සා.පෙක මහිමය 17

ඇති යාන්තං! ඕන් සුදාරකයා සා.පෙත් ලිව්වා කිව්වාම ඉතින් පුදුම ෆිට් එකක් ඇඟට එන්නේ. ඉතින් මේ බ්ලොග් පෝස්ට් එක කොහෙන් පටන් ඇරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරි උභතෝකෝටික ප්‍රශ්නයකට පැටලිලා  ඉන්න වෙලාවේ, සා.පෙ පටන් ගන්න සතියකට කලින් ඉඳලා මේ දක්වා සති 3ක කාලයක සිද්ධ වෙච්ච දේවල් සංක්ෂිප්ත කරලා ලියන්න හිතුනා. හැබැයි, ‍මේක සංක්ෂිප්තද? එහෙම නැතිනම් දීර්ඝ නවකතාවක්ද කියලා විචාරයක් දෙන එක බ්ලොග් පෝස්ට් එක කියවන ඔබට භාරයි. ආ… මම දැක්කා සංසදේ ගෲප් එකේ කට්ටිය සුභ පතලා තියෙනවා. ප්‍රතිචාරයක් දක්වන්න බැරිවුනාට සමාවෙන්න ඕනේ. ඒකට හේතු පල්ලෙහා තියෙනවා. ඔන්න දැන් ඒ හැම දෙනාටම මගේ ස්තූතිය පුද කරනවා…

විභාගයට සතියකට පෙර…

‍මගේ computer එක නම් මාර අලයක්. ශිෂ්‍යත්වේ පාස් වෙලා රෝයල් එකට ආපු සන්තෝසෙට අම්මයි, තාත්තයි බැංකු ලෝන් එකක් ගහලා ඇරන් දීපු මගේම ආදරණීය කොම්පියුටරේ. ඒත් දැන් කොම්පියුටරේ නාකි වෙලා (සියළුදේ අනිත්‍යයි කියලා කියනවා නෙව). දැන් ටික කාලෙකට කලින් ඉඳලා computer එක ඔන් වෙන්නේ එයාට ඕනේ වෙලාවට මිසක් මට ඕනේ වෙලාවට නෙවෙයි. ඉතින් මම කරන්නේ, ස්විච් එක ඔබලා හිර කරලා කොම්පියුටරේ එයාට කැමති වෙලාවක ඔන් වෙනකන් මොකක් හරි පොතක් බලාගන්නවා. හරියටම විභාගෙට සතියකට විතර කලින් කොම්පියුටරේ ඇතුළෙන් ගඳක් ආවා (පිච්චෙන ගඳක් හොඳේ…). ඊට පස්සේ කොම්පියුටරේ ඔන් කරන්න හෙන වෙලාවක් ගියා. ඊට පස්සේ විභාගෙටම හරියටම සතියක් තියලා ඔන්‍ වෙන්නේ නැතුව ගියා. (අහෝ…! මේ කිනම් විප්‍රයෝගයක්ද? මා ප්‍රියම්භිකාව වලකජ්ජ ගසා ඇත.) මගේ තියෙන පරිගණක හාඩ්වෙයාර් මෙව්වා එක දාලා හොයලා බැලුවාම තේරුනා පවර් සප්ලයි එකට බඩු හරි කියලා. (මෙයා මං ගැන හුඟක් හිතනවා වගේ. මං ගැන හිතලා, හරියටම විභාගෙට සතියකට කලින් අවසන් ගමන් ගියා) ‍කොම්පියුටර් එක හොඳට හිටියානම්, මම අවුරුදු 18 පැනපු ගමන් අනිවා කොම්පියුටර් එක කසාඳ බඳිනවා, බඳිනවාමයි! ඉතින් කොහොම හරි ඒකෙන් මේකෙන් වුනේ, විභාගෙට තව හොඳට ready වෙන්න වෙලාව ලැබුන එකයි.

විභාගයට දින‍ දෙකකට පෙර…

අපේ ගෙදර තියෙන්නේ ඉස්කෝලේ ඉඳලා සැලකිය යුතු දුරක නිසා, විභාගෙට හරියට වෙලාවට යන්න බැරිවෙයි, මහන්සිය වැඩියි, කියලා හිතලා මගේ දෙවෙනි ගෙදර වගේ හුරු පුරුදු සුපිරි නවාතැන රාජකීය විද්‍යාලීය නේවාසිකාගාරට ගියා. (මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නේවාසිකාගාර පාලක තුමා වෙන අනුරද සිල්වා ගුරු පියාණන්ට.) හොස්ටල් Dorm (සයනාගාරය) එකට පය තියනකොටම නිකන් ඇඟේ ඉලෙක්ට්‍රොනික් ධාරාවක් ගලාගෙන යනවා වගේ දැනුනා (නෑ නෑ අයියෝ! වයර් එකක් පෑගිලා නෙවෙයි) එහෙම වුනේ හිතට ආපු අමුතු හැඟීම නිසා වෙන්න ඕනේ.

විභාගේ දවස්…
ෂා…! දැන් හොස්ටල් එක අළුත් වෙලා. කියලා වැඩක් නෑ ඒ ගැන නම්!. නේවාසිකාගාර පාලක තුමාගේ වැඩ නම් පට්ට! Dining Hall එක කණපිට ගහලා වගේ. නියමෙට හදලා. බිමට ටයිල් අල්ලලා. අළුත් පුටු දාලා. බලන්න එපැයි දැන් ඒකේ තියෙන ලස්සන!. ඒ වගේම අපි පොඩි කාලේ හිටපු පැත්තේ 8වසර Dorm එක දැන් common room එකක් කරලා. TV බලන්නයි, රැස්වීම් පවත්වන්නයි, චෙස් අදින්නයි, කැරම් ගහන්නයි මරු පොට් එක! ෂිහ්! මම හොස්ටල් එකෙන් අයින් වෙලා තියෙන්නේ හොඳම කාලේ. සති 2ක් හරි ආපහු ආතල් එකේ ඉන්න ලැබිච්ච එක නම් ලොකු දෙයක්. කට්ටියම එකතු වෙලා Dining Hall එක ඇතුලේ පාඩම් කරනකොට තිබුනේ පුදුම ෆන් එකක්. සාකච්ජා කර කර පාඩම් කරනකොට ගලේ කෙටුවා වගේ ඔළුවට වදිනවා. බුද්ධාගම පේපරේට නම් මම ‍පොඩ්ඩක්වත් පොතේ එල්ලිලා පාඩම් කරේ නෑ. කට්ටිය සාකච්ජා වෙන දේවල් අහගෙන ඉඳලා තමයි විභාගෙට ලිව්වේ. පේපරේ හරියටම පැය එකහමාරකින් ඉවරයි. ඊට පස්සේ මට නම් අපේ බුධාජීව සහෝදරයා වගේ නිදාගන්න ඕන වුනේ නෑ. පැය භාගයක් විතර හරි වැරදි බලලා ශාලාවෙන් පිටවුනා. ඇයි කාලයෙන් 2/3ක් ඉවරවුනාම ශාලාවෙන් පිට වෙන්න පුළුවන්නෙව. ගණිතය පේපරේ ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නෑ (ඔන්න ආයේ පේපරේ දෙන්න යනවාලු) කුණුහරුප කෝටියක් විතර මතක්වෙනවා මේ වෙලාවට. පළවෙනි පත්‍රය නම් අමාරුවක් නෑ. ඒත් දෙවෙනි එක ටිකක් බලාගෙන යනකොට සුද්ධ සිංහල මතක් වුනා. (පේපරේ ගැන කියන්න නම් වෙනම post එකක් ගහන්න වේවි) දෙවෙනි පත්‍රයේදි හිතන්න කිසිම වෙලාවෙක් දෙන්නේ නෑ. හරියට ප්‍රශ්නේ දැක්ක ගමන් උත්තරේ ඔළුවට එන්න ඔනේ ඒක ලියන්න නම්. එහෙම එනවානම් කමක් නෑ කියමුකෝ, ඒත් මේක නම් ඒ විදිහේ ප්‍රශ්න පත්තරයක් නෙවෙයි. උත්තර ලියන්න විතරයි පැය 2 ඇති. බැරිවෙලාවත් ලියද්දී වැරද්දක් වුනොත්, ආයේ කපලා හදන්න වෙලාවක් නෑ. මේක නම් සක්කරය‍ගේ පුතා වයිමාටත් හදන්න බැරි පේපරයක්. හරියට මේක හදලා තියෙන්නේ අපි ප්‍රශ්න පත්තරේ කලින් බලාගෙන ගිහින් උත්තරේ කට පාඩම් කරගෙන ලියන්න ඕන වගේ. හරිම අසාධාරණයි. හරි, දැන් මාතෘකාවට එමුකෝ… කට්ටිය ගණිත පේපරේ ලියලා ඇවිල්ලා තම තමන්ගේ කබඩ් වලට ගගහා සින්දු කීවේ. පේපරේ ලේසි වෙච්ච නිසා නෙවෙයි. තිබ්බ ආතතිය පිට කරගන්න. අ‍පේ අයට ඉතින් අසල්වැසි හොස්ටල් එක්ක සම්බන්ධතා තියෙනවා නෙව. විශේෂයෙන්ම සිරිමාවෝ, විශාකා ඒවත් එක්ක. 😉 ඒ පැති වලින් ආරන්චි වෙච්ච විදිහට කට්ටිය පෙරළි පෙරළි ඇඬුවාලු (පව් අප්පා මේ ගෑනු ළමයි නම්.) ඒ වගේම අපේ ගම් වලින් ආරන්චි වෙච්ච හැටියට නම් තත්වේ බරපතලයි. සමහරු සිහි නැතිව ඇදන් වැටිලා, සමහරු ගල් ගැහිලා වගේ පේපරේ දිහා බලාගෙන ඉඳලා. ඒ අතින් බැලුවාම අපේ කට්ටියට නම් එච්චර පීඩනයක් තිබුනේ නෑ. ඇත්තම කිව්වොත් පිටට පෙන්නුවේ නෑ. ඔහොම දවස් ටික ගෙවිලා ගියා. කට්ටිය ගණිත පේපරේ අමතක කරලා අනිත් ප්‍රශ්න පත්‍ර වලට සාර්ථකව පිළිතුරු ලිව්වා. අන්තිම දවස, ඒ කියන්නේ 20 වෙනිදා‍ට කලින් අපේ සැලකිය යුතු පිරිසක් විභාගේ සම්පූර්ණයෙන්ම ඉවර කරලා common room එකට ගියා 19වෙනිදා රෑ රූපවාහිනියේ පෙන්නපු Raaz හින්දි චිත්‍රපටිය බලන්න. මටත් ඉතින් නිකන් ඉන්න බෑනේ. මාතේ පස්සේ දවසේ commerce තියාගෙන, රාස් චිත්‍රපටිය බලන්න ගියා.  හැබැයි බලපු එකේ පාඩුවක් නෑ. පහුවදා commerce පේපරෙත් පට්ට ලේසියි. හැබැයි අනිත් අය නම් දුකින් හිටි‍යේ… මොකද කිව්වොත් Raaz චිත්‍රපටියේ තියෙන හොඳම කෑලි ටික අයින් කරලා තිබ්බ නිසා ;). 20 වෙනිදා අන්තිම පේපරේ අන්තිම කතිරය ගහද්දී හිතට දැනුනේ පුදුම මෙච්චා එකක්. විභාගේ ඉවරයි කියලා ඇඟට දැනිච්ච හැඟීම නම් මාර අමුතුයි.

අපේ විභාගේ ඉවරවෙච්ච සතුට සමරන්න ශිෂ්‍ය නායක අයියලා සෙට් එක පපරයක් ගෙනැල්ලා තිබුනා. කට්ටිය විභා‍ග පීඩනය අත අරින්න හොඳම චාන්ස් එක. මට අහන්න ලැබුන විදිහට වෙන ඉස්කෝල වල නම් කට්ටිය විභාගේ ඉවරවෙලා යන්නේ ගහ මරාගෙන, විභාග ශාලාවේ වීදුරු කුඩු කරගෙන, ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. අවුරුදු 2ක විභාග පීඩනය පිට කරගන්න විදිහක් නැතුව. අපිට නම් පීඩනය පිට කරන්න මේක හොඳ අවස්ථාවක් වුනා. කට්ටිය තමන්ගේ සුපුරුදු R! O! Y! A! L! ROYAL!!! චියර් එකත් දීලා හොඳවයින් නටලා අහින්සක විනෝදයක් ඇරගෙන සාමකාමීව විසිර ගියා. මම එදාම ගෙදර ආවේ නෑ. ඒ, මං වගේ තවත් හින්දි පිස්සෝ ටිකක් එකතු කරගෙන Liberty Cinema එකට ඇවිල්ලා තිබුන ෂාරුක් ඛාන්ගේ අළුත්ම හින්දි චිත්‍රපටිය Rab Ne Bana Di Jodi චිත්‍රපටිය බලන්න යන්න කට්ටිය ලෑස්ති කරගෙන හිටපු නිසා.

කට්ටිය ඉතින් හවස හතේ ෂෝ එක බලන්න ගිහිල්ලා පුදුම ෆන් එකක් ගත්තා. ඒ ෆන් එක නම් ආයේ ජීවිතේ තියෙන තුරු අමතක වෙන එකක් නෑ.  Rab Ne Bana Di Jodi එළ ෆිල්ම් එක. බැලුවේ නැත්නම්, අද හෙටම ගිහිල්ලා බලන්න. 10.30ට විතර චිත්‍රපටිය ඉවරයි. අපි කොළඹ නත්තල් සිරිය විඳ විඳ පයින්ම ‍හොස්ටල් එකට එන්න පිටත් වුනා. ඒ අතර මඟදී Haule Haule සින්දුව කිය කිය ඒ විදිහටම නට නට තමයි ආවේ. පාරේ එවුන් බලාගෙන යනවා මේ මොක්කුද කියලා. ආ එකක් කියන්න ඕනේ. මේ කොළඹ අය නම් හෝල් එකක් ඇතුලේ චිත්‍රපටිවක් රසවිඳින්න නම් දන්නේම නෑ. ගියා, වාඩිවුනා, එළියට ආවා එච්චරම තමයි. අපි හොස්ටල් එකට එන අතර මඟදී හම්බවුන ළයිට් කනු යට ඉඳගෙන ෆොටෝ ටිකක් ගන්නත් අමතක කරේ නැ. මේ ඒවායින් කිහිපයක්… (ඔය ෆොටෝවල ඉන්න කොටම කෙනා තමයි මම 😉 )

විභාගයට පසු…
21වෙනිදා උදේ 8 විතර වෙද්දී ගෙදරින් ආවා හොස්ටල් එකට ගෙනාපු ලට්ට ලොට්ට සේරමත් එක්ක මාවත් ගෙදර එක්කගෙන යන්න. එතකොට නම් මට මාර දුකක් ඇතිවුනේ. ඇත්තම කිව්වොත් ඇඬු‍වේ නෑ විතරයි 🙁 . (මේ ලියන වෙලාවේ නම් ඇහැට කඳුළු එක දෙක ගලාගෙන එනවා) පොඩ්ඩක් ඉන්න මූඩ් එක ෆික්ස් කරගෙන එනකම්….

… ආ… හරි….

දැන් මට තව උභ‍තෝ‍කෝටික ප්‍රශ්නයක්. අපේ ගෙදරින් මට බල කරන්නේ නෑ අරක කරන්න, මේක කරන්න කියලා. මම කැමතිම විෂයන් තමයි, ඉතිහාසය, වාණිජ අධ්‍යයනය හා ගණිතය (ඔව්, මේ එකකට එකක් ගැලපෙන්නේ නෑ තමයි) හැබැයි මේ විෂයන් 3ම තියෙන්නේ තුන් පැත්තක. මගේ විද්‍යා හැකියාව නම් බින්දුවයි. ඉතින් මම මොකද කරන්නේ…? කලා විෂය ධාරාවේ සමාජ විද්‍යා අංශයේ නම් ඔය විෂයන් තුනම තියෙනවා. ඒත් ලංකාවේ කලා විෂය ධාරාවට කිසිම පිළිගැනීමක් නෑ.  දැ්න මට ප්‍රශ්නයක්! කලාද? ගණිතයද? වාණිජද? තව මාසෙකින් විතර උසස් පෙළට පන්ති පටන් ගන්නවාත් එක්ක. අනේ මේකට මොකක් හරි උපදෙසක් දෙන්න අමතක කරන්න එපා.

අයියෝ! ඈනුම් අරින්නෙපා. ඉතුරු ටිකත් කියවලාම යන්නකෝ…

ඔළුවේ බර සෑහෙන ප්‍රමාණයක් ඉවරයි. දැන් තියෙන්නේ ලෝකෙට මුහුණදෙන්න සූදානම් වෙන්න. ලෝකෙට සූදානම් වෙන්න මම තෝරාගත්ත දේවල් කිහිපයක් තියෙනවා.

  • Web Design, Graphic Design සහ Web Development ඉගෙනගන්න ඕනේ
  • AAT, Diploma in marketing වගේම ජනමාධ්‍යකරණය පාඨමාලාත් හදාරන්න ඕනේ

මේ ඔක්කොම කරන්න සල්ලි තමා ප්‍රශ්නේ! හික්! නැද්ද අප්පා හොඳ දානපතියෙක් මට සප් එක දෙන්න?

මේ මගේ හොස්ටල් එකේ රට වටේ යාළුවෝ සෙට් එකටයි

  • කෝසල (බුරියා), උඹ තමා හය ව‍සරේ සෙට් වුන පළවෙනි ෆ්‍රෙඩා. සින්දු අහන්න Headset එක දුන්නටයි, විද්‍යාව කියලා දුන්නාටයි බොහොම ස්තූතියි!
  • රවිඳු (රබ්බඩයා) , අපිව හිනැස්සුවාටයි, මගේ ෆෝන් එකේ බැටරි බැස්සුවාටයි ඉස්තූතියි!
  • මනෝද්‍ය (රිටා), උඹටත් ඉතින් ස්තූති නොකර බෑනේ බං

(අයියෝ… මට ඇඬෙනවා ඕයි!)

  • අසේල (හාමුදුරුවෝ), phone එක චාර්ජ් කරගන්න චාජරේ දුන්නාට පිං අයිති වෙන්න ඕනෑ…
  • කළණ (අයියෝ! මොකක්ද බං? උඊට කියන්න නමක් නෑ නෙව) උඹ අමතක කරනවාද බං එහෙම? උඹ නම් නමේ පරිසමාප්ත අර්ථයෙන්ම කළණ මිතුරෙක් තමයි.
  • සනෝජ් (සොංපුවා) උඹ ගැන නම් ඉතින් කවර කතාද? අපි ඉතින් එකටම තිස්සමහාරාමේ ශිෂ්‍යත්වේ ලියලා මෙහාට ගොඩබැහැපු එවුන්නේ. උඹ නම් Real Leader කෙනෙක් හැබෑටම
  • විදුර (ඔටුවා) උඹේ මොල්ලිය පුරාම ඉතිහාසේ, විද්‍යාව ගබඩා වෙලානේ බං? උඹ අනාගතේ දේශපාලනේට ආවේ නැත්තං මේ රට ඔටුවා නැති කාන්තාරය වගේ වේවි. විද්‍යාව කියලා දුන්නට ස්තූති වේවා
  • සමිත (හිප්පි) උඹත් මාර Tube Light එකක් (මොකක්හරි කිව්වාම, තේරුම්ගන්නේ ටිකක් වෙලා ගිහිල්ලා) ඒ ගතිය නැති කරගත්තොත් නං, උඹට ලොකු වැඩක් කරන්න පුළුවන්. අනිවා! ඒක මට ෂුවර්. උඹ ගණන් පේපරේ අඳින්න තිබුණ හතරුස් පොකුණ, පොකුණු සාමාන්‍යයෙන් රවුම් නිසා, අරය හොයන්න හෙන ගේමක් දීලා ‍රවුමට අඳින්න ගත්ත මහන්සිය නම් එළ! අපිව හොඳට හිනැස්සුවාට උඹට ස්තූතිවන්ත වෙන්න ඕනේ!
  • සඳුන් – උඹේ ගණිත දැනුමනම්, පට්ට. උඹේ ගමනට ම‍ගේ සුභපැතුම්! පාඩම් කරන වෙලාවේ නොදන්න ගනන් කියලා දුන්නාට බොහොම ස්තූතියි!
  • හෂාන් (වෙල්ඩින්) – උඹ නං සිරා ආතල් පොරක් බං! (ඔච්චර මල් කඩන්න එපා බං!)

තාරුක (කුඩ්ඩා), සමීර (‍‍ගොජබියා), ඉසුරු (ඉස්සී), කසුන් (සුනඛ, බල්ලා), අරෝෂ, චතුරංග, ප්‍රමෝද්, අචින්ත (ලෑටියා), දුලාන්, සමිත, අමිල, ‍රේවියන් (රෙඩා), දිමුතු (බඩා), සුමුදු (සැන්ඩා, මල් මාමා, ටකටකස්), සුභාෂ්, ශානක, ඉස්සත්, රිෂාඩ්, ආලෝක, මිහිරාජ්, පසන්, රසාංග,
(අමතක වෙච්ච නමක් නෑනේ? තියෙනවානම් කියහං!)
උඹලා ඔක්කොම මගේ සහෝදරයෝ වගේ. එළට A/L කරලා, කට්ටියම එකතු වෙලා ලංකාව ගොඩ දාමු. උඹලා ඔක්කොටම මගෙන් සුභපැතුම් කෝටියයි!

මේ උඩ ඉන්න අයගෙන් සැලකිය යුතු පිරිසක් මාත් එක්ක YuthMAX කණ්ඩායමටයි, සිංහලෙන් බ්ලොග් ලියන්නයි එකතු වේවි.

දැන්නම් ඔළුවේ බර නිදහස්! කියන්න ඕන ටික අකුරක් නැඍ ලියලා දැම්මා. දැන් ඉතින් පස්සේ දවසක මේ සටහන කියවලා අපි හැමෝටම අතීතය මතක් කරලා සතුටුවෙන්න පුළුවන් වේවි.

නැවත හමුවෙමු!

17 thoughts on “සා.පෙක මහිමය

  1. Reply හර්ෂණ Dec 24,2008 5:48 pm

    ආ ඔහොම යං,
    මම නම් සිතන්නෙ වාණීජ හෝ ගණිත අංශයන් උසස් පෙළට පෙනී සිටිනවනම් ඉදිරි අනාගතයට ලේසි වේවි කියලයි මම සිතන්නෙ. ගණිත අංශය මා දතින විදිහට ගොඩාක් හොදයි.

    සුභ අනාගතයක්.

  2. Reply මලින්ත Dec 24,2008 6:05 pm

    එළකිරිස්. ඒලෙවල් ගැන නම් උපදෙසක් දෙන්න මට හැකියාවක් නෑ මොකද මම ඒක දමලා ගහලා නිකං හිටපු නිසා 😀 පෝස්ට් එක නම් හෙණ දිගයි හැබැයි ඉතින් දිග ඒවා ලියන එක බොහොම හොඳා. 😀

  3. Reply Dilan Dec 24,2008 6:54 pm

    මලයෝ, ගනිතය 2 ආපහු ලියන්න වෙනවා නේද? ලොක්කන්ගේ වෑඩ නිසා අමාරුවේ වෑටෙන්නේ පොඩි උන්.
    ඔයාට උසස් පෙලට ලියන්න හදාරන්න ඔන විශය ධාරාව තිර්නය කරන්න උදවුවක් වෙන පොඩි පොතක් මම මෙල් කරන්නම්.ඔයාගේ ඊ මෙල් ලිපිනය මට හොයා ගන්න බෑරිවුනා. මට (dilanqs[at]yahoo.com) ඊ මෙල් එකක් එවන්න.

  4. Reply අරවින්ද Dec 24,2008 6:59 pm

    මම නං ඔය ආතල් එක ගත්තේ A/L ඉවර වෙලා.
    උසස් පෙළට කරන්නේ මොකද්ද කියන එකට ගෙදරින් බල කරන්නනේ නැති එක නම් ලොකු වාසනාවක්. මොකද අපේ සමහර යාළුවෝ ගෙදර කීමට අකමැති දේ කරලා ලොකු ආමාරුවල වැටුණා.
    උසස් පෙළට කරන්න ඕනෙ දේ දන්නේ ඔයයි.
    කැම්පස් යන්න හිතං ඉන්නවා නං ඒ ගිහින් කරන්න හිතං ඉන්න විෂයන් අනුව උ.පෙ කරන විෂය ධාරාව හා විෂය තෝරා ගන්න. කලා කරනව නං කැම්පස් යන්න පුළුවන් ඉහලම තැන Town Planing/Architec/Low/Peace වගේ දේවල්. කලාවලිනුත් Computer Science ගන්නවා ඒත් ඉහල ම ලකුණුවලින් විතර යි. වාණිජ කරන එක නං ටිකක් හිතලා බලන්න. කැම්පස් ගන්නේ බොහෝ ම සුළු පිරිස යි.

  5. Reply ලක්පති Dec 24,2008 7:44 pm

    මල්ලි …… මම සමාන්‍යයෙන් බ්ලොග් වලට කමෙන්ට්ස් දාන්නෙ නෑ …… ඒත් මල්ලියෙ මම කැමතියි එක දෙයක් ගැන කියන්න.. මල්ලි උසස් පෙළට මොන විෂය ධාරාවෙන් හදාරන්න හිතුවක් කමක් නෑ ටිකක් හෙයලා බලලා තීරණය ගන්න .. හැබැයි මල්ලියෙ මල්ලි රාජකීය විද්‍යාලය ඇතුලෙ කළා ධාරාවෙන් ඉගෙන ගන්න හිතනවානම් …. කියන්න තෙරෙන්නෙ නෑ මල්ලි කළා පන්ති 2 තියෙන්නෙ මාර නිදහසක් සෑහෙන අවස්ථා තියෙනවා අහ් අධ්‍යාපනය ! මල්ලිට හිතාගන්න පුලුවන්ද මෙච්චර වැඩ අස්සෙ මම පන්තියෙ 3 වුනා කිව්වෙත් අපි මෙ ගැන පස්සෙ වෙලාවක කතාකරමු මල්ලි හිතලා තීරණයක් ගන්න … අහ් මට මල්ලිගෙ සහය ඹන සාහිත්‍ය සංගමෙ වැඩ වලට … මල්ලි ගෙ ගණිතය පෙපරය ඉවර උනාම මම මල්ලිට කථා කරන්නම් අහ් මල්ලි මල්ලිලට ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම පල නෙලා ගන්න ගණත පෙපරෙට හෙදට සුදානම් වෙන්න … FLORATE

  6. Reply Supun Sudaraka Dec 24,2008 9:19 pm

    @ හර්ෂණ අයියා – ඔව්. ගණිත අංශයෙන් යන්නත් හිතෙනවා. බලමුකෝ… සුභ පැතුමට බොහොම ස්තූතියි
    @ මලින්ත අයියා – මං වගේ බ්ලොග් එක හරහා උපදෙස් ඇරගෙන A/Lලුත් ‍ජොලියට ‍වගේ කරානම් හරි.
    @ ඩිලාන් අයියා – ඒක තමයි, දැන් ආපහු ලියන්න වෙලා තියෙන්නේ. පෙරළුනු පිට හොඳා කියලා කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඔන්න මම ඔයාගේ ඊ-මේල් ඇඩ්‍රස් එකට මේල් එකක් දැම්මා.
    @ අරවින්ද අයියා – ඔව්, ඒක ඇත්ත. හැබැයි දැන් මම තමයි පැටලිලා ඉන්නේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව. ඔය හැම අංශයටම මම කැමතියි. හැබැයි එක අංශයයි කරන්න පුළුවන් 😀 මට නම් මඤ්ඤං වගේ දැඤ්ඤං
    @ ලක්පති අයියා – මම හෙට අනිද්දා දවසක කතා කරන්නම්කෝ… 🙂

  7. Reply SRIshanu Dec 25,2008 12:20 am

    මලයො අන්න ගණං පත්‍තරේ ආයෙ 17 වෙනිදට ලියන්න වෙනවලු! තවත් ‘මුන්ට ලූස්’ දෙපාර්තමේනතුවෙ වැඩක්!!

    තමුන්ගෙ අනාගතේ ගැන හිතනවනං ගණං හරි වාණිජ්‍ය හරි තෝරගන්න එක තමයි වඩා හොඳ. එයිනුත් ගණං තමයි ඉතිං හොඳම කියලයි මට හිතෙන්නෙ. හැබැයි කලා විෂයන් කරල ජීවිතේ ගොඩදාගන්න බැරුව නෙමෙයි. එහෙම ගොඩ ගියපු අය ඕනෙ තරං ඔය ඉන්නෙ.

    ඉතිහාසයට කැමති එකනං බොහොම අගෙයි. කලා අංශයට ගිහින් ඉතිහාසය කලොත් එතනිං එහා ගමන ටිකක් ව්‍යාකූලයි වගේ. හැබැයි මහ ඉහලිං සමත් උනොත් ලොකු පුටුවකට හිමිහිට යන්න බැරිවෙන්නෙ නෑ.

    ඒ කොයික නැතත්, රටට මහ සේවයක් කරන්න පුළුවන් විෂයක්. මොකද මේ කාලෙ ඔයවගේ විෂයක් කරන අය අඩු නිසා ඉස්සරහට අපේ ඉතිහාසය හොයාගන්න-කියලදෙන්නවත් මිනිහෙක් නැති වෙයි.

    ප:ලි:
    දැක්කද දන්නෑ රුහුණෙ කථිකාචාර්ය කෙනෙක් ‘දිවයින බදාදා අතිරේකය’ට ලියල තිබුනු ශාස්ත්‍රීය ලිපිය. ඒක ගෙඩි පිටින්ම (අකුරක් නෑර) පොතකින් ගහපු ‍කොපියක්ලු. ඊට පස්සෙ බදාදා අතිරේකයේ සංස්කාරක විසින් ඒ ගැන ලියල තිබුනා. ඔහොම පොරවල් තමයි ඉතිං දැං ඉන්න පණ්ඩිතයො. උගෙන් ඉගෙනගන්න උන්ට දෙයියන්ගෙම පිහිටයි!

  8. Reply Supun Sudaraka Dec 25,2008 9:10 am

    මං දැනට මෙහෙම තීරණයක් ඇරන් ඉන්නවා.
    උසස් පෙළ ගණිතය අංශයෙන් කරනවා.
    ඒ අතරතුරම වාණිජ විද්‍යාවට සම්බන්ධ aat පාඨමාලාවක් කරනවා.
    නිවාඩු පාඩු වෙලාවට පොත් වලින්, පුස්තකාල වලින්
    ඉතිහාසය, සිංහල වගේ විෂයන් හදාරනවා. එහෙම ‍හොඳයි නේද? හැබැයි එහෙම කරන්න වෙලාව තියෙයිද?

  9. Reply Supun Sudaraka Dec 25,2008 9:13 am

    @ ශ්‍රීෂානු අයියා – අපෝ ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. එක අතකින් ආපහු දෙන එක‍ හොඳයි, මොකද අපේ ගම්වල සමහරුන්ට stress ගතිය නිසා ලියාගන්න බැරිවෙලා තිබුනා. ඒත් මේ ගොන්නුන්ට බැරිවුනා නෙව එකපාරම හොඳ පේපරයක් හදන්න.
    ඔය ආචාර්යලා ගැනත් කතා කරලා වැඩක් නෑ. 😉 විල මැද බංගලාවේ තත්ත්වේ පේන්නේ නැතැ 😉 . ආචාර්ය, කථිකාචාර්ය, මහාචාර්ය වරු නිසා තමයි රටට කෙළවෙලා තියෙන්නේ.

  10. Reply මලී Dec 25,2008 12:25 pm

    මල්ලියෝ.. සටහන නම් ෂෝයි…!

    අනේ තෝරගන්න විෂයයන් ගැන නම් උපදෙස් දෙන්න මම දන්නේ නෑ.. ඔයා කියලා තියන විදියට කරා නම් හොදයි තමයි..

    අමතක නොකර ජනවාරි වල විභාගෙටත් සුදානම් වෙන්න….

  11. Reply චතුර සංදීප Dec 25,2008 4:37 pm

    ආ.. මාත් ශිස්ශත්වෙන් තමා මාත‍රින් කොළාඹට ගොඩ බෑවෙ 😀
    maths ක‍රපං.. ඔය උපදෙස් ගොඩක් තියෙන්නෙ. මුන් මට කියන්න දෙයක් ඉතුරු ක‍රලා නෑ. 😛

  12. Reply ඩී.ආර්. Dec 25,2008 5:39 pm

    ඔයාගෙ computer එකට වෙච්ච දෙය 100 ට 100 ක්ම ඒ විදියටම මටත් වුනා. On button එක press කරල computer එක on වෙන්න විනාඩි 5 – 10 ක් විතර ගියා. මම හිතුවෙ HDD එක ලෙඩ දෙනව කියල. සති 2 කට විතර පස්සෙ ගදක් ආවා. ගලවල බලන කොට power supply එක ගිහිල්ල. මම හිතන්නෙ fan එක වැඩකරන්නෙ නැතිවෙලා. මොකද ඇතුල උනු වෙලා තිබුනා.

    ජනවාරි වල තියන ගනිත paper එක හොදට කරන්න.

    හොදට හිතල බලල A/L කරන අංශය තීරනය කරන්න.

  13. Reply පහන් Dec 27,2008 12:50 am

    සාපේ ඉවරායි කිව්වට ඉවරම නෑ. මල්ලිල නිකං ඉන්නවට කොමාට දුක හිතිල මං හිතන්නේ
    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=36188

  14. Reply කසුන් Dec 27,2008 9:18 am

    එල,:D
    ඔය කොම්පියුටරේට වෙච්ච වැඩේ නම් මට උනේ අනිත් පැත්ත. 🙁

  15. Reply ප්‍රසාද් නයනජිත් Dec 28,2008 6:58 pm

    O/L ඉවර වුන හැටියෙ මටත් මාර සතුටක් ආවේ… ඒකනම් එළ…

    Supun: “මං දැනට මෙහෙම තීරණයක් ඇරන් ඉන්නවා. උසස් පෙළ ගණිතය අංශයෙන් කරනවා.” උසස් පෙළ ගණිතය කිව්වට ඔය මගුලෙ ගණිතය තියෙන්නෙ එක විශයයි. අනිත් දෙකම විද්‍යාව. මටනම් එපා වෙලා ඉන්නෙ… :S

  16. Reply Supun Sudaraka Dec 28,2008 10:46 pm

    @ ප්‍රසාද්1st අයියා – ඒක ඇත්ත. මට මුළ ඉඳලා විද්‍යාව ඉගෙන ගන්න වෙයි! ඒක ෂුවර්! 😀

  17. Pingback: 3 IDIOTS | DON’T BE STUPID! BE AN IDIOT! « සුදාරකගේ අන්තර්ජාල සටහන

Leave a Reply

%d bloggers like this: