Categories
විවිධ

කෙටි සටහනක්

රුපියල් හැත්තෑපන්දහසක් ලබාදී මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී මාසය මාසය බැගින් විධායක ජනාධිපති ක්‍රමයේ සුව පහස විඳීමට තට්ටු මාරු ක්‍රමයට සෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට අවස්ථාව ලබාදෙන්නේ නම් මැනවි. පෙබරවාරි මාසය සඳහා විධායක ජනාධිපති ධූරය සඳහා ලියාපදිංචි වන අපේක්ෂකයාට වි‍ශේෂ වට්ටම් ලබාදීමට හැක. එතකොටවත් සාමාන්‍ය ජනතාවට ඔවුන් මොන රෙද්දක් කරගත්තත් සැනසිල්ලේ සිටීමට හැකිවනු ඇත.

7 replies on “කෙටි සටහනක්”

මල්ලි ඔය හැත්තෑපන්දහ වැඩක් නෑ… ඔය එක අපේක්ෂයෙක්ට “මැතිවරණ කොමසාරිස්” වියදම් කරන ගාන ඊට ගොඩක් වැඩියි. රූපවාහිනියෙ, ගුවන් විදුලියෙ කතා කරන්න වෙලාව දෙන්න, හැම ඡන්දදායකයෙක්ට ම එක ලියුම ගානෙ යවන්න නොමිලේ පහසුකම් දෙනව… මේවට කෝටි ගණන් යනව. ඒ මදිවට කොල්ලයි බල්ලයි චීවරධාරියොයි හැමෝම ජනාධිපති වෙන්න යනව. එ නිසා ඔය ඇප මුදල රු. 1,000,000 ක් වත් කරන්න ඕනෙ.

ඔව්. උඹේ ඔය අදහස ‍විහිලුවක් ද? ගොඩක් හයියෙන් හිනාවෙන්න. පොරොත්තු ලේඛනයකුත් හදන්න වෙයි.

මුලට යුද්ධය ඉවර කරන්න සම්මාදම් ‍වුණු ‍එවුන්.

1. යුද හමුදාපති. 2. නාවික හමුදාපති 3. ගුවන් හමුදාපති, සියලුම commissioned officer ලා, non-commissioned officer ලා, ලාන්ස් කෝප්‍රල්ලා වෙනකම් සියලුම සෙබලු, හමුදාවට උදවු කරපු උන්, සල්ලි දුන්නු උන් (ඩයලොග් එක වෙනුවෙන් හාන්ස්), මේ list එක ඉවර වෙන්නේ නාට්ටාමිලාගෙන්. උනුත් යුද්ධය සාර්ථකව කරන්න දායක වෙලා ඇතිනේ ආමි එකේ supplies පිටකොටුවෙන් පටවලා දීලා. (උන්ගේ දෑත් පිරිසිදුයිත් එක්ක උන් කීයක්වත් ගසා කාලා නෑ යුද්ධය මගින්. නියම යුධ වීරයෝ.)

දැන් තේරුණාද සැබෑ විහිලුව? තේරුම් ගන්නට හැකි වේවායි පතනවා.

හැබැයි මේක හරියටම තේරුණානම් උඹට හයියෙන් හිනා යාවි.

අන්තිමට හයියෙන් අඬන්න හිතේවි. අපි හිනාවුන දේම නේද මේ වෙන්නේ කියලා

නියම උපහාසයක්, ඇතැම් අයට රිදිලාද මන්දා!

ඒකත් හොඳා හොඳ හොඳ විහිළු කතා, හොඳ හොඳ තෙල් වට්ටම්, හොඳ හොඳ නිදහස් කෙරිලි, හොඳ හොඳ පස මිතුරු-මිතුරු වෙයල්ලී, හොඳ හොඳ පාට මාරු කෙරෙල්ලී….

අනේ වාසනාවන්! විධායක ජනාපතික්‍රමය නිකං ලයිට් වැලක් වගේ වුණා නම්…

එපා වෙලා තිබ්බ මට තවත් එපා වෙලත් නිකං ආතල් එකක් කික් එකක් ලැබුණේ මේපාර එකෙන්!

Leave a Reply to ~බිன்ku~ Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.