Categories
කාලීන ජීවිතේ දේශපාලනික විවිධ

සිස්ටම් එක සහ තවත් කතා

කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් ලිපියක් ලියන්නෙ. කොච්චර ලියන්න හැදුවත් මට මුකුත් ලියවෙන්නෙ නැති තරම්. මේ සිස්ටම් එක ඇතුළෙ වෙලාව යනව කියන දේ තේරෙන්නෙ නැති එක ‍‍සමහර වෙලාවට සහනයක්. සමහර වෙලාවට අසහනයක්. ‍ලංකාවෙ මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් ඉවරවෙනකොට තවත් ට්‍රෙන්ඩ් එකක්. බොහෝ වෙලාවට මේ ට්‍රෙන්ඩ් එක නිර්මාණය කරන්න කෙලින්ම දායකත්වය දෙන්නෙ ජනමාධ්‍ය. ඒ මට හිතෙන විදිහ. අලුත්ම ට්‍රෙන්ඩ් එක මේ ලංකාවෙ සිස්ටම් එක ඇතුළෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ‍මට මතක ඇති කාලයක ඉඳල හැමදෙනාම තමන් බලයට පත් වුනේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල කියාගෙන. ඒත් කෙරුන අහෝසි කිරීමක් නැහැ තවත් ඒ තනතුරේ අධිපතීත්වය වැඩිවෙනව ඇරෙන්න. ඉතින් මං නං කියන්නෙ මේ සිස්ටම් එක ඇතුළෙ තමන්ගෙ ඡන්දයට එච්චර ‍ලොකු වටිනකමක් නැහැ කියන එකයි. දැන් ඔය සටන්වදින පාර්ශව වලට ඔය කියල ලොකූ උවමනාවක් තියෙනවනං විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, ඒක මහලොකු අමාරු දෙයක් නෙවෙයි. මෙතන තියෙන්නෙ තනිකර බලය පිළිබඳ ප්‍රශ්නයක්.

අපේ අම්ම සපෝර්ට් කරන්නෙ එක පාර්ශවයකට
අපේ තාත්ත සපෝර්ට් කරන්නෙ ඒකෙ විරුද්ධ පාර්ශවයට.

ඉතින් මම අහගෙන දෙන්නාගේ විවාද…

දේශපාලනය ගැන ගේ ඇතුළෙ කතාවක් ගිහිල්ල තාත්ත මගෙන් අහනව…
“එහෙම නේද?”
කියල…

මම ඔළුව වනනව.

අම්ම මගෙන් අහනව…
“එහෙම නෑ නේද?”

මම ඔළුව වනනව.

මට දැන් මේ සිස්ටම් එක ඇතුළෙ ඔළුව වනල එපා වෙලා… ප්‍රතිපාදනය සපයන ආයතන දෙක තරහ කරගත්තොත්, මාත් ඉඳල ඉවරයි නෙව.

මම නං කියන්නෙ තමන්ගෙ ඡන්දය ප්‍රතික්ෂේප කරන්න කියල. ලංකාව වගේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී “රාජ්‍යයක්” ඇතුළෙ ඡන්දය පාවිච්චි කරනවා කියන එකත් විහිළුවක්. ඔය ඡන්ද වලට වියදම් කරන සල්ලි වලින් මේ රටේ පුංචි එවුන්ට පොතක් පතක් දෙන්න, එඩ්යුකේෂන් සිස්ටම් එක හදන්න ට්‍රයි එකක් දුන්නොත්. අපිටත් දවසක ඉර පායාවි.

ඒක තමයි සිස්ටම් එක ඇතුළෙ අපේ කතාව. මම තීරණය කළා සෑහෙන්න කාලයක් යනකං (ඡන්ද බලය ලැබුනාම) ඡන්දය පාවිච්චි නොකර ඉන්න.

11 replies on “සිස්ටම් එක සහ තවත් කතා”

මටනම් ඡන්දෙ දාන්න වෙන්නෙ නෑ, ඊට වඩා හොදයි ගෙදර යන එක,එක නිවාඩුවක් දාගත්තම දවස් හතරක්ම ඉන්න පුළුවන්

“ඔය ඡන්ද වලට වියදම් කරන සල්ලි වලින් මේ රටේ පුංචි එවුන්ට පොතක් පතක් දෙන්න, එඩ්යුකේෂන් සිස්ටම් එක හදන්න ට්‍රයි එකක් දුන්නොත්. අපිටත් දවසක ඉර පායාවි.”
මෙන්න මේක නම් සුදාරක මලයෝ 100% ඇත්ත කතාව…මාත් එකඟයි මේ ප්‍රකශය එක්ක…මේ පාරත් කෝටි 150ක්ද කොහෙද වියදම් කරන්න කට්ටිය ලැස්ති වෙලාලු නේ? කජු ඇටද? කොස් ඇටද??

මගේ ඡන්දෙන් වැඩක් නැහැ කියලා මන් දන්නවා ඒත් මන් ගිහින් ඒක දාන්නේ නැත්නම් වෙන එකෙක් ඒක දාන නිසා. ඒත් එහෙම දාලත් වැඩක් නැහැ මොකො උන් දිනල එහාට මෙහාට පනිනවනේ

එහෙම නේද?
ඔලුව වැනුවා
එහෙම නේද ?
ආයි වැනුවා

වනල වනල
වණ වැඩිවෙලා
බෙල්ල කැඩිලා
බිමට වැටුනා

[ දෙපැත්තටම පක්ෂපාත බව වැඩිවී පමණ ඉක්මවා වැනීම නිසා [පොදු] පාක්ෂිකයා බෙල්ලකැඩී මියයයි.. -පුවතක් ]

හිකිස්… මරු ලිපියක්..
මට නම් තාම එක ජන්දයක් විතරයි ජන්ද අයිතිය තිබුනේ.. ඒකට නොයා ඉන්න ෆුල් ට්‍රයි එක දුන්නට අම්මා ඉතිං කියවන්න ගත්තා.. ඔයාගේ අයිතිය බ්ලා බ්ලා බ්ලා…මං ඉතිං ගිහිං කොලේ මැද්දේ ලොකූ කතිරයක් ගහලා අවා.. කොහොමත් අපි ස්කෝල වල ඉගනගත්තේ කතිර ගහන්නේ වැරදි දේවල් වලට කියලානේ.. ඒක තමා මනාප වලත් කතිර ගහන්න කියනවා ඇත්තේ..අපේ තීරණය කොහොම කලත් වැරදියි කියන එක මිනිස්සුන්ට නොකියා කියන්න..

දෙපැත්තම කන්ට්‍රෝල් කරන් හිටියනම් වැඩේ ගොඩ. නැතිනම් දෙපැත්තෙන්ම කන්නයි වෙන්නේ.

සරලම සරලත්මයෙන් කිව්වොත්, මට ඕකම තමා කියන්න තියෙන්නේ.
මේක පුදුම සිස්ටම් එකක් නෙව අප්පා!!!

දැන් මෙහෙමනන් ඡන්දේ ලං වුනාම කොහොම තියේවිද. කෝකටත් ඒ කාලෙට ඉන්න තැනක් සෙට් කරගෙන ඉන්න. ඒක ඇඟට ගුණයි.

මටත් ඔය සංසිද්දියම තමා. මාත් ඉතින් දෙපැත්තට වැනි වැනී ඉන්නවා 😛 . ඉඳල හිටල ඔලුව වනනවාට වැඩි යමක් කරන්න ගියොත් ඒ කියන්නෙ මගේ නිර්මළ අදහස් 😉 ප්‍රකාශ කරොත් එහෙම තාත්තාගෙන් හොඳවයින් බැනුමක් අහලා තමයි වැඩේ කෙලවර වෙන්නෙ 😀 . කොහොමටත් මමත් ඡන්දෙ නම් දාන්න යන්නේ නෑ. ඔය පෝලිම් ගානේ රස්තියාදු වෙනවාට වඩා හොඳයි ගෙදරට වෙලා කාගේ හරි බ්ලොග් එකක් බලනවා 😉 .

Leave a Reply to Rasika Suriyaarachchi Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.