Categories
Uncategorized

කැනඩා

මේ දවස්වල ඉන්නෙ කැනඩාවෙ.

NPP එකට ඡන්දෙ දාලා රට දාලා ගියා කියල නේද හිතුවෙ? නෑ නෑ ආයෙ ලංකාවට එනව. පොත් ප්‍රදර්ශනේට යන්නත් එපැයි.

ඉස්සර මට ඇත්තටම උවමනාවක් තිබුනෙ නෑ වෙන රටකට ජීවත් වෙන්න යන්න. ලංකාවෙ ෂේප් එකේ ඉන්න පුලුවන්නෙ කියලයි හිතුවෙ. ඒත් ඇත්තටම රටින් පිටට ගියාට පස්සෙ තේරෙනව ඇයි ලංකාවෙන් වෙනත් රටවලට ගියාට පස්සෙ මිනිස්සු ආයෙමත් ලංකාවෙ පදිංචියට එන්නෙ නැත්තෙ කියල. එහෙම ලංකාව​ට එන අය නැතුව නෙවෙයි. තමන්ගෙ නෑදැයො – දන්න කියන අය එක්ක ලංකාවෙ ඉන්න එක දරුවගෙ හොඳ වෙයි කියල ඕස්ට්‍රේලියාවෙ ඉඳල ලංකාවට ආපු පවුලකට 2019 පාස්කු ප්‍රහාරයේදි වුනේ මොකක්ද කියල මේක කියවන සමහර දෙනෙකුට මතක ඇති.

කැනඩාව ඇත්තටම හොඳ රටක්. එහාපැත්තෙ තියෙන ඇමරිකාව තරම් අප්සට් නෑ. එලියට බැහැල ඇවිද්දොත් විවිධාකාර ජාතීන්වලට අයිති මිනිස්සු ඉන්නවා. ඒක මරු. කැනඩාව තාමත් සංක්‍රමණිකයන්ට හිතවත් රටක්. ඒ වුනාට ඇමරිකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වටේ රටවල්වලනං සංක්‍රමණිකයන්ට හඬක් නැගෙමින් තියෙන තත්වයක් තමයි තියෙන්නෙ.

දැං මේ ලියන්නෙ වික්ටෝරියා වල ඉඳගෙන. මට බැන්ෆ්, ටොරොන්ටෝ පැතිවලත් ඇවිදින්න ලැබුනා. බැන්ෆ් පැත්තෙ ඇවිදිද්දි තේරුන දෙයක් තමයි ​මෙහේ රජය – මිනිස්සු සෑහෙන්න උත්සාහ කරනව පරිසරය – පරිසරයටම ආවේණික – ලස්සනෙන්ම තියාගන්න. ඒ වගේම මේ බිම් වල මුල් අයිතිකාරයන්ටත් ලොකු ගෞරවයක් දෙන්න උත්සාහ කරනවා. මේ රට තාම බ්‍රිතාන්‍ය කිරීටයට යටත්. ඒ වුනාට ඒක මෙහේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.

කැනඩාවෙ පාන් කෑවට පස්සෙ තමයි මට තේරුනේ ප්‍රංශෙ මාරි ඇන්ටොනට් බිසව “පාං නැත්තං ​කේක් කාපිය” කියල කිව්වෙ ඇයි කියල. ලංකාවෙ සාමාන්‍යයෙන් ගන්න තියෙන පාං වලට වඩා මෙහේ පාං කේක් වගේම මෘදු සහ අලුත්. පැනි රසක් නං නෑ.

ලංකාවට කැනඩාව වගේ වෙන්න ඕනෙ නෑ. ලංකාව කියන්නෙ ලංකාව. ඒ වුනාට මං හිතනවා ලංකාව කැනඩාව වගේ

  • මිනිස්සුන්ගෙ විවිධත්වයට ගරු කරන
  • ආහාර වල ගුණාත්මකභාවය රැකගන්න නීති තියෙන, ඒ නීති ක්‍රියාත්මක කරන
  • පාරෙ පිළිවෙලකට යන්න පුලුවන්

රටක් වෙනවන​ං ඒක හිට්ලර්​ල වගේ නායකයොන්ට බලෙන් මිනිස්සුන්ව හික්මවල කරවන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක කරන්න පුලුවන් ලංකාවෙ මිනිස්සුන්ටම තමයි.

ගිහින් එන්නං!

Categories
ජීවිතේ

2023 මොකද වුනේ?

2024ත් වුනා. දැන්නං වයසට ගිහින් කියලමයි හිතෙන්නේ. වයසට යනකොට, වෙනත් වයසට ගියපු අයගෙ ට්‍රැක දැකල බලවෙලා ඉන්නෙ මටත් එහෙම වෙයි කියලා. අන්තිමට ලියපු දවස බැලුව​ම 2023ට මුකුත් ලියලත් නෑ. ඒක ගැන දුකයි.

2023 අවුරුද්දෙ මුල ඉඳලම කර කර හිටපු රස්සාවෙන් අයින් වෙන එක ගැන තමයි හිත හිත හිටියෙ. රස්සාවෙ ප්‍රශ්නයක් නිසා නෙවෙයි, ඇති වගේ කියල හිතුන නිසා සහ ඉක්මනට විශ්‍රාම යන්න පුලුවන්ද කියල අත්හදා බලන්න ඕනෙ වුන නිසා. ඒත් රුපියල එන්න එන්නම බාල්දු වෙන නිසා, විශ්‍රාම යන්න දැම්ම අමාරුයි. ඊට පස්සෙ වැඩක් ​නොකර ඉන්න කම්මැලිත් හිතුනා. ඉතින් මාස 4කට විතර පස්සෙ Supabase (සුපබේස්) සෙට් වුනා. මේක තමයි මං හිතන්නෙ මම අඳුරන අයගෙ Reference එකක් නැතුව සෙට් වුන පළවෙනි job එක. හැබැයි ඒකට Auth0 (ඕත් සීරෝ) එකේ Experience එක උදව් වුනා.

මං හිතාගෙන හිටියෙ 2023 වසර අම්මටසිරිවෙන්න කෙලවෙයි කියල. පැය 24ම කරන්ට් නැතිවෙයි කියල හිතාගෙන Power backup දෙකක්ම අරගත්තා. විදුලියෙන් දුවන කාර් එකකුත් අමාරුවෙන් අරගෙන හිටියෙ තෙල් නැතිවෙයි කියල. පුලුවන් උපරිමයෙන්ම 2022 දි ලෑස්ති වුනේ 2023දි එයි කියල හිතාගෙන හිටපු crisis එකට. හැබැයි රනිලුත් නන්දලාලුයි වැඩේ ගොඩදාගත්ත වගේ හිමීට.

ඒකෙන් කියන්නෙ නෑ දැං අපි ඉන්නෙ crisis එකක නෙවෙයි කියල. නන්දලාල්ම කිව්ව වගේ ආගාධෙට යන ගමන් තිබුන වාහනේ බ්‍රේක් එක ගහල අනිත් පැත්තට හරවගෙන ආයෙ උඩට යන ගමන් ​ඉන්නෙ. ඒ වුනාට බැලුවම පේනවා මිනිස්සුන්ගෙ ක්‍රය ශක්තිය එන්න එන්න අඩුවෙනවා, නොමිලේ ලැබෙ​න සෞඛ්‍ය පහසුකම් දුර්වල වේගෙන යනවා, නොමි​​ලේ අධ්‍යාපනය දුර්වල වේගෙන එනවා වගේ දශක ගණනාවක් ඉස්සරහට බලපාන ගැටලු වලට මුහුන දෙමිනුයි අපි ඉන්නෙ.

මේ අවුරුද්දෙ ලොකු ලොකු දේවල් කරන්න බලාපොරොත්තුවක් නෑ. මේව තමයි Goals.

  • ෆෝන් එකටයි, සමාජ මාධ්‍ය වලටයි තියෙන addiction එක අයින් කරගන්න එක
  • පොත් කියවන්නයි, ලියන්නයි පටන්ගන්න එක
  • PostgreSQL ඉගෙනගන්න එක

මං 2024 අවුරුද්දෙ කරපු පළවෙනි වැඩේ තමයි රහස් කියන කඳු චිත්‍රපටිය බලපු එක. හැබැයි මං ඒක 2023 අවුරුද්දට දාන්න තමයි ආස. ඒ චිත්‍රපටිය ගැන ඊළඟට ලියන්න හිතාගෙන ඉන්නවා.

ඔයාලට 2023දි මොනවද වුනේ? මගෙන් මොනවගේ දේවල්ද දැනගන්න කැමති කියල කියන්නත් අමතක කරන්න එපා!