චිත්‍රපටි පහක් 22

පූර්වකථනය | Prologue

ආයෙත් නොලියන්නම හිතාගෙන හිටියාට, ඒක හරියන වැඩක් නෙවෙයි. ඇරත් තුවාල බොහෝ දුරට සනීපයි. ඒ ගැන නොහිතෙනා තරම් වගේම Support System එකට පින්සිදුවෙන්නට දැන් හැමදේම සාමාන්‍යයි. මේ සුදාරකගේ අන්තර්ජාල සටහනේ ඊළඟ පරිච්ඡේදයේ ආරම්භය.

————

මේ, ඔබ නැරඹිය යුතුම චිත්‍රපටි කිහිපයක් ගැන සටහනක්. සමහර විට මේ චිත්‍රපටි ඔබ දැනටමත් නරඹලා තියෙන්න පුළුවන්. නරඹලා තියේනම්, ඒකෙ තේරුම මේ චිත්‍රපටි ගැන ඔබේ අදහස් මේ සටහනට එකතු කරන්න පුළුවන්. බ්ලොග්කරණයේ වාසිය ඒකයි. 😉

Inception

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නිර්මාණයක් වන මේ චිත්‍රපටිය නරඹලා නැතිනම්, දැන්ම හොයාගන්න. රසවිඳින්න. සාමාන්‍යයෙන් චිත්‍රපටියක තියෙන්නෙ එක කතාවයි. චිත්‍රපටය නරඹන සියයට අනූ නවයක් චිත්‍රපටිය විග්‍රහ කරන්නෙ බොහෝ විට එකම විදිහකට. ඒ වුනත්, Inception චිත්‍රපටිය නරඹන අයට තමන්ගේම විග්‍රහයක් චිත්‍රපටයට ඉදිරිපත් කරන්න පුලුවන්. අන්න ඒකයි, මේ චිත්‍රපටියේ විශේෂත්වය. දෙතුන්පාරක් නැරඹුවාට පාඩුවක් වෙන්නෙ නම් නැහැ.

චිත්‍රපටියේ ප්‍රධාන රංගනය Leonardo DiCaprio මෙහෙයවූවත්, සහය නළුවාගේ (Joseph Gordon-Levitt) රංගනයත් හොඳින් කැපීපෙනන සුළුයි. අතිවිශිෂ්ඨ රංගනයක්, අතිවිශිෂ්ඨ අධ්‍යක්ෂණයක් වගේම සුපිරි විශේෂ ප්‍රයෝගත් නිසා, චිත්‍රපටිය අතිශයින්ම සාර්ථකයි.

Ariadne: Why is it so important to dream?
Cobb: Because, in my dreams we are together.

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer


She’s Out of My League

ඕනම කෙනෙකුට තමන් ගැන තක්සේරුවක් තිබීම වැදගත්. ඒත්, තමන්ගැන හිතාගෙන ඉන්න විදිහ අවුල්නම්, ඒ කියන්නෙ තමන් අනිත් අයට සාපේක්ෂව කිසි වැඩකට නැති කැත, කිසි කික් එකක් නැති, කාන්තා ආකර්ෂණයක් ඇත්තේම නැති කෙනෙක් විදිහට හිතාගෙන ඉන්නවනම්, ඒක ලොකු අවුලක්. මේ විදිහට තමන් ගැන පහත් තක්සේරුවෙන් ජීවත් වෙන “කර්ක්” පළවෙනි ආදරේ කඩාගෙන, ඒ ආදරේ මත්තෙම නැහෙද්දි… ලස්සන කෙල්ලෙක් ජීවිතේට කඩන් පාත් වෙනව. තමන් තුළ නොදකින හොඳ ඈ දකින බව දැනගෙනත් තමන් ගැන තියෙන පහත් තක්සේරුව නිසාම කර්ක්ට පසුබහින්න සිද්ධ වෙනව. කොමඩියක් නිසා හිනාවෙන්න පුලුවන් වගේම තමන් ගැනම පොඩි දෙයක් හිතට ගන්නත් උදව් වෙන නිසා, මේ චිත්‍රපටිය මඟඅරින්න එපා. Jay Baruchelගේ රංගනය උපරිමයි!

මේ චිත්‍රපටිය බොහෝ දෙනෙක් නරඹලා තියෙන්න පුලුවන්. ඒත් නරඹලා නැති අය සහ නරඹන්න ආසාවෙන්න ඉන්න අයටයි මේ කියන්නේ… වහාම නරඹන්න!

