ඔව්, කතා දෙකක් නෑ දැනට ලෝකේ තියෙන හොඳම වෙබ් අඩවියයි Google කියන්නේ, භාවිතා කිරීමට පහසු, ඒත් සංකීර්ණ ක්‍රමලේඛණ යොදාගනිමින් නිමවා ඇති Google වෙබ් අඩවියෙන් ලබාදෙන සේවාවන් අතුරින්, Google Mail (GMail), Google Docs, Google Apps, Blogger වැනි සේවාවන් වැදගත් වෙනවා. ඒ අතුරින් වෙබ් අඩවි නිර්මාණකරුවන්ට මුදල් ලබාදෙන (Google Adsense) සේවාවත් ඉතාම ජනප්‍රියයි. ඒත් වාර්තාවන විදිහට දැන් මේ Google Adsense සේවාව සිංහල භාෂාවෙන් (සිංහල යුනිකේත) නිර්මාණය කරන වෙබ් අඩවි හා බ්ලොග් අඩවි වලට ලබා දෙන්නේ නෑ. ඒ වගේම ලංකාවේ අයට Adsense for Videos කියන පහසුකම ලබාදෙන්නේත් නෑ. ඒ වගේම Google Summer of codes හි ඉදිරියෙන්ම සිටියෙත් ලංකාවේ අය බවත් ඔබ දන්නවා ඇති. (දන්නේ නැතිනම් පිවිසෙන්න) ඉතින් ඇයි ගූගල් අපිටම මෙහෙම කරන්නේ ආ…?
ඔන්න අදින් වාර විභාගේ ඉවරයි. විභාගේ ඉවරවෙනවාත් එක්කම ලැබිච්ච නිවාඩුව නිසා එක පැත්තකින් සතුටක් දැනුනත් අනිත් පැත්තෙන් දුකක් දැනෙන්නේ විභාගේ ප්‍රතිඵල දැනගන්නත් කළින් නිවාඩු ලැබිච්ච එකට. කමක් නෑ. මාතෘකාවට පිවිසෙමුකෝ. මේ දවස්වල බොහෝ දෙනෙක් දන්නා විදිහට ලංකාවේ සිංහල රූපවාහිනී නාලිකාවල බොහෝ විට හවස් යාමේ වෙනකොට අළුත් ප්‍රවණතාවයක් ඇතිවෙලා තියෙනවා කියලා දන්නවා ඇති. ඔව් ඒ තමයි ගීත ඉල්ලීමේ වැඩසටහන් හා මායා පෙට්ටි වැඩසටහන්. හැබැයි මේ නාලිකා දකිනකොට අපිට අපි ගැනම පුදුම දුකක් තියෙන්නේ. දැන් හැම නිවේදිකාවක්ම කතාකරන්නේ අමුතු සිංහල උච්ඡාරණයකින්. මේක නිසා විශේෂයෙන්ම සිංහල ඉගෙනගන්න කුඩා ළමයින් අතරමං වෙන්න පුළුවන්. ඇති තමුන්ගේ අයියලා අක්කලා කෙල හල හල මේවා බලනකොට ඒ අයට හිතෙනවා මේක තමයි නියම සිංහල උච්ඡාරණය කරන ක්‍රමය කියලා. ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ. ඒ මදිවට හොඳට හිටපු එක නිළියකුත් (ළඟදී Sirasa Dancing Stars එකේ නටලා හති වැටිලා කෙටි පණිවිඩ ජන්දෙන් අයින් වෙච්ච එක්කෙනෙක්) ළඟදී ඉඳන් අමුතු සිංහලක් කතා කරනවා. සාමාන්‍යයෙන් සිංහල හෝඩිය නිර්මාණය වෙලා තියෙන්නෙත් ශබ්ද උච්ඡාරණය කෙරෙනු ලබන ආකාරය සලකා බලලා නිසා, මොවුන්ගේ භාෂා විලාශය නිසා අනාගතයේ යම් යම් භාෂාත්මක ගැටලු ඇතිවීමටත් හැකියාව තියේවි. සිංහල භාෂාව පිළිබඳව විවිධ මත මේ පිළීබඳව අන්තර්ජාලය තුලත් දකින්නට ලැබීම සතුටක්.මාගේ මීළඟට ඉදිරිපත් කරන සටහනකින් එම සියලුම සටහන් එකට ටැග් කරන්නයි බලාපොරොත්තුව. අපි බලමු අනාගතේදී මොනවාද වෙන්නේ කියලා. එක්කෝ මේ අය සිංහල උච්ජාරණය කරන විදිහට සිංහල උච්ඡාරණය කරන්න ඕනේ, නැත්තන් මේ අය ඉංග්‍රීසි උච්ඡාරණය කරන විදිහට ඉංග්‍රීසී උච්ඡාරණය කරන්න ඕනේ එහෙම නැත්තන් මුන් එල්ලිලා මැරුණානම් හොඳයි භාෂාව මරන්නේ නැතිව.
———————————————————
පසු සටහන : රූපවාහිනී කියන්නේ ලංකාව තුළ සජීවි මාධ්‍යයක්. එම නිසා භාෂාව භාවිතයේදී මීඩ වඩා සැලකිලිමත් වියයුතුයි. කතා කරන භාෂාවෙන් රූපවාහිනිය තුළ භාෂාව භාවිතා කිරීමේ වරදක් මා දකින්නේ නැහැ. ඒ ඒ භාෂාවට ආවේනික වූත් අලංකාර වූත් ලක්ෂණ තිබෙනවා. කතා කිරීමේදී ඉංග්‍රීසි හා සිංහල වචන එකතු කරගැනීමේදීද කිසිදු ගැටළුවක් මා දකින්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි උච්ජාරණය කරන විදිහට සිංහල උච්ඡාරණය කරනකොට හිරිකිතක් දැනෙනවා (මේකට භාවිතා කරන වචනේ “පොෂ්” කියන එකද කොහේද) ඔබටත් ඒ හිරිකිත දැනෙනවාද?