විවාහය
මාතෘකාවයි, බ්ලොග් අඩවියේ නමයි දෙක දැක්ක ගමන්ම මේක කියවන්න ආපු අයගෙ ඔළුවට එන්න ඇත්තෙ ඡන්ද බලය වත් තාම අතේ නැති මේ මනුස්සයට දැන්ම විවාහයක් ඔළුවට ගහල කියල වෙන්න ඕනෙ කියල මට 100%ක් විශ්වාසයි.
නෑ. ඒක එහෙම නෙවෙයි. මේ දවස්වල මායි තව කෙනෙකුයි කතා වෙන මාතෘකාවක් තමයි විවාහය. ඕක හරි ලස්සන මාතෘකාවක්. කතා වෙන්න දේවල් නම් එමටයි. මම මේ බැලුවේ ගොඩක් අය කැමතියි තමන්ගෙ විවාහය අමුතු විදිහට සංවිධානය කරල කරගන්න. හරිම උත්සවශ්‍රීයෙන්. ජීවිතයට එකපාරක් විතරයි බොහෝ වෙලාවට උත්සවශ්‍රීයෙන් විවාහය කරගන්නෙ. ඉතින් විවාහය කියන්නෙ මං නං හිතන්නෙ දැං කාලෙ කෙනෙක් උසස් පෙළ ලිව්වට පස්සෙ මුහුනදෙන භයානකම කඩඉම.
මං මේ කියාගෙන ගියේ ගොඩක් අය උත්සවශ්‍රීයෙන් තමන්ගෙ විවාහ උත්සවේ කරන්න කැමතියිනෙ. ඔය අතරෙ ඉන්නව අමුතු අමුතු විදිහට තමන්ගෙ විවාහ උත්සවය සංවිධානය කරගත්තු අය. සමහරක් උත්සව බලන්න ආසයි. සමහරක් උත්සව බලන්නත් හිරිකිතයි.
පිටරටින් ලංකාවට ආපු පෙම්වතුන් යුවලක්, ලංකාවෙ දේශීය ඇඳුමෙන්… ඒ කියන්නෙ මනාලය සරමයි බැනියමෙන් සහ මනාලිය සාරියෙන් හැඩවෙලා බක්කි කරත්තයෙන් කැන්දගෙන ගියපු විවාහ උත්සව ගැන පත්තරවලින්, රූපවාහිනියෙන් බොහෝ විට දැකල ඇති.
දේශීය විදිහෙන් විවාහය කරගත්තු
විදේශීය පෙම්වත්තු
ඒ වගේම ලංකාවෙ ඉපදිලා විදේශීය ඇඳුමින් විවාහ උත්සවය පවත්වලා කාර් එකෙන් කැන්දගෙන ගිය විවාහ උත්සවත් තියෙනවානෙ. ඒ කියන්නෙ,
විදේශීය විදිහෙන් විවාහය කරගත්තු
දේශීය පෙම්වත්තු
ඒ වගේම තව තව අය එක එක විදිහෙන් තමන්ගෙ විවාහ උත්සවය සංවිධානය කරල තියෙනව. අහසෙ ගමන් කරන ගුවන් යානා වල නැගගෙන විවාහ වෙලා පැරෂුට් වලින් (යහතින්) බිමට පැනපු මනාල යුවල් ගැන ආරන්චි වෙනව.
ඔය කාටත් ඕනෙ අමුතු දෙයක් කරන්න. ඉතින් මාත් හිතුව අමුතුම ආකාරයේ විවාහ උත්සවයක් සංවිධානය කරන්න. මෙහෙම හිටියට මාත් innovative පාසලක පාසල් ශිෂ්‍යයෙක්නෙ.
මුලින්ම කරන්නෙ ෆේස්බුක් වෙබ් සයිට් එකේ event එකක් හදන එක. හදල හැම කෙනාටම මගේ මඟුලට ආරාධනා කරනව.
මගේ මනාලියගෙ ගෙදරයි, මනාලයා වන මගේ ගෙදරයි වෙබ් කැම් දෙකක් සවි කරල, live video stream දෙකක් අන්තර්ජාලයට මුදාහරිනව.
එහෙම කරල අර live video stream වෙන වීඩියෝ දෙක එක වෙබ් පිටුවකට සම්බන්ධ කරල, ඒකට chat room එකකුත් එකතු කරනව.
ඔන්න ඒකට live radio එකකුත් සෙට් කරනව.
ඉතින් නියමිත වෙලාවට අර මම හදල තියපු ඉවෙන්ට් එකේ පිටුවෙන් ආරාධනා ලබපු කට්ටිය. මේ වෙබ් පිටුවට එකතු වෙනව.
ඔන්න දැන් මගේ මඟුල යනව.
රේඩියෝ එකෙන් ඉතින් එක එක මඟුල් සින්දු වාදනය වෙනව.
ඉතින් ඔන්න මගේ මගුල යනව. මම මගේ වෙබ් කැම් එක ඉස්සරහ මගේ ගෙදර, මගේ මනාලිය එයාගෙ ගෙදර එයාගෙ වෙබ් කෑම් එක ඉස්සරහ. තව එතකොට යාලුවො දෙතුන් දෙනෙකුට ලයිව් රේඩියෝ එකේ වැඩේ බාරදෙනව.
ඉතින් ඔන්න පවුලේ ජ්‍යෝතිෂවේදියාට කියල කලින් බලාගත්තු නැකතට අනුව. (නිකම් පෝරු හදන්න සල්ලි නාස්ති කරන්නෙ ඇයි කියල) මම නගිනව පුටුව උඩට. මනාලිය නගිනව පුටුව උඩට… ඉතින් ඊට පස්සෙ මුදු මාරු කරන වෙලාවට. මම මගේ මනාලියට facebook application එකක් හරහ මුද්ද යවනව. මනාලියත් එහෙම්මම කරනව. අර ගාථා කියන වෙලාවට. කලින් රෙකෝඩ් කරගත්තු ගාථා ටික වෙලාවට වාදනව කරනව. ජයමංගල ගාථා ටිකත් ඒ විදිහටම කියල දානව. අලුත් මනාල යුවලට ලැබෙන තෑගි බෝග ඔක්කොම දෙන්නෙ facebook එක හරහ. සල්ලි එහෙම දෙනවනං paypal වුනත් පාවිච්චි කරන්න පුලුවන්. ඒකට links මම අර හදනවයි කියලු වෙබ් පිටුවට එකට එකතු කරන්නංකො.
පස්සෙ අපි දෙන්න විවාහය රෙජිස්ටාර් කරන්නෙත් අලුත්ම විදිහට. අපි විවාහ රෙජිස්ටාර්ට හදල දීපු වෙබ් සයිට් එකට ගිහිල්ල, ඒකෙ තියෙන වෙනම web form එකක් පුරවල. තමුන් තමන්ගෙ මනාලියව / මනාලයාව ජීවිත කාලය පුරාම බාරගන්නව කියල තියෙන එකට හරි ලකුණෙන් ටික් කරල. web form එක සබ්මිට් කරනව. ඊළඟ පිටුවෙන් විවාහ සහතිකය මුද්‍රණය කරගන්නත් පුලුවන්!
ඉතින් ඔහොම තමයි විවාහය සිද්ධ වෙන්නෙ. පස්සෙ අපේ වැඩත් එක්ක ලැබෙන නිවාඩු දවසක බස් එකකට නැගල, මධුසමය ගත කරන්න යන්න බැරියැ.
ලංකාව වගේ (සිරා) ආර්ථික, සමාජයීය, දේශපාලනික වටපිටාවක් තියෙන (සිරා ආතල්) රටක ඉන්න අපිට. මේ වගේ ලස්සනට මඟුල් උත්සවයක් සංවිධානය කරගන්න පුලුවන්නම්, ඒක කොච්චර වටිනවද? කන්න බොන්න දෙන්න ඕනෙත් නැහැ. සල්ලි වැඩිපුර වියදං වෙන්නෙත් නැහැ. අනික ඉතින් බොන්න දෙන්නෙත් නැති නිසා…

“ඉතින් විවාහය කියන්නෙ මං නං හිතන්නෙ දැං කාලෙ කෙනෙක් උසස් පෙළ ලිව්වට පස්සෙ මුහුනදෙන භයානකම කඩඉම.”
හාපෝයි නෑ… ඊට කලින් තියෙනවා නැන්දම්මගෙ ඉන්ටර්වීව් එක. පාස් වෙන්න අමාරුම එක.
මධුසමය ගත කරන්න බස් එකක් නෙමෙයි porn site දෙක තුනක් හොයාගත්ත නං අයිඩියාව 100% innovative!!!
නැන්දම්මගේ ඉන්ටවීව් එක නම් පිස්සු හැදෙනව.. එක නම් විවාහවට වැඩිය අමාරුයි..
හැබැයි පුතේ විදුලි බලේට ඇනයක් හිටියොත් බඩුම තමා!
“තව එතකොට යාලුවො දෙතුන් දෙනෙකුට ලයිව් රේඩියෝ එකේ වැඩේ බාරදෙනව.”
මේ වැඩ අපිටැ
බදින්න කලින් මේක හදලා හිටපන්,ඕක අස්සේත් මේක ආවොත් මලමගුලක් තමා
“OpenID Authentication Error
We were unable to authenticate your claimed OpenID, however you can continue to post your comment without OpenID:”
එල අදහස
පොඩි අවුලක් තියෙන්නේ තෑගි ටික හම්බ වෙන විදිහ. සල්ලි හම්බ උනා නම් ඕකේ
එහෙම නැත්නම් මේ වගේ අඩවියකින් තෑගි ගෙන්න ගන්න විදිහට සැලසුම් කලානම් එල
http://www.myregistry.com/
Looking forward to part 2.
ශාකුන්තලගෙ කතාව හරි. ඊලඟ භයානකම දේ නැන්දම්මගෙයි මාමණ්ඩිගෙයි interview එක. මමත් තව සති දෙකතුනකින් ඕකට මුහුණ දෙන්න ඉන්න නිසා මේ දවස්වල ප්‍රැක්ටිස් කරනවා !
මම මේ සතියකට විතර කලින් ගොඩ ගියේ.. ඔබට සුභම සුභ පැතුම් ඉන්දරේ…
skype කොන්ෆරන්ස් එකකුත් ඇඩ් කොරහං… …හනිමූන් එකට porn site වැඩේ නං කිරි කිරි …
ඔක්කොමත් හරි ලංකාවේ නෙට් පිළිබඳ බලාපොරොත්තු තියා ගැනීම ෂුබ දායක නැත
ඔය දෙක පැටලුනොත් නම් මල කෙලියයි,:P
බලපල්ලාකෝ උදේ පාන්දර උඹලත් ලියන බ්ලොග් පෝස්ට්,
මොක උනත් HSDPA නම් එපා,මලින්තට වගේ අල කෑමට සිදුවිය හැක
මේක හදපියෝ
OpenID Authentication Error
We were unable to authenticate your claimed OpenID, however you can continue to post your comment without OpenID:
හපොයි… ඔය OpenID සීන් එක හැදුව… බලමු වැඩකරයිද කියල ඉස්සරහට…
කනබොන උදවියට Facebook TopFriends එකෙන් Drinks යන්නවනත් පුලුවන්නෙ…හික් හික්
හනිමුන් එකත් වෙබ් කැම් එකකින්ම කරගනින්…තවත් ලේසීයි නේ
ඒ ගමන් ම stream කරමු
හෆොයි…..!!!
අගෙයි කොල්ලො. බොහොම නිර්මාණාත්මක අදහසක්. මේ වගේ දෙයකුත් මූ කොරයිද කියල සැකයි මට..
පට්ට.
එල වැඩේ. හැබැයි ලීස් ලයින් දෙකක් ගන්නවෙයි වැඩේට. නැත්තම් ඔක්කකොම අල
මරු අයිඩියා පොඩ්ඩ සුදාරක මලයෝ…..අපි දැන් 20 වෙනි ශතවර්ෂය පහු කොරලා නොවැ ඉන්නේ….
අම්මපා මරු අයිඩියාව. මේක හරි සිම්පල් ප්ලෑන් එකක් නෙව.
එතකොට ඕයි Twitter? මේක අති අසාධාරණයි ඕයි!!!
ෂේකර් බූකර්ට තමා අන්තිමට වාසිය.
මඟුලට හැට පනහ පැනපු අය නැද්ද?
අර සාරි මාල අන්දන ඒක? අඩා අඩා වදින එක? වෙරී වෙච්ච (ගොන්?) අය වතුරින් නාවන ඒක? නැටුම්?
කෝ එව්වා?
ඇයි තව පින්තුර ගන්න ඒක???
මරු අදහස , උබට මතක් වෙලා තියෙන්නෙ Facebook විතරනෙ. අනෙක් සයිට් වලිනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද ?
අතිශය නිර්මාණාත්මකයි …!!!
හනිමූන් වැඩෙත් අන්තර්ජාලෙන්ම කරන්න ට්‍රයක් දෙන්න එපායැ. ඒකට විතරක් බස්එකේ නැගල යන්න. හොර ගෙඩිය.
බලාගෙන යනකොට එකත් නරකම නෑ.. ලාබ වැඩේ නේද? අපිත් ඔය විදියට කරන්න ප්ලෑන් කරා නම් හරි වගේ..
මේ අර බදින් වෙලාවට මොකටද පුටුව උඩ නගින්නේ???
මූ උස නැති නිසා
මටනම් පේන්නෙ මේකා බොරුව දාල ගෙදරටයි, අපිටයි හොරෙන් බදින්න වගේ සෙට් වෙන්නෙ
සිරා වැඩක් නොවැ!!!
වර්චුවල් ලෝකෙ ඉඳගෙන කරන්න බැරි ඒවත් තියෙනවා කියලා අපේ අයියලාට තේරෙන්නෙ ඉතින් පැණිහඳේ යන්න ගියාම තමා.. මරු සටහන…
හොද නිර්මානයක් මං සුභ පතනවා
එළ එළ , හැබැයි පෙම්වතිය කියල ෆේක් ප්‍රොෆයිල් එකකින් කොල්ලෙක් සෙට් වුනොත් උඹ ඉවරයි මචෝ , ඇයි agreement එකත් සයින් කරනවනේ
Idea ව නම් නරක නෑ…හැබැයි ඕකට ගෑනු ළමය කැමති වෙයිද?
ෂහ්… මරු අදහසක්… මම දැක්කෙ අද
දෙන්න වෙනවෙනම ඉඳලම මඟුලත් ගෙනියන්න තියෙන්නෙ… එතකොට ප්‍රශ්නත් අඩුයි, නිදහසත් තියෙනවනෙ…