Skip to content

ඉර හඳ යට බඹර වළල්ල සහ අතුරු කතා

සැප්තැම්බර් 7, 2010

මේ කතාව ළඟදි ආපු අලුත් සිංහල චිත්‍රපටි දෙකක් ගැන. එකක් බෙනට් රත්නායකගේ “ඉර හඳ යට” වෙන අතරෙ, අනිත් චිත්‍රපටිය අතුල ලියනගේගේ “බඹර වළල්ල” චිත්‍රපටි දෙකම නරක නෑ. සමහර විට මේ චිත්‍රපටි දෙකම සිංහල වාණිජ සිනමාව අලුත් පාරකට ගෙන යන චිත්‍රපටි දෙකක් වෙන්න පුලුවන්.

හැම දෙයක්ම ක්‍රමිකව විකාශනය වෙන්න ඕනෙ. එහෙම නැතිනම් ඒකෙ අගයක් නෑ. භෞතික විද්‍යා විෂය ගත්තොත් අපි ඔක්කොම දොහොත් මුදුන් දීල වන්දනා කරන අයිසැක් නිව්ටන්ට තමන්ගෙ ජනප්‍රිය නිව්ටන් නියම තුන ඉදිරිපත් කරන්න ලැබෙන්නෙ නැහැ ඇරිස්ටෝටල්ගෙ ඉඳල ගැලීලියෝගෙ මතවාද පර්යේෂණ ඉදිරිපත් නොවුනානම්. හැම දෙයක්ම ක්‍රමිකව විකාශනය වෙන්න ‍ඕනෙ. බොහෝ දෙනා මියගිහින් පළවෙනි ලෝක යුද්ධය නිමාවෙලා දෙවෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්නත්, ඊළඟට සීතල යුද්ධයක් ඇතිවෙන්නත්, එයට උපකාරයක් වෙන්න අන්තර්ජාලය නිර්මාණය වීමත් ක්‍රමිකව විකාශනය වුන දෙයක්. අන්තර්ජාලය නැතිනම්, මෙතන ඔබත් නෑ මමත් නෑ.

දහස් ගණනින් මියයාම හෝ මරණයට පත් කිරීම සාධාරණීකරණය කරා නොවෙයි. මම කිව්වෙ ‍මේ ලෝකයේ හැටි. හැමදෙයක්ම සාධාරණත්වයක් නෑ. ඒත් මිනිස්සු ජීවත්වෙනව, මැරෙනවා. සංසාර චක්‍රය කියන්නෙ ඒකයි.

ලංකාව ඒ අතින් පුදුම රටක්. ලංකාව කවදාවත් ක්‍රමිකව දියුණුවට පත් වුන රටක් ‍නෙවෙයි කියලයි හිතෙන්නෙ. ගණිතයට අනුව හැමදෙයකම කිසියම් රටාවක් (pattern එකක්) තියෙනව. ගණිතඥයෝ ගණිතය සම්බන්ධ රටා හොයද්දි, සමාජ විද්‍යාඥයෝ තවත් රටා හොයන රාජකාරි වල. ගල් යුග, වැඩවසම් යුග, කාර්මික විප්ලව යුග පහු කරගෙන අපි නූතන යුගයට ඇවිත්. ලංකාව අපි අත්දකින සිතුම් පැතුම් වෙනත් රටවල‍ට සාපේක්ෂව බොහෝ යල්පැන ගිය දේවල්. ඒකනෙ ලංකාව තවම ඉන්නෙ වික්ටෝරියානු යුගයෙ කියන්නෙ.

අපි මේ ජීවත්වෙන්නෙ පුදුමාකාර යුගයක. ආණ්ඩුවෙන් මොනවහරි කරාද, ඒකට විපක්ෂයෙන් විරුද්ධ වෙනව. එහෙම නැතුව ඒක විපක්ෂයක් නොවෙයි නෙ. ඒ වුනාට දැන් විපක්ෂයක් නැති ගානයි. හිතන්න. ලංකාව එහෙන් මෙහෙන් දියුණු වෙනව. වරායවල් හැදෙනව, අධිවේගී මාර්ග හැදෙනව, ගුවන් පාලම් හැදෙනව, අසබ්‍ය වෙබ් අඩවි තහනම් වෙනව, පෞද්ගලික විශ්ව විද්‍යාල පටන්ගන්නව, ෆේස්බුක් නිසා කෙල්ලො අනාථ වෙනව, මොබයිල් ෆෝන් නිසා ගෑනු ළමයි සියදිවි නසාගන්නව, ළමා අපචාර වැඩිවෙනව, සිරා නාට්‍ය වේදිකාගත වෙනව (උදා: කලම්බො ‍කලම්බෝ), පරණ නාට්‍ය අලුත් වෙලා එනව (උදා: ඒකාඅධිපති), ඉන්දියාවෙ චිත්‍රපටි ගෙඩි පිටින් කොපි කරල නිෂ්පාදනය කරනව (උදා: සුවඳ දැනුනා ජීවිතේ), ගස් බැදීමේ ‍වීදි නාට්‍ය සංදර්ශනය කරනව

ඉස්සර වුනේ බෝම්බ පිපිරුන එක විතරයි. (ඒකත් කිව්වෙ සාපේක්ෂව)

ඉස්සල්ල කියපු ලැයිස්තුවට අලුතෙන් යමක් එකතුවෙන්න ඕනෙ. ඒ අලුතෙන් “සිරා” චිත්‍රපටි නිෂ්පාදනය වෙන එක.

සිරා කිව්වෙ සාපේක්ෂව. බඹර වලල්ල චිත්‍රපටිය වටේට සෑහෙන්න ප්‍රතිචාර. තැන තැන සම්මන්ත්‍රණ. ඒ විතරක් නොවෙයි, අන්තර්ජාලයෙත් සෑහෙන්න කතා වෙනව. බඹර වලල්ල චිත්‍රපටිය ගැන මට කියන්න තියෙන්නෙ බොහොම ටිකයි. චිත්‍රපටිය හොඳ වුනත් ප්‍රචාරණය කෙරෙන තරමට චිත්‍රපටිය හොඳ නම් නැහැ. කො‍හොම නමුත් චිත්‍රපටිය හරිම තාත්විකයි. Realistic!

ඊළඟ චිත්‍රපටිය ඉර හඳ යට. චිත්‍රපටියේ සිනමාකරණය නම් උපරිමයි. සිංහල චිත්‍රපටි වලට සාපේක්ෂව අති විශිෂ්ඨයි! ඒත් දෙබස්. අහෝ! මං හිතන්නෙ දෙබස් ලියල තියෙන්නෙ ප්‍රබුද්ධ ලේඛකයෙක්. චිත්‍රපටිය බලන්න. බො‍හෝ තැන් වල කතා කරන්නෙ ලියන භාෂාවෙන්. එතකොට චිත්‍රපටියෙ තියෙන බොහොම සංවේදී තැන් වල ඒ හැඟීම දැනෙන්නෙ නෑ. මට හිනා වෙන්නත් වුනා එයාල අඬන තැන් වල. දෙබස් වලට ලකුණු බින්දුවක් දෙන්නවත් වටින්නෙ නැහැ. ඒත් කතාව, චිත්‍රපටියෙ බෙනට් රත්නායක සිංහල සිනමාව වෙනුවෙන් කරල තියෙන අලුත් පර්යේෂණ බොහොම වැදගත්. ඒ පර්යේෂණ බඹර වළල්ලට වඩා මේ චිත්‍රපටිය (ඉර හඳ යට) නිසා සිංහල සිනමාවට විශේෂ සේවාවක් වෙයි.

චිත්‍රපටි දෙකට ලකුණු දෙන්න කිව්වොත් සමස්තයක් විදිහට අරගෙන මගෙන් බඹර වළල්ලට දහයෙන් හයකුත්, ඉර හඳ යට චිත්‍රපටියට දහයෙන් පහයි දශම පහකුත් දෙන්න පුලුවනි.

ඉඩ තියෙන වෙලාවක චිත්‍රපටි දෙක බලන්න යන්න. වියදම් කරන මුදල නම් නාස්තියක් වෙන්නෙ නෑ සිකුරුයි!

මේ තියෙන්නෙ තවත් අනාගත බලාපොරොත්තු තියාගන්න පුළුවන් චිත්‍රපටි දෙකක්. එකක් නිනෝ ලයිව්. අනිත් එක  “How I wonder what you are”. මේ චිත්‍රපටි ‍දෙකේම පූර්ව ප්‍රචාරක පට මේකට එකතු කරන්නම්. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනෙ. මේ චිත්‍රපටි අතරට කඩාගෙන පනින සුපර් සික්ස් චිත්‍රපටිය Total Disaster එකක් වෙයි කියල අනාවැකි කියන්න පුලුවන්. ඒ වගේ චිත්‍රපටි දැන් Out of Fashion. නිනෝ ලයිව් චිත්‍රපටියේ තාක්ෂණය පර්යේෂණාත්මක අත්දැකීමක් වෙයි. ඒ ඇරෙන්න ආරන්චි විදිහට නියෝ ලයිව් කියන්නෙ The Truman Show චිත්‍රපටියේ කොපියක්! කොහොම නමුත්, හිතපු ඉක්මනින් විදූ චිත්‍රපටිය සිනමා ශාලා වෙත නිකුත් නොවීම නම් දුකට කාරණයක්.

How I Wander What You Are

Nino Live

Super Six (The Total Disaster)


මට ජීවිතේ ගැන ගොඩක් දේවල් ලියන්න තියෙනව. ඒත් ලියන්න හිතෙන්නෙ නෑ. වෙනද වගේ නෙවෙයි. දැන් ජීවිතේ හරි සංකීර්ණයි. ඒ ඇති දැනට. :)

ප්‍රතිචාර 5 leave one →
  1. රන්දික සේදර permalink
    සැප්තැම්බර් 7, 2010 10:00 ප.ව.

    තවම ඔය චිත්රපට දෙකම බලන්න උනේ නෑ …. ඒත් ඉරහද යට චිත්රපටය හොදයි කියල හිතනව ..මොකද බෙනට් රත්නායක කවදත් තමන්ගෙ ‘කොලිටි’ එක ආරක්ෂා කරපු නිසා … බලල තමා ඉතින් කියන්න වෙන්නෙ …..
    මම දන්න විදියට ඔය නිනෝ ලයිව් කියන එක නිෂ්පාදනය කරල දැන් සැලකිය යුතු කාලයක් වෙනව … ඒත් ඒක එලියට එන්න මෙච්චර කාලයක් ගතවෙන්නෙ ඇයි ……

  2. සැප්තැම්බර් 7, 2010 10:07 ප.ව.

    බඹර වලල්ලෙ ගොඩක් දුර්වලතා තියනව. හැබැයි සිනමාවට අලුත් කෙනෙක් විදියට අතුලගෙ උත්සාහය හොඳයි. ඔයු මේ චිත්‍රපටයේ රඟපාන්නෙ නැතුව අධ්‍යක්ෂණය සඳහා තවත් කැපවුනා නම් මී‍ට වඩා හොඳ නිර්මාණයක් කරන්නත තිබුනා. චිත්‍රපටයේ මුල දර්ශන හොඳින් අධ්‍යක්ෂණය වී තිබුනත් අන්තිමට හරිය එච්චර දියුණු තත්වයක පේන්න නෑ.

    මේ දින වල තවත් චිත්‍රපටයක් රූගත වෙනවා. ඒකත් පේන විදියට හොඳයි වගේ. http://www.facebook.com/pages/Colour/365802631579?ref=search

  3. සැප්තැම්බර් 7, 2010 11:09 ප.ව.

    නිනෝ ලයිව් එනකල් තමයි බලාගෙන ඉන්නේ…. ඉර හඳ යට නම් බලන්න අවස්ථාවක් ලැබෙයිද මන්දා… කොහොම වුණත් Truman Show වගේ එකකින් ‍කොපි කරන එක හොඳයි ‍බොලිවුඩ් පැත්කට යනවට වඩා. බොලිවුඩ් කට්ටියත් දැන් අමුද්‍රව්‍ය ගන්නෙ හොලිවුඩයෙන් වුනාට ඒක බොලිවුඩ් වෙලා ලංකාවට එනවට වඩා කෙලින්ම ඇමරිකාවෙන් එන එක හොඳයි. මට හිතෙන විධිය හරි නම් ඉදිරියේදි හොලිවුඩ් අනුකාරක චිත්‍රපටි හැදීමේ ප්‍රවණතාවයක් දකින්න පුළුවන්.

    නිනෝ ලයිව් එකේ සංඛ දිනෙත් මියුසික් කරල තියෙන්නේ…. මොනව නැතත් බලන්න ඕනෙ කියන එකට ඒ සාධකය ඇති :D

  4. සැප්තැම්බර් 8, 2010 10:42 පෙ.ව.

    දැනට ආර්ථිකේ පෙන්නුම් කරන විදිහට මේ අවුරුද්දේ අපිට ලංකාවට එන්න ලැබෙන්නේ නෑ වගේ . . ඒ කියන්නේ මට මේ ෆිල්ම් දෙකම මිස් වෙන්න තියෙන සම්භාවිතාව වැඩී කියන එකයි . .. මොනවා වුනත් විචාරය හොඳයි ඒත් සුදා ගේ මීට කලින් මම කියවපු විචාර එක්ක බැලුවාම මීට වැඩිය යමක් තිබුනානම් තවත් හොඳයි කියලයි මගේ හැඟීම නම් . . .

  5. Ansh Lucky Sri Jay permalink
    සැප්තැම්බර් 16, 2010 5:35 ප.ව.

    චිත්‍රපට දෙකම බලා නැත. හැබැයි මේ විචාරය නම් සුපිරි..! :)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers