Categories
විවිධ

විශේෂ ප්‍රවෘත්තියක්! – සියලුම පුරවැසියන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි විය යුතුයි.

අද ඉතින් මං A/L පන්ති ගියා නෙව. (බබා දැන් ලොකු එකෙක් වෙලා නෙව 😀 ) ඒක නෙවෙයි, බස් එකේ ගැස්සි ගැස්සි එද්දී මගේ ෆෝන් කෙටි පයිංඩයක් ආවා. මට ඉතින් කවුරු කියලා කෙටි පයිංඩ එවන්නද? 😀 ලංකා පුවත් වලින් තමා පයිංඩේ. ප්‍රවෘත්තියෙන් කියවුනේ මෙන්න මෙහෙම දෙයක්…

ආරක්ෂක තත්වය මත සියලු ලාංකිකයින් WWW.CITIZENS.LK වෙබ් අඩවි‍යේ ලියාපදිංචි විය යුතුය.

වැඩේ හොඳ නරක සාකච්ඡා කරන එක ඔබට භාරයි. ඉතින්… මමත් වෙබ් අඩවියට හොට දාලා බැලුවා. හැබැයි ලියාපදිංචි වුනේ නම් නෑ. වෙබ් අඩවිය නම් ෂෝක් හරිම සරලයි. හැක් කරන්න දන්නවා නං ෂෝක් එකට හැක් කරතෑකි. ඒක නිසා වෙබ් අඩවිය බාරව ඉන්න අය මේක ගැන හොඳ අවධානයෙන් සිටීම වැදගත් වේවි. ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා. මේක ටිකක් උසස් තත්ත්වයෙන්, රාජ්‍ය මට්ටමෙන් කෙරෙන දෙයක් නිසා, විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යංශයෙන් කෙරෙන නිසා, ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. පුද්ගල තොරතුරු ඇතුලත් කරන පිටුව http නැතුව https තිබුනානං හොඳයි. මේක අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න. මම නං කියන්නේ… තව ටිකක් හොඳට වෙබ් අඩවිය සංවර්ධනය කරලා දියත් කරා නං තමයි හොඳ.

Categories
විවිධ

අනාගතය වෙනුවෙන් වර්තමානයට‍ කොමාවක්.

ම්… මේක සැහෙන්න හිතලා… කොටින්ම කියනවානං අහස පොළව ගැටලන්න කම්පනා කොරලා ගත්ත තීරණයක් ඕං. අකමැත්තෙන් වුනත් මේ තීරණය ගත්තා. උසස් පෙළ කියන්නේ සාමාන්‍ය පෙළ වගේ ‍ලේසි විභාගයක් (ගණන් පේපරේ අමතක කරමුකෝ) නෙවෙයි කියන එක ඉතින් හැමෝම දන්නවානේ… ඉතින් උසස් පෙළ ට්‍රැක් එකෙන් එළියට වැටුනොත් ආයේ පීලි වලට වැටෙනවා කියන එක බොරු. ඉතින් මුල ඉඳලාම තමන්ගේ වැඩ හරියට කරගන්න ඕනේ. සා.පේ කාලේ පිස්සු කෙළියා වගේ නෙවෙයි උසස් පෙළ කියන්නේ. අනික මමත් හිතලා හිතලා තෝරාගත්තේ ජල්තර විෂයක් නෙව. ඔව් ගණිතය ගැන තමයි කියන්නේ. ඉතින් ඒක නිසා, බ්ලොග් අඩවිය හැර අනිත් ඔක්කොම අඩවි වලට නැවතීමේ තිත තියන්නයි මේ හදන්නේ. පහුගිය කාලේ විභාගේ නිසා, වෙබ් සම්බන්ධව අතගහන්න බැරි වෙච්ච නිසා, මුදල් අතිනුත් පාඩුයි. ඉතින් ඒක නිසා කරන්න තියෙන හොඳම වැඩේ මේවා නවත්තන එක. ඒක නිසා බ්ලොග් අඩවිය හැර, අනිත් ‍ඔක්කොම අඩවි ටික වහන්න තීරණය කරා. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, YuthMAX වෙබ් අඩවිය මිලට ගන්න පුලුවන්. ගාන කතාකරගන්න, මේල් කරන්න (supun[@]sudaraka.com) වලට.

පහුගිය කාලේ ළිඳේ පනින්න තිබ්බ ආකල්පය නම් නිවාරණයි ඕං. ඇයි ඉතින් ආපහු පන්ති යන්න පටන් ගත්තා නෙව. පන්ති යන්නේ නුගේගොඩ රොටරි‍යේ. ‍හොස්ටල් එකේ යාලුවොත් ළඟ ළඟ බෝඩිම් හොයාගෙන. කට්ටිය එන්නෙත් රොටරිම තමයි. ඉතින් සා.පෙන් පස්සේ වෙන් වෙනවායි හිතුවාට කිසිම වෙන්වීමක් නෑ. ජීවිතේ ඉතින් ‍ඔහොම තමයි. ගල්, මුල්, මල්, තිත්, කොමා, විශ්මයාර්ථ ලකුණු වලින් පිරිලා… පස්සේ වෙලාවක තව ලියන්නම්කෝ… 😀