මේක මේ සිංහල භාෂාව හා තොරතුරු තාක්ෂණය සම්බන්ද කතාවක්. දැන් උසස් පෙළටත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීම් කෙරෙනවා නෙව. ඔය අතරෙ මුනගැහෙනවා මෙලෝ රහක් නැති සිංහල වචන. උදාහරණයක් විදිහට ROM එකට කියන්නෙ පඨන මාත්‍ර මතකය. පඨන මාත්‍ර මතකය කිව්වම ROM එකක් මැවිල පේනවාද?
නෑනෙ.
වචනයක් වුනාම ඒකෙන් අර්ථ දක්වන රූපය මවාගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඉතින් ඒ මවාගැනීම පහසුවෙන තරමට භාෂාව සරල වෙනවා වාගේම ඉගෙනීමේ ක්‍රියාවලියත් පහසු වෙනවා.
අටවක පුත්තු පොතේ මෙහෙම තියෙනවා. [SPOILER ALERT]
රෙජින නෝන බයිසිකලයෙන් බැහැලා මං ලඟට ඇවිත් “ගං මෙහාට ඕකගෙ මැනික් කටුව” කිව්වා. ඔය මැනික් කටුව කියන්නේ අපේ ඇඟේ තියෙන විකාරම තැන. කකුලෙ එහෙම තැනට වලලු කර කියලා අතේ එහෙම තැනට මැනික් කටුව කියන්නේ මොකද? සිංහල භාශාව හදපු එකා භාශා විද්‍යාව මොනව දැනගෙන හිටියත්, පාශාන විද්‍යාව ගැන මොන මඟුලක්වත් දන්නෙ නෑ. ඒ විතරක්යැ. පෝෂන විද්‍යාව ගැන උගේ දැනුමත් ඔහොම තමයි. නැත්තන් අර කකුලෙ අහවල් තැනට බත් කෙන්ද කියයියැ? කකුලෙ කොහෙද බත්?
ඉතින් ඔය වගේ සිංහල භාෂාවේ සමහර වචන හරිම පැටලිලි සහගතයි. ඉතින් “බටහිර දැනුම” ඉගෙනගන්නවා නම්, මුලින් ඉංග්‍රීසි දැනුම තියෙනවානම් එතනින් එහාට ඒ දේවල් ඉගෙනගැනීම හරි පහසුයි.
වටින් ගොඩින් කියාගෙන ආවෙ මට මේ ළඟදි ඉඳලා “බ්ලොග්” කියන වචනය අල්ලන්නෙ නැතුව ගියා. සිංහල පත්තර වල “බ්ලොග්” ගැන ලිපි දැක්කාම කියවන්න හිතුනෙත් නෑ. බ්ලොග් වලට වඩා සරල සිංහල වචනයක් යොදාගන්න බැරිද කියන ප්‍රශ්නෙ තමයි මට දැන් තියෙන්නේ. මුලින් ඕකට “වියුණ” කියන වචනය පාවිච්චි කරමු කියල යෝජනාවක් ආවත්, ඒක එහෙම්ම නැති වෙලා ගියා. ආණ්ඩුවෙනුයි මයික්‍රොසොෆ්ට් එකෙනුයි එකතුවෙලා මුද්‍රණය කරපු තොරතුරු සන්නිවේදන තාක්ෂණ වදන් මාලාවෙත්, බ්ලොග් කියන වචනය නිල වශයෙන් පිළිඅරගෙන තිබුනා. ඒත්… මේ බ්ලොග් කියන වචනය… සාමාන්‍ය පාඨකයන්ට ළඟා කරවන්න පුලුවන් වචනයක්ද කියලා හිතේ ප්‍රශ්නයක් තියෙනවා.
බ්ලොග්, බ්ලොග්කරුවෝ, බ්ලොග් ලියන්නෝ, බ්ලොග්කරණ තරගාවලිය වගේ ලියැවීම් ජුගුප්සාජනක (මෙලෝ රහක් නැති) හැඟීම් ඇති කරන්නේ මට විතරක්ද?