Categories
විවිධ හින්දි චිත්‍රපටි

චාන්ද්නී චෝව්ක් ටු චයිනා – Chandni Chowk To China

කවුරුහරි මගෙන් ඇහුවොත් කවුද ‍මේ වෙනකොට ඉන්දියාවේ සාර්ථකම නළුවා කවුද කියලා… නෑ පිස්සුද? මම කියන්නේ ෂාරුක් ඛාන් නම් නෙවෙයි. මම කියන්නේ ආක්ෂේ කුමාර්. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ආක්ෂේ කුමාර් මේ වසර තුනේ 2006, 2007, 2008 රඟපාපු චිත්‍රපටිවලින් එකදිගට, ඒ හැම චිත්‍රපටියක්ම අති සාර්ථකයි. මේ ඔක්කොම බොක්ස් ඔෆිස් හිට්ස්! ඒ ටිකක් කිව්වොත්,

ෆැමිලි – ටයිස් ඔෆ් බ්ලඩ්, භගම් භග්, නමස්තේ ලන්ඩන්, හේ බේබි, බූල් බුලයියා, වෙල්කම්, සින්ග් ඊස් කින්ග්. මේ සාර්ථක චිත්‍රපටි අතර එකතුවෙන තවත් අති සාර්ථක වෙයි කියලා බලාගෙන ඉන්න තවත් චිත්‍රපටියක් ඔන්න මඟ එනවා. ජනවාරි 17 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරන මේ චිත්‍රපටිය තමයි චාන්ද්නී චෝව්ක් ටු චයිනා. ප්‍රහසන, ක්‍රියාදාම හා බොලිවුඩ් පුරවරයටම වෙන්වූ ආදර කතා විලාශය එක‍ට එකතු වුන මේ චිත්‍රපටිය ලෝක ප්‍රසිද්ධ Warner Brothers සමාගමේ පළවෙයි බොලිවුඩ් නිෂ්පාදනයයි. මම කිව්වානේ ඉතින්, බොලිවුඩ් චිත්‍රපටි දැන් හොලිවුඩය ආක්‍රමණය කරන්න පටන් ඇරගෙන. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ නිකිල් අද්වානි විසිනුයි. ඒ වගේම අක්ෂේ කුමාර් එක්ක මේ චිත්‍රපටියේ ද්විත්ව චරිත නිරූපනය කරන්නේ තමන්ගේ පළවෙනි චිත්‍රපටියෙන්ම, ඒ කියන්නේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියෙන් විශාල ජනප්‍රියත්වයක් දිනාගත්තු දීපිකා පදුකෝන් විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටිය චීනයේ සුපිරි චිත්‍රපට තරුවක් වන ගෝර්ඩන් ලියුත් රංග‍නයෙන් දායකත්වය දක්වනවා. මේ Chandi Chowk To China චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටයයි. මේක බැලුවාම, චිත්‍රපටියේ තාක්ෂණය, කතාව මේ සේරම පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි.

ඔන්න ලබන ජනවාරි 16වෙනිදා චාන්ද්නී චෝක් ඉඳලා චීනේ යන්න ලෑස්ති වෙලා ඉන්න!

6 replies on “චාන්ද්නී චෝව්ක් ටු චයිනා – Chandni Chowk To China”

හරියට හරි… යසට හිටී… හොලිවූඩ් වල සල්ලි… බොලිවූඩ් වල කථාව… චීනෙ සටන් ජවනිකා… ඔය චිත්‍රපටිය ලෝකේ තියෙන ලොකුම ප්‍රේක්ෂක කොට්ටාශ තුනම අල්ල ගන්න හදලා තියෙන්නේ ඒ කියන්නේ…
හින්දි චිත්‍රපටි බලන අය ගොඩක් ඉන්නවා වගේම, චීන සටන් චිත්‍රපටි බලන අයත් සෑහෙන ගොඩක් ලෝකේ ඉන්නවා. හොලිවූඩ් නිෂ්පාදනයක් නිසා හොලිවූඩ් ප්‍රේක්ෂකයිනුත් ඉන්නවා.
මේකට කියන්න ඕනේ ලෝක සිනමාව කියලයි.

@ මහසෙන් – කතාව ඇත්ත. මේක නම් ලෝක සිනමාවම තමයි. බොලිවුඩ් වලට විතරක් සීමා කරලා හරියන්නේ නෑ තමයි. 🙂

බැලූ බැල්මටනම් පේන්නේ The Forbidden Kingdom එකේ කොපියක් වගේ කියලා.
කමක් නැහැ මොක උනත් මෙහෙ හෝල් වල පෙන්නුවොත් ගිහින් බලනවා

@ ම – The Forbidden Kingdom වගේ කියලානම් මට පේන්නේ නෑ 🙂 මට පේන්නේ Kung Fu Panda එකේ තියෙන කතාවට සමාන එකක් වගේ. 🙂

හින්දි චිත්‍රපටි වලයි චීන සටන් චිත්‍රපටි වලයි තියෙන සමාන කමක් තමයි ඔය, චිත්‍රපටියෙන් චිත්‍රපටියට කතාවේ මහ වෙනසක් නෑ…

@ මහසෙන් – ඒ කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් දැන් එන අළුත් හින්දි චිත්‍රපටි බොහොමයක වෙනස් විදිහේ කතා තියෙනවා. හැබැයි හැම චිත්‍රපටියකම ආදර කතාවක්නම් තියෙනවාමයි 😀

Leave a Reply to මහසෙන් Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.