Categories
ජීවිතේ විවිධ හිනා

විවාහය

මාතෘකාවයි, බ්ලොග් අඩවියේ නමයි දෙක දැක්ක ගමන්ම මේක කියවන්න ආපු අයගෙ ඔළුවට එන්න ඇත්තෙ ඡන්ද බලය වත් තාම අතේ නැති මේ මනුස්සයට දැන්ම විවාහයක් ඔළුවට ගහල කියල වෙන්න ඕනෙ කියල මට 100%ක් විශ්වාසයි.

නෑ. ඒක එහෙම නෙවෙයි. ඕක හරි ලස්සන මාතෘකාවක්. කතා වෙන්න දේවල් නම් එමටයි. මම මේ බැලුවේ ගොඩක් අය කැමතියි තමන්ගෙ විවාහය අමුතු විදිහට සංවිධානය කරල කරගන්න. හරිම උත්සවශ්‍රීයෙන්. ජීවිතයට එකපාරක් විතරයි බොහෝ වෙලාවට උත්සවශ්‍රීයෙන් විවාහය කරගන්නෙ. ඉතින් විවාහය කියන්නෙ මං නං හිතන්නෙ ‍දැං කාලෙ කෙනෙක් උසස්‍ පෙළ ලිව්වට පස්සෙ මුහුනදෙන භයානකම කඩඉම.

Categories
විවිධ

11.11.11 හා ර‍ටේ දියුණුවට හිට්ලර් ව‍ගේ කෙනෙක් අවශ්‍යද?

දැන් බලයි මේ මොකක්ද කියන්නේ කියලා. හරිනම් 08.08.08ට පස්සේ එන්න ඕනේ 09.09.09 වගේ එකක් නේ. මේ එහෙම දෙයක් නෙවෙයි. මේක වෙනම දෙයක්. අපේ ඉද්දා ඉන්නේ මාත් එක්ක දැන් එකොළහේ පන්තියේ නේ. ඒ ව‍ගේම සිංහලෙන් බ්ලොග් ලියපු බුධාජීවත් ඉන්නේ එකොළහේ පන්තියේනේ. කොහොම කොහොමහරි අපේ ඉද්දා මගේ ඔළුවට වදින අළුත් සටහනක් දාලා තිබ්බා. ඒක තමයි…

ලංකාවට හිට්ලර් වගේ කෙනෙක්?

මම මේ පහතින් ලියලා තියෙන සටහන ඇත්ත‍ටම ඒ සටහනට ලියපු comment එකක්. ඉතින් මගේ ඒ comment එක දිග වැඩි නිසා මගේ බ්ලොග් එකේ දානවා. මම හිතන්නේ ඉද්දා තරහවෙන එකක් නැතිව ඇති. ඉතින් මගේ comment එක එයාගේ බ්ලොග් එකෙනුත් කියවන්න පුළුවන්. මම මෙතැන ඒ comment එක දැම්මේ ඒක ටිකක් දිග වැඩි නිසා. කියවන්න එපා වෙයි කියලා හිතලා වෙන වෙලාවක නිවාඩු පාඩුවේ මගේ බ්ලොග් එක පැත්තේ ආපු කෙනෙකුට කියවලා යන්න පුළුවන් වෙන්නයි. ඉතින් මගේ පහත සටහන කියවන්න කලින්, ඉද්දාගේ සටහන මුලින් කියවලා ඉන්න.

———————————————————

ඉද්දා‍ගේ කතාවටයි, බුධාජීව‍ගේ කතාවටයි දෙකටම තමයි මේ ප්‍රතිචාරය සුදාරකගෙන්.

රටක් දියුණුවෙන්න නම් අනිවාර්යයෙන්ම ඒ රටේ පාලනය බලසම්පන්න වෙන්න ඕනේ. ඒකාධිපති පාලකයෙක් හිටියත් වැඩක් නැහැ අර ඉද්දා කියනවා වගේ බුද්ධියක් නැති එකෙක් හිටියොත්. ඒකාධිපති වුනත්, පාර්ලිමේන්තු කණ්ඩායමක් වුනත්, බුද්ධියක් නැතිවුනොත් වැඩක් නෑ. ලංකාවේ ඒකාධිපති පාලකයන් සිටියා කියන කතාව නාමිකයි. ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව කාල වලදී තමයි අපි ඔය කියන ‍ඒ කාලේට සාපේක්ෂව ලංකාවට දියුණූවක් ලැබී තිබුණේ. නමුත්, ඒ කාල වලදී ඒකාධිපති පාලනයක් තිබුනේ නැහැ. ඔවුන් තමන්ගේ රට පාලනය කරදී ඔවුන්ටත් අමාත්‍ය මණ්ඩලයක් සිටියා. ඒ වගේම ර‍ටේ ආගමික නායකයින්ගෙන් අනුශාසකත්වය අනිවාර්යයෙන්ම එම පාලකයින්ට ලැබුනා වගේම ඒ පාලකයින් කිසිම විරුද්ධත්වයකින් තොරව ඒ උපදෙස් අනුශාසනා ලබා ගත්තා. ඒත් කාලීනව රාජධානි විතැන් වුනා. එසේ රාජධානි විතැන් වීමත් සමඟම ඒ හා සමකාලීනව ලෝකයේ විශාල දේශපාලනික හා ආර්ථික වශයෙන් විශාල වෙනස්වීම් රැසක් සිදුවුනා. ඒත් එක්කම ලංකාවට මුස්ලිම් වරුන්, පෘතුගීසීන්, ලන්දේසීන් හා අවසාන වශයෙන් ඉංග්‍රීසින් ලංකාවට ආක්‍රමණ හා සංක්‍රමණ ක්‍රම වලින් ඇතුල් වුනා. අර මුලින් කී සමකාලීන දේශපාලනික හා ආර්ථික වශයෙන් සිදුවුනු වෙනස්කම් වල‍ට සමගාමීව රට තුල වෙනස්කම් සිදුකරගැනීමට අර රාජධානී වල පාලකයන්ට අවශ්‍යවුනේ නෑ. ඔවුන්ට අවශ්‍ය වුනේ රට තුල තමන්ගේ බලය රැක ගැනීමට. අන්න ඒ විදියට අර යුරෝපා ප්‍රදේශ බලවත් වෙද්දී එයට මුහුණදීමට වටපිටාවක් ලංකාව තුල තිබුනේ නැහැ. ලංකාවේ ඒ කාලය වෙන කොට තිබ්බේ බල අරගලයක් පමණයි. ඒ බල අරගලය නිසා ඒ ඒ කොට්ඨාස වලට තමන්ගේ බලය, ගොඩ වැඩි කරගැනීමට අවශ්‍ය වූ නිසා ඒ හා සමකාලීනව බලවතුන්ගෙන් ආධාර ඉල්ලුවා. මේ වෙනකොට ඉන්දියාවත් බිඳ වැටී තිබුනේ. ඔවුනුත් මුස්ලිම් වරුන්ගේ ආගමනය හමුවේ කොටස් වශයෙන් කැඩී බිඳී වෙන් වී ගියා. මෙන්න මේ අකාරයෙන් ලංකා‍වේ කොටසක් පෘතුගීන්ගෙන් ආධාර ඉල්ලන අතරේ අනෙක් කොටස මුස්ලිම් වරුන්ගෙන් ආධාර ඉල්ලුවා. පෘතුගීසීන් දැනගෙන හිටියා ලංකාව කියන්නේ ආසියා මහද්වීපයේ ආර්ථික මර්මස්ථානයක්. ඉන්දියාවේ නැගෙනහිර හා බටහිර මුහුදු වෙරළ පාලනයට, කුරුඳු ලබාගැනීමට නිධානයක් මෙන්න මේ කරුණ සිතේ තමා ගමින්. ලංකාව‍ට ‍උදව් කරන මුවාවෙන් පෘතුගීසින් ලංකාව‍ට ඇතුලත් වුනා. ඒ පෘතුගිසින්ගේ වෙඩි පහරකින්ම (සමහරුන් කියනවා අත් වැරැද්දක් කියා) ඔවුන්ට ලංකාවට ආරාධනා කරන ලද පුද්ගලයාද මිය ගියා.ඔන්න ඔය ආකාරයට ලංකාව තුල විශාල දේශපාලනික් බෙදීම් ඇතිවුනා. ඉඟුරු දී මිරිස් ගන්නත් ලංකාවේ දේශපාලනික උරුමක්කාරයින් පියවර ගත්තා. ඒ අතරේ මධ්‍ය ලංකාවේ පාලනය නායක්කාර් වංශිකයන්ට නතුවුනා. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගමින් ලංකාවේ ස්වදේශිකයන්ට උදව් කරන මුවාවෙන් ලංකාව සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ අණසකට යටත් කරගත්තා.

මම මේ කතාව කිව්වේ ඔබේ මාතෘකාවට ලංකාවේ දේශපාලනය ‍ගොඩ නැගිලා තියෙන ආකාරය පහදා දීලා ඒ තුලින් ලංකාවට ඒකාධිපති පාලනයක් අවශ්‍යද? නැතිනම් ඒ කෙසේද? අවශ්‍යනම් ඒ කෙසේද? කියා මතයක් ගොඩ නගන්නටයි.

ලංකා‍වේ පාලනයක් හිමිකරගත් ඉංග්‍රීසින් ඔවුන්ගේ පාලන ක්‍රමය, එනම් පාර්ලිමේන්තු ක්‍රමය අප රටට හඳුන්‍වා ‍දුන්නත්, එය මා මුලින් කී අනුරාධපුර‍, පොළොන්නරු පාලන ක්‍රමයට‍ බොහෝ සමානාත්මයක් දක්වනවා. ඒ අනුව ඔවුන් අපට හඳුන්වාදුන්නේ අළුත් දෙයක් නෙවෙයි. ඒත් අවුරුදු 60ක් ගිහිල්ලත් තාම අපිට බැරිවුනා ඒක ලංකාවට අවශ්‍ය විධියකට හදාගන්න. ලංකාව කියන්නේ ඉන්දියාව වගේ ලොකු රටක් නෙවෙයි. ඒක නිසා ලංකාව පළාත් වශයෙන් බෙදලා පාලනය කරන එකේ කිසිම අවශ්‍යතාවක් නෑ කියලයි මම නම් හිතන්නේ. මේ පුංචි ලංකාව තමයි මම හිතන විදිහට ලෝකේ ‍බෙදීම් වැඩිම රට. රටක‍් වර්තමාන තත්ත්වයක් එක්ක à
¶¯à·’යුණු කරන්න නම්, ඒකාධිපති පාලනයක් ව‍ගේම ඔහුට උපදෙස් ලබාදීමට හා ඔහුගේ උදව්වට බුද්ධිමත් කණ්ඩායමක් සිටින්න අවශ්‍යයි. ඒ ක්‍රමය ලංකාවේ තියෙනවා වගේ. ඒත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් සෙට් එකට වඩා හොඳට පාලනය කරන්න පුළුවන් ස්වර්ණවාහිනියේ විකාශය වන ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ ඉන්න නළුවන්ට පුළුවන් ඒ ‍මොකද ඒ නළුවෝ දන්නවා පාලකයන්ටත් වඩා (පාල‍කයෝ නොදන්නා තරම්. දන්නවානම් ඉතින් හදාගන්න බැරියැ) පාලකයන්ගේ තියෙන වැරදි. ඉතින් ඒ වැරදි හදාගෙන ගොඩ යන්න පුළුවන්. ලංකාව හැම වෙලාවේම තියෙන්නේ දියුණු කරන්න පුළුවන් වටපිටාවක තවම. දියුණු වෙන්න තරම් අවශ්‍ය ස්වාභාවික සම්පත්. යහපත් පාරිසරික සාධක මේ හැම එකක්ම. ස්වභාවධර්මය ලංකාවට ආශිර්වාදයක්. රටක් පාලනය කරද්දී ඒ රට තුල එකිනෙකට විරුද්ධ මත ගොඩනැගෙන්න ඕන. වෙන්න ඕනේ ඒ මත වලින් නිවැරදි මතය තේරුම් ගෙන ක්‍රියාත්මක කිරීමයි. ඒක ඔය ඒකාධිපති ක්‍රමයකින් කරන්න බැහැ. ඒක නිසා තමයි අන්තිමේදී හිට්ලර්ට සියදිවි නසාගන්නත් වුනේ. විරුද්ධ මත සලකා බලලා. රටේ දියුණුවට ක්‍රියාත්මක වුනානම් අද ලෝක බලවතුන්ගෙන් සුවිශේෂි ස්ථානයක් ජර්මනියට ලැබෙනන්න තිබුණා. අහලා තියෙනවානේ ගුරුන්ටත් අකුරු වරදී කියලා.

ඉතින් වෙන්න ඕනේ මේකයි. ඒකාධිපති පාලනයක් විතරක් තිබිලා රටක් ගොඩනගන්න බැහැ. ඒ රටට අවශ්‍ය කරන බුද්ධිමතුන් කොට්ඨාසයක්, රටට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට එකතු වෙන්න ඕනේ. දේශ හිතෛශීත්වය තිබිලා ‍වැඩක් නැහැ බුද්ධිය නැතිනම්. බුද්ධිය විතරක් තිබිලා වැඩක් නෑ දේශය ගැන කැක්කුමක් නැත්නම්. රටක දේශපාලනයේදී මේ දෙක එකට ගැට ගැහිලායි තියෙන්න ඕනේ. ඒත් ලංකාවේ? තමන්ගේ මතය වැරදියි කියලා අනිත් අය කිව්වොත් හැපි හැපී අඬනවා. අනිත් අයගේ මතයට ගරහනවා. ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඒ වගේම රටක දියුණුව බලාපොරොත්තු වෙනවා නම්, අනිත් අයගේ මතයක් එක්ක ගැටෙන්න ඕනේ. ඒ තුවක්කු පිස්තෝල ඇරගෙන නෙවෙයි බුද්ධියෙන්. අනිත් අයගේ මතයට ගරහන්න යන්නේ නැතිව තමන්ගේ මතය හා අනිත් අයගේ මතයේ තියෙන වැරදි හඳුනාගනිමින්. රටක් තුළ දේශපාලනය ගෙනියනවා නම් කිසිම වැරද්දක් නැහැ. ඒත් ලංකාවේ වෙන්නේ මේක නෙවෙයි. තමන්ගේ මතය පරාද වුනොත්, කරන්න ඕනේ ජෝර්ජ් බුෂ් අයියා ළඟට යන එකවත්, දිනලා තියෙන මතය ගෙනයාමට ඉඩ නොදී බාධක දැමීමත් නොවේ. සමහරු දේශ හිතෛශීන් කියලා අනිත් අයගේ කැමරා උදුරගෙන ජෝගි නටනවා. පිස්සු කෙලිනවා. දැන්‍ ලෝකේ හරිම දියුණුයි. මේ වගේ දේවල් ඒ සිදුවූ සැනින්ම ලෝකය පුරා ප්‍රචාරණය වෙනවා. මෙන්න මේකෙන් ප්‍රතිවාදීන් ප්‍රයෝජන ඇරගෙන එක දෙක කරලා ප්‍රචාරණය කරනවා. මෙන්න මේ වගේ දෙයක් ‍ඒ අයට තේරුම් ගන්න බැරිනම්, ඒ අයගෙනුත් ලංකාවට වැඩක් නෑ. ලෝකේ පුරාම තමන්ගේ මව් රටේ අඩුපාඩු කියාගෙන අඬ අඬා ගියාට කිසිම වැඩක් නෑ. ඒ යක්කුන්ට දේශ හිතෛශීත්වය අවශ්‍යයි. තමන්ගේ රටේ අර්බුධ තමන්ගේ රටේම විසඳගන්න. බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවා ඇතුලත ගිනි පිටතට නොදෙන්න, පිටත ගිනි ඇතුලට නොගන්න කියලා. ඉතින් ‍ඒ දේ නොතේරුම් ගන්න වර්තමාන බෞද්ධයෝ සෙට් එකෙන් විපක්ෂය, ඇතුලත ගිනි පිටතට ගෙනි යද්දී, මෙහේ බඩගින්නෙන් මිනිස්සු පීඩා විඳිද්දී. ලෝකේ අන්ත දුප්පත්ම හා දේශපාලනික අස්ථාවර බවින් මිරිකිලා ඉන්න රටවල් අටක් කෝටි ගානක් වියදම් කරලා මෙහාට ගෙනල්ලා පිටත ගිනි ඇතුලට ගෙනැල්ලා දාගන්නවා. ඔන්න ඕකයි තත්ත්වේ. x කණ්ඩායම y කණ්ඩායම කියන දේ අහන්නේ නෑ. y කණ්ඩායම x කණ්ඩායම කියන දේ අහන්නේ නෑ. ‍ඔහොම ගිහිල්ලා ඇමරිකාවෙන්, චීනයෙන්, ඉන්දියාවෙන් න්‍යෂ්ටික බෝම්බ, පරිප්පු අහසෙන් දානකන් අපේ උන් දන්නේ නෑ. හෙන ගැහුවාද කියලා දන්නෙත් නෑ. සැප පවුල් වල ඉපදිලා හොඳ හැටි කාලා බීලා, සැප පුටු වල වාඩි වෙලා දුප්පත් මිනිස්සු ගැන තීරණ ඇරගන්නවා කියලා කරන්නේ උන් උන් ගැනම තීරණය ගන්නවා විතරයි. පාර්ලිමෙන්‍තුවේ වාද විවාද ඉවරවෙලා ආ මචං උඹ ක
ෑවද කියලා අහගෙන කරට කර අත දාගෙන මේ මිනිසුසු මාලිගා වලට ගිහිල්ලා සුර සැප විඳිද්දි අපේ රටේ දුප්පත් මිනිස්සු අර එවුන් වෙනුවෙන් ගහමරා ගන්නවා.

ඔන්න ඕකයි තත්ත්වේ. එහෙනම්, ලංකාව දියුණු කරන්න නම්, ලංකාවට බුද්ධිමත් හා දේශහිතෛශී විධායකයෙක් අවශ්‍ය අතරම, බුද්ධිමත් හා දේශ හිතෛශී පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙකක් සිටිය යුතුයි. ‍(මතක තියාගන්න මේක ඇමරිකාව වත්, රුසියාව වත්, ඉන්දියාව වත් නෙවෙයි!, මේක ලංකාව)

බුධාජීව සහෝදරයා, ඉංග්‍රීසියෙන් බ්ලොග් ලියන එකේ කිසි වරදක් නෑ. දැක්කා නේද ඔයා සිංහලෙන් ලියපු රචනාව බ්ලොග් එකේ දාන්න මතක් වෙනකොට වැඩේ පහුවෙලා කියලා. මම නම් කියන්නේ භාෂා දෙකෙන්ම ලියන එක හොඳයි. අර ව‍ගේ පෝස්ට් එකක් ලියලා අනාගන්නවාට වඩා. පෝස්ට් එකේ අවසා‍නේට දීපු ප්‍රතිඥාව කඩන්න වෙනවා නේද? කවුරුවත් කියවන්න එන්නේ නැති එක නම් තියෙන ප්‍රශ්නේ, ඒක තමයි බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නකොට කාටත් ඇති වෙන ගැටළුව. ඉද්දායි මායි එක පන්තියේ නිසා මම දන්නවා එයා එයාගේ බ්ලොග් එකට කට්ටිය මුලදී ආවේ නැති නිසා එයා ටිකක් දුකින් හිටියේ. ඒත් එයා දැන් එයාගේ සිංහලෙන් ලිවී‍මේ හැකියාව පාවිච්චි කරලා අපි තුන්දෙනාට කියලා කොමන්ට් තුනකුත් ලියවගත්තා. ඒ ‍‍වගේ තමයි එක පාරට බුදු වෙන්න බෑනේ. පෙරුම් පුරන්න ඕ‍නේ. සිංහල භාෂාවෙන් අපි ලියලා කරන්නේ. සිංහල භාෂාවෙන් අදහස් හුවමාරු කරගන්නකොට ඇති වෙන සුහදත්වය පෙන්නුම් කරන්නයි. සිංහලෙන් තවත් බ්ලොග් සාහිත්‍යයක් ගොඩනගන්නයි. සිංහල කියලා භාෂාවක් තියෙනවා කියලා පෙන්වන්නයි. ලංකාවේ ඉඳගෙන සිංහලෙන් බ්ලොග් කරන්න දැන් අපිට තාක්ෂණිට වටපිටාවක් තියෙද්දී, ඇයි අපිට අපේ හැඟීම් අපේ මව් භාෂාව සිංහල භාෂාවට හරවලා හුවමාරු කරගන්නේ නැත්තේ? සමහර විට ඔයා ඔය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පටන් ඇරගන්න නිසා, තව දුරටත් comment අඩු වෙන්න පුළුවන්. මොකද දැනටමත් සිංහල සින්ඩිකේටරේ ලංකාවේ ගොඩක් දෙනෙක් බලනවා. එතකොට ‍ඒකේ තියෙන බ්ලොග් සටහන් කියවන්න ගොඩක් දෙනා සිංහල බ්ලොග් වලට සින්ඩිකේටරේ හරහා ඇදිලා එනවා. ඔබ ඉංග්‍රීසියෙන් විතරක් ඉදිරියට ලියන්න ඉන්න නිසා සින්ඩිකේටරෙන් ඔබව අයින් කරන්නට ඇති. ඒක නිසා ‍ඔබේ පාඨකයන් විශාල පිරිසක් ඔබට ම හැරෙන්නට ඇති. දෛනිකව මගේ බ්ලොග් පෝස්ට් කියවන්න දැන් සෑහෙන්න පිරිසක් එනවා. ඒ වගේම ඉද්දාටත් ‍එහෙමයි. සින්ඩිකේටරේ ඉන්න ගොඩක් සිංහල බ්ලොග් ලියන්නන්ට එහෙමයි. ඒක නිසා වෙනදා දුකෙන් හිටපු ඉද්දා දැන් සෑහෙන්න සතුටින්, තෘප්තියකින් බ්ලොග් එකේ සටහන් ලියනවා. අන්න ඒකයි වෙන්නේ. අධෛරයමත් වෙන්න එපා. සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ලියන්න. එතකොට ඔබට ඔබේ අදහස් විශාල වශයෙන් සමාජගත කරන්නට හැකිවෙනවා නියතයි.

දෙදෙනාටම ජය!

(ආ කියන්න අමතක වුනා! මාත් 11හේ තමා!) 😀