවා නම්, අර කියන ලද ඔහුගේ පෙම්වතිය අලුත් කොල්ලා සමග කිසි අවුලක් නැතිව ඉන්දැද්දී, මූ මෝඩයා වෙලා වහ කෑවා. කාටද පාඩු?

සමාජයට හෝ කිසියම් කෙනෙකුට තමන්ව අවශ්‍ය නැත්නම්, එකී සමාජය හෝ පුද්ගලයා ගැන සිතමින් කාලය නාස්ති කිරීම අර්ථ විරහිත බව අප දැනගත යුතුයි, අත්දැකීමෙන් හෝ දැනගත යුතුයි.

i thnk i knw dz case.anywyz commiting suicide has 2 b d the last option for any problem that comes,in a ones lyf.i knw hw dt feels, wen a frnd r sum1 v knw do smthng lyk dt. livng z hrd dieing z easy,and v should alwayz do da hrd thng ,i guess.

aiya kiwwa 1 hari.me loke kisikenek aduma gane thamanta thamawath wishwasa karranna baha. godak minissu me dan pana denna hitiyath , elagha miniththuwedi?,t dusnt tke a lt f tym 2 chng frm 1 thng 2 anuthr.mst f da ppl r lyk dt.wishwasaya kiyena wachaneth thawa tika dawasakin dictionery 1n athurudahan wela yai da kiyalath welawakata hithenawa.:D

මමත් දැකලා තියෙනවා යාලුවෙලා ටික දවසකින් පස්සෙ සපෝටර් එක්ක යාලුවුනු ගෑණු ලමයෙක්. ඒ සම්බන්ධතා තාවකාලිකයි. තවත් ටික දවසකදි ඒ ගෑණු ලමයාම වෙනත් කොල්ලෙකුගෙ අතේ එල්ලිලා යනවාත් දැක්කා. මුලින්ම සම්බන්ධෙ බිඳුණු කොල්ලා ඒ ගැන හිත හිත කාලකන්නි නොවුණු නිසා දැන් හොඳ රස්සාවකුත් කරනවා…

‘තේරෙන සුද්ද සිංහලෙන් කියනවා නම්, අර කියන ලද ඔහුගේ පෙම්වතිය අලුත් කොල්ලා සමග කිසි අවුලක් නැතිව ඉන්දැද්දී, මූ මෝඩයා වෙලා වහ කෑවා. කාටද පාඩු?’
බුධාජීවගෙ කතාව සහතික ඇත්ත. මට මතක් උනේ අර සිංදුවක් තියෙන්නෙ –
‘කාටද රිදුනේ..කවුරුද හැඬුවේ..දුම් රිය මොහොතක් නතර උනේ’ කියල.

මෙතන තව පැත්තක් තියනව සියදිවි නසා ගැනීම වගේ දෙයක් සමාජයේ වැඩියෙන් කතා වෙනව නම් ඒකත් හේතු වෙනව සිය දිවි නසා ගන්න .ඒකත් මේවයෙදි සැලකිල්ලට ගන්න.

@බුධාජීව
ඔව් මට කව්ද කිව්ව හැටියට ඒකට පාදක වෙලා තියෙන්නෙ ඒ වගේ සිද්ධියක්. එතනදි පෙම්වතිය අත්හැර යාම නිසා මල්ලි කෝච්චියට පැනල මිය යාමේ සිද්ධියට දුක් වෙන අයියා කෙනෙක් කියන හැටියට තමයි සිංදුව යන්නෙ. ආයි අහල බලන්නකො…ලොකු තේරුමක් තියෙනව. 🙂

මම දැනුයි මේක බැලුවෙ සුදාරක….. නියමයි බන්
ඇත්තටම ආදරය සුන්දරක් වරද (ද?)

ආදරය සුන්දර වරදක් තමයි එකවෙලාවකට. කවුද ඉතින් වැරදි නොකරන්නෙ. 🙂 ඒත් ඉතින් ආදරය ගැන අවබෝධයෙන් ආදරය කරන‍‍‍කොට, ඒ ආදරෙන් දෙන්නටම ජීවත් වෙන්න පුලුවනි. තව අය ජීවත් කරවන්නත් පුලුවනි.

api jeewithe arambaye idan awasanaya dakwa hoyanne adare kiyana 1. demapiyange idan anek hamakenekgenma hamoma hoyanne aka. matanam hithenne jeewithe padanama adaraya kiyala.
habai siyadiwi hani karaganeema kaiyanne wisadumak nemei. aka modakama. hamadetama muna denna one. naththan apita aththatama adare karana ayata api karanne loku asadaranayak

ape rate minissunta hoda naraka adunaganna bari aya godak innawa . e nisa thamai me siyalu prasna.

Leave a Reply to රන්දික සේදර Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.