Skip to content

ජබ් වී මෙට් (Jab We Met)

අප්‍රේල් 12, 2008

Jab We Met Hindi Movie Poster

ඔන්න මීට කලින් සැලසුම් කරපු විදිහටම ජබ් වී මෙට් (Jab We Met) චිත්‍රපටිය ඊයේ (2008.04.12) රාත්‍රී 9.30ට ස්වර්ණවාහිනියෙන් සිංහල උපසිරැසි සමඟින්ම නැරඹීමට හැකියාව ලැබුනා. ඇත්තෙන්ම මේ චිත්‍රපටිය සරල, එහෙත් ආකර්ෂණීය සිනමා නිර්මානයක් ලෙස සැලකීමට හැකියි. චිත්‍රපටියේ ගීත සියල්ලම ඉතාමත් වින්දනීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙන ඇති අතර එහි සියළුම ගෞරවය හිමිවන්නේ මෙම චිත්‍රපටියට සංගීතයෙන් දායකත්වය දැක්වූ “ප්‍රීතම්” , “සන්ජෝයි චවුද්‍රි” හා “ඉර්ෂාඩ් කමිල්” වෙතටයි.

මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වන්නේ…

Shahid Kapoor

ආදිත්‍ය කාශ්‍යප් (සායිඩ් කපූර්) – තරුණ ව්‍යාපාර හිමියෙකු වන මොහුගේ පි‍යාගේ අභාවයෙන් පසු මුළු ව්‍යාපාරයම කඩාවැටෙනවා. ඒ අතර තම පෙම්වතියද තමාගෙන් ඉවත්වී ‍අන් පුද්ගලයෙකු විවාහ කරගැනීම නිසා මානසික වශයෙන් ඇද වැටීමකට ලක් වනවා නමුත් ගීත් ගේ අහඹු මුනගැසීමෙන් පසු සියල්ලම වෙනස් වනවා. ඔහුගේ සියළුම ව්‍යාපාර තිබූවාටත් වඩා හොඳින් ගොඩනැගීමට ඔහුට හැකිවනවා.

ගීත් දිලොන් (කරීනා කපූර්) – ජීවිතයම ක්‍රීඩාවක් කරගත් ඇත සියල්ල සරලව, යහපත්ව සිදුවේයැයි විශ්වාස කරන්නාවූ කටකාර තරුණියක්.  ඇය නිසා ආදිත්‍යගේ ජීවිතය වෙනස් වූ නමුත් ඇය විශාල ඇදවැටීමකට ලක්වෙනවා. නමුත් නැවතත් ආදිත්‍යගේ හමුවීම නිසාවෙන්ම ඇගේ ජීවිතය ආලෝකමත් වෙනවා.

මෙහි තවත් චරිත කීපයක් එක් එක් අවස්ථාවලදී ඉස්මතු වූවත් ඉහතින් දැක්වූ චරිත 2වටා පමණක් චිත්‍රපටියේ කතාන්දරය ගලා යැවීමට මෙහි අධ්‍යක්ෂකවරයා වශයෙන් ඉමිතියාස් අලී සමත් වී තිබෙනවා. එමෙන්ම මේ චිත්‍රපටියේ කැමරාකරණය වෙනත් හින්දි චිත්‍රපටි වලට වඩා ස්වල්ප වශයෙන් වෙනසක් තිබෙනවා.

ස්වර්ණවාහිනියේ මේ චිත්‍රපටිය නැරඹීමට ඔබට නොහැකි වුනානම් DVD හෝ VCD එකක් හරහා මේ චිත්‍රපටිය රසවිඳින්න අමතක කරන්න එපා. චිත්‍රපටිය සිනමාහල්වල ප්‍රදර්ශනයට පැමිණි මුල් කාලයේ මෙම චිත්‍රපටිය ආදායම් වශයේ යම් සාර්ථකත්වයක් ලැබූවත් අතිවිශිෂ්ට නිර්මාණයක් වූ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටිය හා සාවරියා චිත්‍රපටිය මේ කාලයේම ප්‍රදර්ශනයට පැමිණීම නිසා එම මහා පරිමාණ නිෂ්පාදන සමඟ තරඟවැදීමට අපහසු වීම නිසා සිනමාහල් වලින් චිත්‍රපටිය ඉවත් වුනා. නමුත් මෙම චිත්‍රපටියේ ඇති සුන්දර බව නිසාම මෙම චිත්‍රපටිය සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබීමට සමත් වුනා. ඒ අතර…

2007 හොඳම නිළිය ෆිල්ම් ෆෙයාර් සම්මානය (කරීනා කපූර්)
2007 හොඳම දෙබස් සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය (ඉමිතියාස් අලි)
2007 හොඳම නිලිය සඳහා HT Café සිනමා සම්මානය (කරීනා කපූර්)

ප්‍රධාන වෙනවා. මේ සම්මාන ත්‍රිත්වයට අමතරව තවත් සම්මාන කිහිපයක්ද සම්මාන සඳහා නිර්දේශිත නාම අතරටද මෙම චිත්‍රපටිය පැමිණීමට සමත් වි තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතයකට පන පොවන කරීනා කපූර්ගේ සිනමා දිවියේ එක් සන්ධිස්ථානයක්ද මෙම චිත්‍රපටියෙන් සනිටුහන් වෙනවා. මෙම චිත්‍රපටියෙදීත් සත්‍ය ජීවිතයේදීත් පෙම්වතා වූ සායිඩ් කපූර්වත් අත්හැරීයේද මේ චිත්‍රපටියෙන් පසු වීමද තවත් විශේෂත්වයක්. මෙම චිත්‍රපටියේදී සිය රංගනයෙන් සාර්ථකත්වය ලැබීම නිසා මේ දිනවල ඉන්දියාවේ නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙක් ඇය පස්සෙන් යන බවනම් හැමෝටම ආරංචි ඇති. එමෙන්ම කරීනා කපූර් තමයි මේ දිනවල වැඩියෙන්ම ගාස්තු අය කරන බොලි‍වුඩ් නිළිය.

එතකොට සායිඩ් කපූර්?
සායිඩ් කපූර්ට නම් වැඩිය සම්මාන ලැබිලා නෑ. නමුත් මේ දිනවල ඔහුගේ රසිකාවියන්ගෙන් ලැබෙන පැසසුම් නම් එන්න එන්නම වැඩිවෙනවා කියලා තමයි ආරංචිය. කෙසේ වෙතත් චිත්‍රපටියට ඔහුගෙන් ලැබෙන රංගන දායකත්වයේ නම් කිසිම අඩුපාඩුවක් නම් මා දකින්නේ නෑ. කෙසේ වෙතත් සායිඩ් කපූර් තමයි මේ චිත්‍රපටියේ මේ චරිතයට ගැලපෙනම නළුවා කියලා තමයි මගේ විශ්වාසය.

වෙනදා වගේම චිත්‍රපටියේ කතාව නම් මම කියන්නේ නෑ. ඔබම මේ චිත්‍රපටිය නරඹලා රසවිඳින්න. දැනට ජබ් වී මෙට් ගැන මෙපමණයි. ඊළඟ සටහන ලියන තෙක් මේ චිත්‍රපටියේ “නගාඩා නගාඩා” පන්ජාබ් ගීතය රසවිඳින්න…

වෙනත් යොමු: විකීපිඩියානිල වෙබ් අඩවිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers