Skip to content

විදූගේ කතාව.

මැයි 15, 2010

ශමිලා නිමන්ති ප්‍රනාන්දුපහුගිය අඟහරුවාදා දවසේ කොළඹ රීගල් සිනමාශාලාවට යන්න සුදාරකට අවස්ථාවක් ලැබුනෙ අශෝක හඳග‍මගෙ නවතම අධ්‍යක්ෂණය වන “විදූ” චිත්‍රපටියේ මුහුරත් උළෙලට විශේෂ  දර්ශනයකට සහභාගී වෙන්න. චිත්‍රපටය නරකම නෑ. වැඩිහිටි තේමාවක් රැගත් ළමා චිත්‍රපටියක්!

චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ ළමයෙක් කේන්ද්‍ර කරගෙන. තමන්ගෙ මවට, තමාගෙ අනන්‍යතාව තහවුරු කරන්න නොහැකි නිසා පාසල් යන්න නොහැකි වෙන මේ ළමය ඉගෙනගන්නෙ තමන්ගෙ ජීවන අත්දැකීම් වලින්. මෙතන පැහැදිලි බෙදීමක් පෙන්නුම් කෙරෙනව. ලංකාවෙ පාසල් යන සිසුන් තමන්ගෙ ජීවිතයට අත්දැකීම් එකතු කරගන්නෙ පොත පතින්, පාසල් නොයන ළමයෙක් ඉන්නවානම්, ඔහු ඉගෙනගන්නෙ ප්‍රායෝගිකව. මේ දෙකම එකතුවෙන තැනක් ලංකාවෙ ඇතුළෙ තියෙන්නෙ කොහෙද කියලත් හිතෙන තරම්.

එතකොට සිද්ධාන්ත සහ ප්‍රායෝගික අත්දැකීම් එකතුකරගැනීමේ උවමනාව තියෙන්න ඕනෙ තමන්ටමයි.

චිත්‍රපටිය බලන්න ගියේ, අශෝක හඳගම කියන නිර්මාණකරුවා පිළිබඳව ගොඩනගාගෙන තියෙන ආකල්ප ගොඩක් ඔළුවෙ තියාගෙන නිසා… චිත්‍රපටියෙන් ඒ ආකල්ප ඇතුළෙ හිටපු අශෝක හඳගම දකින්න ලැබුනෙ නැහැ. චිත්‍රපටිය කරේ අශෝක හඳගම කියල නාමිකව නොදැනගෙන හිටියානම්, චිත්‍රපටිය කරේ ‍අශෝක හඳගම නොවන වෙන ඕනෑම කෙනෙක් කියල හිතෙන තරමටම මේ චිත්‍රපටිය අශෝක හඳගමගෙ වෙනත් චිත්‍රපටි එකක් සසඳන්න බැහැ. එක අතකට මේක අශෝක හඳගමගෙ දක්ෂතාවක්. ලංකාවෙ බහුතර ප්‍රේක්ෂක පිරිසෙ ඉල්ලුම හඳුනාගෙන, ඉල්ලුම‍ට සරිලන සැපයුම සපයන්න ඔහු සමත්!

චිත්‍රපටිය ලංකාවෙ වාණිජ චිත්‍රපටි අතර සැසඳීමේදී බොහොම ඉදිරියෙන්. ඒක බොහොම සාර්ථක ලක්ෂණයක්. හැබැයි සමහර කැමරා රාමු වලට නළු නිළියන් අනුගත වෙන්නෙ නැහැ. චිත්‍රපටියෙ ෆැන්ටසිමය අවස්ථා නිර්මාණය කිරීමට උත්සාහ කරල තිබුනත්, ඒ තැන් නිරුත්සාහයෙන්ම නළු නිළියන්ගෙන් නිරූපනය වෙන්නෙ නැති ගතියක් චිත්‍රපටියෙ මුල භාගයේ තිබුනත්, ටිකෙන් ටික ඒ ගතිය නැතිවෙලා යනව.

චිත්‍රපටියෙ සංගිතය සහ තාක්ෂණය භාවිතය‍ ‍බොහොම හොඳින් කෙරිල තියෙනව. ඒ වගේම කතාව ‍නිදහසේ ගලාගෙන යනව. චිත්‍රපටියෙ රඟපෑමට සම්මානයක් දෙනවානම්, මම තෝරාගන්නෙ ළමා නිළියව. ඇගේ රඟපෑම වයසට හරියන්න, උපරිමයි වගේම ආකර්ශනීයයි! කොහොම නමුත් මේ සින්දුවත්, ඒ රූප රාමුවත් මට නම් ගැලපෙන්නෙ නැහැ. සින්දුව අහනවානම්, ඇස් ව‍හගෙන සින්දුව අහන එක රසවින්දනයට හොඳ වේවි.

“විදූ” චිත්‍රපටිය ජුනි මාසයේ මැදදි CEL මණ්ඩලයේ සිනමා ශාලා වෙත පැමිණේවි. ‍ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය නරඹන්න. කතාව සරලව ගත්තොත්, ඉදිරි අනාගත අභියෝග වලට මුහුනදීමට ළමයි‍න්ගෙ අධ්‍යාපන ක්‍රමය හැඩගස්සවන්න අවශ්‍ය බව පෙන්වීමත් ඒ සඳහා කරන පෙළඹවීමක් ලෙසත් චිත්‍රපටිය හඳුන්වන්න පුලුවන්. ඒ වගේම ළමයින්ව පෙන්වලා, ඒ යටින් ගෙනියන වැඩිහිටියන්ගෙ මහෝඩි වැඩ ගැනත් හිතන්න ඔබව පොළඹවාවි. චිත්‍රපටිය සමහර සංකේත එළිපිටම, සෘජුවම පෙන්වනව. ඒ සංකේත බලන්න නම්, චිත්‍රපටිය නරඹන්නම වේවි.


විදූ චිත්‍රපටියේ නිල වෙබ් අඩවිය
පීර පීර මං හෙව්වා… මගේ ලෝකයට වීරයෙක් !!
Asoka Handagama is BACK with a ǝɔuǝɹǝɟɟıD.. !
විදූ : කෝ හඳයා? | Vidhu

මගේ ලෝකයට වීරයෙක් – Download MP3

ප්‍රතිචාර 25 leave one →
  1. Ansh Lucky Sri Jay permalink
    මැයි 15, 2010 11:40 පෙ.ව.

    මටත් ආරංචියි මේක අලුත් වැඩක් සහ හඳගමගේ සාර්ථක තේමාවක් කියලා. බලන්න ඕනේ ජූනි වල රිලීස් වුණාම.
    :)

  2. මැයි 15, 2010 11:52 පෙ.ව.

    යන්ට ඔනෙ බලන්න…! මට අර සිංදුවෙ කැමරා නම් අල්ලන්නෙ නැ…ඔලුවත් කැරකෙනව වගේ..!!

  3. මැයි 15, 2010 12:02 ප.ව.

    මේක කියෙව්වම චිත්‍රපටිය බලන්නම යන්න ඕන කියල හිතුණා. දැන් ඉතින් චිත්‍රපටිය බලන්නෙ හඳගම විතරක් නෙවෙයි සුදාරකගෙ විචාරයත් ඔළුවෙ තියාගෙන. :)

  4. මැයි 15, 2010 12:12 ප.ව.

    ආ… කියන්න අමතක වුනානෙ. පොටෝ එක ඉස්සුවෙ සූගෙ බ්ලොග් එකෙන්! සූත් ඒක කොහෙන්හරි උස්සන්න ඇති! ;)

    http://suonline.blogspot.com

  5. මැයි 15, 2010 12:37 ප.ව.

    වටිනවා..!! මේක බලන්නම යන්න ඕනේ. මල්ලී උඹේ විචාර නම් මරු..!

  6. මැයි 15, 2010 1:23 ප.ව.

    අයියගෙ විචාරෙ නම් නියමයි….ෆිල්ම් එක ආපු ගමන්ම ගිහින් බලන්න ඕනා

  7. මැයි 15, 2010 5:51 ප.ව.

    වටිනවා වටිනවා , අනිවා බලන්න යන්න ඕනේ !!!

  8. මැයි 15, 2010 6:45 ප.ව.

    ම්… හ්ම්හ්ම්…. බලන්න ඕන එහෙම නං…
    ;-)

  9. මැයි 15, 2010 7:10 ප.ව.

    ගිහින් බලන්ට තමයි ඉන්නේ. මාස ගානකට කලින් ඉඳන් හිටියෙ එනකල්.

  10. මැයි 15, 2010 8:34 ප.ව.

    කෙටි උනත් බොහොම වටිනා සිනමා විචාරයක්!

  11. මැයි 15, 2010 10:53 ප.ව.

    හඳයා අලුත් එකක් දාලාද?

    තොපිලා ගැන මට Jealous යක්කුනේ!!!

  12. මැයි 16, 2010 12:17 පෙ.ව.

    ඒක ඉස්සුවාම නෙවෙයි. චලන රූපයක් නිශ්චල කරලා මට ඕන විදිහට කපා ගත්තා… :D

  13. මැයි 16, 2010 10:33 පෙ.ව.

    /* “විදූ” චිත්‍රපටියේ මුහුරත් උළෙලට
    */

    Are you sure?

    • මැයි 16, 2010 10:36 පෙ.ව.

      ම්… මුහුරත් උළෙල වෙන්න ඕනෙ. :D
      ඇයි? විශ්වාස නැද්ද?

      • මැයි 16, 2010 12:25 ප.ව.

        මුහුරත් උලෙල කියන්නෙ නම් චිත්‍රපටයේ වැඩ ආරම්භ කරන්න පෙර සිද්ද වෙන දෙයක් නේ. එතන දී තමයි අදාල නිර්මානයට සම්බන්ධ වෙන ශිල්පීන් මුලින් ම නිල වසයෙන් මුනගැහෙන්නෙ. මේ තියෙන්නෙ ඒ ගැන හොඳ විස්තරයක් -

        http://www.sarasaviya.lk/2010/03/25/_art.asp?fn=sa10032516&pn=17

        ඒකෙදී චිත්‍රපටිය නරඹන්න ලැබෙන්නෙ නැහැ නෙව. සුදාරකට චිත්‍රපටිය නරඹන්න ලැබුනා නම්, මේ ගිහින් තියෙන්නෙ චිත්‍රපටියේ විශේශ දර්ශනයකට වෙන්න ඕන. විචාරකයින්, මාධ්‍යවේදීන් සඳහා තියපු පූර්ව දර්ශනයකට.

        • නවීන් permalink
          මැයි 16, 2010 1:04 ප.ව.

          ඔව් ඔව් සුදා මලයට මෙතන පොඩ්ඩක් සිංහල අවුල් වෙලා.. මේකට කියන්නේ විශේෂ දර්ෂනයක් කියල..

          • මැයි 16, 2010 1:58 ප.ව.

            You have been to an advanced screening of the movie.

            These events are usually for special invitees, such as presidents of literary societies and cinema journalists, only.

      • chathurarcrc permalink
        මැයි 17, 2010 1:35 පෙ.ව.

        මන්ගල දර්ශනය කිවුවත් හරි මන් හිතන්නේ

      • මැයි 17, 2010 9:18 පෙ.ව.

        චා චා චා… එහෙනම් මට ලොකු වැරදීමක් වෙලා නෙව. මේක එහෙනම් මේ මුහුරත් උළෙල නෙවෙයි විශේෂ දර්ශනයක්. කතන්දර, ආනන්දවර්ධන, නවීන්, chathurarcrc ඔක්කොටම ස්තූතියි කිව්ව ඕන්…

        • මැයි 17, 2010 3:28 ප.ව.

          එහෙම ලේසියෙන් ෂේප් වෙන්නද හිතුවේ?

          ඔන්න මං මගේ කතන්දරේකින් ආයෙ මේ පෝස්ට් එක ලින්ක් කළා!

  14. chathurarcrc permalink
    මැයි 17, 2010 1:37 පෙ.ව.

    ලිපිය කියෙවුවම බලන්නම තම හිත. ඒත් බලන්න වෙන්නේ නැහැනේ. අපරාදේ

  15. සු permalink
    මැයි 18, 2010 10:44 ප.ව.

    ‍ඔව් ඔව් ඕක මංගල දර්ශනයක්වත් මුහුරත් වත් මා‍ධ්‍ය දර්ශනයවත් නෙවෙයි. එදා චිත්‍රපටි දෙකක් අතරෙ දාපු විශේ‍ෂ දර්ශනයක්

Trackbacks

  1. විදූ : කෝ හඳයා? | Vidhu – Out In The Open
  2. ඉර හඳ යට බඹර වළල්ල සහ අතුරු කතා « සුදාරකගේ අන්තර්ජාල සටහන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS