පමාවි ලියන නිද‍හසේ සටහන. 3

වෙනදාටත් වඩා උත්සව ශ්‍රීයෙන්, සතුටෙන් සැමරූ මෙවර 61වෙනි නිදහස. සත්‍යවශයෙන් නිද‍හසේ උත්සවයක් විය. විරෝධාර හමුදාවන් සිය බල පරාක්‍රමය පෙන්වමින් ලොව කෲරතම ත්‍රස්තවාදී සංවිධාන යුදමය වශයෙන් පරාජයට පත් කරමින් පවතින මෙවන් ‍මොහොතක නැති නෙයියාඩගම් නැත්තේද නොවේ. සමහරු පවසන්නේ මෙය ජනඝාතය යුද්ධයක් බවය. ඔවුන් ජනයා යැයි සිතා සිටි‍න්නේ කොටි ත්‍රස්තවාදීන්දැයි නොවැටහේ. ඔවුන් තිරිසනුන් ජනයා ලෙසින් සිතන්නේ නම් ඔවුන්ට නවාතැන් ගැනීමට ඇති එකම ස්ථානය මුල්ලේරියාවේ පිහිටා ඇත. මා එය කුමක්දැයි මෙහි නොපවසන්නේ එය ඔබ දන්නා නිසා ය. ලොව විනීතම හමුදාව ශ්‍රී ලංකාව බව ඔබට මෙම සේයා රූ දැකීමෙන් පසක් නොවන්නේ ද?

http://heesara.blogspot.com/2009/02/stop-genocide.html

කියවන්න. කියන්න තියෙන දේ හොඳට දෙසා ඇත.

ජාති‍යේ අවාසනාවට එසේ නොතේරෙන හාල් පාරුවන්ද ඇත. ඔවුන්ට අනුව මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල රටට‍ කෙලවා ඇත. මහා පාරේ අසරණ මිනිසුන් ඝාතනය ‍කෙරේ. මුලු රටම අද ලේ විලකි. ඔවුන් අද පාරේ බැස යන්නේ කෙසේදැයි මා නම් දන්නේ නැත. වෙනදා බස් රථයට පන බයෙන් නගින අප හට සුව නින්දෙන් ගමනක් බිමනක් යෑමට හැකියාව ලැබෙමින් පවතී. මගේ මතයට අනුව නම් ඔවුන් මේ මිහිමවගේ පුතුන් නොවේ. ඔවුන් යන්නේ අහසෙනි. ඒ නිසා මේ පොළව මත සිදුවෙන දෑ තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත. අහෝ ලක් මෑණියණි. මෙවන් පුතුන්ට සමාව ලබාදී ඔවුන්වද රැකගනිත්වා.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පිස්සු කෙළිමින් ඩෙඟා නටමින් සිටිති. ලංකාවේ එවුන් නොවන නිසා තරමක සිතට සහනයක් දැනේ. නමුත් ලෝක මතය සෙලවේ නම් එය ශ්‍රී ලංකාවට ඉමහත් පාඩුවකි. ඔවුන්ට අනුව ශ්‍රී ලංකා හමුදාව පොකුරු බෝම්බ හෙළාදමති. එයද දඩමීමා කරගනිමින් ජාත්‍යන්තර (ත්‍රස්ත) ක්ෂමා සංවිධානය ත්‍රස්තවාදීන් ක්ෂමා කරන ලෙස ලෝ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ප්‍රකාශය ඉල්ලා අස් කරගනිමින් ලංකාවෙන් සමාව ඉල්ලා ඇත. නමුත් සමාව ඉල්ලා සිටින විට ‍සියල්ල සිදුවී හමාරය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සංවිධානයකි. ඔවුන් අපි මෙන් පොඩි ‍පොඩි එවුන්ගෙන් සැදුම්ලත් ආයතනයක් නොවේ. එහෙව් සංවිධානයකට මෙහෙව් වැරදීමක් වේ යන්න සිනාසී අමතක කළ යුත්තක් නොවේ. ඊශ්‍රායලය ගාසා තීරයට පොකුරු බෝම්බ හෙලද්දී අනේ ‍පනේ මේ උන්දැලා නිහඬව CNN, BBC හරහා ආතල් එක බෙදමින් සිටිති. ඒ යුධ පුවත් වාරණය කරති. විලි ලැජ්ජාවේ බැරි ජාත්‍යන්තර ක්‍රියාකාරීත්වයට යටවන අ‍පේ රටේ නූල් නැති පන කෙන්ද පමණක් ඇති රූකඩ පිනෝකියෝලා නෙයියාඩගම් නටති.
අපි වැනි පොඩි එවුන් ඒවා බලා සිටිමින් විතරක් නොසිටිමු. ඔවුන්ට ප්‍රතිචාර ලබා දීමට 18 පනින තෙක් සිටින්නට අපිට ඉවසිල්ලක් නැත.

එවන්වූ මොහොතක අපි අභිමානවත් නිදහසක් සමරමින් සිටිමු.
චිරං ජයතු ශ්‍රී ලංකා!

3 thoughts on “පමාවි ලියන නිද‍හසේ සටහන.

  1. Reply රුක්ෂාන් Feb 5,2009 10:37 pm

    අද අපි කවරදාටවත්ම වඩා පුළුල් නිදහසකට මග පාදා ගනිමින් සිටිති. ඇත්තටම මේ ආණ්ඩුවට පින් සිද්ද වෙන්න තමා අපි මෙහෙම බේරුනේ.. බලමු අපි මේ වසරේ ඉදිරිය කොහොම වේයිද කියා. විජයග්‍රහණය අත ලග! ජය වේවා….

  2. Reply Anonymous Feb 6,2009 7:41 am

    රාජපස්ස ගොයියාගේ ළමා සොල්දාදුවෝ

    Posted by Ajith on January 13, 2009

    පිරබාහරන් ගොයියාට සේම රාජපස්ස ගොයියාටත් ළමා සොල්දාදුවන් පිරිසක් සිටින බැව් මෑතක් වන තුරුම මා නොදැන සිටි කාරණයක් විය. ඒ බව දැන ගත්තේ බ්ලොග් ලිවීම පටන් ගත්තාට පසුය.

    පිරබාහරන් ගොයියාගේ ළමා සොල්දාදුවෝ තුවක්කු අරගෙන යුද්ධයට යති. රාජපස්ස ගොයියාගේ ළමා සොල්දාදුවෝ කිසිම හිරිකිතයකින් තොරව ඔහු වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ කඩේ යති.

    කොහේද මේ ළමා සොල්දාදුවන් හමු වන්නේ?

    යන්න සිංහල බ්ලොග් කියවනයට!

    වැටුප් නොලබා සිය කැමැත්තෙන්ම රාජපස්ස ආණ්ඩුවට ප්රශස්ති ගී ගයන්නන් මෙහි දක්නා ලැබෙන්නේ දුසිම් ගණනිනි. (ඊට එරෙහි මත දක්වන්නන්ද නැතුවා නොවේ. ඔවුන් ගැන පසුව ලියමි.)

    රාජ්ය මාධ්ය ඔස්සේ අප අසන සියල්ල බ්ලොගවකාශයේ වමාරමින්රාජපස්ස ගොයියාට කොන්දේසි විරහිතව කඩේ යෑම දැන් සිංහල බ්ලොග් ලියන මල්ලිලාගේ අළුත්ම තරගය වී ඇත්තේය. මල්ලිලා කීවාට වයසින් අත දරුවන් එතන ඉන්නෙ කීප දෙනකු පමණකි. අනෙකුන් මානසික අත දරුවන්ය.

    සාරාංශ කළහොත් ඔවුන්ගේ තර්ක මෙබඳුය. (ඒවායේ ඇලපිල්ලක හෝ වෙනසක් නැත!)

    i. අපේ රටේ වාර්ගික ගැටළුවක් නැත. (හරියට එක කාලයක අපේ කවියන් සිරිලක ස්වාභාවික විපත් වලින් විනිර්මුක්ත පින් බිමක් කියා ලිව්වා වගේය. එකම ලොජික් එකය. )

    ii. සිංහලයෝ ජාතිවාදීහු නොවෙති. වෙන එකක් තියා 1983දී කවුදෝ හඳුනා නොගත් පිරිසක් කොළඹ දෙමළුන්ට අරියාදු කළ විට ඔවුන් ඉන් බේරාගත්තේද සත් ගුණවත් කරුණාවන්ත සිංහල ජනතාවය.

    iii. දෙමළු ජාතිවාදීහුය. (මින් එක බ්ලොග් ලියන්නකු කුඩා කළ යාපනයට ගිය විටක යාපනයේ හෝටලයක් ඔවුනට කෑම සැපයීම පිළිකෙව් කොට තිබේ. පර දෙමළුන් ජාතිවාදීන් කියන්නට මීට වඩා සාධක ඕනෑද?)

    iv. මේ සිංහල බොදුනුවන්ගේ රටය. අන් හැම දෙනා (සිංහල කතෝලිකයන්ද ඇතුළුව ) එහි ජීවත් විය යුත්තේ සිංහල බොදුනුවන්ට ඕනෑ විදිහටය. (මීට සමාන තර්කයක් මා ආනන්දයේ උගන්නා කාලයේදී අත් විඳීමට ලැබිනි. ආනන්දයේ සියළුම සිසුන් බුදු මැදුරට ගොස් මල් පූජා කිරීම අනිවාර්ය විය. ඉස්ලාම් සිසුන් පවා එහි යායුතු විය. මීට හේතුව ලෙස දක්වන ලද්දේ ආනන්දය බොදු පාසලක් වීමය. මේ මෝඩ සිරිතෙන් කවරකුට හෝ ලාභයක් විනියි නොසිතමි.)

    v. දෙමළ ජනතාවට කිසි ගැටළුවක් නැත. ඔවුන්ගේ ගැටළු සියල්ල 1948 සිට බලයට පත්වූ ආණ්ඩු විසින් සාධාරණ ලෙස විසඳා තිබේ. (පුදුමයකට මෙන් මේ බ්ලොග් කරුවන්ගෙන් වැඩි පිරිසකට අනුව 1948 සිට අප ආණ්ඩු කර ඇත්තේ රටේ පොදු යහපත තමන්ගේ තනි යහපත වෙනුවෙන් පාවදුන් හොර මුළකි. මේ හොරුන් රැළම රට වනසන අතර දෙමළුන්ට පමණක් සාධාරණය ඉටු කළේ කෙසේද යන පරස්පරයට ඔවුන්ට විසඳුමක් නැත.)

    vi. අපෙ රටේ ඇති එකම පුරස්නය ළඟදී මෙහි ආ පර දෙමළු මේ තමන්ගේ බිම කියාගෙන ආයුධ අතට ගැනීමය. (මුන්ට තෝසෙ එකක් වඩෙයක් කාල ඉන්න බැරි හැටි! )

    vii. ලංකාවේ වාර්ගික ගැටළුවක් නැති නිසා LTTE එක පරාජය කළ සැණින් සියලු ගැටළු මොහොතකින් විසඳේ.

    viii. කොළඹ කේන්ද්ර කොට ගත් ඒකීය ආණ්ඩුවක් යටතේ රට පාලනය විය යුතුය.
    ඉහත එක තර්කයක් හෝ ප්රශ්න කළහොත් ඒ ඩොලර් වලින් යැපෙන NGO කාරයෙකි. නැතිනම් කොටි හිතවාදියෙකි.(බුදු හාමුදුරුවන් කාලාම සුත්රය දේශනා කොට ඇත්තේ මෙබඳු අඳ බාලයන්ට විය නොහැකිය.)

    මෙබඳු අන්තවාදී ජාතිවාදී ස්ථාවරයකට අපේ තරුණ පරම්පරාව පත්ව ඇත්තේ කවර නම් හේතුවක් නිසාද? කාගේ ඕනෑකමකට කෙරුණත් අවසානයේදී මරු දකින්නේ තමන්ගේම වයසේ සිංහල දෙමළ සහෝදර සහෝදරියන් පිරිසක් බව ඔවුන් මෙතරම් පහසුවෙන් අමතක කරන්නේ ඇයි? (පිරබාහරන් ගොය්යා සේම රාජපස්ස ගොයියාද තමන්ගේ දරුවන් යුද බිමට එවන්නේ නැත. අඩු තරමින් යුද්ධ කරන්නට අපට බණ කියන කොළඹ ආචාර්ය මහාචාර්යවරුන්වත් තමන්ගේ දරුවකු වැරදිලා වත් හමුදාවට බාර දෙන්නේ නැත. ඔවුන්ගේ ළමුන් ඕස්ට්රේලියාවේ සරසවි ජීවිත ගෙවද්දී යුද්ධයෙන් මිය යන්නේ අපෙ දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ය. )

    මේ බ්ලොග් ලියන මල්ලිලාගෙන් වැඩි පිරිසක් අනුරාධපුරයෙන් හෝ පොළොන්නරුවට නුදුරු මනම්පිටිය පාළමින් හෝ එපිටට අඩියක් හෝ තබා ඇතැයි මම නොසිතමි. උතුරු නැඟෙනහිර ඔවුන්ට ආගන්තුකය. එහි වෙසෙන්නෝ ආගන්තුකයෝය. නැතිනම් සතුරෝය. (එක බ්ලොග් මල්ලියකුට අනුව සත්තුය ) මේ සතුරන් මැරිය යුතුය. මේ වෛරී චේතනාව උදේ හවස රූපවාහිනියෙන් හා ITN එකෙන් මනස විනාස කරමින් වපුරන ජාතිවාදී විසිරණයෙන් තවත් තීව්ර කරනු ලැබෙයි. වෙසක් පෝයට සිල් ගන්නා මේ මල්ලිලාම දෙමළුන්ගේ ලේ ඉල්ලන අන්තවාදීන් වන්නේ ඒ නිසාය.
    මේ බ්ලොග්කරුවන් 1983ට පසු උපන් හෝ වැඩුණු පරම්පරාවට අයත්ය. 1983දී දකුණේ සමාජය තුළ දරුණු බෙදීමක් විය. ඉන් පෙර යම්තාක් මට්ටමකට හෝ සිංහලයන් සමඟ මිතුරුව දිවිගෙවූ කොළඹ දෙමළ ජනතාව 1983ට පසු ගුල් තුළ සැඟවෙන මීයන් පරිද්දෙන් සිය කැමැත්තෙන්ම හුදකලා වූහ. (1983ට පෙර දෙමළ දොස්තරවරුන්ගේ නම් සහිත පුවරු ඕනෑ තරම් කොළඹදී දැකිය හැකි විය. දැන් එබඳු පුවරුවක් බේතකටවත් සොයා ගන්නට බැරිය.) මෙසේ වීමේ මූලික හේතුව 1983 අප්රසන්න අත්දැකීම් මත තව දුරටත් දකුණේ ජනතාව ගැන පූර්ණ විශ්වාසයක් තැබීමට ඔවුන්ට නොහැකිවීමයි. අපේ සිංහල බ්ලොග් කරුවන් හැදී වැඩී ඇත්තේ මේ ජාතික වශයෙන් බෙදුණු සමාජය තුළ බව අප අමතක නොකළ යුතුය. (එහෙත් එය ජාතිවාදී වීමට නිදහසට කාරණයක් නොවේ.)

    ඔවුන් අධ්යාපනයේදී ඒකභාෂික වීම සේම පැහැදිළි ලෙස දෙමළ සිසුන්ගෙන් වෙන්වීම තවදුරටත් ඔවුන්ගේ එක පාක්ෂික ජාතිවාදය කුළු ගන්වයි. පණ්ඩිතයන් සේ මෙසේ බ්ලොග් ලියන මේ මල්ලිලා වැඩි හරියකට ඇත්තේ සිංහල අධ්යාපනයක් පමණකි. ඔවුන්ගේ ඉංගිරිසි අධ්යාපනය විෂය කටයුතු වලට (බොහෝ විට පරිගණක අධ්යාපනයට ) සීමා වී ඇත. මේ රටේ ආණ්ඩු විසින් (UNP ආණ්ඩුද ඇතුළත්ව ) අන්තනෝමතික ලෙස අධ්යාපනය සියතට ගෙන තමන් රිසි දේ පමණක් විද්යාර්ථීන්ට පෙවීමේ උත්සාහයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මේ බ්ලොග් ලියන මල්ලිලාටය. ඔවුහු බ්ලොග් ලිවීම දනිති. එහෙත් එකම රටේ වෙසෙන වෙනත් ජන කොට්ඨශයක ඇසින් ලොව දැකීමට ඔවුනට අවබෝධයක් නොමැත. ඔවුන්ගේ ඇස් ඒකභාෂික අධ්යාපනයෙන් වසා ඇත. කන් වෙන කිසිවක් නොඇසෙන පරිදි ඒක පාක්ෂික ඉතිහාසයකින් අගුලු දමා තිබේ. හැම ළිං මැඬියකුට සේම ඔවුන්ටද ළිඳ වූකලී ලෝකයයි.

    මේ තනි ඇසින් ලොව දැකීම උතුරේද මෙසේම හෝ මීට වඩා දරුණු ආකාරයකින් සිදුවේ. 1983ට පසුව උතුරේ උපන් දෙමළ දරුවකුට සිංහලයකු යනු බෝම්බයක් එක අතකින් ගෙන තමන් මරන්නට එන රකුසෙකි.

    සිංහල හා දෙමළ තරුණයන් අතර මේ අන්යොන්ය අවබෝධය දුරු නොකොට යුද කාමයෙන් මත්වී සියල්ල තුවක්කුවෙන් විසඳීමට තැත් කරන්නෝ කිසි කලෙක සාමයක් නොදකින්නෝය.

    මේ සරල කරුණු කීපය කෙටියෙන් දක්වන්නේ කමෙන්ට්ස් ලෙස කුණුහරුප අසා ගන්නා ආසාවෙන් නොවේ. (කුණුහරුප දැන් මහින්ද චින්තනයේ කොටසක් හැටියට බ්ලොගීකරණය වී ඇත.) කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඇති බව පෙන්නා දෙන්නටය.

    1). සිංහල – දෙමළ භේදය අපේ දේශපාලනය තුළ 1920 පමණ සිට තිබුණත් එය ලේ හැලීමක් බවට පළමු වරට වර්ධනය කරන ලද්දේ දෙමළුන් නොව සිංහලයන්ය. ඒ 1956 දී සාමකාමී රැලියකට පහරදීමෙන් සහ 1958 දී එය දෙමළුන්ට පහර දෙන හා මරා දමන ජාතිවාදී කෝලාහලයක් බවට පත් කිරීමෙනි.

    2).1948 අප නිදහස ලබන විට යාපනය ලංකාවේ දෙවන ප්රධාන නගරය විය. එහෙත් නිදහසින් පසු 1970 තරම වන තුරුම යාපනය හෝ උතුරු නැඟෙනහිර පළාත් වල ආර්ථිකය නැංවීමෙහිලා රජය මඟින් කෙරුණෙ අතිශය සුළු කාර්ය භාරයකි. ආචාර්ය එන්. එම්. පෙරේරා යාපනය හැඳින්වූයේ ‘මනි ඔර්ඩර් ආර්ථිකයක්’ හැටියටය. යාපනයේ ජනතාව යැපුණේ ඔවුන්ගේ නෑයින් කොළඹ සේවය කොට මාසය අන්තිමට මනි ඔර්ඩර් මඟින් යැවූ මුදල් වලිනි. යාපනය මූලික උතුරු නැඟෙනහිර ආර්ථික වශයෙන් කොන් කිරීම ජන වාර්ගික අර්බුදයේ ආරම්භයයි.

    3). 1956 දී මෝඩ ලෙස සිංහල පමණක් රාජ්ය භාෂාව කිරීම නිසා සිංහල නොදත් ඉතා විශාල පිරිසකට රජය සමඟ කටයුතු කිරීම පමණක් නොව රාජ්ය අංශයේ රැකියාවක් ලබා ගැනීම පවා අසීරු විය.

    4). 1970 දශකය මැද යාපනයේ දෙමළ තරුණයන් ආයුධ අතට ගැනීමට ආසන්නම හේතුව වූයේ 1974 දී යාපනයේ දෙමළ සම්මේලනයේදී පොලිසිය වෙඩි තැබීමෙන් දෙමළ 9 දෙනෙක් මිය යාමය. දොරේඅප්පා ඝාතනය කරන ලද්දේ මීට ප්රතිචාර වශයෙනි. වෙනත් විදියකට කිව්වොත් ප්රභාකරන්ලාට වේදිකාව සපයා දුන්නේ අපේම මෝඩ ආණ්ඩුවයි. (දොරේඅප්පා ඝාතනය ගැන කථා කරන මේ මල්ලිලා ඊට පූර්වගාමී වූ මේ ඓතිහාසික මරණ 9 ගැන කතා නොකරන්නේ ඇයි? නොදන්නා කමමද?)

