Skip to content

තිස්සමහාරාමයේ සිට ලියමි.

අගෝස්තු 18, 2008

ඔන්න ඉතින් නිවාඩුවට පරණ යාළුවෝ කට්ටිය බලලා යන්නයි. තිස්ස පන්සලේ බෝධි පූජාවකටයි සහභාගී වෙන්න ඇති වෙච්ච ආශාව සන්සිඳුවාගන්න තිබ්බ ඕනෑකමයි නිසා මගේ උපන් ගම නොවුනාට, ඒ වගේ ගම වෙන තිස්සමහාරාමයට ආවා. තිස්ස පැත්තේ හරියට ඇවිදින්න මේ ලැබුණේ අවුරුදු දෙකකට විතර පස්සේ මං හිතන විදිහට. මීට කලින් දවසක ආවාත් එදා ඉන්න වුනේ දවසක් විතරයි ඒක නිසා මේක තමයි අවුරුදු දෙකකට විතර පස්සේ ගමේ හරියට පය තියපු අවස්ථාව.

දැන් තිස්සමහාරාමයත් සෑහෙන්න දියුණුයි. දැන් තිස්සමහාරාමයටත් ADSL සම්බන්ධතාවය ලැබිලයි තියෙන්නේ. කියන්නත් සතුටුයි. මම මේ දැන් ඉන්න Internet Cafe එකේ සිංහල ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා. ඒ වගේම මගේ පරිගණක තියෙන යාළුවන් කිහිප දෙනෙකුත් සිංහල යුනිකේතයට උනන්දු කරන්න ලැබුනා. ඉදිරියේදී තිස්සමහාරාමෙනුත් හොඳ බ්ලොග්කරුවන් සෙට් එකක් හඳුන්වාදෙන්නයි ඉන්නේ.

ඒ වගේම මිට කලින් ලියපු “අබා සමඟින් සටහන් ශතක පූරණය” කියන සටහනට ලැබිච්ච ප්‍රතිචාර බලන්නත් ලැබුනේ අද තමයි. ඒ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. සටහනට ලැබෙන ප්‍රතිචාර වලින් සමහරක් මෙ‍ලෝ දෙයක් නැති ස්පෑම් නිසා ලැබෙන ප්‍රතිචාර mannually approve කරන්න තමයි සැකසුම් හදලා තියෙන්නේ. ඒක නිසා ඔබේ ප්‍රතිචාරය බ්ලොග් සටහනේ ප්‍රදර්ශන‍ය වෙන්න ප්‍රමාද වුනානම් සමාවෙන්න ඕනේ.

කැෆේ එකේ ඉන්න ගමන්, සිංහල බ්ලොග් සින්ඩිකේටරයටත් එබිලා බැලුවා. බලනකොට අබා චිත්‍රපටිය ගැන ගොඩක් දේවල් ඒ ඒ අඩවි වල ලියැවිලා තියෙනවා දැක්කා. අබා චිත්‍රපටිය ගැන සංවාදයක් ඇතිවීම හොඳ දෙයක්. ඒක මුලින් කියන ගමන් අර මම මගේ අබා ගැන සටහනේ ලියලා තියෙන…

ඒ වගේම පොඩි අඩුපාඩුවක් තියෙන තැනක් දකිනවා. ඒක තමයි, මේ චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතයට අමුතු දේව රූපයක් මවාදී තිබීම. මෙය හැරීපෝටර් චිත්‍රපටියේ/කතාමාලාවේ හැරීපොටර්ගේ දෙමව්පියන් මරණයෙන් පසු නැවතත් භූතාත්මයක් විදිහට පැමිණ තම පුතාට සහය ලබාදෙනවා. අන්න ඒ විදිහට අබා චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතය මතු කරලා තිබෙනවා. සමහරු කියනවා චිත්‍රරාජ චරිතය මේ චිත්‍රපටියේ නිර්මාණ කරලා තියෙන්නේ එක්තරා ආගමක නායකයෙක්ව සිහිගන්වමින් කියලා. රූපය නම් යම්තාක් දුරකට සමානයි. ඒත් එච්චර අන්තවාදීව හිතන එක හරි නෑ. මොකද මේ චිත්‍රපටියේ කිසිම විදිහකින් ඒ ආගම ඉස්මතු කරන්න උත්සාහ කරලා නැහැ. අපි අපිම තමයි ඒක බොරුවට ඉස්මතු කරගෙන අපි අපිටම ගහගන්න යනවා කියන දේ තමයි මට එක පැත්තකින් හිතෙන්නේ.

මෙන්න මේ කාරණාව ගැන මටත් වඩා හොඳට සංහිඳ බ්ලොග් අඩවියේ ලියැවිලා තියෙනවා දැක්කා. ඒ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා කියලා තමයි මට හිතුනේ. මම නම් වැඩිය ක්‍රිස්තියානි ආගම පිළිබඳව දන්නේ නැහැ. ඒත් සංහිඳ බ්ලොග් අඩවියේ සටහන් කරු නාමල් උඩලමත්ත මහත්මාට නම්, මේ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ කතාවට මාත් එකඟයි. දැන් හිතෙනවා අබා චිත්‍රපටියෙන් චිත්‍රරාජ හරහා ක්‍රිස්තු චරිතය සම්බන්ධ සිදුවීම් ඉස්මතු වෙනවා කියලා. හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා, අබා චිත්‍රපටියේ චිත්‍රරාජට දේව ආරූඪයක් දීම හොඳයි. හැබැයි ඒක කරන්න තිබ්බේ ඒ විදිහට නෙවෙයි කියලායි හිතෙන්නේ. අපිට මෙහෙම හිතන්න පුළුවන්නේ,

චිත්‍රරාජ යක්ෂ ගෝත්‍රික නායකයෙක් හෝ නායක පරපුරකින් පැවත එන්නෙක්. පුරාණයේ තිබ්බ සිරිතක් අනුව රාජ්‍ය නායකයා සැලකුනේ දේවත්වයේ සංකේතයක් විදිහටයි. ඒක නිසා ඒ කා‍ලයේ ගෝත්‍රිකයා, තමන්ගේ නායකයාට දේවත්වයෙන් සලකන්නට ඉඩ ඇති. හැබැයි චිත්‍රපටියේ විදිහට ඒක ඉස්මතු කරන එක හරි නැහැ. අර සංහිද බ්ලොග් අඩවියේ තියෙන විදිහට, ඒ අවස්ථා ඒ කාලයට සමරූපී විදිහට නිර්මාණය කරානම්, චිත්‍රපටියේ අලංකාරය මීට වඩා වැඩි වෙන්න තිබුණා කියලා හිතෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම අබා සාර්ථක චිත්‍රපටියක්.

මදැයි. කොහෙන් ආවත් දැන් වැටෙන්නේ අබා උඩටම තමයි. :) කමක් නෑ දැන් ඒක තමයි වෙන්න ඕනේ. කඩා වැටිලා තිබ්බ සිංහල සිනමාව ගොඩ නගන්න අපිත් දායක වෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි.

තව ලියන්න වෙලාව නෑ. දන්නේ නැද්ද ඉතින් පරණ යාළුවොත් එක්ක සෙට් වුනාම :D කරන්නද දේවල් නැත්තේ??? :D

ප්‍රතිචාර 5 leave one →
  1. අගෝස්තු 18, 2008 4:10 ප.ව.

    I’m thinking of watching aba… is it really good?

  2. අගෝස්තු 18, 2008 10:18 ප.ව.

    හික්… අබා නිකන් බබා වගේ අපිව සෙට් කරගන්නව නේද මේ දවස් වල.

    බොහොම ස්තූතියි සුපුන් ඔයා දුන්න සංහිඳ බ්ලොග් අඩවියේ සබැඳියට. මම ඒකෙන් ලොකු දැනුමක් ලැබුව ඔයා වගේම.

    සිංහල යුනිකෝඩ් භාවිතය හරහා අපට අළුත් නිර්මාණ කරුවො, දක්ෂයින් රාශියක් බිහි කරගන්න හැකියාව තියෙනවා. ඒ අය හොඳ සංවාද බිහි කරයි. මේ ගැන අහන්න ලැබෙන ‍හොඳ ආරංචි ඇත්තටම සතුටක්…

  3. අගෝස්තු 20, 2008 3:25 ප.ව.

    ‘දැන් තිස්සමහාරාමයත් සෑහෙන්න දියුණුයි. දැන් තිස්සමහාරාමයටත් ADSL සම්බන්ධතාවය ලැබිලයි ”

    තාම නුවරට නෑ නෙ . පවු බං මලින්ත.

  4. malee_msg permalink
    අගෝස්තු 20, 2008 4:15 ප.ව.

    මොනා උනත් මහින්ද රාඡපක්ෂ ඡනාධිපති උනු එක දකුණට හරි වාසියි වගේ නේද පාරවල් ස‍්කෝල එහෙමත් හැදිලා තියනවා දැක්කා වාරායකුත් මග එනවනේ….

  5. අගෝස්තු 23, 2008 11:37 පෙ.ව.

    @ poojitha – අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක් :)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers