Categories
අධ්‍යාපනික

අධ්‍යාපනේ – එළ!

කාලයත් සමඟ අපද මහත් බලාපොරොත්තු තබා කඩේ ගිය ඊනියා නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයේ ටයි පටියෙන් ගෙල සිර වී මැරී ගියේ එක් ශිෂ්‍යාවක් නොවේ. අපද ශිෂ්‍යයින් වශයෙන්භෞතිකව හා  මානසිකව මිය යමින් සිටිමු. අවශ්‍යකරනු ලබන ප්‍රතිශක්තිය අධ්‍යාපනය තුළින් නොලැබෙන අවස්ථාවේ සිතන්නට ප්‍රතිශක්තිය නොලැබෙන රාමුගත අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුළද… සිසුවෙක් වශයෙන් ප්‍රසිද්ධියේ ගෙල වැලලා මිය යාමට සිතුන වාර අනන්තය. නමුත් මියයාම ගැටලුවට විසඳුම නොවේ….

තවමත් පැරණි සම්ප්‍රදායේ කටපාඩම් අධ්‍යාපනික සංස්කෘතිය රාමුවෙන් මතවාදී ලෙසින් ඉවත්වෙමින් කටයුතු කිරීමට ඇති හැකියාව ඇත්තේ ඉතාමත් අල්ප ප්‍රමාණයකට පමණි. සත්‍යවශයෙන්ම එක්තරා පන්තියකට පමණි. නිසිපරිදි පුස්තකාල අධ්‍යයනකින් ‍තොරව අධ්‍යාපනය වඩාත් හරවත් ආකාරයෙන් ලබාගැනීමට නොහැකියාවකට මුහුනදෙමින් අපි සිටිමු. විශේෂයෙන්ම උසස් පෙළ සිසුවා නිදහස් විය යුතුය. මහ හඬින් අප මෙය පැවසුවාට අපිට ලැබෙන, අප ලැබූ මෙතෙකැයි යැයි නිදහසක් නම් නොවේ…

අධ්‍යාපනය රසවත් විය යුතුය. නිරායාසයෙන් අධ්‍යාපනික මානසිකත්වයක් හා අධ්‍යාපනික සංවාද නිර්මාණය වන්නේ රසවත් වූ අධ්‍යාපනයක් තුළිනි. පවතින ක්‍රමය අනුව කටපාඩම්ගත ශිෂ්ටාචාරයකට උරුමකම් කියන අපි තවදුරටත් එම ශිෂ්ටාචාරයට අනුගත වීමෙන් පමණි පවතින අධ්‍යාපන රාමුවෙන් වෙන්විය හැක්කේ, නමුත්… එම රාමුවෙන් මිදුන කල්හීද පෙර රාමුවටත් වඩා බැරෑරුම් තුච්ඡ-අධම-නිහීන රාමුවකට අප කොටුවන්නේ නිරායාසයෙනි. එහෙයින් පාසල් සිසුවෙක් වශයෙන් මා තුළ විශාල බියක් නිර්මාණය වන්නේ එනිසාවෙනි.

පසුගිය වසරේ මුහුනදුන් සාමාන්‍ය පෙළ ගණිත අර්බුදයද, ඉන් අනතුරුව උසස්‍ පෙළ විෂයන් තෝරාගැනීමේදී මා මුහුන දුන් ගැටලුවද මා වෙත සිහිගන්වන්නේ ඉතාමත් බැරෑරුම් අනාගතය පෙර සලකුණකි. පසුදින එහෙන්-මෙහෙන් ඇසෙන්නට වූ ප්‍රශ්න පත්‍ර අර්බුදය මුවට සියුම් සිනහවක් නැගූවත්, එයින්ම පෙන්වන්නේ බියකරු අනාගතයක පෙර සලකුණක් නොවේද?

සිසුවියගේ මරණයට වැරදිකරුවා මරණයේ හිමිකාරිය වූ එම ශිෂ්‍යාවියද, ඇගේ පෙම්වතාද, ජංගම දුරකථනයද, ශිෂ්‍ය නායිකාවන්ද, ගුරුවරයින්ද, විදුහල්පතිතුමියද, ටයි පටියද, වැසිකිලියද නොව… පවතින ක්‍රමයයි. පවතින අධම, අක්‍රමවත්, නිහීන අධ්‍යාපන ක්‍රමයයි… ඉතින් ක්‍රමයට බැන බැන අපටද ක්‍රමයට අනුගත වීමට සිදුවීම දෛවයේ (සීරියස්) සරදමකි. ඉතින් අපට මරණයෙන් පසු නිවන් සුව ලැබෙවා! අධ්‍යාපනයට ජය වේවා!


අධ්‍යාපන ක්‍රමය වඩාත් රසවත්, වඩාත් නිර්මාණශීලී හා සිසුන් වඩ වඩාත් දැනුවත් කෙරෙන ක්‍රමයක් වූයේ නම් අපට තව ටික කාලයක් හෝ ජීවත් වීමට වරම් ලැබෙනු ඇත. සහෝදර සිසු සිසුවියනි, ජීවත්වෙන්නට අවශ්‍යනම්, පවතින අධ්‍යාපන ක්‍රමය තුළ තම තමන්ගේ ක්‍රමයන් නිර්මාණය කරගනිමින් නිදහස්ව අධ්‍යයනයේ යෙදී, පවතින ක්‍රමයේ අධ්‍යාපන විභාග කඩඉම් සමත්වී ක්‍රමය අතික්‍රමණය කරනු මැනවි.

29 replies on “අධ්‍යාපනේ – එළ!”

[said]
සිසුවියගේ මරණයට වැරදිකරුවා මරණයේ හිමිකාරිය වූ එම ශිෂ්‍ය‍ාවියද, ඇගේ පෙම්වතාද, ජංගම දුරකථනයද, ශිෂ්‍ය නායිකාවන්ද, ගුරුවරයින්ද, විදුහල්පතිතුමියද, ටයි පටියද, වැසිකිලියද නොව… පවතින ක්‍රමයයි
[/said]

ඔවු, අනිවාර්යයෙන්ම. නමුත් පාසල් පරිපාලනය – විශේෂයෙන්ම වසර 45ක් තිස්සේ ඔය පාසලේ විදුහල්පිති ධූරය දරනවා යැයි කියන තැනැත්තිය – එකී සිසුවියගේ මනස පිළිබඳ මෙයට වඩා සංවේදීව කටයුතු කළ යුතුව තිබුනා.

ඕවා ඉතින් කොයි කාලෙ ඉඳන් ළම්යි කියන කථාද? “විභාගේ තමයි අපේ අභාගේ” අද ඊයෙ ලියපුව නෙමෙයිනෙ. සිදුහත් කුමාරයා මෙහෙම අධ්‍යාපනයක් අරගෙන බුදු වෙන්න හැදුවනම් රතී එක්ක පැනල ගිහිල්ලා.

@දිලින- ඉතින් ඒකයි අයියේ මෙහෙම කියන්න වුනේ…
“ඉතින් ක්‍රමයට බැන බැන අපටද ක්‍රමයට අනුගත වීමට සිදුවීම දෛවයේ (සීරියස්) සරදමකි”

🙂

@බුධාජීව- හැමදෙනාම ඒ තත්වයට පත්වුනේ මේ ක්‍රමය නිසාම තමයි. ඵලයට හේතුව ඒකම තමයි… 🙂

ක්‍රමය නම් අන්තිම නරකයි…
ඊයෙ හවස 6-6.30 අතර තුම්මුල්ල හන්දියෙ හිටපු අය දැක්ක ලංකාවෙ අධ්‍යාපනයේ තරම….
ළමයි ටිකක් ගහගත්තෙ නිකන් හරියට සත්තු ටිකක් වගෙයි…
තව ටිකෙන් පාරෙ බස් වලටත් යන්න බැරි වෙනවා…..

එහෙම ගහගන්න ළමයින්ව ගැටුමින් වලක්වන නිවැරදි ක්‍රමය මොකද්ද කියල මට තේරෙන්නෙ නෑ… හැබැයි… “අනේ පුතේ ගහගන්න යන්න එපා ” කියල ගුරුවරු හරි, “කවුද බොලව් මහ පාරෙ රණ්ඩු කරන්නෙ” කියල පොලීසිය හරි මේ ගැටුම් නවත්තන්න ඕනෙ කියලයි මට ඒ වෙලාවෙ හිතුනෙ…

සත්‍ය දැනගන්න මේ ඉරිදා ලංකාදීප 3වන පිටුව කියවන්න.

ළමයි ගහ ගන්න එක නම් ක්‍රමයේ වැරැද්දක් නෙමෙයි. පාසලකට ගිය කෙනෙක් දන්නවා ළමයි ගහ ගන්න එක නවත්තන්න බෑ කියලා.

මෙතන කතා කරන්න හදලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද ගැන කියලයි මම හිතන්නේ. උසස් පෙළ කියලා දුවන බාධක දිවීම හුඟක් අයගේ ජීවිතයෙන් ලොකු කොටසක් ගන්නවා. දරා ගන්න බැරි පීඩනයක් ඇති කරනවා. පාසැල, පන්තිය, ගෙදර ගිහින් නිදා ගන්න, පාසැල, පන්තිය, ගෙදර ගිහින් නිදා ගන්න. ඔය චක්‍රය දුවලා ඉවර වෙන කෙනෙක් අනිත් දේවල් වලින් හුඟක් මොට වෙලා නවතින්නේ. උසස් පෙළ කාලයෙදි අපි සාමාන්‍ය පෙළ කාලයෙදි කරපු ක්‍රීඩා අත අරිනවා. සංගම් වල වැඩකලාට බොහෝම අක්‍රිය ශීලියි. උසස් පෙළ කරලා ඉවර වෙලා ඕව කරන්න බැරි යෑ කියලා හිතනවා. ඔහොම හිත හිත සුන්දර කාලයක් පොතට පමණක් වැය කරලා දානවා.

මොනවා කරන්නද? දෛවයේ සරදම තමයි.

@පිටස්තරයා- අන්න හරි. අයියාට ‍‍තේරුනා මොකක්ද කියලා තියෙන්නේ කියලා…

@පිටස්තරයා:”පාසලකට ගිය කෙනෙක් දන්නවා ළමයි ගහ ගන්න එක නවත්තන්න බෑ කියලා.” ඔව් මමත් දන්නවා… ඒත් මහ පාර මැද්දෙ පොලු අරගෙන – ගල් අරගෙන ගහගන්න එක සාමාන්‍ය දෙයක් කියල හිතන්න පුළුවන්ද?පහුගිය දවසක මේ පැත්තෙ පාසලක ලමයෙක් තව ලමයෙක්ට පිහි තුඩකින් ඇණල.. ඒ ලමය රෝහල් ගත වෙලත් හිටිය දින ගනනක්.
මේවත් හැදෙන්න ඕන නැද්ද?

this is just the way it has been, no changes of it, i know how does it feels but no point of talking about this over and over again. the solution for this is getting outta of goverment education system to private education. well i didn’t got into A/Ls i switched to private sector after O/Ls, i feel so comfortable with it and free from troubles unlike you guys in. go through the better way instead of blaming to malfunctioning government sector

අපි ඉතින් පුද්ගලික අධ්‍යාපනේට ගියොත් ඉතින් ඉඩකඩම් විකුණලා, දහ අතේ ණය වෙලා… තමයි අධ්‍යාපනේ කරගන්න වෙන්නේ. එහෙමත් නැත්තං, අධ්‍යාපනේ ලබන ආත්මයට කල්දාන එක ගැන හිතන්න වෙනවා 😀

Supun Malli, here is a thing, you heard Business world? Business is what controls the world, everybody under control, Mass media owns business, business have huge impact on everything including govt. so that’s why things aren’t working out as it really should. you know what’s the measurement of Standards now? that is measured by customer requirements, so what business do is making customer less knowledgeable. So then they can play as they want, search for the evolution of quality, then you’ll figure it out. don’t think so. you can make $$ if you got brain, lemme give you a hint, start with colombo stock exchange, if you’re skilled you can make $$ as you want. get $$ then you can have whatever you want. for a real world example, there is a one i know who studied in cambridge university, so what made them get to such awesome universities what huh? just $$$. make it get what you want. 🙂 again no point of talking about the things we don’t have, let’s talk about how we can get things that we don’t have

Bhathiya Udayanga ගෙ කමෙන්ට් එක දැකපුවහම මට මෙහෙමත් හිතුන.
“දවස ගානෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල වැරදි කියල කියල රජයේ සුව සේවයට තිබූ විශ්වාසය බින්ද වගේ දැන් මේ හදන්නෙ පුද්ගලික පාසැල් වලට ළමයින්ව හුරු කරන්නද කියලත් වෙලාවකට බය හිතෙනව… “

@Bhathiya Udayanga- මේක කතාකරනවානං ලොකු ප්‍රශ්නයක් විදිහට විවාදාත්මකව කතාකරන්න වෙන දෙයක්. අපි ඉස්සරහට කතාකරමු 🙂
@wajira- ඇත්තටම ඒක කියන්න බෑ වෙන දේවල් හැටියට…

another point, if you save all the money spend for A/L classes, i think that would be enough to obtain in private degree too. what you need to think about university ranking, because that cost that much high, actually Doramadalawa do the same thing analyzing problems and searching facts which causes problems. they do it always but what’s the point just only killing some time by filling up your mind with local problems? @wajira I’m not doing marketing here, just gonna make a clue to supun malli. don’t be fools in the business world, be wiser. search for career trends, search for vacancies which makes more $$$ see what’s they require from applicant. fulfill it. and make $$ keep on touch with business and career trends change according to them, only then we can survive. be flexible, then you survive. if you waiting things to be correct, you’ll never win but loosing everyday.

රටේ පරිපාලකයින් බටහිර අධිරාජ්‍යවාදයට බැන බැන සිටින වෙලාවේ බටහිර ඇති වටිනා දේවල් රට තුළට එක්කර ගැනීම දැන්වත් සිදුකළහොත් රටට වාසනාවක්… අපේ අධ්‍යාපනයේ අවුල් වලටත් විසඳුම් ඕනෑ තරම්… මොන දේ කරන්ඩත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු විය යුතුයි. නිදහසේ හිතන්නට හැකි වන්නේ එතකොටයි.

@පිටස්තරයා

‍බටහිර දෙස ඍණාත්මකව බලනකන් රට කාළකණ්ණි වීම වළක්වන්න බෑ. සම්ප්‍රදායික ලාංකීය චින්තනයේ වෙනසක් දැන්වත් ඇතිවිය යුතුයි. බටහිර අධ්‍යාපනය පදනම්ව ති‍යෙන්නේ නිදහස් චින්තනය මතයි. එය හැම පුද්ගලයෙක්‍ම සමාන ලෙස සැලකීමටත්, ඕනෑම ක්ෂේත්‍රයක ඇති ‍වැදගත්කම මෙන්ම එහි නියැලීමට හැකි මානසිකත්වයකුත් ඇති කරනවා. එතකොට හැම දෙනාම කිසිදු භේදයකින් තොරව තම ශ්‍රම දායකත්වය රටට ලබා දෙනවා වගේම රට ඉදිරියට යනවා. නිසි විනයක් නොමැත්තවුන්ට අත්වෙන්නේ ශෝචනීය ඉරණමක්. අද ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රම‍යෙන් සිසු සිසුවියන් තුළ ඇතිවෙන හීනමානය නිසා රටේ ඉදිරිගමන අඩාල වෙලා. පොඩි දෙයකටත් උද්ඝෝෂණ, වැඩවර්ජන. ඒවගේම දුප්පතුන්ව හැමදාම දුප්පතුන් නොකොට ඉහළට පැමිණීමට දිරි දිය යුතුයි.

@ලක්හිරු,
ඔයා කොහෙන්ද බටහිර චින්තනය ඉගෙන ගත්තේ.ඒකේ කොහෙද හැමට සමානව සළකන්න කියලා තියෙන්නේ. විනයක් නැති එවුන්ට ශෝකනීය ඉරණමක් අත්වෙනවා නම් කො‍හොමද ලෝක හොරු ‍රටේ පාලකයෝ වෙන්නේ. බුෂ් ල වගේ අය නායකයෝ වෙන්නේ. ලංකාවේ වැඩිපුරම වැඩකරන්නේ ගොවියෝ, නාට්හාමිලා, වගේ අය. ඒ අයද ලංකාවේ සල්ලිකාරයෝ.දාඩිය බින්දුවක් දාන්නේ නැති හැරීලා, ලලිත්ලා, සෝමාලා තමයි ලංකාව හොල්ලන්නේ. තව ටිකක් හොයලා බලන්න.

ඇත්තටම මිනිස්සු ‍විදිහට අපේ ජීවිතය අපිට නැතිවෙන්නේ මේ පවතින තරගකාරී, පරිභෝජනවාදී ආර්ථිකය හින්දා, ඒකේ දුවන්න ගත්තම මිනිහෙක් විදිහට තියෙන හැගීම්,දැනීම්, මානුෂීය සබදතා, තමන්ගේ සගයින්,දෙමාපියන් ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒක තනිකරම ආත්මාර්ථකාමී ගමනක්. මනුෂ්‍ය හැගීම් නොමැති වූවක්.ඒ මිනිස් හැගීම් නැතිකරගත්ත කෙනා තමයි දක්ෂයා.ඒ ගොල්ල දන්නේ නැහැ තමන් නමට විතරක් මනුස්සයින් බව.(ඇවිදින කවන්දයන්) ඉතිං තමන්ගේ නිර්සංවේදී කම ගැන ඒ අය හිතන්නේ තමන් සාර්ථක වූ අය කියලයි.ඒක හින්දා ඒගොල්ල තමන්ගේ දර්ශනය අනිත් අයටත් දේශනා කරන්න එනවා.එහෙම අයට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලම තමන් මනුස්ස හැගීම් තියෙන මනුස්සයෙක්ද කියලා ඉස්සෙල්ලා හොයලා බලන්න.ඊට පස්සේ කතාකරන්න.
මට හිතෙන්නේ සුපුන්ගේ මේ කතිකාව මනුස්ස හැගීම් ඇති මනුස්සයින් අමනුස්සකරණයෙන් බේරාගැනීමට බවයි.

@පාලිත

ඔබ කියන දේ තුළත් යම් ඇත්තක් තියෙනවා. මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයින්ට නීතිය එක සමාන බව. පගාවට, දේශපාලන හිතවත්කම් වලට තැනක් නැති බව.

බටහිර රටවල මුද‍ල් හා මනුස්සකම ඇති (හුඟක්ම ඉහළ අධ්‍යාපනයක් ලද) මිනිස්සු ඉන්නවා. වෙනස්වන, අළුත් වන ලෝකයට මුදල්මය දියුණුව අත්‍යවශ්‍ය දෙයක්. ඒ අනුව මුළු ලෝකයම ගෝලීයකරණය යටතේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ධන‍වාදය වැළඳගන්නා කාලයක ශ්‍රී ලංකාව එයින් ඈත්වී සිටීමෙන් රට සංවර්ධනය නොවී පසුගාමී වීමකුයි වෙන්නේ. සමාජවාදය ලෝකෙන්ම ප්‍රතික්ෂේප වූ න්‍යායක්. වෙනත් රටවල ජීවන තත්ත්වය උසස් වෙද්දී අපට වෙන්නේ එක තැන පල් වීමටයි. අද රටට අවශ්‍ය මුදල් හා මනුස්සකම යන දෙකමයි. රටේ අධ්‍යාපනය සකස් විය යුත්තේ මේ සියල්ලකම සංකලනයක් ලෙස.

@ලක්හිරු,
ඔබට පෙනෙනවාද මම බටහිරට බැනපු තැනක්? ඔබ මම කියන දේ සහ අනිත් අයගේ බටහිර භීතිකාව පටලවගෙන වගෙයි.

දැන් ඔය සුපුන් මල්ලිට ආර්ථික අතින් අවවාද දෙන ප්‍රතිචාරකරු දිහා බලන්න. එයා කියන විදියට අපි මේ රටේ ප්‍රශ්නයි, වෙන වෙන සමාජ ප්‍රශ්නයි ඔළුවේ දාගෙන හරි යන්නේ නැහැ. අපි අපි ගැනම බලාගන්න ඕනේ.

ඔය චින්තනය අපේ මිත්‍රයා පළවෙනි වරට හොයා ගත්ත එකක් නෙමෙයි. ධනවාදයේ තියෙන ප්‍රධාන සමාජයීය බලපෑමක්. පුද්ගලයින් තනි කරලා තරඟයකට මුහුණ දෙන්න කියනවා. හැබැයි තරඟය පටන් ගන්නේ සමාජයේ elite පාන්තිකයින්ට වාසිය තියලා. ඉතින් අපි සාර්ථක වෙන්න කියලා හැමදාම රේස් එක දුවනවා. සාර්ථක වෙනවා කියන එක එක මිත්‍යාවක් විතරයි. සාර්ථක වෙන්න නම් හොඳ හොරෙක්, වංචා කාරයෙක් නොවී බෑ. රටේ ප්‍රශ්න බල්ලට ගියත් කමක් නෑ. මිනිස්සු තනි වෙලා එක එකා මරාගෙන කන්න හදනවා.

ඔයාගේ ඔය සමානතාවාදී ප්‍රජාතාන්ත්‍රවාදී කියන දේශපාලන රටාවත් සාමාන්‍ය පුද්ගලයාට මොනවද කරලා තියෙන්නේ? ඡන්දය කියන්නේ ඒකේ ලක්ෂණය කියන්න එපා. අපේ රටේ වගේම තමයි. එක්කේ ඔබාමා, නැත්තන් මැකේන්. වෙනස අන්තිමට හමේ පාට විතරයි. ඩිමොක්‍රටික් අය ලිබරල් ලු. කන්සර්වේටිව් අය සාම්ප්‍රදායිකලු. හැබැයි හැමෝටම හංගලා තියෙන එක තමයි ඔය කවුරු වුනත් වැඩ කරන්නේ සල්ලි කාරයොන්ට කියන එක. අවශ්‍යනම් හොයලා බලන්න.

අධ්‍යාපන ක්‍රමය කොච්චර සාධාරණද කියන එකත් සොඛ්‍ය සේවාව කොච්චර සාමාන්‍ය මනුස්සයට සාධාරණද කියන එකත් ටිකක් හොයලා බලලා ඇවිත් කතා කලොත් හොඳයි.

අපිට තියෙන එකම සම්පත නිදහස් අධ්‍යාපනය. කොච්චර වැරදි තිබුනත් හැම ළමයටම සල්ලි ප්‍රශ්නයක් නැතුව (දූෂිත පාලන ක්‍රමයක් තුල මෙය වෙනස් වෙලා තියෙනවා) ලබා ගන්න පුලුවන් එකම සේවාව. එක එක අය කියන විදියට ඉඩ කඩම් විකුණලා “Smart” විදියට සල්ලි දීලා ඉගෙන ගන්න එක හැමෝටම කරන්න බෑ. තමන් ඉන්න ගොළුබෙලි කටුවෙන් එළියට ඇවිත් බලන්න.

තව දෙයක් එක් කරන්නම්. සමාජවාදය ප්‍රතික්ෂේප වුනාට වැඩිය එය යටපත් කර දැමුවා කියන එක නිවැරදියි.

වැදගත්: මාව නලින් ද සිල්වා කාණ්ඩයට පටලවගන්න එපා. ලිං මැඩි මානසිකත්වය දැනටමත් අපි අත්විඳිනවා තමයි. නමුත් හැමදාම කියනවා වගේ අන්තවාදයකට පිළිතුරු දෙන්න පුලුවන් අන්තවාදයකින් නෙවෙයි.

guys! 😀 i told you guys, sounds like you guys gonna make another Doramadalawak here 😀 i know all those kind of stories, i’m sick and tired of those stuff. let me give you guys a clear answer, i know you guys got all those kind of problem because, no one knows what’s the reality is. reality is this, in this universe, you know there is unlimited kinds of living being, we are just one of them amount them. there is a fight between living being kinds and even with in the same kind.
that’s what everybody forgot, so everybody is struggling to get more, this is the war never ends and it never can stop. because it’s the purpose of existence for every living being, otherwise there would not be any reason for the existence of living being. So what we have to realize here is, that’s the universal law no one can deny it, exactly it’s just the way it is and suppose to be. some kind of people go through the same traditional way, with the time they get stuck in. like you guys are, while traditional way going to stuck, it comes loads of alternative, some of them are prefect while other’s aren’t. so brave people see, ahh it’s gonna stuck this way, time to switch to a better alternative, that’s the best way, i guess everybody have some kind of science knowledge, because i got something to explain through it, you know, there is loads of bacterias, when we create anti-bacteria or something to destroy those specific kind of bacteria, they die sometimes 99.9% but still there is 00.1% who aren’t dead, they are alive because they changed to the new environment, then they own the future. i think now everybody got what i’m talking about. So i think you guys heard that fitter are survive, but not people who gonna change entire process or who are blaming on it. look you guys have wasted much time by analyzing problem causes. why you guys can’t put that time to thinking about a perfect solution go get rid of this hell huh? just a something to think about!

තනියෙන් බුදු වීමයි, පිස්සෙකුයි අතරෙ බොහෝ සමාන කම් තියෙනවා. මොකද බුදුවරයා තමන් අවබෝධ කරගත් සත්‍ය අනිත් අයට දේශනා කරනකොට එය අළුත්ම අළුත් දෙයක් නිසා බොහෝ අය ඒක විශ්වාස කරන්නේ නැහැ.මිනිහට පිස්සු කියලා අතහැරලා දානවා.පිස්සෝ (සමහර වර්ග වල)මහා දර්ශණයක් කියනවා, නමුත් ඒකට කිසිම පදනමක් නැහැ.කො‍‍හොම වුනත් දැනුම කියන්නේ ඓතිහාසික ගොඩනැගීමක් හින්දා ඊට අලුතින් ඒ තුලින් බිහිවන බුද්ධිමතුන්, උගතුන් සමාජයේ සැබැ බුද්ධිමතුන් ලෙස පිළිගන්නවා.ඉතිං සමහරු ඔය ගොඩනැගෙන දැනුම් පද්ධ‍තියේ මැදින් පැනලා බුදුවෙන්න හදනවා. ඒක කොහොමටත් පිස්සුවක් පෙනුනත් ඇත්තටම‍ නොදැනුවත් කම හින්දා සිදුවන්නක්.ඒකට කියන්න තියෙන්නේ පොත පත කියවලා බලලා,දර්ශනය ගැන කතාකරන්න කියලයි.මාර්කටින් හරි ඕ ලෙවල් ඒ ලෙවල් හරි පොත් කියවලා ලොකේ මෙහෙමයි කිව්වම කට්ටියට හිතාගන්න බැරි වෙනවා මූ බුදුකෙනෙක්ද පිස්සෙක්ද කියලා.

ශක්තිවන්තයා ජයගන්නවා කියන්නේ කැලෑ නිතියයි.ඒකෙදිත් මූලික මිනිස් ආශයන් කියලා කියන්නේ ලිංගිකත්වය හා ප්‍රචණ්ඩත්වය කියලයි ෆ්‍රොයිඩ් කියලා තියෙන්නේ. නැතුව සල්ලි එකතු කරන එක මූලික මිනිස් හො සත්ව ආශයක් නොවෙයි.මානව ශිෂ්ඨත්වය කියන්නේ අර ඉස්සෙල්ලා මම කියපු කැලෑ නිතිය ඉක්මවලා සත්තුන්ගෙන් වෙන්වුණු සංස්කෘතික ජීවිතයක් මිනිසාට තියෙන එකයි.සංස්කෘතිකයක් හිමි මිනිස්සුන්ට විතරයි.ඒකෙදි තමයි සත්තුන්ට නැති මානුෂික වටිනාකම්, පුරුදු, සාහිත්‍ය, කලාව ගොඩනැගෙන්නේ.දර්ශනයක් තබා දර්ශනය කියලා විෂයක් වත් දන්නේ නැතුව ජීවිත දර්ශනයට නිර්නායක ඉදිරිපත් කරන අයට කියන්න තියෙන්නේ පරාරෝපණය වෙලා තියෙන තමන්ගේ ජීවිතයෙන් ඉක්මනට අතමිදිලා මනුස්සයෙක් වෙලා ඊට පස්සේ හොදට ඉගෙන ගෙන දර්ශනයක් නිර්මාණය කරන්න කියලා තමයි.

යල් පැන ගිය දර්ශනයකුයි බුද්ධාගමයි ‍එකතු කර, තමන් සියළු දේ දන්නවා යැයි සිතා ඒවා ලෝකයේ පරම සත්‍ය යැයි සිතන, විරුද්ධ මත ඉවතලන, රට ප්‍රාග් ‍‍‍ෛඑතිහාසික යුගයකට ගෙන යන්නට හදන බුද්ධිමතුන්ට අපේ මහ රජ්ජුරුවන් වහසන්සේගේම සරණයි!

Leave a Reply to Bhathiya Udayanga Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.