Categories
Uncategorized

අතීත සිහිනය (කෙටි කතාවකි)

මේ කෙටි කතාව මම 8ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී ‍සිංහල ඇගයීමකට ඉදිරිපත් කරන්න ලියපු කෙටි කතාවක්.මේකේ පොඩි සංස්කරණයන් කරලා තමයි දැක් මගේ අන්තර්ජාල සටහනට දාන්නේ.

එදින රාත්‍රී ආහාරය නිමකොට නිමල් තම නේවාසිකාගාර සයනාගාරයට පැමිණයේ රාත්‍රී දහයට සියල්ලන්ම නින්දට ගියවිට සියල්ලන්ටම රහසේ ලිපියක් ලිවීමට සිතේ අදිටන් කරගෙනය. තමා එව වසරේදී ලංකාවේ සෑම 5ශ්‍රේණායේ සිටින්නාවූ සියළුම සිසුන්ට මුහුණදීමට සිදුවූ ශිෂ්‍යත්ව විභාගය ගැන කිහිප විටක්ම මෙනෙහි කළේය. රාත්‍රී නින්දට යන සීනුව වැදෙනු ඔහුට හොඳින් ඇසුණි. නිමල් සහ අනෙක් ළමෝ එම හඬට අවනත වී නින්දට යාම සඳහා තම තමන්ගේ ඇඳවල් වෙතට ළං විය.

සියල්ලන්ම තමන්ගේ සයන වල දිගාවී ඔවුනොවුන්ගේ ඕපාදූප කීමට පටන් ගත් අතර එහෙන් මෙහෙන ඇහෙන සිනා හඬවල් වලට කන් නොදුන් නිමල් වෙනදා මෙන් නොව නිහඬව කල්පනාවේ යෙදී සිටියේය.

එක්වරම සියල්ලලෝම නිහඬ විය. එයට හේතුව වූයේ හිටිගමන් සයනාගාරයට කඩා වදිනා ශිෂ්‍ය නායකයා පැමිණීමේ සංඥ්‍යව බව නිමල් සහසුද්දෙන්ම දත්තේය.

“කෝ මේකේ මොනිටර්!”
ඒ ශිෂ්‍ය නායකයාගේ හඬය.

අඩි සද්දයක් නැඟී එක්වරම නැවතිණ.

“ආ තමුසෙද මොනිටර්?”…
“ඇයි යකෝ තාම ලයිට් දාලා? අපි තමුසෙලට කියලා තියෙනවා නේද නමයයි කාලට ලයිට් නිවන්නයි කියලා? ආ? කතා කරපන්! මොකද ගොළු වෙලා?”
ශිෂ්‍ය නායකයා‍ගේ කට හඬ ඉතාමත් දැඩි විය.

චටාස්! පටාස්! හඬට බියවූ නිමල්ගේ දෑස් ඉබේම විවෘත විය. නිමල් දුටුවේ තම සයනාගාර නායකයාව කමිස කොලරයෙන් අල්ලාගෙන සිටින ශිෂ්‍ය නායකයාය.

නැවත වරක් දෑස් වසාගෙන ඔහුට මුනින් අතර හැරී නිදා ගන්නට සිත් වූවත් ඔහුට රාතුයේ කිරීමට වැඩ කිහිපයක් ඉතිරිවී තිබුණි. සයනාගාරයේ තත්ත්වය සන්සුන් වූ අතර සයනාගාර නායකයා ආලෝකය නිවා දැමූ අතර මුළු සයනාගාරයම නිහඬතාවයට පත් විය.

මඳ වේලාවකට පසු තම කොට්ටය යත අතපත ගා විදුලි පන්දම සොයාගෙන දල්වාගත් නිමල්, කොට්ටය යට තිබූ තනිරූලි පොත ගෙන මැද පිටුව ඉරා ගත්තේය.

පෑන අතට ගත් නිමල් මෙසේ පිටුවේ සටහන් කරන්නට විය

“නේවාසිකාගාරයේ සිට ලියමි,
බුදු සරණයි!
ආදරණීය අම්මා සහ තාත්තා වෙත,

අම්මා ඊයේ මාව බලන්න මෙහේ ආවේ නැත්තේ ඇයි? ඊයේ කෝල් එකක්වත් නොදුන්නේ ඇයි අද හරි දෙන්න තිබුනනේ… “

තව මොනවාද ලියන්නේ… නිමල් කල්පනා කරන්නට පටන් ගත්තේය. නොදැනීම ඔහු අතීතයට දිව ගියේය…

ගමේ පාසලෙන් ඉගෙනීමට පියවර තැබූ නිමල් පළවන ශේණියේ සිටම සෑම විෂයකින්ම පන්තියේ පළමු වැනියා වීමට තරම් දක්ෂයෙක් විය. ලංකාවේ සෑම සිසුවෙකුගේම ප්‍රථම කඩඉම වූයේ 5ශේණි ශිෂ්‍යත්වයයි. නිමල් 5වසරේ ශිෂ්‍යත්වය සඳහා පන්ති ගියේද නැත, ඔහුට පන්ති යාමට අවශ්‍ය වූයේද නැත. දෙමව්පියන් කිසිදු බල කිරීමක් කළේද නැත. ඔහුට අවශ්‍ය වූයේ සතිපතා ළමා පුවත්පතත්, අසල්වැසි ළමෝ සමඟ සෙල්ලම් කිරීමටත්, රූපවාහිනිය නැරඹීමටත් පමණි.

පාසලේ වැඩ අකුරටම කළ ඔහුට පාසලේ ලබාදුන් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලට සියයත්, අසූවත් අතර ළකුණු ප්‍රමාණයක් ලැබුණත්, සමහරක් විට ළකුණු හැට හැත්තෑව නොලැබුනා නොවේ. පන්තියේ පිරිමි ළමුන්ගේ නායකයා වූ නිමල්ට කාගේත් පුසාදය හිමිවුන අතර පන්තියේ සෑම ළමයෙක්ම ඔහුට මිතුරන් වූ අතර එයින් එක් විශේෂ මිතුරියක්ද නොසිටියා නොවේ.

ඒ ශිෂ්‍යත්ව දිනය විය. උදේ පාන්දරම නින්දෙන් පිබිදු නිමල් කෙළින්ම ගියේ තමන්ගේ මේසය වෙතය. ඔහු පාසලේදී කළ සියළුම ප්‍රශ්න පත්‍ර පරික්ෂා කර බැලුවේය. මුහුණ සෝදා ගත් නිමල්, උදේ ආහාරය ගෙන උදේ නවයයි තිහ වනවිට විභාග ශාලාවට ඇතුල්විය. ප්‍රශ්ණ පත්‍රය අතට ලැබිණ එය දුටු විට නිමල්ට එය කජු කනවා මෙන් ලෙහෙසි විය. නිමල්ය එය එදානම් සතුටට කාරණයක් විය. ඒත් අද?

ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර ඇති බව දැනගත් නිමල්, පාසල් නොගොස් පියා සමඟ නගරයට ගොස් අන්තර්ජාල පහසුකම් ඇති ස්ථානයකින් ළකුණු දැනගනීමට ගියේය. ළකුණු දැනගත් ඔහුගේ ඉහේ මලක් පිපුනා මෙන් විය. ළකුණු 178ක් නිමල් ලබා තිබුණි. ඔහු පාසලේ අවසන් වාර පරීක්ෂණ විභාගයෙන්ද පළමු තැන ලබාගෙන සිටි‍යේය.

අතීත ආවර්ජනයක යෙදුනු නිමලු යෙදී දිටි කාර්යයට හිත යොමා නැවත ලිපිය ලියන්නට පටන් ගත්තේය

“… අනේ අම්මේ මාව මෙහෙන් එක්ක යන්න. මට නම් අම්මයි තාත්තයි නැතුව මෙහේ ඉන්න බෑ. ඊයේ ටී ටයිම් එකේදී වැඩිපුර බිස්කට් ඉල්ලුවයි කියලා මගේ හොඳම කමිසේ කොලර් එකෙන් අල්ලලා ඉස්සුවානේ, උඩ බොත්තම් දෙකක්ම ගැලවුනා. දවසක් මගේ යාළුවාගේ ඇද හරියට හදලා නැතිව පොඩ්ඩක් රැළි තිබ්බයි කියලා එයාගේ කනෙන් ලේ එන්න ප්‍රෆෙක්ට් අයියා කම්මුලට ගැහුවා. මට නම් මෙහේ ඉන්න බෑ බෑමයි…”

එක්වරම නිමල්ගේ දෑසීන් කඳුලු කැට ගලා එන්නට විය. කදුළු බින්දු ලියුමේ තැනින් තැනට ‍වැටෙන්නට විය. එනිසා ලියුමේ තැනින් තැන බොඳවන්නට විය. වමෙම විද්‍යාලයට පැමිණීමට ලැබුනේ නිමලුගේ පෙර පිනකින් බව කලින් පාසලේ ගුරුතුමා එදා පැවසූ බව මතකයට නැඟුනු නිමල්ට සිතුනේ මේ නේවාසිකාගාරයට පැමිණියේ මහා පවකට බවයි.

නැවතවරක් කල්පනාවට පිවිසි නිමල්ගේ දැහැන බිඳුනේ නේවාසිකාගාර පාලකයාගේ කට හඬිනි…

“කවුද 6වසරේ නිමල් කියන්නේ?”
“සර් මම!” යැයි කියමින් තමා නිදා සිටි සයනයෙන් බැස පාලක තුමා ළඟට ගියේය.

“ආ, ඔයාද? මේ දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා” පාලක තුමාට ඉතිරි ටික කීමට නිමල් ඉඩ දුන්නේ නම් නැත.

“මේ දැන්? මට? කවුද කතාකළේ? අම්මාද? තාත්තාද? මොකක්ද කිව්වේ?”
ප්‍රශ්න වැලෙන් හෙම්බත්වූ පාලක තුමා…
“ඔව්, ඔයාට, පොඩ් ආරංචියක්, ඒත්,”
“ඇයි? ඒත්?” නිමල්ට ඉවසිලි නැති විය.
“ඒ…ත්…. ඔයාගේ තාත්තා… කිව්වා… ඊයේ ඔයාගේ… අම්මා…”
“ඊ…යේ මගේ අම්මා? ඔව්… ඉතින්….?”
“ඊ…යේ ඔයා..‍ගේ… අම්ම… ඔයා…ව බලන්න… එද්දී බස්… එකට… අ… අනතුරක්… වෙලා…..”
“මොනවා…!! වෙන්න බෑ….!” මේ වන විටත් නිමල්ගේ දෑසින් කඳුලු බිඳු එකින් එක වැටෙන්නට පටන්ගෙන තිබුණි.

නිමල්ට ඒ දිනය මහා මූසල දිනයක් විය. වේලාව සෙමෙන් ගෙවී ගියේය තමාගේ මිය ගිය මව ගැන සිතමින් ඔහු නින්දට ගිය අතර ඒ වන විටත් ඔහුගේ සයනය ඔහුගේ කඳුළු වලින් තෙමී තිබිණ. පැය කිහිපයකිව් ඔහු වෙත කෙමෙන් කෙමෙන් නිදි දෙව් දුව ළඟා විය.

“නිමල් මහත්තයා, තව ලෙඩෙක්”
ඒ කටහඬ රෝහල් සේවක සිරිපාලගේය. එම හඬින් අවදිවූ නිමල් දොස්තර මහතා ඒ රෝගියාට බෙහෙත් කිරීම සඳහා තම අසුනෙන් නැඟිට ශල්‍යාගාරය වෙතට පිය මැන්නේය.

නිමි.

Categories
විවිධ

සුපිරි තරු සිහිනය සැබෑවූ වගයි!

ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගෙන් 80%ක් පුල පුලා බලා සිටි දෙවැනි අදියරේ පළමු සුපිරි තරුව ලෙස ඊයේ (2007ක්වූ ඔක්තෝම්බර් මස 27 වෙනි දින) අපේ දොස්තර පුතා හෙවත් ප්‍රදීප් රංගන අභිෂේක ලැබුවා. ගණනය කළ නොහැකි විවෘත හා පෞද්ගලික පැසසුම් ගැරහුම් මධ්‍යයේ දැන් දෙවැනි සුපිරි තරුවද තෝරා අවසන්. මීළඟ සුපිරි තරුව වන්නේ ඔබද මමද? මමත් ඊළඟ සුපිරි තරුව තේරීමේ තරඟයට ඉල්ලුම් පත්‍රයක් යවන්නයි ඉන්නේ… මගේ පළමු වටේ තියෙන දවසට ජාතික සත්තු වත්තෙන් ආවොත් ශ්‍රී ලංකාවට ආවේණික ගැරඬි විශේෂ ඉතාමත් පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් වේවි (සමහරවිට). ගණන් ගන්න එපා විහිළුවක් කරේ (හිනාගියාද දන්නේ නෑ). ඔන්න ඔන්න ට්‍රැක් එකෙන් පිට ගියා. හරි හරි ආපහු මෙවර සුපිරි තරුව ගැන කතාකරමු. ඇත්තටම මට මේ සිරස සුපර් ස්ටාර්ස් 2වැනි අදියර (Season 2) පළමු අදියරට වඩා අති සාර්ථක යැයි හැ‍‍ෙඟනවා. මම නම් මුල ඉඳලම හිතුවේ සුරේන්ද්‍ර පෙරේරා සුපිරි තරුව වේවි කියලා. ඒත් ඉතින් අපි හිතන දේ හැම වෙලාවෙම වෙන්නේ නෑනේ මම මේ ජායාරූප උපුටා ගත්තේ සිරස මාධ්‍ය ජාලයේ ඊතලය වෙබ් අඩවියෙන් එහි සුපිරි තරු අතර දිදිලූ තරු 11ක ජායාරූප තියෙනවා. ඇයි එක්කෙනෙක්ගේ විතරක් නැත්තේ? සුපිරි තරු අනුශූරයා වූ සුරේන්ද්‍ර පෙරේරා ගැන කිසිම සඳහනක් නෑනේ. හිතට නම් ටිකක් දුකයි. මොනවා කරන්නද? සුපිරි තරුව වූ ප්‍රදීප් රංගන අනාගතයේ හදවතට (භෞතිකමය හදවත නොවෙයි) වෙද කම් කරන හදවතේ දොස්තර කෙනෙක් වෙන බවට නොඅනුමානයි. ඔහු දැන් තාරුණ්‍යයේ අයිතමයක් වී හමාරයි. මගෙන් ඔහුට උණුසුම් සුභ පැතුම් තවත් රස බර සිරස සුපර් ස්ටාර්ස් අදියරක් එන තෙක් මා හදවතේ දෑස් නොවසා බලාගෙන ඉන්නවා
ගීතමය දෙයක් පිළිබඳ කතාවක ඉඳිද්දී කාව්‍යමය අදහස් ඉබේම නැගෙනවා. මේ පහතින් මා දක්වා ඇත්තේ මාත් මලින්තත් [ඔහුගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න] අතර ඇතිවූ ජාලගත සංවාදයක (Online Chat) කොටසක්
Supun: කෙසේද සැපදුක්?
malinthe: වරදක් නැත දැන්
Supun: ඇසීමත් වේය සතුටක්
සුපිරි තරුව ගැන ඔබේ අදහස්?
Supun: කිසිවෙක් පැරදුනේ නැත බං
🙂
Supun: මාත් කරනව බ්ලොග් එකක් දැන්
http://www.ssudaraka.blogspot.com
malinthe: සිංහලද?
Supun: නැතුව නැතුව…
malinthe: හොඳා
හිතුවේ නෑ ප්‍රදීප් දිනයි කියා
Supun: මාත් එසේමැයි
සිතූ දේ නොම වේය සැමවිට
ගැසුවා කෙ.ප.සේ 4ක් (පසුව එකතු කරමි – කෙ.ප.සේ කියන්නේ කෙටි පණිවිඩ සේවය හො‍‍ඳේ)
😀
වැඩක් නම් නොම වුනේ
අපරාදේ රු20ක්
malinthe: අපි යැව්වා ප්‍රදීප්ට විසිපහක්!
Supun: මට නම් නැතේ එච්චර මුදල්