Skip to content

ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකට හිර වෙලා?

මාර්තු 28, 2009
සුපුන් සුදාරක ගෙනි

ඇයි මේ දවස්වල පුද්ගලික දේවල්ම ලියන්නේ? හැබෑටම වෙන දෙයක් ගැන කතාකරන්නේ නැත්තේ? සිරස ගැන? දේශපාලනේ ගැන? ඉතිහාසය ගැන අඩුගානේ ෆිල්ම් එකක් ගැනවත් ලියන්නේ නැත්තේ ඇයි? ඇයි මේ සිම්පල් ප්ලෑන් එකකටම හිර වෙලා? සංකීර්ණ ප්ලෑන් එකකට ගියොත් නරකද?

ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ…

මේ දවස්වල මම හිතන්නේ මේ පහුගිය සටහන් වල සිද්ධ වෙච්ච දේවල් ගැනම නෙවෙයි. ලොකු ප්ලෑනක් හිතේ තියාගෙන හෙන ගේමකට ලෑස්ති වෙමිනුයි ඉන්නේ. ඒ ගැන ළඟදීම දැනගන්න ඔන්න පුළුවන් වේවි. ඔය බ්ලොග් කියවන, බ්ලොග් ලියන කාට කාටත් වැඩක් ඇති වැඩක්!

දේශපාලනේ ගැන නම් කියලා වැඩක් නෑ! ඔන්න බස්නාහිර පළාත් සභා ඡන්දයටත් තියෙන්නේ තව දවස් කීපයක් නෙව. අපි ඉතින් තාම වැඩිහිටියෝ නෙවෙයි නෙව. 18 පනින්න එපැයි ඡන්දේ දාන්න. ඒ වුනාට කිවුවාට මොකද පුංචි අපිත් ඔය ඡන්ද ගැන හෙන උනන්දුයි. මේ දවස්වල ප්‍රවෘත්ති වලට යොමු කරලා තියෙන අවධානයේ නම් කිසි අඩුවක් නෑ!. මැතිවරණ වේදිකාවේදී ඒ ඒ අය කියාගන්න කතා ඇහුවාම ඉතින් බිම පෙරළි පෙරළි සිනාසෙනවා ඇරෙන්න වෙන ‍මොනවා කරන්නද?

ඒ වගේම බ්ලොග් ලියන, එකම දේශපාලකයා වන අධිනීතිඥ අජිත් පී පෙරේරා මහත්මාත් අමතක කරන්න බෑ. බ්ලොග් ලියන අපිටත් ආඩම්බරයක්.  ඔන්න මගෙන් එතුමාට උණුසුම් සුභපැතුම්…

මේ අතරේ ලෝකයේ එක එක අර්බුද. ජල අර්බුද, බලශක්ති අර්බුද… ආ ඇයි ඒ විතරක්ද? දේශපාලනික අර්බුද? ආර්ථික අර්බුද? ඔව් ඒවත් නොසෑහෙන්න තියෙන කාලයක් තමයි මේක. ඉදිරි අනාගතය ගැන හිතන්නේ නැතිව අද ගැන හිතලා වැඩ කරන එක ඇඟට ගුණයි. නිකමට හිතලා බලන්න… වතුර නැතිවුනොත්? අතේ රුපියලක් නැතිවුනොත්? ගෙදරට ලයිට් නැතිවුනොත් මොනවායින් මෙනවා වෙයිද කියලා? පිස්සු හැදෙයි ‍නේ? මානව ශිෂ්ඨාචාරය නැවතත් ගල් යුගයටම යයි නේ. මෙන්න මේ වගේ කාරනා නිසා ඒ අංශ වලින් අනාගතය ගැන හිතන්න දෙන්නේ නැතිව හිතට වාරණයක් දාලායි මේ දවසේ ඉන්නේ. ඒක නිසා හරියට මුකුත් ලියැවෙන්නෙත් නෑ.

ආ… අපේ බ්ලොග් සහෘදයෙක් මට අලුත් නමක් දාලා තිබුනා දැක්කා. මොනවා වුනත් ඒක සිරා නම… හික්! ගල්බනිස් සදාචාර… :D මම කැමතියි ඒකට! :D

ප්‍රතිචාර 19 leave one →
  1. මාර්තු 28, 2009 8:18 ප.ව.

    මං හිතුවෙ උඹට මේ දවස් වල ඔක්කොම අමතකයි කියලා. :lol:

    “පුංචි අපිත් ඔය ඡන්ද ගැන හෙන උනන්දුයි.” අනේ මගේ නම් කිසි උනන්දුවක් නෑ. ඕක දාන්න යන්නත් කම්මැලියි වගේ. කාට දාන්නද කියලා තේරෙන්නෙත් නෑ. :S

  2. මාර්තු 28, 2009 8:43 ප.ව.

    @Chathura Sandeepa- ඔබතුමා මං ව‍ගේ පුංචි එකෙක්යැ? :D

  3. මාර්තු 28, 2009 8:54 ප.ව.

    මොකෝ නැත්තෙ, මං තාම පුංචි එකා තමා. උඹනෙ මේ දවස් වල ලොකු ලොකු වැඩ ක‍රන්නෙ. :P

  4. මාර්තු 28, 2009 9:10 ප.ව.

    අඩේ… ඡන්දෙ කිවුවහමයි මතක් උනේ.
    මටත් දැන් ඡන්ද බලය තියෙනව‍නෙ.

    මේ පාර ඡන්දෙ දාන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ (list එකට නම දැම්මද දන්නෙ නෑ) :D

  5. මලී permalink
    මාර්තු 28, 2009 9:15 ප.ව.

    ඕනේ නම් මගේ චන්ද කාඩ් එක දෙන්නම් මල්ලි ගිහින් ‍ඕන කෙනෙක්ට දාගන්න. මට චන්දේ දෙන්න එකෙක් ‍නෑ

  6. මාර්තු 28, 2009 9:36 ප.ව.

    @චතුRaaZ- ආ හා හරි හරි :D
    @ගයන්ත- ඕං එහෙනං ‍නමෝ විත්‍තියෙන්ම කතිරෙ ගහන්න. හැබැයි ඉතින් ඔය මොකා ගියත් ඡන්ද දායකයින්ට නම් මහ‍ලොකු සෙතක් නෑ :D
    @මලී- අපෝ මලී අක්කේ, මාව මහඋළුගෙදර කූරු ගණන් කරන්න අරින්නද හදන්නේ? :-o

  7. මාර්තු 28, 2009 9:54 ප.ව.

    ඒක නෙවි. අර චොකලට් කතාව මොකක්ද?? අපිටත් විස්ත‍ර ඇතුව කියන්න පුලුවන්ද?

    – දොඩම් ගෙඩි 2ක් වත් උස නැති මේකටත් ගිය කල. :P :D :lol:

  8. මාර්තු 28, 2009 10:54 ප.ව.

    අපොයි උඹට හිතෙන එව්වා, අපොයි මේ මටවත් හිතිලා නැහැනේ. අපොයි මට නම් ඔය දේශපාලුවෝ කස්ටිය හින්දා විශ්වාස කරන්න බැහැ කාවත් ප්‍රචාරක වලට රැවටිලා කාටවත් චන්දේ දීලා හරි යන්නේ නැහැ මලේ.

  9. මාර්තු 29, 2009 12:18 පෙ.ව.

    @බින්කු- අපොයි ඔව් ඔව්, මං කිව්වේ ඡන්දේ දෙන්න කියලා නෙවෙයි, මෙයාගේ ප්‍රචාරණය උපක්‍රමය‍ වෙනස් කියලා විතරයි හරී… ;)

  10. මාර්තු 29, 2009 12:19 පෙ.ව.

    @චතුRaaZ- ඉදිරියට පුද්ගලික කරුණු වැඩිය නොලියා ඉන්නයි හිතාන ඉන්නේ. ම‍යික්‍රෝ බ්ලොග් එකේ පොඩියට දානවා, මට දින වකවානු මතක තියාගන්න. කවදාහරි මතක්කරගන්න පුලුවන් වෙයිනේ එතකොට :)

  11. මාර්තු 29, 2009 7:05 පෙ.ව.

    ඔය දේශපාලු උත්තමයෝ අනේ වාසනාවන් අපේ රට සුරපුර කරන හද්දිය…

  12. මාර්තු 29, 2009 9:02 පෙ.ව.

    @Sudaraka – ම්ම්. ඒක හොඳා.. දින වකවානු මතක තියාගන්න කිව්වෙ දැන් වැඩේ 75% විත‍ර හ‍රි ගිහින් වගේ ?

  13. Thilina permalink
    මාර්තු 29, 2009 10:44 පෙ.ව.

    බස්නාහිර පළාතට නොමිලෙ‍් Internet දෙනවා කිව්වෙ‍ාත් මගෙ පළවෙනි ඡන්දෙ උ‍ෟට,. අනිවා හික්….

  14. මාර්තු 29, 2009 11:12 පෙ.ව.

    @ගොඩයා- ඔව් ඔව් ඒක ඇත්ත. ‍ඔය මොකා මොනා කිව්වත් අපිට නම් සෙතක් නෑ
    @Thilina- ම් නරක නෑ ඒකත්! අඩුගානේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගන්න තොරතුරු තාක්ෂණාගාරයක් පිහිටවන්න වත් මේ අයට හිතුනොත් ලොකු දෙයක්! :D

  15. මාර්තු 30, 2009 10:17 පෙ.ව.

    @rivikirana- ඇත්ත, නොදැනුවත්කමින් ලියැවුණු සටහන තවදුරටත් සංස්කරණය කරා.

  16. rivikirana permalink
    මාර්තු 30, 2009 2:23 ප.ව.

    Nice Malli, You can understand when someone tells you something. Keep it up

  17. අප්‍රේල් 2, 2009 7:10 පෙ.ව.

    මලේ මම තිලකගේ එක කියන්න හිටියට කිව්වේ නැහැ. එත් මෙපාර මෙක කියන්නම්. මලේ ඔයා දාපු ඉතුරු අනිත් දෙන්නත් සුදු අය නෙමේ මලේ, පොඩ්ඩක් විපරම් කරන්නකෝ

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=1726:2009-03-31-15-49-17&catid=35:2008-10-13-08-30-14&Itemid=27

  18. අප්‍රේල් 2, 2009 7:17 පෙ.ව.

    @බින්කු – හත්වලාමයි බින්කු අයියේ, තව දුරටත් සංස්කරණය කරා. මටත් අර බූරුවා විකුණන්න ගියපු දෙන්නාට වුනා වගේ වෙයිද මන්දා… :-o

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS