Categories
විවිධ

ගජිනි – සුපිරි සිනමා කෘතියක් අත්වින්දෙමි

ඔබයි මගේ ආදරය. ඔබ නැති ලොවක් මට නැත. ඔබේ මරණය මගේද මරණයයි. ඔබේ මිනීමරුවාගේ මිනීමරුවා මම වෙමි!

ගජිනි, හින්දි සිනමාවේ අති ආකර්ශණීය රංගන වින්‍යාසය. ආමීර් ඛාන්ගේ නවතම හින්දි චිත්‍රපටිය. ආදායම් වාර්තා එසැනින්, ප්‍රදර්ශනය ඇරඹූ පළමු දිනය තුලදීම බිඳ හෙළන්නට සමත්වූ. බොලිවුඩ් සිනමාවේ 2008 වර්ෂයේ වර්ෂාවසාන මහා පිපිරුම.

Ghajini Hindi Movie

…. ආහ් මොනවා කියනවාද මන්දා. තාමත් චිත්‍රපටිය මතක් වෙද්දී ඇහැට කඳුලු එනවා. අද චාන්ස් එක හම්බවු‍නේ ගජිනි හින්දි චිත්‍රපටිය බලන්න. හදිසි තීරණයක්. ගියා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවට. පෙන්නන්න පටන්ගත්ත වෙලාවේ ඉඳලා, සිනමා තිරයෙන් ඇහැ ඉවත් කරගන්නවා කියන එක ‍නම් බොරු. ඇත්තටම සුපිරිගනයේ හින්දි චිත්‍රපටියක්. බැලුවේ නැත්නම්, කොහොම හරි බලන්න උත්සාහ කරන්න. හැම හින්දි චිත්‍රපටියක් වගේම පදනම ආදර කතාවක් වුනාට, ඒ ආදර කතාව තුලින් මතුවෙන සුපිරි සිනමා අත්දෑකීම ඔබ අත් නොවින්දොත් ඒක ඔබ සිනමාවට ආදරය කරනවානම් විශාල අඩුපාඩුවක් වේවි. කවදත්, සුපිරි ගනයේ චිත්‍රපටි වලට තමන්ගේ රංගන හැකියාවෙන් පන පොවන ආමීර් ඛාන්ගේ සුපිරි රංගනයෙන් වගේම, සිනමාව‍ට අලුත් ‍නොවුනාට හින්දි සිනමාවට අලුත් ආසින් ගේ රංගනයෙන් වශි වෙලා ගතවුනු ඒ පැය තුන නම් ජීවිතේට අමතක වෙන්නේ නෑ.

සං‍ජේ සිංහානියා, යොවුන් ව්‍යාපාරිකයෙක්. ඔහුට අහම්බෙන් හමුවන ඔහු‍ගේ පෙම්වතිය ‍වන කල්පනා එක්තරා හේතුවක් (හේතුව මොකක්ද කියලා දැනගන්න චිත්‍රපටිය බලන්නම ඕන) මත ඔහු ඉදිරිපිටදීම ඝාතනය වනවා. චිත්‍රපටියේ ජවනිකා අතුරින් උච්චතම හැඟීම් ඉස්මතු වන අවස්තාව තමයි ඒ. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ගොඩනැගෙන දිහා බලාගෙන ඉඳිද්දී මූණට සිනහවක් ආවත්, මේ සිදුවීම වෙද්දී ප්‍රේක්ෂකයාගේ සිතට නැගෙන්නේ වෛරී සිතිවිල්ලක්. දැඩි ප්‍රහාරයට මුහුණදෙන සංජේ සිංහානියා, මරණයෙන් බේරුනත් විශාල ප්‍රශ්නයකට මුහුන දෙනවා. ඔහුගේ මොළයට හානි වීම නිසා, ඔහුට ඕනෑම සිදුවීමක් මතකයේ තියෙන්නේ විනාඩි 15ක කාලයක් සඳහා පමණයි. තමන්ගේ පෙම්වතියගේ ඝාතකයාගෙන් පළිගැනීමට උපරිම උත්සාහය යොදන සංජේ සිංහානියාගේ උත්සාහය සාර්ථක වේවිද? ඒක බලන්න ගජිනි චිත්‍රපටිය බලන්න අමතක කරන්න එපා.

ඔව් ඔව්… මං දන්නවා මේ සෙනසුරාදා ගණිත ප්‍රශ්න පත්තරේ කියලා. ඒත් මොනා කරන්නද මේක ප්‍රදර්ශයනය හෙටින් අවසන් වෙනවා. ඉතින් එහෙව් එකේ… නොබලා ඉන්නේ කොහොමද? බලනවා නම් මෙන්න චිත්‍රපටි! කවුද කියන්නේ බොලිවුඩ් චිත්‍රපටි වල තියෙන්නේ මල් ගස් වටේ දුවන කතා විතරයි කියලා…

මේ තියෙන්නේ ගජිනි චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය

මේ චිත්‍රපටියේ සංගීතය, වෙන කාගේවත් නෙවෙයි 😉 ඒ. ආර් රහුමාන්ගේ. රහුමාන් කිව්වොත් ඒ සංගීතය ගැන නම් කියලා වැඩක් නෑ. අහලා අත්විඳින්නම ඕනේ.

සින්දු අවශ්‍ය නම්, Torrent තියෙනවා හොයලා බලන්න. විඩි‍යෝ බලන්න දැන්ම හදිස්සි වෙන්න එපා. උපරිම සිනමා අත්දැකීම විඳගන්න අවශ්‍යනම් Camera Copy download කරලා බලන්න එපා. DVD Release එක එනකන් ඉන්න 😉

ඉතින් අදට මෙච්චරයි… පස්සේ දවසක ආයෙත් හමුවෙමුකෝ 🙂