බස් එකේ එන ගමන්…

බස් එකේ එන ගමන්...

[අලුත ලියපු උණු උණු කවි දෙකක් එක්කම. තවත් අතුරු කතා ගොඩක්. එක දවසක් ගැන!]

අද නං හරිම තෙහෙට්ටු දවසක්. ගණිතය කරනවා කියන්නේ ඉතින් කොටි වලිගේ අල්ලා ගත්‍තා වගේ ව්‍යාපෘතියක්ම තමා. දැං ලංකාවේ කොටිත් නැති එකේ ‍මේ උපමාව කොච්චර සාධාරණද කියන ප්‍රශ්නේ එහෙම්මම තිබුනත්, අද මේ තෙහෙට්ටුව අස්සේ වුනත් බ්ලොග් සටහනක් ලියන්න හිතුනේ අද දවසත් ඉතින් හැම දවසම වගේම සුවිශේෂී දවසක් වුන නිසා. උදේ 7ට පටන් ගත්තු ගණිතය අතිරේක ත්‍රිකෝණමිතිය පන්තිය අද කලින්ම ඉවරවුනේ දවල් එකොළහට. හික්! ඔව්, කලින් තමයි! ඕක නතර කරන්න තිබුනේ දොළහට 😛 ඉතින් ඉබ්බා දියේ දැම්මා‍ම ඇන්නෑවේ කියාපි. යාලුවෝ දෙන්නෙකුත් ඇදගෙන ගියා සරසවියට. එකෙක් නං කිව්වේ…

අ‍පෝ… බෑ බං… පොත් කියවන එක නං මට එපා වෙලා… තියෙන්නේ…. යමුකෝ KFC… ගිහිල්ලා ඉන්න එකත් සැපයි බං. උඹ දන්නෑ, එකදවසක් එතනට ආපු ප්‍රසිද්ධ නෝනා කෙනෙක් දුන්නා නෙව ප්‍රසිද්ධියේ කොල්ලාට කිස් එකක්!

(නීති හා රෙගුලාසි මත එම වාක්‍යය සභ්‍ය වන පරිදි සංස්කරණය කර ඇත – ළඟදීම KFC එකටත් ලෑලි ගහලා වහයිද දන්නෑ මේක දැකලා. නෑ නෑ. එක්කෝ එව්වා එක පැලැන්තියකට විතරක් සීමා වෙච්ච ඒවා නිසා. එහෙම වෙන එකකුත් නෑ…)

මෙන්න මෙහෙ වරෙන් බං යන්න. සරසවියත් ඒසී කරලා තමයි තියෙන්නේ. අනික ඒකටත් එනවා හොඳ හොඳ ගෑනු ළමයි…

අර මතකද දන්නෑ පරණ බුද්ධෝත්පාද කාලේ කතාවක් තියෙනවා එක්තරා සිටු පුත්‍රයෙක් තමන්ගේ පුත්‍රයාට බණ අස්සවන්න පුත්‍රයාට බණ අහගෙන එන්න කියලා. ඒ බණ පාඩම් කරගෙන ආවාම පොඩි ගානක් අතට දෙන කතාවක්? (නම් ගම් නං මතක නෑ, දැන් අපි බුද්ධාගම ඉගෙන ගන්නේ නෑ නෙව 🙁 )

ඉතින් මේකත් ඒ වගේ තමයි, මුන්ට ඉතින් ගෑනු කිව්වොත් වෙන කවුරුත් ඕන්නෑ. ඕක ඉතින් කාටත් සාධාරණයි. මාත් පඬියා වගේ කිව්වාට මාත් ඉතින් එහෙම තමයි 😀 නැත්තං ඉතින් අපිත් රහත් වෙලා ඉන්න ඕ‍නේ.

හරි. ඇති! බණ දහම් ගැන කතා කරා හොඳටෝම ඇති.

සරසවියේ ඇතුලේදී ෂෝක් ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා උසස් පෙළ අලුත් නාට්‍ය හා රංග කලාව සිලබස් පොත් තියෙනවාද කියලා හොය හොය ඉන්නවා දැක්ක වෙලාවේ මාත් රහසිං අපේ යාලුවොන්ට කිව්වේ, නෑ නෑ මගේ කටින් කියවුනේ…

අඩේ, අපරාදේ! ආර්ට් කරන්න තිබුනේ බං…

හැබටම. උඹ ආර්ට් කරන්න යනවා කිව්වා නේද බං? මොකෝ වුනේ?

හික්. මම ගියා බං ආර්ට් කරන්න. ආර්ට් සෙක්ෂන් එකේ හිටියේ දවස් දෙකයි! මෙන්න කොල්ලා ආපහු මැත්ස් පංතියේ ඊළඟ දවසේ! 😀 Sectional Headගෙන් ඇහුවා බං නැති වෙන්න. 😀

උඹටත් තියෙන්නේ පුදුම පිස්සු තමයි බං.

සරසවි‍ය ඇතුළට වෙලා පැයක් එකහමාරක් හිටපු අපි, ඊළඟට පොඩි කඩේකින් මොනවාහරි කටේ ඔබාගෙන ආපහු පිටත් වුනේ අපේ ආදරණීය පිසික්ස් පංතියට. උදේ පාන්දරම මට කෙලවපු මගේම ආදරණීය භෞතික විද්‍යා පංතිය.

ෂහ්, උදේ පාන්දරින් නැගිට්ට නිසා අම්බානකට නිදි මතක් දැනුනේ පංතිය පටන්ගත්ත ගමන්මයි. ගුරුතුමා උගන්නනවා. මම නිදිකිරා වැටෙනවා. ‍ගෑනු ළමයි බල බල
හොරෙන් හිකි හිකි ගාලා හිනා වෙනවා වගේ හීනෙන් දැක්ක නිසා ඔන්න ආපහු පියවි සිහියට ආවා. කොහොමහරි මම පර්යේෂණාත්මකව අත්හදා බලපු දෙයක් තියෙනවා. ඒ තමයි නිදිමතේ වුනත් ඇහෙන එක පොතේ ලියාගන්න පුලුවන්ද කියන දේ. කොහොමහරි සමහර දවස්වලට නං අවුලක් නැතුව ලියවෙනවා. ඒත් අද නං ටිකක් විතර චාටර් වුනා. ගුරුතුමා පැහැදිලි කර කර ලියන්න දීපු නිසා මම ඇහැ ඇරලා බලනකොට පොතේ ලියලා තියෙන්නේ වෙන මඟුලක්. ගුරා ක්‍රිකට් පිත්තක් ගැන මොකක්දෝ කියනවා වගේ මතකෙත් තිබුනා.

පන්දුව = ආවේගය x කාලය
ආවේගය = ක්‍රිකට් ගම්‍යතා වෙනස

පිසික්ස් පොත නිකං සීගිරි කුරුටු ගී‍ පොතක් ව‍ගේ වෙලා ති‍යෙනවා දැක්කාම මං ගැන මටම හිත ඇතුළෙන් හිනා. වෙන එවුන් දැකගනියි කියලා ලැජ්ජාවට පොතේ අනිත් හිස් පිටුව පෙරලලා තියාගත්තා. මෙන්න මම ආයෙත් නිදි!

ආ ආයෙත් තව එකක්. සාමාන්‍යයෙන් අපි චැට් එකේ දී සිංහල වචන ඉංග්‍රීසියෙන් ගහනවා නෙව. මම පොතේ දඬු කියන වචනේ තැන් කිහිපයකම ලියලා තිබුනේ දණ්ඩු කියලා (මූර්ධජ ණයන්නත් එක්කම තමයි 😉 ) ඒ අර චැට් එකේ සඤ්ඤක පුරුද්දටම වෙන්න ඇති. අපි දඬු කියන එක dandu කියලා ටයිප් කරනවා නෙව. මොනවා වුනත්, යටි හිත හැම‍ වෙලේම වැඩ!

මොනවා වුනත් පො‍තේ නෝට් එක නං පොඩි පොඩි අඩුපාඩුවක් නැතුව වුනත් සම්පූර්ණයෙන් ලියාගෙන. ෂහ්! මේකට තමයි කියන්නේ නියම දක්ෂතාව කියලා! 😛

හරි. හරි. දැන් කට්‍ටිය බලනවා ඇති මොකක්ද මේ මාතෘකාවේ තියෙන්නේ කියලා. බස් එකක් ගැන කියලා මූ රට වටේ අපිව එක්ක යනවා කියලා කට්ටිය හිතනවා කියලා මං දන්නවා. හරි හරි. කලබල වෙන්න එපා… අපි මාතෘකාවට එමු.

පන්ති ඉවරවෙලා බස් එකට නැග්ගේ ගෙදර එන්න. මට එපා කරපුම දේ තමයි බස් එකේ යද්දී රේඩියෝව අහන එක. වි‍ශේෂයෙන්ම රෑට යන කණාමැදිරි රාත්‍රිය අහන්න මං මං මහාම මහා පව්කාරකමක් කරලා තියෙන්න ඕනේ. ගිය ආත්මේ කාගේ හරි කනට ගහලා නිසා වෙන්න ඕනේ මට මේකට මුහුන දෙන්න වෙන්න ඇත්තේ. මොකද එහෙම කියන්නේ, බස් ගාලේ නවත්තලා තිබ්බ අනිත් බස් වල දාලා තියෙනවා ඇහුනේ විස්සයි-විස්ස ත‍රගේ විස්තර විචාරය. මාත් හිතුවේ රේඩියෝව දානවානං ඒකම දායි කියලා…

මොන මඟුලක්ද… බස් එක ඉස්ටාට් කොරා විතරයි කන පලාගෙන කණාමැදිරි රාත්‍රිය!

සාමාන්‍යයෙන් අටවක පුත්තු පොතෙන් ලැබුන උත්ප්‍රේරකය නිසා මම දැං ගමනක් යනකොට පොතක් කියවන එක තමයි වැඩේ. විශේෂයෙන්ම මම එන කොට-කොට බස් ගමන නිසාම මේකට පුරුදුවෙන එක මහලොකු කජ්ජක් වුනේ නෑ. ඉතින් මේ දවස්වල අතේ තියෙන්නේ මහගම සේකරයන්ගේ “ප්‍රබුද්ධ”. ඉතින් අර බස් එක කොටන ජරමරයයි, කණාමැදිරි රාත්‍රියේ විලාප හඬයි දෙක අතරමැද වුනත් ටිකෙන් ටික හිත පොතට එකඟ කරගන්න ලැබුනා.  පොත කියවන අතරතුරේ හිතට ආපු කවි සිතිවිලි ටිකක් ලියාගන්න විදිහස් හොය හොය ඉන්නකොට අත ගියේ සාක්කුවට. සාක්‍කුවේ තිබ්බ ෆෝන් එකට. ෂහ්! දැන් මොකටද කොල කෑලි? නව තාක්ෂණයේ උපරිම ඵල ‍ප්‍රයෝජන නෙලා ගැනීම තමයි අපේ (වි)ජාතික වගකීම!

‍මේකෙන් එක කවියක් (කවි පේලියක්, එහෙමත් නැත්තං නිසඳැසක්) ලියලා ඉවරවෙනකොට හරියටම ග‍මනෙන් බාගයක් ඉවරයි. ඊළඟ කවිය ලියලා ඉවරවෙනකොට බහින තැනටමත් නොදැනීම ඇවිල්ලා. ෂහ්. බස්සෙකේ යන ගමන් කවි ලියන එකෙත් සිරාම ආතල් එකක් තියෙනවා!

අර්ධ්‍යාසත්‍යගත කරන ලද ආදර සංක්ෂිප්තය

ඔන්න එක දවසක්
පාන්දර පන්තියක්
ගියේ මම පාන්දර,
අල්ලගන්නට තැනක්.

හිටියා බලාගෙන,
එනකන් අනිත් එවුනුත්.
පන්ති‍යේ ‍‍ද්වාරයෙන්,
දිටී මම සඳවතක්

අහම්බෙන්,

හදවතද ගොළු විය,
කාලයද ලත් තැනම ලොප් විය.

අනේ මම බැලුවා,

“හඳ කොහොමද මෙතෙන්ට ආවේ?”

වුනා මහ වෙනසක්,
නුදුටුවෙමි අන් කිසිදු වතක් සත්සර හදක්.

අපි දෙන්නා පරස්පරයි,
ඇත්තටම “සාපේක්ෂව වෙනස්!”

පුලුවන්ද මිනිහෙක්ට
කරන්නට ආදරය තවමත් නොහඳුනන ලස්සන ගෑනු ළමයෙක්ට?

කුමරා කුමරි‍යගේ
හඳවත නොහැඳිනී…
ආලයෙන් අඳ වුනී…

මෙය නොදත් කුමරිය,
කීවේ ඇගේ සහපිරිවරට
“මූ නං පොඩි එකෙක් වගේ”

අහෝ එක උදයක්,
ආවේ ෆේස්බුක් හසුනක්,
කුමරියට නොකරනු කරදරයක්.
රජුන්ගෙන් පණිවිඩයක්!

ඇය රාජසන්තකය,
කුමරුන්ට ඇගේ සෙනෙහස නොලද හැක.

කුමරිය රජ සතු විය
කුමරාට කෙල විය

පායයි සැමදාම පංතියට පුන්සඳ,
ඒත් ඇයි අද අමාවක?

හරි අපූරු ‍නුගේගොඩ

එකමත් එක රටක,
එකමත් එක උදයක,
ගොඩබැස්සෙමි මමත්,
එකමත් එක නුගේගොඩකට

අරුම පුදුම නගරයකි නුගේගොඩ
ආධුනික පෙම්වතුන් මුනගැසෙන
අරුම පුදුම හන්දියකි,
හන්දිය නුගේගොඩ

උස මිනිස්සු
කොට මිනිස්සු
අත පය හතර ඇති මිනිස්සු
අත පත නැති මිනිස්සු
අන්ධ මිනිස්සු
අන්ධ වගේ ඉන්න මිනිස්සු
හදවතක් ඇති මිනිස්සු
හදවතක් නැති මිනිස්සු
අත දිගුකර රුපියල් සත ඉල්ලන මිනිස්සු
විරිඳු පද බෙදන හරි අපූරු කලාකාමී මිනිස්සු
ළඟම ඇති කේ ඇෆ් සියෙන් කන්න පෙරුම් පුරන මිනිස්සු
බත් කඩ දැක දැකත්,
කන්න පින නැති අසරණ මිනිස්සු.
මිනිස්සු වෙන්න ඉන්න,
පුංචි පහේ මිනිස්සු.

ලස්සන ප්‍රාණියෝ

දැක්කෙමි තරුණ ජෝඩුවක්,
බත් පැකට් අරගෙන
බෙදන අර මිනිසුන්ට.
අන්න හොඳ ලස්සන මිනිස්සු!

එක එක විදිහේ හරි අපූරු මිනිස්සු.

හරිම ලස්සන නගරයකි නුගේගොඩ
ඇයි වියදම් කරන්නෙ යන්න දෙහිවල?
එන්න මේ නුගේගොඩ…
හරි අපූරු ‍නුගේගොඩ

Join the Conversation

46 Comments

  1. පෝස්ට් එක නං සිරා…
    ඒත් මොනව කියන්නද කියල මටත් හිතාගන්න බෑ.. අගට යනකොට මුල ටික මතක නෑ.. කරකෝල අතෑරියා වගේ 😀

    උඹට කවීත්වය නං හොඳට පිහිටලා තියෙනව කොල්ලෝ.. ලියපංකො කවිපොතක් !

    1. හික්, ඒක තමයි. දන්නෙම නැතිව තව විකාර බ්ලොග් පෝස්ට් එකක් ලියවිලා. ලියන්න ගියේ එකක්. ලියැවිලා තියෙන්නේ තව එකක්. මටත් නිකන් දැන් කරකැවිල්ල වගේ මේක කියව‍නකොට 😀

      කවි පොතක් ලියන එක ගැනත් පොඩි අයිඩියා එකක් තියෙනවා. ඒත් ඉතින් වෙලාව තමයි අවුල. ඔහොම ඔහොම ටික ටික ලියැවිලා ලියැවිලා ලියැවුන ටික එකතු කරලා ගහන්නෝනේ කවි පොතක්! 🙂

  2. හරි අපූරු නුගේගොඩ නම් හරිම අපූරුයි……
    ආ… ඒ විතරක්යැ සමීකරණ දෙකත් මරේ මරු….. 😀

  3. මමත් මේ බැලුවෙ මොනවා උනාද කියල.. පටන් ගත්තෙ එක දිහාවකිං… තව දහ පොළකට විතර ගිහිං කවියකින් ඉවර උනා… 😀

    ඔය කණාමැදිරි රාත්‍රිය ගැන නම් මතක් කරන්න එපා… මල ජරාව… බස් කාරයන්ට සල්ලි දෙන හින්දා උනුත් දාගෙන යනවා… දැං කාලෙ රේඩියෝ චැනල් ගොඩක් කරන්නෙ අහනවට සල්ලි දෙන එකනෙ. මම නම් headset එක ගහගෙන හොඳට සිංදුවක් අහගෙන යනවා බස් වල යද්දි. 😀

    1. මාත් වෙනදට කරන්නේ ඕක තමයි. ඒත් මගේ හෙඩ් සෙට් එක අස්සෙන් හිමීට හිමීට වුනත් කණාමැදිරි රාත්‍රිය ගලාගෙන එනකොට ඔක්කොම සුනේ සුන්! ගන්න ඕනේ in ear එකක්වත්. හැබැයි පොතක් කියව‍නකොට දැන් ඔක්කොම අමතක වෙලා යන ගතියක් තියෙන නිසා. ඒක එච්චර අවශ්‍ය වෙන එකකුත් නෑ වගේ 😀

  4. හික් හික් එළ. හැබැයි ඒත් මැද හරියේ මොනවද තිබ්බෙ කියල මට මතකනෑ. 😛 අර ඉන්දරේ කිව්වා වගේ ලියපං කවි පොතක්. කවද දන්නේ තවත් හැරිපොටර් පොතක් වගේ ‍වෙයිද කියලා 😀

    1. හික්, ඒව්වා කියන්න බෑ. හැබැයි පොත කියවන එවුන්ට බුදු සරණයි. දැක්කානේ බුධාජීවට වෙලා තියෙන දේ 😀 කට්ටියට අසාධ්‍ය වුනොත් ඉතින් මල කෙලියයි.

  5. කවි දෙක කියෝපුවම හිතෙනව කියෙව්වෙ ඒ දෙක විතරදෝ කියලා. කණාමැදිරි රාත්‍රිය අහ අහා මෙහෙම කවි ලියන්න පුළුවන් කියන්නෙ මරුනෙ!
    (මොනා උනත් උඹෙ ඔය මනමාලකමත් කවි ලියන්න මාර උත්ප්‍රේරකයක් නේ.. 😀 )

    1. ආයෙත් අහලා, හික්. කවි ලියන්න ඉතින් හොඳම උත්ප්‍රේරකේ වුනේ අයියා කියන ඔය උත්ප්‍රේරකේම තමයි 😉

  6. මරු කවි දෙක.

    ඔය කණාමැදිරි රාත්‍රියත් නිකං අර ගොන්දෙපැය වගේ තමා. ගෑනු ගහමරාගන්න ඒව තමා වැඩිපුර තියෙන්නෙ.

  7. පුස්සැල්ලගේ පන්තියේ සොඳුරු මතක ගැන නම් කියලා වැඩක් නෑ, මාර ආතල්ම තැනක් කොච්චර කොටු වුණ තද වුණ පන්තියක් වුණාට.

    මලේ උඹ හොඳයි නුගේගොඩ ජන්දේ ඉලන්න, එතකොට දාපං මේ කවි දෙක. අනිවා උමට ශිරත්ත රාජපත්ෂට වැඩිය මනාප ප්‍රතිශතයක් ලැබෙවි!

    1. හප්පා, මට බෑ අඩුවයසෙන් මැරෙන්න. ඡන්දේ ඉල්ලනවාට වඩා හොඳයි වැසිකිලියට ගිහිල්ලා එල්ලිලා මැරෙනවා 😀

  8. මම ඉස්සර ගියේ ග්‍රේරු සර්ගෙ රුපියල් 40 පන්තියට. එකදවසක් අපේ එකෙක් නිදාගෙන ගොරවනවත් ඇහෙනව සටහන් දෙන වෙලාවෙ. අපි කියන්නෙ නිදි මර ගාතෙ නෝට් ලියද්දි ඒ නින්ද ප්‍රස්ථාරිකව නිරූපනය කරනව කියල.
    නුගේගොඩ රසවත් ටවුමක් මම අවුරුදු 3ක්ම ජීවත් වෙච්ච (ඔකේ ගහක් ගලක් ගානෙ දන්නව ඒ දවස් වල ).

    බෝ ගහ ලඟ පැය භාගයක් හිටියනම් ඇති ගොඩක් ජාති බලාගන්න.

    1. ආහ්, මරු ප්‍රස්ථාරික නිරූපණය කිරීම :D. ඇත්තටම ලංකාවේ තියෙන එක එක තැන් අතරින් සිරාම ප්ලේස් එකක් තමයි මේ නුගේගොඩ. කියලා වැඩක් නෑ ඒ ගැන නම්. මම නං තාම අලුත් නුගේගොඩට. තව කල් තියෙනවා නෙව සැරිසරන්න. එතකොට මාත් ඔබ තුමා වගේම වේවි. 🙂 බෝ ගහ ළඟත්, සිරාම තැනක්!

  9. සාපෙක්ශව වෙනස් මතකයන් ගැන කියලා වැඩක් නෑ. ඉතාමත් සුන්දර කාලයක් මම දවස් දෙකක් විතර නිදාගෙන මාට්ටු උනා. එත් ඉතින් ලන්ගට එඩි වටෙ පිටේ ඉන්න උන්ගෙ උදව්වෙන් ගාන හදල. ඉතින් ශේප් එකේ ඉන්න පුලුවන් උනා. ලොලේ ලොල් !!

    1. හික්, කියලා වැඩක් නෑ. බලාගෙන ගියාම අපි ඔක්කොම එකයි නෙව 😀

  10. පට්ට…..මටත් කලුආරච්චි සර් ගේ ලීඩ්ස් එකේ ක්ලාස් එක මතක් උනා…

    එල එල…..ඔහොම යා….න්………….

    sampathm.blogspot.com
    sampath-diary.blogspot.com
    sampathayaz.myblog.lk

  11. අප්පට සිරි මෙන්න තව එකෙක් ඉන්නවා කණා මැදිරියට කැමතිනැති. මටත් මහ පේන්න බැරි එකක්. කොළඹින් හවස 4ට 5ට බස් එකට නැග්ගොත් රත්නපුර වෙනකං නින්ද යනවා. මහන්සිනිසා. මෙන්න එකපාරටම මහ කාළකණ්නි සද්දයක් ඇහිලා ගැස්සිල‍ෙ ඇහැරෙනවා. ඊට පස්සේ බණ්ඩාරවෙලටවත් එනකං දිගටම කණා මැදිරියා තමයි. (රහසෙන්: මේ කාටවත් කියන්න එපා. සමහර ඇන්ටිලා අංකල්ලා කරන ඈක්කා දේවලුත් ඔය කණා මැදිරියා සද්දෙන් විතරක් දෙනවා. මොකද ඒකේ රූප නෑනේ. හැබැයි එහෙම වෙලාවට අප්පිරියාවේ බෑ. එතකොට තදින් ඇස් දෙක වහගෙන නිදි වගේ ඉන්නවා) අත්තටම ඔය අංක එකේ කියන රේඩියෝ හෑල්ලෙ දානන වෙන මගුලක් ඇත්තෙම නැද්ද. මරා ගන්න කාලකන්නි කතා නැතුව. අඩුම තරමේ මනුසුසයෙක් කරපු හොඳවැඩක්, ජීවිතේ දිනපු මිනිහෙක්ගේ කතාවක්. කොමඩියක් වත්… ඔයාට කියන්න අයි හේ……ට් දැට්

    නුගේගොඩනම් මම කැමති ලාබෙට හොඳ ෆෘට් සැලඩ් තියෙන නිසා.

    කවියත් එළ “පායයි සැමදාම පංතියට පුන්සඳ, ඒත් ඇයි අද අමාවක?”… මාරයි බං… ජය…

    1. එළ එළ! ප්‍රතිචාරයට බොහොම ස්තූතියි…

      කණාමැදිරි රාත්‍රිය ගැන කිව්වොත් ඉතින්, අනේ මන්දා මේ වැඩිහිටියන්ට පමණයි එව්වා තහනම් කරන කාලේ මේකත් තහනම් කරලා දැම්මා නං මරේ මරු. 😀 බස් එකේ එවුන් මොකට දානවාද මන්දා මේ ඉලව්ව. අර සල්ලි දෙනවා ද මොකක්ද නෙව. මට වෙලාවක හිතුනා සල්ලි කීය කීය හරි එකතු කරලා දීලා රේඩියෝ එක වහන්න කියන්න. මුන්ට මදිද දන්නෑ බස් එකේ යන අසරණ මඟීන්ගේ සල්ලි! 😀

  12. ප්‍රබුද්ධ පොත හොදට හිතට අල්ලලා තියෙන බව පේනවා කවි වලින්… මහගම සේකරයන්ගේ “නොමියෙමි” කියවලා නැත්නම් ඒකත් කියවන්න… 🙂 ලිපියට මුලක් මැදක් අගක් නම් නෑ. ඇත්තටම කැරකිලා ගියා.. ඒ කැරකිල්ලට ගොඩාක් කැමතියි..

    1. ඔව් ඔව්, ළඟදී තමයි කවි පොත් කියවන්න පටන්ගත්තේ. අනිවාර්යයෙන් මහගම සේකරයන්ගේ ඕ‍ක්කොම පොත් ටික ඔළුවට හලාගන්න ඕනේ 😉

  13. අම්මෝ කරකවලා අතඇරිය වගේ . 😉
    මට හැමදාම රසායන විද්‍යාව කැලැසියේදි නින්ද යනවා වතුර බෝතලයක් තිබ්බොත් ගොඩ නින්ද යද්දි වතුර බිබි ඉන්න පුලුවන් ඒකත් අහල පහල ඉන්න මාළුවොන්ගේන් බේර ගන්න බැ
    එළ කවි දෙක බන්

    1. සිරාවට. දවසක් එකෙක් පිටිපස්සෙන් ඉඳගෙන පිටට අනිනවා…

      මචන් වතුර නැද්ද?

      විනාඩි පහකට පස්සේ ආයෙත් පිටට අනිනවා…

      මචන් වතුර නැද්ද?

      කියලා වැඩක් නෑ… වතුර බෝතලේ ගෙනි‍ච්චොත් ආයේ බෝතලේ පියනවත් හම්බවෙනවා බොරු 😀

  14. හපෝ…! කණාමැරිදිරි රාත්‍රිය යන බස් වල යන්න ඇත්තටම පව් කරලා තියෙන්න ඕනි.. හවසට වැඩ ඇරිලා යන වෙලාවට ඉතිං හෝල්ට් එකෙන් බහින්න වෙන්නේ ෆ්‍රී හිසේ ඇම්මකුත් හදාගෙන.

    ඇත්තටම මල්ලිගේ කවි දෙක නම් නියමයි කියන්නේ උපරිමයි!

    1. ඉස්සර මං දෙහිවල ඉඳන් ඔෆිස් ඉවරවෙලා මහරගමට 119බස් එකේ එනකොට හැමදාම ඔය පව පලිසන්දෙනවා. මතක්වෙනකොටත් දුකයි.

    2. සිරාවටම! ඒක නං ආනන්තරීය පාප කර්මයක් තමයි… 😀

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි… 🙂

  15. මම නම් සම්පූර්ණ තහනම් කරලා තියෙන්නේ ඔය මගුල් කණාමැදිරිය… අහනවා නම් සිරස අහපල්ලා කියලා තමයි මම කියලා තියෙන්නේ……!! 😀

  16. ක්‍රිකට් මැච් එකවත් දානවනම් එකක් මෝඩ ආතල්.. මමත් ග්‍රේරු සෑර්ගෙ පංතියට සහභාගි වුන හොඳ සිසුවෙක් තමා.. පුස්සැල්ල.. ශ්‍රීනාත් සෑර්ලා සහ ජයවීර මිස්ගෙ පංති තමා මගේ.. කවිය මරු.. පංති යන කාලේ නම් දවසින් දවස එක එක හඳවල් පායනවනේ…

    1. ඔව්, ඔව්, දවසින් දවස එක එක හඳවල් පායන එකනං ඇත්ත. ඒත් මගේ ඇහේ ලොකු ලෙඩක් ‍තියෙනවා. පේන්නෙම එකම එක හඳයි 😀

  17. මටත් නුගේගොඩ රොටරියේ chemistry class ගියකාලෙ මතක් උණා මේක කියවලා.. කවි2 ත් හරී ලස්සනයි..

  18. සිරා පොස්ට් එක. බස් එකේ යනකොට කවි ලියන එකත් නරකම නෑ නේ? 🙂 බස්එකේ කාලගෝට්ටිය අස්සෙයි, කණාමැදිරි අස්සෙයි ඔය විදිහෙ කවි සිතිවිලි පහල වෙන එකත් ලොකු දෙයක්!
    මේ… උඹ යන බස්එකේ එකා උඹත් එක්ක මොකක්හරි ලොකු තරහක් ඇති බං. ඒකනෙ ඌ හැමදාම ඔය කණාමැදිරි මොකක්ද එක දාන්නෙ. 😉

  19. ඔය එකම හදක් පේන එකනම් ලොකු අවුලක්… හි හී… 😛

Leave a comment

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: