Categories
අන්තර්ජාලය විවිධ

තිස්සමහාරාමයේ සිට ලියමි.

ඔන්න ඉතින් නිවාඩුවට පරණ යාළුවෝ කට්ටිය බලලා යන්නයි. තිස්ස පන්සලේ බෝධි පූජාවකටයි සහභාගී වෙන්න ඇති වෙච්ච ආශාව සන්සිඳුවාගන්න තිබ්බ ඕනෑකමයි නිසා මගේ උපන් ගම නොවුනාට, ඒ වගේ ගම වෙන තිස්සමහාරාමයට ආවා. තිස්ස පැත්තේ හරියට ඇවිදින්න මේ ලැබුණේ අවුරුදු දෙකකට විතර පස්සේ මං හිතන විදිහට. මීට කලින් දවසක ආවාත් එදා ඉන්න වුනේ දවසක් විතරයි ඒක නිසා මේක තමයි අවුරුදු දෙකකට විතර පස්සේ ගමේ හරියට පය තියපු අවස්ථාව.

දැන් තිස්සමහාරාමයත් සෑහෙන්න දියුණුයි. දැන් තිස්සමහාරාමයටත් ADSL සම්බන්ධතාවය ලැබිලයි තියෙන්නේ. කියන්නත් සතුටුයි. මම මේ දැන් ඉන්න Internet Cafe එකේ සිංහල ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා. ඒ වගේම මගේ පරිගණක තියෙන යාළුවන් කිහිප දෙනෙකුත් සිංහල යුනිකේතයට උනන්දු කරන්න ලැබුනා. ඉදිරියේදී තිස්සමහාරාමෙනුත් හොඳ බ්ලොග්කරුවන් සෙට් එකක් හඳුන්වාදෙන්නයි ඉන්නේ.

ඒ වගේම මිට කලින් ලියපු “අබා සමඟින් සටහන් ශතක පූරණය” කියන සටහනට ලැබිච්ච ප්‍රතිචාර බලන්නත් ලැබුනේ අද තමයි. ඒ ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. සටහනට ලැබෙන ප්‍රතිචාර වලින් සමහරක් මෙ‍ලෝ දෙයක් නැති ස්පෑම් නිසා ලැබෙන ප්‍රතිචාර mannually approve කරන්න තමයි සැකසුම් හදලා තියෙන්නේ. ඒක නිසා ඔබේ ප්‍රතිචාරය බ්ලොග් සටහනේ ප්‍රදර්ශන‍ය වෙන්න ප්‍රමාද වුනානම් සමාවෙන්න ඕනේ.

කැෆේ එකේ ඉන්න ගමන්, සිංහල බ්ලොග් සින්ඩිකේටරයටත් එබිලා බැලුවා. බලනකොට අබා චිත්‍රපටිය ගැන ගොඩක් දේවල් ඒ ඒ අඩවි වල ලියැවිලා තියෙනවා දැක්කා. අබා චිත්‍රපටිය ගැන සංවාදයක් ඇතිවීම හොඳ දෙයක්. ඒක මුලින් කියන ගමන් අර මම මගේ අබා ගැන සටහනේ ලියලා තියෙන…

ඒ වගේම පොඩි අඩුපාඩුවක් තියෙන තැනක් දකිනවා. ඒක තමයි, මේ චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතයට අමුතු දේව රූපයක් මවාදී තිබීම. මෙය හැරීපෝටර් චිත්‍රපටියේ/කතාමාලාවේ හැරීපොටර්ගේ දෙමව්පියන් මරණයෙන් පසු නැවතත් භූතාත්මයක් විදිහට පැමිණ තම පුතාට සහය ලබාදෙනවා. අන්න ඒ විදිහට අබා චිත්‍රපටියේ චිත්‍රරාජ චරිතය මතු කරලා තිබෙනවා. සමහරු කියනවා චිත්‍රරාජ චරිතය මේ චිත්‍රපටියේ නිර්මාණ කරලා තියෙන්නේ එක්තරා ආගමක නායකයෙක්ව සිහිගන්වමින් කියලා. රූපය නම් යම්තාක් දුරකට සමානයි. ඒත් එච්චර අන්තවාදීව හිතන එක හරි නෑ. මොකද මේ චිත්‍රපටියේ කිසිම විදිහකින් ඒ ආගම ඉස්මතු කරන්න උත්සාහ කරලා නැහැ. අපි අපිම තමයි ඒක බොරුවට ඉස්මතු කරගෙන අපි අපිටම ගහගන්න යනවා කියන දේ තමයි මට එක පැත්තකින් හිතෙන්නේ.

මෙන්න මේ කාරණාව ගැන මටත් වඩා හොඳට සංහිඳ බ්ලොග් අඩවියේ ලියැවිලා තියෙනවා දැක්කා. ඒ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා කියලා තමයි මට හිතුනේ. මම නම් වැඩිය ක්‍රිස්තියානි ආගම පිළිබඳව දන්නේ නැහැ. ඒත් සංහිඳ බ්ලොග් අඩවියේ සටහන් කරු නාමල් උඩලමත්ත මහත්මාට නම්, මේ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ කතාවට මාත් එකඟයි. දැන් හිතෙනවා අබා චිත්‍රපටියෙන් චිත්‍රරාජ හරහා ක්‍රිස්තු චරිතය සම්බන්ධ සිදුවීම් ඉස්මතු වෙනවා කියලා. හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා, අබා චිත්‍රපටියේ චිත්‍රරාජට දේව ආරූඪයක් දීම හොඳයි. හැබැයි ඒක කරන්න තිබ්බේ ඒ විදිහට නෙවෙයි කියලායි හිතෙන්නේ. අපිට මෙහෙම හිතන්න පුළුවන්නේ,

චිත්‍රරාජ යක්ෂ ගෝත්‍රික නායකයෙක් හෝ නායක පරපුරකින් පැවත එන්නෙක්. පුරාණයේ තිබ්බ සිරිතක් අනුව රාජ්‍ය නායකයා සැලකුනේ දේවත්වයේ සංකේතයක් විදිහටයි. ඒක නිසා ඒ කා‍ලයේ ගෝත්‍රිකයා, තමන්ගේ නායකයාට දේවත්වයෙන් සලකන්නට ඉඩ ඇති. හැබැයි චිත්‍රපටියේ විදිහට ඒක ඉස්මතු කරන එක හරි නැහැ. අර සංහිද බ්ලොග් අඩවියේ තියෙන විදිහට, ඒ අවස්ථා ඒ කාලයට සමරූපී විදිහට නිර්මාණය කරානම්, චිත්‍රපටියේ අලංකාරය මීට වඩා වැඩි වෙන්න තිබුණා කියලා හිතෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම අබා සාර්ථක චිත්‍රපටියක්.

මදැයි. කොහෙන් ආවත් දැන් වැටෙන්නේ අබා උඩටම තමයි. 🙂 කමක් නෑ දැන් ඒක තමයි වෙන්න ඕනේ. කඩා වැටිලා තිබ්බ සිංහල සිනමාව ගොඩ නගන්න අපිත් දායක වෙන්න ඕනේ මෙන්න මේ විදිහටයි.

තව ලියන්න වෙලාව නෑ. දන්නේ නැද්ද ඉතින් පරණ යාළුවොත් එක්ක සෙට් වුනාම 😀 කරන්නද දේවල් නැත්තේ??? 😀

Categories
අන්තර්ජාලය තොරතුරු තාක්ෂණය විවිධ

දිවිය පහසු කරන සම්පත් බැංකුව හා දිවියට කෙළවන ශ්‍රී ලංකා ටෙලිකොම්

අපේ පවුලේ බැංකුව සම්පත් බැංකුව තමයි ඉතින්. ඒක ඉතින් මලින්ත හරහා වක්‍රව දැනගන්න ඇතිනේ… 😉 ඉතින් මේ ළඟදී මරු වැඩක් වුනා. ටෙලිකොම් බිල ගෙවන්න දවසක් පරක්කු වුනා විතරයි මෙන්න බොලේ දුරකථන සම්බන්ධතාවය නවත්තලා. කනෙක්ෂන් දෙන්න සතිගණන් මාස ගණන් රැ‍ග් එක දෙන ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙන්න බිල ගෙවන්න දවසක් පරක්කු වෙච්ච ගමන් සම්බන්ධතාවය අයින් කරලා. ඉතින් මොකද කරේ ගත්තා 0112303030 මේක තමයි සම්පත් බැංකුවේ ටෙලි බෑන්කින්ග් සේවා දුරකථන අංකය. නියම සේවාවක්. දුරකථ‍නයෙන් ගිණුම් ශේෂය බලාගන්න, ගිණුම් අතර මුදල් මාරුකරන්න. Mobile Cash වගේම ඉතාමත් කාර්යක්ෂම හා මිත්‍රශීලීව ගණුදෙනුකරුවන්ට සහායත් ලබාදෙනවා. මේ ‍සේවාවේ තවත් අංශයක් තියෙනවා අපේ බැංකු ගිණුමින් එක් එක් සේවාවන් සඳහා (උදාහරණයක් වශයෙන් කිව්වොත් SLT) ගෙවීම් කරන්නත් පුළුවන්. ඉතින් සම්පත් ටෙලි බෑන්කින්ග් සේවාවට සම්බන්ධ වෙලා පහසුවෙන් ගෙවීම කරා. ඔන්න හිටියා දවසක් දෙකක්, සෙනසුරාදා ඉරිදත් ගතවුනා. තාම ‍ටෙලිකොම් එක සම්බන්ධතාවය දීලා නෑ. ‍ඒ වගේම මම උන්ගේ (මුන්ට මෙහෙම කතා කරලත් මදි) පාරිභෝගික සහය අංකේ 0112555555 අංකේට කතා කරන්න හැදුවාම කියනවා “ඔබේ දුරකථනයෙන් ඇමතුම් ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත. විස්තර සඳහා කරුණාකර අංක 1242 අමතන්න කියලා” ඉතින් පාරිභෝගික සහය අමතන්නත් මුන්ට ගෙවලා ඉන්න ඕනේද? මගේ CDMA ෆෝන් එකේ නම් නොමිලේම පුළුවන් කම තිබ්බා. ඉතින් මොනවා කරන්නද? ඉතින් ඊට පස්සේ 1242 අංකේට ගත්තා. මෙන්න ආයෙමත් අර කුණුහරුපේ වාදනය‍ වෙනවා. ඉතින් මොකද කරේ… මගේ ජංගම දුරකථනේ ගත්තා. ඒක මොබිටෙල් නිසා ඒකේ Any8 අංක වලට 0112555555 අංකේ දාගත්තා. ඊට පස්සේ ජංගම දුරකථනෙන් පාරිභෝගික සහායට කතා කරා. පුදුමේ කියන්නේ වැඩි වෙලා යන්න කලින් ඉස්සුවා (සාමාන්‍යයෙන් ටෙලිකොම් දුරකථනෙකින් ගත්තොත් නම් අංකේ ඩයල් කරලා සහයට කෙනෙක් සෙට් වෙනකම් නාලා, කාලා, බීලා, අළුත් ඇඳුමකුත් ඇඳගෙන ආපහු දුරක‍ථනේ ළඟට එන්න වෙලාව තියෙනවා. ඒත් තව වෙලාවකුත් ඉතිරිවෙනවා) ඉතින් ඔන්න කතා කරා කියමුකෝ. ඊට පස්සේ කිව්වා මෙහෙම ටෙලි බෑන්කින්ග් වලින් ගෙව්වා. ඒත් තාම සම්බන්ධතාවය දීලා නැ කියලා. ඉතින් එහෙන් කියපි, තාම නම් අප්ඩේට් වෙලා නෑ. කොහොමද ගෙව්වේ අරකයි මේකයි කියලා ඊට පස්‍සේ එයා කිව්වා අපි මේක චෙක් කරලා ආපහු කරන්නම් කියලා මගේ අංකෙත් ඉල්ලගත්තා. අපරා‍දේ කියන්න බෑ ටෙලිකොම් එකේ බලු බල්ලෙක්වත් කතා කරේ නෑ. ඊටපස්සේ මම හිතුවා සම්පත් බැංකුවේ වරදක් ඇති ඒකයි. කියලා. සම්පත් බැංකුව නම් හැමදාම වේගවත් (මම කතා කරපු හැම දවසකම වගේ ඉක්මනින් ප්‍රතිචාර දක්වලා තියෙනවා) එතනට මම කිව්වා මෙහෙමයි. මම ගෙව්වා, තාම අප්ඩේට් වෙලා නෑ. එහෙන් කිව්වා සම්පත් බැංකුවෙන් අහන්න කියලා. ඊට පස්සේ මගෙන් දුරකථන අංකේ ඉල්ලගෙන කිව්වා. අපි තව ටිකකින් මේක පරික්ෂා කරලා කතා කරන්නම් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ විනාඩි 15ක්වත් ගියේ නෑ. ‍සම්පත් බැංකුවෙන් කතා කරා. ඊට පස්සේ මගෙන් ටෙලිකොම් ගිණුම් අංකෙයි, බිල්පතේ ඉන්වොයිසි අංකෙයි අහලා ඉල්ලගත්තා. ඊට පස්සේ ආපහු විනාඩි 5කින් විතර කතා කරාම කිව්වා. මේක‍ ගෙවපු දවසට පස්සේ දවසෙම ටෙලිකොම් එකට ඊ-මේල් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ වැරැද්ද තියෙන්නේ ටෙලිකොම් එකේ තමයි. ඉතින් ආපහු ගත්තා 0112555555à¶§ ඊට පස්සේ එතනට කිව්වා බැංකුවේ වැරැද්දක් නෑ. මම දිනෙයි වෙලාවයි දෙකම කියලා කිව්වා ඒ වෙලාවට සම්පත් බැංකුවෙන් ටෙලිකොම් එකට මේල් කරලා කියලා. ඉතින් මෙන්න තව අංකයක් දීපි. ඔන්න ඉතින් ඒකටත් කතා කරා. ඒකට කතා කරාම තමයි එතනින් කිව්වේ ආ හරි මෙහාට එදාම ඇවිල්ලා කියලා. දැන් මේක අප්ඩේට් කරන්නම් කියලා. ඇයි හත්තිලව්වේ අපි කතාකරනකම්ම ඉන්න ඕනෑද බිල අප්ඩේට් කරන්න? මුන් හදන්නේ අපේ සල්ලි හොරාට ගහගන්නද කියලා කියන්නත් බෑ. අඩුගානේ මුලින් 0112555555à¶§ කතා කරපු වෙලාවේ එතනින්වත් කිව්වානම් හරිනේ මේ අංකෙට කතා කරන්නයි කියලà·
. එතකොට රස්තියාදුවක් නෑනේ.

බලාගෙන ගියාම වැරැද්ද වෙන කාගේවත් නෙවෙයි අපේම තමයි. ටෙලිකොම් වගේ සේවා සපයන්ගෙන් සේවාව ලබාගන්න එකයි තියෙන ලොකුම වැරැද්ද. හැබැයි දැන් අර T.V එක වහලා දාන්න කිව්වා වගේ මේකටත් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි ‍යකෝ ටෙලිකොම් වලින් සේවාව ගන්නේ වෙන එකක් ගනින් කියලා. ඒකත් ඇත්ත තමයි. ඒත් ඉතින් අඩුවටයි, මාස ගාණක් වෙහෙසවෙලා හරි පහසුවෙන් ඇරගන්න පුළුවන් ADSL සේවාවක් ලංකාවේ දෙන්නේ ටෙලිකොම් විතරයිනේ (ඒක හරියට ඒකාධිකාරියක් ව‍ගේ නේද?). තවත් එකක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් දුරකථන සම්බන්ධතාවය අයින් කරලානම් තමුන්නාන්සේ කොහොමද බ්ලොග් එකේ ලියන්නේ කියලා. වැඩේ කියන්නේ මගේ දුරකථනයේ නවත්තලා තියෙන්නේ ඇමතුම් ගන්න එක විතරයි. මම හිතන්නේ ටෙලිකොම් එකට ම‍ගේ ADSL සම්බන්ධතාවය අයින් කරන්න අමතක වෙලා 😀 මේ ටෙලිකොම් එකේ හැමෝටම තියෙනවා ලොකු අමතක වීමේ රෝගයක්. එක වෙලාවට ‍ඒකෙන් පාරිභෝගිකයන්ට වාසියි. තව වෙලාවක පාරිභෝගිකයන්ට අවාසියි.

දැන් රටේ එළකිරි බොන්න පුරුදුකරගෙන යනවානේ. පාරිභෝගියන්ට කෙසේවෙතත් මුලින්ම ටෙලිකොම් එකට එළකිරි පොවලා ඉන්න ඕනේ. එතකොට මතක ශක්තිය වැඩිවෙනවා කියනවානේ. ඒ වගේම “අපි වවමු රට නගමු” ප්‍රතිපත්තිය යටතේ ලංකාවේ ගොටුකොල වවලා ඒ ඔක්කොම මුලි‍න්ම ටෙලිකොම් එකට කවලා තමයි ලංකාව දියුණු කරන්න පටන්ගන්න ඕනේ. මොකද අනාගතේ ලංකාවේ දියුණුවට තොරතුරු තාක්ෂණය බලපාන නිසා. ඉතින් ලංකාවේ තොරතුරු තාක්ෂණ ඒකාධිකාරිය තියෙන්නේ ටෙලිකොම් එක‍ටනේ. මේකට ඉක්මනට ක්‍රියාමාර්ග නොගත්තොත් ටෙලිකොම් නිසා අපේ දිවියට කෙළවෙන එක කෙසේවෙතත්, ලංකාවේ තොරතුරු තාක්ෂණයටත් කෙළවෙන දවස වැඩි ඈතක නොවේ!…

යාවත්කාලීන කිරීම – අපරාදේ කියන්න බෑ අර අප්ඩේට් කරනවා කිව්වාට පස්සේ මේ සටහන ලියන අතරතුරේ සම්බන්ධතාවය ලබාදීලා 😀 😀