    5). 1948 සිට අද දක්වාම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කළ ඇමතිවරු සිට ඇත්තේ පහකට අඩු සංඛ්යාවකි. දෙමළ කතා කිරීමට පවා නොදත් කදිරගාමර් දෙමළ ජනතාව නියෝජනය කළේ නැත. ආණ්ඩුව අනුන්ගේ බව උතුරු නැගෙනහිර දෙමලුන්ට සිතීම අරුමයක්ද?

    මේ කරුණු දක්වන ලද්දේ අර්බූදයේ සියළු වගකීම සිංහලයන් මත පැවරීමේ අරමුණින් නොව, අර්බූදයට දෙමළ සිංහල දෙපාර්ශවයේම දායකත්වය ලැබී ඇති බව පෙන්නා දීමට පමණි. තනි අතකින් අත්පුඩි ගැසිය නොහැක.
    ලොව කිසිදු ජාතියක් අනෙකුන්ට වඩා අඩු හෝ වැඩි ලෙස ජාතිවාදී නැත. ඔවුන් ජාතිවාදයට දක්කන්නේ ඔවුනට සමාජයේ විඳීමට සිදුවන අසීරුතාය.

    ඒක පාක්ෂික නොවී අනෙකාගෙ ඇසිනුත් ප්රශ්නය දැකීමට සාධාරණ වන්න.

  3. Reply Anju Feb 6,2009 9:43 am

    සුදාරක සහෝදරයගෙ අද‍හසට මම සම්පූර්ණයෙන්ම එකග වෙනවා. අපි මේ ලබන ජ‍යග්‍රහණ හා සමගාමීව ජාත්‍යන්තර මතයත් ගොඩනගන්න ඕනෙ. අපි මොන දේ කළත් ජාත්‍යන්තරය, ශ්‍රී ලංකාව කියන රට දකින්නෙ මානව හිමිකම් උල්ලංඝනය කරන ම්ලේච්ච රටක් විදිහටනම් ඒක අපිට ලොකු අවාසියක්! මේකට හොදම උදාහරණයක් තමයි ශ්‍රී ලංකා හමුදාව පොකුරු බෝම්බ භාවිතා කරන බවටත්, LTTE රෝහලකට ගුවනින් පොකුරු බෝම්බ හෙලූ බවටත් ගුවන් හමුදාවට එල්ල වුණු චෝදනාව. මේ අවස්ථාවෙ හැටියට කොටි සංවිධානය, ශ්‍රී ලංකා රජයට ඕන බොරු චෝදනාවක් කරයි. දියේ ගිලෙන්න යන මිනිහ පිදුරු ගහේ හරි එල්ලෙනවයි කියල කියනවනේ. ඉතින් කොටි සංවිධානය මේ වෙලාවෙ හදන්නෙ ශ්‍රී ලංකාවට විරුද්ධව ජාත්‍යයන්තර මතයක් ඇති කරල ඒක ඔවුන්ගෙ වාසියට හරව ගන්න. මේවට නිසියාකාරව පිළිතුරු දීල ජාත්‍යයන්තරයට ඇත්ත පැහැදිළි කරන එක, ඒ නිසි බලයලත් පුද්ගලයන්ගෙ වගකීම. බොහෝවිට මේ දේ මේ විදිහට වෙන්නෙ නැතිඑක තමයි කණගාටුවට කාරණය. ඒත් මේ වෙලාවෙ අපි අමතක කරන්න හොද නැහැ, ශ්‍රී ලංකාව දෙමළ ජනතාවගෙ මානව හිමිකම් කඩ කරනවයි කියල ඉන්දියාවෙ මිනිස්සු ශ්‍රී ලංකාවට චෝදනා කරපු වෙලාවෙ ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා ඔවුන්ට නිසි පිළිතුරු සපයපු ආකාරය.

Leave a Reply

%d bloggers like this: