Skip to content

3 IDIOTS | DON’T BE STUPID! BE AN IDIOT!

පෙබරවාරි 26, 2010

මේක සෑහෙන්න කලින් ලියන්න හිටපු ලිපියක්. ඒ වුනාට දැන් වුනත් ඒ ලියමනට ප්‍රමාද නැහැ කියලයි හිතුනෙ. මතකයට නැගෙන විශේෂ දවසක් වුන ඒ දවසෙ වි‍ශේෂ සිද්ධියකින් පස්සෙ මමත්, තවත් අපේ ගැන්සියේ කිහිපදෙනෙක් එකට ‍එකතු වුනේ චිත්‍රපටියක් බලන්න යන්න. සාමාන්‍යපෙළ විභාගය ලියපු අන්තිම දවසෙ රබ් නේ බනා ඩි ජෝඩී චිත්‍රපටිය බලන්න එකතුවුන අපේ නේවාසිකාගාරයේ ගැන්සිය තවමත් තැන තැන චිත්‍රපටි බලන්න තැන තැන එකතුවෙනව. මේකත් ඒ ‍වගේ අවස්ථාවක්.

චිත්‍රපටිය බලන්න යනකොට මැජෙස්ටික් සිටි ‍සිනෙමා එකට සෑහෙන්න පෝලිමක්. චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කරල සැලකිය යුතු සෑහෙන්න කාලයක් ඒ වෙනකොට ගතවෙලා තිබුනත්, තවම චිත්‍රපටියෙ උණුසුම නොගිහින් තිබීම පිළිබඳව අපට දැනුනෙ පුදුමයක්. සෑහෙන්න වෙලාවක් පෝලිමේ රැඳුන අපි, අන්තිමේ තදබදය අස්සෙ ඇතුළට ගියේ චිත්‍රපටිය බැලීමේ පුදුම ආශාවකින්.

අමීර් ඛාන් නළුවෙක් විදිහට අපේ ජීවිත වලට සෑහෙන්න බලපෑම් කරපු කෙනෙක්. ඒක හරි පුදුමාකාර දෙයක්. චිත්‍රපටි වලට සෑහෙන්න ‍ලොකු බලපෑමක් මිනිස් ජීවිත වලට කරන්න පුලුවන්. සිතිවිලි ආකල්ප වෙනස් කිරීමේ හැකියාවක් අපිට තියේනම්, අපිට සෑහෙන්න වෙනසකට මුල පුරන්න පුළුවනි. වෙනසක් තමයි වැදගත්. අමීර් ඛාන් දිහා ආපස්සට හැරිල බැලුවොත්, අමීර් ඛාන්ගෙ රංගනය ඉදිරිපත් වුන මෑත චිත්‍රපටි පෙළගැස්ම සැලකිල්ලට අරගත්තොත්, පිළිවෙලින් මංගල් පාණ්ඩේ, ‍රංග්දෙ බසන්තී, ෆනා, තාරේ සමීන් පර්, ගජිනි. මේ චිත්‍රපටි අතරින් නැවත නිෂ්පාදනයක් වෙන ගජිනි චිත්‍රපටිය මඳකට අත්ඇරියොත් ඉතිරි හැම චිත්‍රපටියකම කතා තේමාවන් අති‍ශයෙන්ම සුවිශේෂීයි. ඒ අතරෙන් රං‍ග්දේ බසන්තී චිත්‍රපටිය සුවිශේෂයි. ගජිනි චිත්‍රපටිය ගත්තොත් චිත්‍රපටියේ කූටප්‍රාප්ති දර්ශනය එහෙම නැතිනම් climax එක, අමීර් ඛාන්ගේම රචනයක්. ඒක දමිළ චිත්‍රපටියට වඩා වෙනස්.

‍‍අමීර් ඛාන් ගැන අතිරේක විස්තරයක් ගෙනාවෙ චිත්‍රපටියට ඇතුළත්වෙන්න පාර හදාගෙන. කලින් රඟපෑම්වල අපූර්වත්වය දන්න නිසාම. අමීර් ඛාන්ගේ චිත්‍රපටියක් අතඅරිනවා බොරු! ඒකයි ආයෙමත් සැරයක් චිත්‍රපටිය බලන්න ගියෙත්!

වැඩවසම් ක්‍රමයයි, වර්තමාන ක්‍රමයයි අතර වෙනසක් නැහැ කියල තේරුම්ගියෙත් ‍මේ චිත්‍රපටිය බලලම තමයි. ඒක සංකීර්ණ කතාවක්. කෙටියෙන් කිව්වොත්… වැඩවසම් ක්‍රමය ඇතුළෙ කෙනෙක්ගෙ උපතින් කෙනෙකුගේ කුලය තීරණය වුනා. රැකියාව කුලය මත පදනම් වීම නිසා, කෙනෙක් කරන්නෙ තමන්ට කරන්න තියෙන දේ මිස, තමන්ට ඕනෙ දේ නොවෙයි. අලුත් ක්‍රමයත් වැඩවසම් ක්‍රමයට අලුත් ඇඳුම් ඇන්දවීමක් විතරයි. ඒක ටිකක් වැඩවසම් ක්‍රමයට වඩා සංකීර්ණයි. උපතින් මඟපෙන්වන්නෙ ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් වෙන්න විතරයි. ඒක ලංකාවෙ විතරක් නෙවෙයි. තවත් තැන් වල එහෙමමයි. ඒ අතින් බැලුවාම ඒක තමයි හැමදාටම ගැලපෙන ඇත්ත. ඒක ගැනයි අපි මෙච්චර වදවෙන්නෙ. නිව්ටන්ගෙ තියරි වගේ, ලෝකය කැරකෙන්නෙ අපිට තේරෙන්නෙ නැති ක්‍රමයක්, සිස්ටම් එකක් ඇතුළෙ. ඉතින් එහෙව් එකේ ‍ඒක වෙනස් කරන්න වෙරදරන කාලය හිත සතුටින් ජීවත් වීම, ක්‍රමය වෙනස් වීම නිසා සිහින කඩාගෙන බිම ඇදවැටීමෙන් ඇතිවන සමාජ කලකිරීමට වඩා හොඳයි කියලයි එක වෙලාවකට හිතෙන්නෙ.

කතා කරන්න පටන්ගත්තෙ ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටය ගැන. තමන්ගෙ ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරගන්න ඉංජි‍නේරු පීඨයට එන දෙන්නෙකුට. අපූරු කාමර සගයෙක් හම්බවෙනව. ඒ රැන්චෝ. යාලුවෝ දෙන්නාගෙ නම් කිව්වොත්, එක්කෙනෙක් ෆර්හාන් කුරේෂි. අනිත් කෙනා රාජු රස්තෝගි. මේ තුන්දෙනාගෙ චරිත වලට පණ පොවන්නෙ රංග්දේ බසන්ති චිත්‍රපටියෙදි මුනගැහුන යාළුවෝම තමයි. ඒ අමීර් ඛාන්, මාධවන් ‍වගේම ෂර්මන් ජෝෂි. තිරයෙ විවේක කාලයෙන් පස්සෙ ඇඟටයි හිතටයි දැනෙන්නෙ කම්පනයක්! ඒ කම්පනය දැනෙන්න නම් චිත්‍රපටිය බලන්නම ඕනෙ.

චිත්‍රපටය බොලිවුඩ් විලාසිතාවේම චිත්‍රපටයක් වුනත්, ඇතුළෙන් අපට නොදැනී ගලාගෙන යන කතාව විශ්වීයයි. සමහර වෙලාවට අපි හිනාවුනේ අපි අපිටම. අපි හිනාවුනේ නවකවදයට වෙන්න පුලුවන්. අපි හිනාවුනේ මොකක්හරි රඟපෑමකට වෙන්න පුලුවන්. ඒත් ඒ හිනාවුනේ අපි අපිටමයි.

චිත්‍රපටියෙ තියෙන්නෙ හිනාව විතරක් නෙවෙයි. කටේ හිනාව පුරවගෙන ඉදිද්දි එකපාරටම මුළු හිනාවම අපෙන් ඈතට අයින් කරල අපි හිනාවුනේ අපිටම කියල පෙන්නනව. කවදාවත් ප්‍රශ්න වලින් පැනල යන්න එපා. All Is Well කියල  හිතාගන්න. තමන්ගෙ හදවතට ඒක දැනෙන්න දෙන්න. එතකොට හැමදේම හරියාවි.

‍මේ චිත්‍රපටිය අපි විතරක් බලල ‍තේරුමක් නැහැ. අපෙ අම්මල තාත්තලාට මේව පෙන්නන්න ඕනෙ. ඒත් ඒ අයට කෝ මේව බලන්න වෙලාවක්?

මේ තියෙන්නෙ 3 IDIOTS චිත්‍රපටයේ වීඩියෝ කිහිපයක්. වෙබ් පිටුව මත පෙන්වීමේ හැකියාව නම් නැතිකරල. ඒක නිසා ගිහිල්ලම බලන්න වෙනව. බැලුවා කියල පාඩුවක් නම් නෑ!

තවත් වීඩියෝ මෙතැන තියෙනවා – http://www.youtube.com/user/3idiots

ජීවිතය, ආදරය, මිත්‍රත්වය, දෙමව්පිය දූදරු බැඳීම්, වගකීම් ගැන නිදහසේ කතාකරන මේ චිත්‍රපටිය කවදාවත් මඟහරින්න එපා. තියෙන තැනක් ‍හොයාගෙන බලන්න යන්න අද හෙටම.

ජීවිතය තනිකරම රේස් එකක්. දුවන්න, ඒත් හති වැටිලා නතර වෙන්න නම් එපා!

ප්‍රතිචාර 30 leave one →
  1. පෙබරවාරි 26, 2010 8:57 ප.ව.

    මමත්‌ මෙකනම්‌ බැලුවා. බලන්‌න උනා කිවුවොත්‌ වඩා නිවැරදියි. මැක්‌කා :p film එක.

  2. පෙබරවාරි 26, 2010 9:02 ප.ව.

    කාලෙකින් බලාපු හොඳ චිත්‍රපටයක් වගේම, ඒකට හොඳ ඌණ පූර්නයකුත් මේ ලිපියෙන් ලබා දීලා තියෙනවා කියලා මට නම් හිතෙනවා.
    :)

  3. පෙබරවාරි 26, 2010 9:14 ප.ව.

    මම මේතාක් බලපු හින්දි චිත්‍රපට වලින් මම ආසාවෙන්ම බලපු එකක් තමා මේක අනික අර මුලින් කියපු තාරේ සමීන් පර්.
    තව අලුත් ඒව දෙක තුනකට වැඩිය නෑ…. මෙච්චර හින්දි චිත්‍රපට තිබිලත් හුගාක්ම හිතට වැදුනෙ මේ දෙක තුන විතරයි මොකද ඒවා මගේ සහ මටම විශේසයෙන් හදපුවා කියල හැගුන නිසා (ආ අනිත් එක වේක් අප් සිඩ්… ඒකනම් සම්පූරනෙන්ම මම මයි)

    • පෙබරවාරි 27, 2010 11:08 පෙ.ව.

      මම සාමාන්‍යයෙන් වෙන චිත්‍රපටි වලට වඩා හින්දි චිත්‍රපටි බලපු කෙනෙක්. ඒත් දැන් බල‍න්නෙ ඊට වඩා සාපේක්ෂව බොහොම අඩුවෙන්. ත්‍රී ඉඩියට්ස් අපිටම කියාපු කතාවක්. බලාගෙන යනකොට චිත්‍රපටි කියන්නෙත්. අපි අපිමයි :)

  4. පෙබරවාරි 26, 2010 9:23 ප.ව.

    මේක සිරාම ෆිල්ම් එකක් තමයි. අමීර් මේක වෙනුවෙන් කෙට්ටු වෙලාද කියලත් හිතෙනව. අර ඉස්සර මේල් වලින් ආපු ප්‍රසිද්ධ ජෝක් ටිකත් තියෙනව නේ :)

    • පෙබරවාරි 27, 2010 11:11 පෙ.ව.

      ඔව්. අමීර් ඛාන්ට වයස අවුරුදු 40 පැනල වුනත් මොකද පෙනුමෙන් නම් ඒක කියන්න බැරි තරම්. අමීර් වගේම ෂාරුක් ඛාන් වුනත් එහෙමයි. ෂාරුක්ගෙ නම් ටිකක් වයස පේනවා. ඒ අතින් අමීර් ඛාන් නම් සර්වකාලීනයි වගේ. නලුවෙක් වුනාම ඒ චරිතය වෙනුවෙන් කොච්චර කැපවීම් කරන්න ඕනෙද කියල ලංකාවෙ නළුවන්ට තේරුම්ගන්න බැරිඑක නම් ඒ අතට දුකක්. :(

  5. පෙබරවාරි 26, 2010 9:31 ප.ව.

    මටත් බලන්න වාසනාව ලැබුණ මේ චිත්‍රපටය. කාලෙකින් බලපු හොද චිත්‍රපටයක්. විවේක කාලයට පෙර චිත්‍රපටයේ වෙන Twist එක නම් මරු.

    විනෝදාත්මක වුනත් සෑහෙන හිතන්න දේවල් ඉදිරිපත් කරන සිනමා පටයක්.

    • පෙබරවාරි 27, 2010 11:14 පෙ.ව.

      ඔව්. විවේක කාලය වෙලාවෙ අපි යාළු‍වො සෙට් එක අපි අපි මූනට මූන බලාගත්ත. ඒක මරු! විනෝදය යටින් හැංගිලා තියෙන ඇත්ත දකිනකොට ඒකත් ලොකු කම්පනයක්.

  6. පෙබරවාරි 26, 2010 9:34 ප.ව.

    මම නුවර ගිහින් එන කොට බස් එකේදි අක්කලා දෙන්නෙක් (අක්කලද දන්නැ :P ) ලැප්ටොප් එකකින් ඔක බල බලා අවා. මටත් free ම film එක බලාගන්න චාන්ස් එක ලැබුනා :D . කතාවෙ අන්තිම කොටසට එනකොටනම් මට නලියන්න ගත්තා. මොකා උනත් අවුලක් නෑ කියලා මම මගේ පෙන්ඩ්‍රයිව් එක දීලා, දාල දෙන්න කිවා. හික් හික් හී. හිනාවෙලා ටික් ගාලා දාලා දුන්නා. ( ඒ අතර් linux පාඩමකුත් ගියා :P )

    මැක්සා film එක මචන් එවගේම උබේ ලිපියත් ! :D

  7. පෙබරවාරි 26, 2010 9:42 ප.ව.

    කවදාවත් බැලුවට එපා වෙන්නැති වර්ගයටට අයිති චිත්‍රපටයක්! උපරිමයි!(සුපිරි)
    මේක බොලිවුඩ් ආදායම් වාර්තා තබපු හැටි බලන්න පහත සබැදිය බලන්න.
    http://randikasilva.blogspot.com/2010/02/blog-post_22.html

    • පෙබරවාරි 28, 2010 8:15 පෙ.ව.

      අනිවාර්යයෙන්ම. ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටිය නම් එපා නොවෙන ෆිල්ම් එකක්. ඒ ‍වගේම අමීර් ඛාන්ගෙ රංගනය ඇතුළත් චිත්‍රපටි හැම එකක් වගේම එහෙමයි. ඒ අතින් බැලුවාම අමීර් ඛාන් කියන්නෙ විශිෂ්ටතම රංගන ශිල්පියෙක්.

  8. පෙබරවාරි 26, 2010 11:21 ප.ව.

    අවුරුදු ගාණකට පස්සේ බලපු මල් 7 තේ හිංදි චිත්‍රපටයක් , බැලුව නැති අයට බලාගන්න කියලා ඕං බලාගන්න link ටිකත් දැම්මා ..

    පලමු කොටස
    http://www.break.com/usercontent/2010/1/3-idiots-part-1-1658283

    දෙවන කොටස
    http://www.break.com/usercontent/2010/1/3-idiots-part-2-1658279

    තුන්වන කොටස
    http://www.break.com/usercontent/2010/1/3-idiots-part-3-1658280

    හතරවන කොටස
    http://www.break.com/usercontent/2010/1/3-idiots-part-4-1658281

    පස්වන කොටස
    http://www.break.com/usercontent/2010/1/3-idiots-part-5-1658282

  9. පෙබරවාරි 26, 2010 11:26 ප.ව.

    මමත් මේක බැලුවා. සෑහෙන කාලෙකින් බලපු හොඳ චිත්‍රපටයක්. මේකෙන් කියවෙන කතාවත් අද කාලෙටම වටිනවා.

    • පෙබරවාරි 28, 2010 8:24 පෙ.ව.

      අනිවා. විශේෂයෙන්ම තාම ඉගෙනගන්න ව‍යසෙ ඉන්න අයට ගොඩක් වැදගත්. හැබැයි උසස් පෙළ කරන අය නම් මේක බැලුවොත් ඇතිවෙන්නෙ කලකිරීමක් වෙන්නත් පුලුවන්. ඒක නිසා පොඩි වයසෙදිම මේ චිත්‍රපටිය බලල හිටියොත් නම්, ජීවිතේට ගොඩක් වැදගත් වෙයි.

  10. පෙබරවාරි 27, 2010 8:26 පෙ.ව.

    ඕය චිත්‍රපටියේ යටින් ගලාගෙන යන වැදගත් පාඩමක් තියෙනව. දැන් තියෙන මේ අධ්‍යාපන ක්‍රමය විවේචනය කරනවා. මේ තියෙන විතණ්ඩවාදී ක්‍රමය ගැන මගේ කිසිම කැමැත්තක් නෑ. කියවල බලන්න සොක්‍රටීස් ක්‍රමය ගැන.

    http://mihisara.net/achchaaru/2010/01/%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A7%E0%B7%93%E0%B7%83%E0%B7%8A/

    ඔන්න මම ඒ ගන ලියපු පොඩි සටහනක්

    • පෙබරවාරි 28, 2010 8:26 පෙ.ව.

      අච්චාරු බ්ලොග් එකේ තියෙන ලිපිය මරු. වැඩේ තියෙන්නෙ, මේ දේවල් කොච්චර හොඳ වුනත්. අපිට සිද්ධ වෙලා තියෙන්නෙ හොඳ නැති ක්‍රමයක් ඇතුළෙම දුවන්න වෙලා තියෙන එක. හොඳ මේකයි කියල දැන දැනත්, නරකම තෝරගන්න වෙලා තියෙන එක ගැන මොකද හිතෙන්නෙ?

  11. පෙබරවාරි 27, 2010 9:50 ප.ව.

    නියම ෆිල්ම් එක. ඒ වගේම තමයි උඹ දෙන intro එකත්. අන්තිමට අපිට කියන්න තියෙන්නේ Glad I’m an Idiot කියන එක.

    රඟදේ බසන්ති තරම් තරුණ හිතකට තට්ටු කරන ෆිල්ම් එකක් හින්දි ෆිල්ම් වලින් හොයාගන්න අමාරුයි.

    • පෙබරවාරි 28, 2010 8:28 පෙ.ව.

      ඔව්. රංග්දේ බසන්ති චිත්‍රපටිය කියන්නෙ දරුණුම කම්පනයක්. ඒක නම් සිරා! ක්‍රමය ගැන විචේචනයට අමීර් ඛාන්ගෙ රංගනය ඇර වෙන රංගනයක් නැති තරම්!

  12. පෙබරවාරි 27, 2010 11:10 ප.ව.

    කියලා වැඩක් නෑ… කොරම film එක.. කැම්පස් එකේ විභාගෙ ඉවරවෙච්ච දවසෙම කෙලින්ම ගියෙ ඕක බලන්න.
    මං දැක්ක එක දෙයක් තමයි කොච්චර හිනා යන scenes මැද්දෙ උනත් ශෝකජනක සිද්ධියක් වුනු ගමන් අපේ දෑස් ‍තෙත් වෙනවා. ඒ තරමටම හාස්‍යය සමග දුක අපූරුවට මිශ්‍ර කරලා තියෙනවා.
    “Give me some sun shine… Give me some rain… Give me another chance… I wanna grow up once again…” සිංදුවත් හරීම අපූරුයි.

    • පෙබරවාරි 28, 2010 8:31 පෙ.ව.

      //මං දැක්ක එක දෙයක් තමයි කොච්චර හිනා යන scenes මැද්දෙ උනත් ශෝකජනක සිද්ධියක් වුනු ගමන් අපේ දෑස් ‍තෙත් වෙනවා. ඒ තරමටම හාස්‍යය සමග දුක අපූරුවට මිශ්‍ර කරලා තියෙනවා.//

      මෙන්න මේක තමයි මේ චිත්‍රපටියෙ තියෙන සිරාම සංසිද්ධිය. අපිට වැඩි වෙලා හිනාවෙන්නවත්, අඬන්නවත් දෙන්නෙ නැති චිත්‍රපටියක්. ඒ කියන්නෙ ජීවිතේ එන ප්‍රශ්නවලට වැඩිපුර සිත් තැවුලෙන් ඉන්න එපා කියන එක.

  13. කසුන් permalink
    පෙබරවාරි 28, 2010 11:11 පෙ.ව.

    මම මේක බැලුවෙ ගිය සතියෙ අහම්බෙන් කිව්වොත් හරි.
    අමීර් ඛාන් රඟපෑ, ඔහුගේ මෑතකාලීන චිත්‍රපට වල ඇති සුවිශේෂි බව ගැන වගේම මේ එක්කම මට හිතුනු තවත් දෙයක් තමයි ජනප්‍රිය හින්දි සිනමාව තුල දැන් නිර්මාණය වන බහුතරයක් චිත්‍රපට සමාජ කාරණා වල හෝ මිනිස් හැඟීම් වල මතුපිට ස්පර්ෂ කරනවාට වඩා ඊට ගැඹුරට යන්න උත්සහ කරනව කියල.
    පරණ මල්ගස් වටේ දුවන, වීරයා-දුෂ්ඨයා කතා ආකෘතියෙන් එහාට ගිය පරිණත තැනකට දැන් හින්දි සිනමාව ඇවිත්.

    • මාර්තු 1, 2010 6:57 ප.ව.

      ඔව්. විශේෂයෙන්ම අමීර් ඛාන්ගෙ රංගනයෙන් දායකත්වය දැක්වුන චිත්‍රපටි ඒ අතර සුවිශේෂයි. හුදෙක් වාණිජ චිත්‍රපටි කලාවෙන් මිදිල වාණිජත්වයත් එක්කම මතුවුන අපූර්ව චිත්‍රපටි කලාවක් දැන් ඉන්දියාවෙන් රැල්ලක් විදිහට නැගෙමින් තියෙනව. ඒකෙන් පේන‍්නෙ එක්තරා ආකාරයකින් ඉන්දියාවෙ ඇතිවෙමින් තියෙන ආකල්පමය වෙනස්වීම වෙන්නත් පුලුවන්.

  14. මාර්තු 9, 2010 11:13 ප.ව.

    මරු movie එක යාලුවා.. මම සාමාන්‍යයෙන් හින්දි බලන්නෙ නෑ. ඒත් මේක seek කර කර ඉද්දි බලන්න හිතුනා. ඉතින් ඉවර වෙනකන් එක දිගටම බැලුවා.. my name is khan බලන්න පටන් අරන් ටික වෙලාවකින් මට නින්ද ගියා.

  15. මාර්තු 18, 2010 8:55 පෙ.ව.

    3 ඊඩියට්ස් ගැන කොයි තරම් කතා කලත් එපා වෙන්නේ නැහැ. මල්ලි, අර ඔයා කිවුව ආමීර් ඛාන් මූවි ලිස්ට් එකට “ලගාන්” මූවි එකත් එකතු කරන්න. ඔස්කාර් වෙනුවෙන් ඉන්දියාව නියෝජනය කළ නිසා නෙවෙයි. මම දැකලා තියෙන හොඳම ප්ලොට් එකක් නිසා.

    3 ඊඩියට්ස් ගැන තව විස්තර කියනවා නම්, මේ තුන්දෙනාම 40පනපු සහ කිට්ටු කරපු අයනේ. (ශර්මන් ජෝෂි විතරයි බාල) ඒ නිසා මේ තුන් දෙනා ඔය ෆිල්ම් එකේ පෙන්නන විදියේම College එකක ටික දවසක් ගත කළා.

    ෆිල්ම් ෆෙයාර් එකේ ආමීර්ට සම්මානයක් ලැබෙන්න තිබුනා හොඳම නළුවට…

  16. අප්‍රේල් 5, 2010 11:54 ප.ව.

    මමත් ආසාවෙන් බලපු,බලන ෆිල්ම් එකක්..

Trackbacks

  1. තවත් සියදිවිනසාගැනීමක්! « සුදාරකගේ අන්තර්ජාල සටහන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS