Categories
විවිධ හින්දි චිත්‍රපටි

චාන්ද්නී චෝව්ක් ටු චයිනා – Chandni Chowk To China

කවුරුහරි මගෙන් ඇහුවොත් කවුද ‍මේ වෙනකොට ඉන්දියාවේ සාර්ථකම නළුවා කවුද කියලා… නෑ පිස්සුද? මම කියන්නේ ෂාරුක් ඛාන් නම් නෙවෙයි. මම කියන්නේ ආක්ෂේ කුමාර්. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ආක්ෂේ කුමාර් මේ වසර තුනේ 2006, 2007, 2008 රඟපාපු චිත්‍රපටිවලින් එකදිගට, ඒ හැම චිත්‍රපටියක්ම අති සාර්ථකයි. මේ ඔක්කොම බොක්ස් ඔෆිස් හිට්ස්! ඒ ටිකක් කිව්වොත්,

ෆැමිලි – ටයිස් ඔෆ් බ්ලඩ්, භගම් භග්, නමස්තේ ලන්ඩන්, හේ බේබි, බූල් බුලයියා, වෙල්කම්, සින්ග් ඊස් කින්ග්. මේ සාර්ථක චිත්‍රපටි අතර එකතුවෙන තවත් අති සාර්ථක වෙයි කියලා බලාගෙන ඉන්න තවත් චිත්‍රපටියක් ඔන්න මඟ එනවා. ජනවාරි 17 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරන මේ චිත්‍රපටිය තමයි චාන්ද්නී චෝව්ක් ටු චයිනා. ප්‍රහසන, ක්‍රියාදාම හා බොලිවුඩ් පුරවරයටම වෙන්වූ ආදර කතා විලාශය එක‍ට එකතු වුන මේ චිත්‍රපටිය ලෝක ප්‍රසිද්ධ Warner Brothers සමාගමේ පළවෙයි බොලිවුඩ් නිෂ්පාදනයයි. මම කිව්වානේ ඉතින්, බොලිවුඩ් චිත්‍රපටි දැන් හොලිවුඩය ආක්‍රමණය කරන්න පටන් ඇරගෙන. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ නිකිල් අද්වානි විසිනුයි. ඒ වගේම අක්ෂේ කුමාර් එක්ක මේ චිත්‍රපටියේ ද්විත්ව චරිත නිරූපනය කරන්නේ තමන්ගේ පළවෙනි චිත්‍රපටියෙන්ම, ඒ කියන්නේ ඕම් ශාන්ති ඕම් චිත්‍රපටියෙන් විශාල ජනප්‍රියත්වයක් දිනාගත්තු දීපිකා පදුකෝන් විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටිය චීනයේ සුපිරි චිත්‍රපට තරුවක් වන ගෝර්ඩන් ලියුත් රංග‍නයෙන් දායකත්වය දක්වනවා. මේ Chandi Chowk To China චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටයයි. මේක බැලුවාම, චිත්‍රපටියේ තාක්ෂණය, කතාව මේ සේරම පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි.

ඔන්න ලබන ජනවාරි 16වෙනිදා චාන්ද්නී චෝක් ඉඳලා චීනේ යන්න ලෑස්ති වෙලා ඉන්න!

Categories
විචිත්‍ර

එක්ස්පෙලියාමස්!…

‍ලොව සුප්‍රකට ලේඛිකා ජේ. කේ. රෝලින්ග් විසින් රචිත හැරී පොටර් කතා මාලාවේ හය වැන්න, Harry Potter and the Half Blood Prince පාදක කරගනිමින් නිර්මාණය කරන ලද හැරී පොටර් චිත්‍රපට මාලාවේ හය වැන්න, Harry Potter and the Half Blood Prince මීළඟ වසරේදී නිකුත් වීමට නියමිතයි. මෙන්න උණු උණු හැරී ‍පොටර් ඇන්ඩ් ද හාල්ෆ් බ්ලඩ් ප්‍රින්ස් චිත්‍රපටියේ දෙවැනි පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය!