පූර්වකථනය | Prologue
මේක මේ one zero zero එකට ලියපු කතාවක්. වචන කොච්චර එහෙට මෙහෙට කරත්, වචන සීයකට කොටු කරගන්න අමාරු නිසයි මෙතන ලියන්නෙ.
—
“එහෙනං අපි කෙමිස්ට්‍රි පාඩමක් කරමු. හරිද?”
“හරි. ලෑස්තියි.”
“නියමයි. ඒත් ඊට කලින්, ඔයා මට ගෙවන්න ඕනෙ.”
“මොකා? තමුසෙ මාර මිනිහෙක්නෙ ඕයි… කලින් කිව්වෙ කිසි ගාණක් ගෙවන්න ඕනෙ නෑ. සියල්ල නොමිලේ කියල”
“හරි. මම බොරු කිව්වෙ. ඒ වුනාට දැන් ඔයාට මට ගෙවන්න වෙනව. වැඩි ගාණක් නෙවෙයි. පැයට එක කිස් එක ගානෙ. තොල් වලට.”
“නෑ. මම ගෙවන්නෙ නෑ. ඒත් උගන්නන එක නතර කරන්න බෑ. හරිද?”
“අහ්. ඒ කොහොමද?”
“මොකද මම ඔහේට සෑහෙන්න ආදරෙයි. ඒ වගේම මම දන්නව තමුසෙ සෑහෙන්න රෝමැන්ටික් වැඩියි කියලත්. මම ඔහේගෙ ළඟට ඇවිත් ඔය තොල් දෙක කිස් කරොත්, මට මාවම පාලනය කරගන්න බැරිවෙයි. අන්තිමට මට නවතින්න වෙන්නෙ ඔහේ වගේම දඟ, ලස්සන, හැන්ඩ්සම්, කොට, පොඩි එකෙක් බඩට දාගෙන.”
“ඉතින් ඒක නරකද?”
නරකයි නේන්නං. මොකද මම මේ කරුම උසස් පෙළ පාස් වෙලා කැම්පස් එකට ගිහින් හොඳ ජොබ් එකකට සෙට් වෙන්න ඕනෙ. ඊළඟට, ඊට පස්සෙ මට පුලුවනි ගෙවීම කරන්න. එතකොට නං ඔන්න පොඩි එකාට හැදෙන්න හොඳ ලස්සන තැනක් අපි දෙන්නට හදන්න පුළුවනි. හරිද?
හහා! උඹ නං… මගේම ආදරණීය බිරිඳම තමයි.
අයියෙ, වෙන කතා ඇති.
ඔන්න ලියාගන්න…
“හයිඩ්‍රජන් බන්ධන”*
—
*හයිඩ්‍රජන් බන්ධන: http://en.wikipedia.org/wiki/Hydrogen_bond
9 replies on “හයිඩ්‍රජන් බන්ධනය”
නියමයි! එළ!
හික් 😀
#no comments# 😀
මොකද බොලේ මේ……………
හෆොයි. වරදවා වටහගන්න එපා. මේක මේ කතාවක්, ලියමනක් විතරයි. මේකෙ කිසි ඇත්තක් නෑ. :-/
ම්හ්..එල..
maara dial1k bun uba
Ooppssss..
nice aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa