මේකත් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරගන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ. මොකද දැනටමත් දෙක තුනක් ලියලා මකලා ආයෙත් ලියලා ඉන්න නිසා වැඩේ අතෑරලා දාලා ඉන්නකොටයි මේ ආනන්දවර්ධන මාමා එක්ක සංවාදගත වෙලා ඉන්නකොට ලියලා ඉවර කරන්න ඕනෙයි කියලා අදහස ආවේ.
ඊයේ තිබුන භෞතික විද්‍යා පංතිය අකමැත්තෙන්ම කට් කරලා දාන්න වුනේ (හෝව්! ගෙදර අයට සිංහල යුනිකෝඩ් නැති නිසා හොඳයි. ඔන්න ඉතින් ගෙදරට මාට්ටු කරලා කැත වැඩ එහෙම කරනවා නෙවෙයි!) මේ අකුරු මංපෙතට එන්න ඕන නිසාමයි. මොකද මේ පාර අකුරුමංපෙත හරි විශේෂයි. මොකද මේ පාර කතාවට ගැනෙන්නේ අටවක පුත්තු පොත වෙච්ච නිසයි. ආයෙමත් අමුතුවෙන් අටවක පුත්තු පොත ගැන කියන්න අවැසි නැහැනේ. මේ පොත ජීවිතේ වෙනස් කරපු සංධිස්ථානයකට පැටලිලා තියෙන නිසා පොත ගැන තියෙන්නේ පුදුම ඇල්මක්. ඉතින් එහෙව් එකේ පොත ගැන කෙරෙන කතාවක් කොහොම කියලා මඟ අරින්නද. ඉතින් අන්න ඒ කාරණේ නිසා එක දවසකට වුනත් භෞතික විද්‍යාවට වාරණයක් දාගත්තු එක ලොකු පාඩුවක් නම් නෙවෙයි. පාඩුවක් තමයි. ඒත් ඉතින් මොනවාමහරි දෙයක් ලබාගන්න මොනවාමහරි දෙයක් කැපකරන්න වෙනවා නෙව.
මේ පාර අකුරු මංපෙතේ කියවන්න ගැනෙන්නේ අටවක පුත්තු පොත කියලා ඇහිච්ච ගමන්ම යන්න ඕනේ කියන අදහස ඔලුවේ තිබුනත්. එච්චර කික් එකක් තිබුනේ නැත්තේ වෙලාව ප්‍රශ්නය නිසා. නුගේගොඩ ඉඳලා සැලකිය යුතු ඩොටේ දුරකින් ගෙදර පිහිටලා තියෙන නිසාත්, යායට පායනා පෝදා හඳ වගේ භෞතික විද්‍යාවට පායන පුරහඳ බලාගන්න තිබුන අවශ්‍යතාව නිසාත්… කොහොමත් මේ වගේ කාලෙක රෑ ජාමේ තනි පංගලමේ මං වගේ කොල්ලෙක් යන එකේ විශාල අවුලක් 😉 (මට නෙවෙයි, ගෙදර අයට) තිබුන නිසාත්. යන්නමයි කියලා ඔළුවට බලපෑමක් ආවේ නෑ. ඔන්න ඔය අතරේ තමයි අර කලින් එකමත් එක පිටරටක කවි පොත කියවලා ලියපු සටහනට අපේ පාලිත සහෝදරයා එකතු කරපු ප්‍රතිචාරයෙන් කියවුනු විදිහට මේ පොත් කියැවිල්ලට ලියනගේ අමරකීර්ති සූරීනුත් සහභාගී වෙනවා කියන කාරණේ දැකලා, අර අකුරු මංපෙතට යන්න ඕනේ කියලා හිතට ආපු අදහස තහවුරු වුනා. ඉතින් මං විතරක් මේකට තනියම යන එක හරි නෑ නෙව. කතා කරා මාත් එක්ක අටවක පුත්තු බෙදාගත්තු අංජුට. අංජුට පස්සේ අපේ නිමේෂ්ට. ඒ වගේම අපේ ඉද්දාට. ඒ වගේම අපේ සාහිත්යේ සභාපති තුමාටයි, ලේකම් තුමාටයි දෙන්නාටමත් එන්න කිව්වා.
ඉද්දාට නං ඉතින් ගෙදරින් සම්බාධක පනවලා යුධ මුක්ත කලාපයකට හිර කරලා තිබුන නිසාත්, හමුදාව වගේ පස් බැමි බිඳගෙන යන්න බැරි නිසාත් ඉද්දාව අතාරින්න වුනා. ඉද්දාටත් වැඩසටහන අතාරින්න වුනා. ඒ වගේම නියම වැඩේ කියන්නේ, අපේ සභාපති තුමා හිතාගෙන තියෙන්නේ සරසවිය කිව්වාම විශ්ව විද්‍යාලේ කියලා. අන්තිම මොහොතේ සරසවියට ඇවිල්ලා ඒ අය ආපහු හැරිලා ගිහිල්ලා කියලා තමයි මට දැනගන්න ලැබුනේ. ඔන්න දැක්කාද වැඩිපුර සමාන පද දැනගෙන හිටියාම වෙන වැඩ? 😀 අන්තිමේ සභාපති තුමා අහලා තිබුනා…
තෝ අපිට පොල්ල තිබ්බා නේද?
මොනවා කරන්නද ඉතින්… මායි, අංජුයි, නිමේෂුයි, අපේ ලේකම් ලහිරුයි අපේ කණ්ඩායමෙන් අකුරු මංපෙතට සහභාගී වුනා. ආරංචි විදිහට මේ පස්වැනි කියැවීම. අපේ පළවෙනි කියැවීම. අපි පහයි හතළිස් අට වෙනකොට සරසවිය ඇතුළේ. එතකොට කට්ටිය ඇවිල්ලා හිටියා වුනාට පටන් ගෙන තිබුනේ නෑ. ඔය අතරේ කවුරුහරි මට එක්තරා පුද්ගලයෙක් පෙන්නලා කිව්වාට අර තමයි ලියනගේ අමරකීර්ති කියලා… මට හිතාගන්න බැරිවුනා. ඒ අතින් පුද්ගලයින් අඳුනාගැනීම කියලා විෂයක් උසස් පෙළට තිබුනොත් අනිවාර්යයෙන්ම මට සෙකන්ඩ් ෂයි එක… අඩුගානේ තර්ඩ් ෂයි එකවත් කරලා තමයි නවතින්න වෙන්නේ. වැඩසටහන පටන්ගත්තාමයි දැනගත්තේ ඒ තමයි මම අදහන අටවක පුත්තු පොතේ කර්තෘ ලියනගේ අමරකීර්ති ශුරීන් කියලා…
ආරම්භය ඉතාමත් හෙමින් වුනාට… ටික ටික – ටික ටික වැඩේ නැගලා යන්න පටන් ගත්තා. මුලින්ම ලියනගේ අමරකීර්ති සූරින්ගෙන් පටන්ගත්ත කියැවීම් වාරය, එතුමා පොතේ කැමති තැන් වලින් කියවන්න පටන් අරගත්තා. එතුමා කියපු විදිහටම. පොතේ කැමති තැන් කියවන්න ගියා නං… මුලු පොතම කියවලා තමයි නතර කරන්න වෙන්නේ. ඔහොම පටන් ගත්ත අටවක පුත්තු කියැවීම ඊට පස්සේ අපේ රටේ දේශපාලනය, සමාජය වගේ තැන් කියවන්නටත් පටන්ගත්තා. ඒ කියැවීම ඉතාමත්ම ආශ්වාදජනක වුනා කියලා තමයි පස්සේ අපේ ගැන්සියේ අයත් එක්ක කතා කරනකොට මටත් තේරුනේ. ඉක්මනට ගෙදර යන්න ඕනේ නැත්තං අම්මාගෙන කේස් වැටෙයි කියලා කලින් යන්න සෙට් වෙලා හිටපු අපේ නිමේෂුත් සරසවියේ ටයිල් උඩ අපි වගේම කතාවට වහ වැටිලා ටයිල් වලට ඇලවිලා හිටියා. ඒ අර දෙල් ගෙඩිය, දමයන්තගේ ඔළුට උඩට ගෙනආපු, එහෙමත් නැත්තං ලියනගේ අමරකීර්තී සූරීන් කියපු විදිහට එතුමාගේ ඔළුට උඩටත් දෙල් ගෙඩියක් ගෙන ආපු ගුරුත්වාකර්ෂණය නිසා නෙවෙයි. එතන තිබුනේ අකුරුමංපෙතාකර්ෂණය කියලා තමයි දැන් මේ ලියන වේලාවේ මට හිතුනේ. සංවාදය නම් අටවක පුත්තු පොත වගේම හරිම රසවත්. පොතේ කතාව විග්‍රහ වෙද්දී, එතනට එකතුවෙලා හිටපු තවත් මහත්මයෙකුත් දැන් සමාජය ගැන අදහස් දැක්වීමක් ඉදිරිපත් කරපු වෙලාව හුඟක් හිතට වැදුනා…
මේ අලුත් පරම්පරාව. පොෂ් විදිහට ඇඳුම් අඳින මොබයිල් ෆෝන් අතේ තියාගෙන රසාස්වාදයෙන් ඈත් වෙලා ජීවත් වෙනවා කියලා තමන් හිතාගෙන හිටපු මතේ මෙතනට ඇවිල්ලා තමන්ට අමතක වුන බව කිව්වාම අපිට ඇතිවුනේ සියුම් සතුටක්.
ඒ වගේම කියන්න ඕනේ කාරණයක් තියෙනවා. මතය 50%ක් හෝ, 75%ක් විතර සාධාරණීයකරණය කරන්නත් බැරි කමක් නෑ. මොකද මේ තියෙන ක්‍රමයක් එක්ක එහෙම කට්ටිය තමන්ගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිරවෙලා. ඉතින් එහෙම අයට අදකාලේ අකුරු මංපෙත ඒ හිරවෙච්ච බැම්ම කඩාගෙන එළියට එන්න හොඳ තෝතැන්නක් වේවි ඉස්සරහට.
වෙලාව කියන දේ හැමදේටම සීමාවක් තියන නිසා අකුරුමංපෙත නවත්තන්න වුන එක ගැන හරිම කණගාටුවක් අන්තිමට දැනුනේ. ලියනගේ අමරකීර්ති සූරීන් වගේම එතනට එකතු වෙලා හිටපු අනිත් අයත් දැන අඳුනාගන්න ලොකු ආසාවක් තිබුනා වුනාට. තවත් වෙලා එතන හිටියොත් මගේ වගේම අපේ ගැන්සියේ අයගේ වෙලාව නරක අතට හැරෙන නිසා දුකෙන් වුනත් අපි ගැන්සිය එන්න පිටත් වුනා. ඉතින් අපිට සමාවෙන්න ඕනේ තවදුරටත් එතන රැඳිලා හිටියේ නැති වුනාට. පස්සේ දවසක නැවතත් හමුවෙමු!
හැබැයි ලොකු චෝදනා පත්‍රයක් මට තියෙනවා සංවිධායකින්ට එල්ල කරන්න.
වෙලාව අන්තිම නරකයි 😀
වෙලාව නරක නිසා කතා කරලා විසඳගන්න ලැබෙන කාලයත් අඩුයි 😀
ලොකු කිව්වාට ලොකුම නෑ, පේලි දෙකක් විතරයි. ඒත් ඉතින් අප්පා පුංචි පහේ අපි අකුරු මංපෙතට ගිහිල්ලා ගෙදර යනකොට ගෙදර උන්දැලා කැති-පොලෝ-මුඟුරු-මන්න-අරවා-මෙව්වා උස්සගෙන යුධ ප්‍රකාශ කරලා පවුලෙන් නෙරපලා ඇරියොත් කාට කියන්නද… තොපි ගිහිල්ලා රොටරි කැන්ටිමෙන් කාලා සරසවියෙම පුටුවක් උඩ බුදියගනිං කිව්වොත් කාට කියන්නද… නිදහස් නිස්කලංක හවසක් හරි… විශේෂයෙන්ම උදැසනක් හරි මේකට යොදාගත්තා නං අගේ කියලා නිමකරන්න බෑ. සතිඅන්ත (ඉරිදා) උදයක් වුනානං මරු. වෙලාවත් ඇති තරම් තියෙනවා නෙව. කට්ටිය දහම් පාසල් යන්නෙත් නෑ නෙව 🙂 මොනවා වුනත් ඉතින් අපි දන්නවා. කට්ටියට වැඩ තියෙනවා තමයි. ඉතින් අපේ පැත්තෙන් චෝදනාව ඒක තමයි. ඉතින් විත්තිකරුවෝ සලකා බලත්වා. අපිට රසවත් අත්දැකීමක් දුන්නාට බොහොම ස්තූතියි!
—
ෂහ්. පුදුමයි. මේක ලියැවිලා ඉවරයි නෙව. මට දැන් ලොකු ලෙඩක් තියෙනවා වගෙයි පේන්නේ. මොකද ලියනවා කියලා හිතාගෙන ලිව්වොත් ලියවෙන්නේ නෑ. වෙන වෙලාවක ඔන්න අහම්බෙන් පටන්ගත්තොත්… මෙන්න බොලේ ලියැවෙනවා! 😀
24 replies on “අකුරු දිගේ පියමනින්න – එන්න අකුරු මංපෙතට”
[…] http://blog.sudaraka.org/2009/08/akuru-manpetha/ […]
සති අන්තේ නැත්ද ? 🙁
ඒක තමයි. සති අන්තයේ සෙට් වෙන්න තිබුනානං තමයි වඩා හොඳ.
මට නම් අකුරුමංපෙත ගැන චෝදනා ගොඩාක් තියෙනවා…ඒක පස්සේ කතාකරමු.ඇත්තමට සුපුන්ට මෙකේ තියෙන මම ආසම කරන කොටස මිස් උනා.ඒක තමයි වැඩසටහන ඉවරවෙලා තියෙන නිලනොවන කතාබහ.මම මේකේ වැඩිපුරම ආසකරන කෑල්ල ඒකයි. එතනදි තමයි අපි අපි ගොඩාක් අදුරගන්න ලැබෙන්නේ සහ කතුවරයා එක්ක බොහොම සමීපය කතාකරන්න ලැබෙන්නේ.සරසවිය ඉස්සරහ කතාකරකර ඉදලා පස්සේ ගිහිල්ලා බොන ප්ලේන්ටිය තමයි හරිම රසවත්.සුදාරකට ඉක්මනටම යන්න ඕන උන නිසා නිදහස්කරන්න සිද්ද වුනා.
කොහොම වුනත් මේ වැඩසටහන සංවිධානය කරන සේතුක ප්‍රකාශකයෝ(එදා එහි සාමාජිකයෙක්ගේ පියාගේ මරණය නිසා සංවිධාකයෝ ඇවිත් ගිහියේ අඩුවෙන්) මේ වැඩසටහන පාසැල් වලත් පටන් ගන්න බොහෝම කැමැත්තෙන් ඉන්නේ.විශේෂයෙන් සාහිත්‍ය නිර්මාණ වල නිර්මාණකරුවා සමගම ඒ සංවාදය කරන්න ලැබීම හොද දෙයක් වගේම එසේ නොමැතිව පිරිසක් පොතක් ගැන කතාකරන්න ලැබීමත් හොද දෙයක්.
අයියෝ, මට හොඳම හරිය මඟඇරිලා නෙව. මට වුනොත් ඔය වගේ දෙයක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එහෙනං ඉතින් ලබන සැරේ හරි බලමුකෝ… මට තියෙන අදහස මම වෙනම කියලා එවන්නම්. මේ තියෙන ඊ-මේල් ලිපිනයට.
හෝව්! ගෙදර අයට සිංහල යුනිකෝඩ් නැති නිසා හොඳයි. ඔන්න ඉතින් ගෙදරට මාට්ටු කරලා කැත වැඩ එහෙම කරනවා නෙවෙයි!
Umba kiwuwa ara TIE kathawa thama mata mathak wune. haha
MARU MARU
umba hari maruma liyannek ban malliye
liyamana hari asawen kiyewuwa
අකුරුමංපෙතාකර්ෂණය angata danuna yako!
🙂
mata meka email magin ape mitra samagama samaga beda ganna ida denu manawa.
අනිවා!
ම්…මොනව කියන්නද කියල හිතාගන්න බෑ…අපරාදෙ ඔයාට වැඩසටහනෙ අන්තිම ටිකට ඉන්න බැරි වුන එක.anyway post එකනන් එළ!
ඒකතමයි… ඉක්මනට ලොකු වුනානම් මේ කිසි වදයක් නෑ නෙව 😀
බ්ලොග් එක අද තමා හරියට කියවන්න වෙලාවක් ලැබුනෙ. ඒත් තවම හරියට කියවල ඉවර කොර ගන්න බැරි උනානෙ. 😀
” මේකත් කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවරකරගන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියේ ”
මටත් දැන් වෙලා තියෙන්නෙ ඒකම තමයි 🙁
හිහී… ඔහේ නිකන් ඉන්න වෙලාවක ඇවිල්ලා කියෝලා යන්න 😉 කැමති තැනකින් පටන්ගන්න බැරියැ… 😉
මේ වැඩසටහනේ අගේනම් කියල ඉවර කරන්න බැරි තරම්. වෙලාව තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නෙ. පොඩ්ඩක් කිවුවට පොඩ්ඩක්මත් නෙවෙයි, ටිකක් ලොකු අවුලක්. අර කිවුවත් වගේ රෑ දෙගොඩ හරියෙ ගෙවල්වලට ගියහම ගෙදර උන් ඇගට කඩාපනින එක අහන්නත් දෙයක්යැ. 😉 මමත් බොහොම අමාරුවෙන් එදා ගෙදර අයව ෂේප් කරගත්තෙ. සංවිධානය කරන කට්ටිය පොඩ්ඩක් මේක ගැන සලකල බලල සතිඅන්තෙ වගේ පහසු වෙලාවකට දානවනම් ලොකු දෙයක්. 🙂 එතකොට අපි කාටත් පහසු වෙයි කියලයි මං හිතන්නෙ…..
ඔව් සිරාවට. බලහංකෝ ලොක්කා අපිට හොඳම වෙලාවේ ඉන්න බැරි වුනා නෙව වේලාපහින්ම ගිහිල්ලා… 😀
අකුරු මංපෙතට එන්න මං හරි ආසයි.. ඒත් ඉතිං අපි කොහේ එන්නද.. මේවා සංවිධානය කරන්නෙම නුගේගොඩ අයට විතරමද මංදා… කොළඹට කිරි ගමට කැකිරි කියවෙන්නේ මේ වෙලාවට තමා.. අඩුම ගානේ සෙනසුරාදා හරි ඉරිදා හරි තිබ්බා නම්….. අනේ…!
හික්. සිරාවට!
නිවාඩු දවසකට නම් මේක අනිවාර්යයෙන්ම වැටෙන්න ඕනේ.
අන්තිමට ලිවුවා නේ. උදේ පාන්දර එක වෙනකම් අපි අකුරු මංපෙත ගැන කතාවුනා. ඒක එච්චර අපිට වැදිලා. හමුවෙන්න හිටපු අය කිහිපදෙනෙක් හමුවෙන්න බැරිවුනත් ඊලඟ පාර නම් අනිවා සෙට් කරගන්නවා. පාලිත හරි මේපාර ප්ලේන්ටිය ටිකක් ආගන්තුක ලෙස ගෙවුනත් ඊලඟ ප්ලේන්ටිය අකුරු මං පෙතේ දෙවනි අදියර වෙනවා සිකුරුයි.
හික් ඔව් ඔව්. කොහොමහරි ලියාගත්තා අන්තිමට… අඩේ ඔබතුමන්ලා එතන එක වෙනකන් හිටියාද? අයියෝ… බලහංකෝ පොඩිහිටියන් වෙච්ච අපිට දුක විතරයි ඉතිරි 😉
ඈ, බං උඹලා එක වෙනකං නුගේගොඩට වෙලා හිටියද ?
අයියෝ… මට මිස් උනානෙ… අපරදේ… එදා සාපේක්ෂව වෙනස් පන්තියෙ වැඩිය වැඩක් කෙරුනෙත් නැහැ…. කට් පාරක් දාල එන්න තිබ්බෙ. මO වගේ මී හරකෙක්. සුදෝ ලබන සතියෙ අකුරු මOපෙතට එන්නෙ කව්ද දන්නෙ නැහැ නේ…??? ඇත්ත තමයි ඕක සෙනසුරාදා හරි ඉරිද හරි තිබ්බනම් හොදයි නෙ.
ඒකනේ බං උඹටත් සෙට් වෙන්නයි කිව්වේ. අනිවා කියන්නම් ලබන පාර තියෙන කොට.
සුදෝ මම කොට්ටාවේ ඉඳන් පයින් ගියේ ගෙදර. කාල සීමාව කලිනුත් පසු කරලා අයිස් කඩලා තිබුන නිසා දැන් එච්චර ගෙදරින් අවුලක් නෑ. කිව්වට වැඩක් නෑ කියලා දන්නවා.
පාලිත කිව්වත් වගේ උඹට මඟ හැරුනේ හොඳම ටික. වෙලාව ගැන ප්‍රශ්නේ තදටම තියෙනවා. අපි බලමු මොකක් හරි දාලා යෝජනාවක්.
මේ ඩොටේට බස් නෑ බං. පයින් ගියොත් ඉතින් කෙලින්ම සුසාන භූමියට තමයි ඇතුල් වෙන්න වෙන්නේ 😀 අනික ඉතින් ගෙවල් වලින් කෑ ගහනකොට තමයි ඉවසන් ඉන්න බැරි.