අවවාදයයි: මා වැනි බිළින්ඳන්ට නැරඹීමට නොහැකි යැයි සම්මත දසුන් ඇති බැවින්, දහසය දාහත වයසේ බිළින්දන් තනියම නරඹන්න. නැරඹුවාට නරක් නොවේ. 😉 15ට අඩු ශ්‍රී ලංකා පුරවැසියන් චිත්‍රපටය නරඹා කරගන්නා දේවල්වලට වගකියනු නොලැබේ. 😛

Devon: Hey did she say anything about Wendy thinking I’m hot?
Kirk: No.
Devon: Shoot, I wonder if she is on Facebook?
Kirk: Devin you’re on Facebook?
Devon: Yeah… I got like 37 friends.

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය Movie Trailer

(500) Days of Summer

මේ තවත් සුපිරිම ආදර කතාවක්. Ooops. O.o සමාවෙන්න. මේක ආදර කතාවක් නෙවෙයි. ආදරේ ගැන කතාවක්. මේ, හරිම සරලව ගලාගෙන යන හරි අපූරු චිත්‍රපටයක්. ටොම් හැන්සන් (Joseph Gordon-Levitt) කියන්නේ, සුබ පැතුම් පත් වලට එක එක දේවල් ලියන කෙනෙක්. ටොම් වැඩකරන තැනට සම්බන්ධ වෙනව අලුත් ගෑනු ළමයෙක්. එතනින් එහාට කතාව බලාගෙන යන්න. 🙂 කලින් කිව්වා වගේ කතාව සරලව ගලාගෙන යන නිසා කම්මැලිකමක් නැතිව ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක්. ආදරේ ගැන හිතන්න දේවල් ඉතුරු කරන. ගෑනු මායම් වලට රැවටිලා පළවෙනි ආදරේ (හෝ ආදරයක්) නාස්ති කරගත්තා කියල හිතෙන කෙනෙකුට මේ චිත්‍රපටිය තරමක් වටියි. 😉 ගෑනු ළමයිතුත්, පිරිමි ගැන තේරුම්ගන්න මේ චිත්‍රපටිය නරඹනවානම් හොඳයි. 😉

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන Joseph Gordonගේ රංගනය අති විශිෂ්ටයි. තාත්විකයි. චිත්‍රපටයට සම්මාන රැසකට නිර්දේශ වෙලා තියෙනවා වගේම සම්මාන කිහිපයක් හිමිකරගන්න සමත්වෙලත් තියෙනව. චිචාරක ප්‍රතිචාර උපරිමයි. ඉතින්, මේ චිත්‍රපටිය මඟඅරින්න එපා. අනිවාර්යයෙන්ම නරඹන්න.

Tom: I love how she makes me feel, like anything’s possible, or like life is worth it.

IMDB පිටුව Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer

Dabangg

මේ හින්දි චිත්‍රපටිය මෙතනට එකතු කරන්නෙ මේ චිත්‍රපටියෙ ලොකු දර්ශනයක්, ලොකු කතාවක්, ජීවිතේට එකතු කරගන්න දෙයක් තියෙන නිසා නෙවෙයි. මේ චිත්‍රපටිය වින්දනාත්මකයි. හිත අවුලෙන් තියෙන වෙලාවක, එහෙම නැත්තං ආතතියෙන් පිරුණ වෙලාවක චිත්‍රපටියක් බලල හිත නිදහස් කරගන්න ඕනෙ වගේ කියල හිතෙනවනං මේ චිත්‍රපටිය බැලුවාට කිසිම වරදක් නැහැ. එච්චර උසස්  රසවින්ඳනයක් බලාපොරොත්තු වෙන්න බැරිවුනාට. හිත සැහැල්ලු කරගන්න, සතුටු වෙන්න, කට්ටියක් එක්ක බලන්න, කියාපු චිත්‍රපටිය.

හොඳම දේ මේකෙ නිළිය. Sonakshi Sinha. මෙයා වගේ ඇහැට ප්‍රිය උපදවන නිළියක් මට තාම හොයාගන්න බැරිවුනා කියන්නෙ අතිශයෝක්තියෙන් වුනත්, ඇත්තටම ලස්සන නිළියක්. නිළිය ලස්සන නිසා හරි චිත්‍රපටිය බැලුවාට වැරදි නැහැ. 😉 චිත්‍රපටියෙ සංගීතය Sajid-Wajid සහ Lalit Pandit ගෙන්. සින්දු ලස්සනයි. එකපාරම රසවිඳින්න ගියොත් අමාරුවෙ වැටෙයි. ඒක නිසා, චිත්‍රපටිය බලල ඉවරවෙලා ඊළඟට සින්දු අහන්න. 🙂 චිත්‍රපටිය ගැන මට තියෙන පොඩි අවුල තමයි, චිත්‍රපටියට Sherlock Holmes චිත්‍රපටියෙනුයි, (500) Days of Summer චිත්‍රපටියෙන් පොඩි පොඩි කෑලි ටිකක් කොපි කරල තියෙන එක. ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ. 😉

“When you lose the fear of death, Life begins”
– John Roy Hill

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer

It’s Kind of a Funny Story (2010)

මේ තියෙන්නෙ මම කැමතිම චිත්‍රපටිය. සමහර විට ජීවිත කාලය පුරාම කැමති චිත්‍රපට ලැයිස්තුවේ අංක එකේ චිත්‍රපටිය විදිහට මේ චිත්‍රපටිය තියෙයි. (ඒත් කියන්න බෑ. මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙනව 😉 ) චිත්‍රපටිය සරලයි. ආකර්ෂණීයයි. චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ක්‍රෙග්. විවිධ වූ ප්‍රශ්න කෝටියක් ඔළුවෙ තියාගෙන ආතතියෙන් පිරිල සියදිවිනසාගන්න තීරණය කරනව. ඒක හිතන තරම් පහසු වැඩක් නෙවෙයි බව අන්තිමේට ක්‍රෙග්ටම තේරිල, ඔහු ඇතුළුවෙනව මානසික රෝගීන්ගේ වාට්ටුවකට. ඒකෙ ඉන්න එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. පළවෙනි දවසෙම වාට්ටුව එපාවෙන ක්‍රෙග් වාට්ටුවෙන් පිටවෙන්න තීරණය කරත්, ඔහුගෙ (අ)වාසනාවට වාට්ටුවට ඇතුළත්වුන කෙනෙක් අවම වශයෙන් දවස් පහක්වත් වාට්ටුවේ බෙහෙත් ගන්න ඕනෙ. ඉතින් ඒ බෙහෙත් අතරමඟදි, ඔහුට ලස්සන ගෑනු ළමයෙක් හමුවෙනව.

අපි හැමෝටම ජීවිතේ එක කාලයකද සමහර විට සියදිවි නසාගන්න එකපාරක් හරි හිතිල තියෙන්න පුලුවන්. මට නං පුද්ගලිකව මේ ආසන්න කාලයේ බොහෝ වාරයක් සියදිවි නසාගන්න හිතිල තියෙනව. ඇත්තටම ඒ සිතිවිල්ල වෙනස් කරපු තමන්ගෙ හිත ශක්තිමත් කරගන්න උදව් වුන ලස්සන සරල චිත්‍රපටියක් මේ. ඔබ ජීවිතේ ආතතියෙන් පිරුණු, නරකම කාලයක් ගෙවනවා කියල හිතෙනවානම්, මේ චිත්‍රපටිය බලන්න කාලය වෙන් කරාට, ඒ කාලයෙන් පාඩු නෑ.

Bobby: See, that’s the part I don’t get, Craig. I mean, you’re cool, you’re smart, you’re talented. You have a family that loves you. You know, what I would do just to be you, for just a day? I would… I would do so much. I would… I don’t know. I would just… I’d just live. Like it meant something.

IMDB පිටුව | Wikipedia පිටුව | Rotten Tomatoes | නිල වෙබ් අඩවිය | Movie Trailer

————

අපරකථනය | Epilogue

මේ චිත්‍රපටි තියෙන්නේ කිසියම් අනුපිළිවෙලකට නෙවෙයි කිව්වොත්, ඒක වැරදියි. පිළිවෙල තමයි මගේ හිතට ආපු පිළිවෙල. මේ චිත්‍රපටි වලින් මම කැමතිම චිත්‍රපටිය It’s kind of a funny story වෙන අතරෙ, අනිත් චිත්‍රපටි වලට සමාන ලකුණු බෙදන්න කැමතියි. හැමදාම එක තැන පල් වෙන ආදර කතා වල් පල් වලට වඩා දෙයක් ලියන්නයි මේ පටන්ගැන්ම. 🙂 අන්තිම චිත්‍රපටිය ජීවිතයට උදව් වෙලා තියෙන්නෙ මට විතරක් නෙවෙයි. YouTube වීඩියෝවෙ පහළ comment එක කියවලා බලන්න. 😉 ඒ මම නෙවෙයි. මම වගේ කෙනෙක්. 😉

22 thoughts on “චිත්‍රපටි පහක්

  1. Reply Binku May 3,2011 3:05 am

    මුල් එව්වා තුන නම් බැලුවා.

    Inception : Shutter Island වගේම උපරිමයි, අනර්ඝ එකක්. කියලා වැඩක් නෑ. හැබැයි ඔකේ අර ගුරුත්වාකර්ෂණය නැති වෙලේම කොහොමද Lift එක පල්ලෙහා ගියේ? 😉 ( තුන වන සිහින විමානේදී)

    She’s Out of My League : අවුලක් නම් නෑ කියන්න, ඒත් වැඩේ කියන්නේ මම ඔක්කොම බැලුවේ නෑ බං.

    (500) Days of Summer : උඹට මම මේක බලන්න කිව්වද මන්දා. හැබැයි උඹට කියන්න නම් හිටියා කියලා මතකයි. ඕක මලේ මගේ බුදු බොක්ක. මාර ගති, පස්වෙනි වාතාවට බැලුවත් එක්ක.

    මෙව්වත් බලපන්:
    Blue Romantic
    Let me In
    The Next Three Days

    • Reply සුපුන් සුදාරක May 3,2011 8:46 am

      අන්තිම එක බැලුවාට පාඩු නෑ.

      Inception ෆිල්ම් එක ගැන කතා කරොත්, plot hole කිහිපයක් නම් තියෙනවා තමයි. ඔය Lift එකේ සීන් එක ගැන කතා කරොත්, ආතර් elevator එකේ කේබල් වලට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කරලා පුපුරවනවා නෙව. අන්න ඒ බාහිර බලයෙන් lift එක ගුරුත්වජ ත්වරණයට වඩා ත්වරණයෙන් පල්ලෙහාට ගියා වෙන්න පුළුවනි.

      She’s Out of My League කියන්නෙ සිරා කොමඩියක්නෙ බං. වෙලාවක් තිබුනොත්, ආයෙත් බලහං. (ඔක්කොම බැලුවෙ නෑ කිව්වෙ, බැලුවෙ බලන්න ඕන වෙන ටික විතරයිද? 😉 )

      (500) Days of Summer මම කාලෙකට කලින් බලලයි තිබුනෙ. සිද්ධියට පස්සෙත් තව කිහිපවතාවක් බැලුව. මම හිතන්නෙ මාත් පස් පාරක් විතර දැනට බලල ඇති. 😉

      Blue Romantic ෆිල්ම් එක ගැන විස්තරයක් මට හොයාගන්න බැරිවුනා නෙව. IMDb link එක දෙන්න පුලුවන්ද? අනිත් දෙකත් බලන්න ඕනෙ හොයාගෙන. සමහර විට එව්ව ගැන වුනත් ආයෙ ලියන්න පුළුවන් වෙයි. 😉

      • Reply Binku May 3,2011 9:31 am

        රෙද්ද! මම කියන්න හැදුවේ Blue Valanetine කියලා. ලියවුනේ Romantic දාලා. එක මරු බං, ඒත් තාම නැතිව ඇති කොපියක්.

        She’s Out of My League එහෙමත් එව්වා තියෙනවද? කොහෙද ඉතිං අහවල් යහළුවෝ නිසා ඔක්කොම බැලුවේ නැහැනේ ඕනේ එව්වා වුනත්. බලන්න ඕනේ ඒවා එක්ක වැඩිපුර එක්කම!

        උබ Flixster වර, හැබැයි ඒ උබ චිත්‍රපටි කලාවේ සබැ ප්රෙමයෙක් නම් තමා!

  2. Reply sudaraka May 3,2011 7:52 am

    හපොයි,බලලා තියෙන්නේ ඉන්සෙප්ශන් විතරයිනේ.අනික්වත් මේ පාර A/L වලින් පස්සේ හොයාගන්න ඕනා.මම බලලා තියෙන හොදම රොමෑන්ටික ගනයේ චිත්‍රපටය “a walk to remember”.ඒක බලලා ඇස් වලට කදුලක් නොආවොත්,තමන්ගේ සOවේදීකම ගැන හොද මිනුමක් වේවි,ඒක..ලිපිය නියමයි.

  3. Reply කල්හාර May 3,2011 10:17 am

    Inception ඕක නම් බලලා තියනවා ……… බලමු අනිත්වත්………..

  4. Reply ..ChAnDiKa.. May 3,2011 11:32 am

    හ්ම් බලන්න ඕන………….

  5. Reply hare :-) May 3,2011 5:29 pm

    එකයි තුනයි බලල තියෙනවා 😛 ඔත්තුවට මෙන්න තොත්තු. ඉතිරිවා බාගමි.
    උඹත් බොරුවට ලියන්නෑ කියල හිට්ස් වැඩි කරගැනීමේ අපේක්සාවෙන් නේද කලින් එක ලිව්වේ…?

    • Reply සුපුන් සුදාරක May 3,2011 7:16 pm

      අනේ නෑ මචං. සීරියස් නොලිය අතෑරල දාන්නයි හිටියෙ. ඒත් ඉතින් මොන මඟුලකටද බං එහෙම කරන්නෙ. මං ලියන්න ගත්ත ආයෙ! 🙂

  6. Reply Dili/දිලින May 3,2011 6:29 pm

    Memento බැලුවද? එකනම් Christopher Nolan ගේ හොඳම චිත්‍රපටිය මම හිතන විදියට. හැබැයි සෑහෙන්න කරකවල අතාරින චිත්‍රපටියක්. බලන්න ලේසි නෑ. හැබැයි බැලුවට පස්සේ ටිකක් හිතන්න ඒවා තියෙනව.

    500 Days of Summer නම් මම සෑහෙන්න ආස ෆිල්ම් එකක්. අනිත් ඒවා නම් බලන්න හිතුවෙවත් නෑ, එත් දැන් නං වහ වහාම හොයාගන්න ඕනේ. ලිපියට පිං 😀

    මේ දවස්වල Kindle for PC app එක අහුවුනායින් පස්සේ ආයි පොත් පිස්සුවක් හදාගත්ත. Torrents වල පොත් තියෙන්නේ දාස් ගණනින් නොවැ… කාලෙකින් හොඳ පිචර් එකක් බැලුවේ නෑ.

    • Reply Dili/දිලින May 3,2011 6:32 pm

      මලා… Sorry වෙන්න ඕනි. Inception බැලුව. එක කොමෙන්ට් එකේ වැදුනේ නෑ නේ. නියමයි, එත් මටනම් හැමෝම කියන තරං හොඳ එකක් කියල නං හිතුනේ නෑ. 🙁

      • Reply සුපුන් සුදාරක May 3,2011 7:22 pm

        මට නං Inception කියන්නෙ සෑහෙන්න අල්ලලා ගියපු ෆිල්ම් එකක්. ම්… සමහරවිට දිලිනගෙ ඔළුව අනිත් පැත්තට කැරකැවෙන්න ඇති. 😉

    • Reply සුපුන් සුදාරක May 3,2011 7:18 pm

      මම Memento බලන්න ගිහින් අතෑරල දැම්මා නෙව. ඇයිද මන්දා. ඒත් දැන් හිතෙනවා බැලුවා නං හොඳයි කියල. ඒක ලැයිස්තුවට එකතු කරගත්ත. මාත් මේ දවස්වල කරන්නෙ e-books කියවන එක තමයි. ඒත් මගෙ මොනිටරේ අවුල් නිසා ඇස් වලට අතුරු ආබාධ එන්න ගත්තු නිසා අලුත් මොනිටරයක් ගන්නකන් වැඩේ අතෑරල දැම්මා. 🙁

  7. Reply කොම්බුව May 3,2011 8:05 pm

    මේ මම ඔට්ටුව දිනලා තියෙන්නෙ වැඩකට ඇති විදිහටම! 😀 එළ එළ ඔය පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යමන්. උඹට ඉතිං A/L වලට මැරියන් කියලා මට කියන්න බෑනෙවෙ. මම දන්නවනෙ උඹේ හැටි! 😀 චිත්‍රපටි ගැන කමෙන්ට් නැත. ඔක්කොම නරඹා ඇත. ප්‍රතිචාර උඹ දැනටමත් දනී. 😉

  8. Reply seze May 25,2011 12:11 am

    මේවා බා ගන්න link 1කුත් දැම්ම නම් පට්ට

  9. Reply Madhu Jun 28,2011 3:27 pm

    She’s Out of My League නං නියමයි

  10. Reply Maximusz Esala Apr 2,2012 6:34 pm

    පට්ට ප‍ට්ට as usual

Leave a Reply

%d bloggers like this: