Categories
දේශපාලනික මතවාද සමාජ ගැටලු

මිනිස්සුන්ට තියෙන්නෙ අධ්‍යාපනය රැකගැනීමට වඩා මුදල් පිළිබඳ ප්‍රශ්නයක්.

මේ දිනවල නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම සහ දේශිය දළ ජාතික නිශ්පාදන වියදමෙන් සියයට හයක ප්‍රමාණයක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණෙන් දියත් කරන රැළි මාලාව හරිම ජනප්‍රියයි. කොහොම නමුත් ඔවුන් බොහෝ පිරිසකට ඒත්තු ගැන්වීමට සමත් වෙලා තියෙනවා නිදහස් අධ්‍යාපනය පවතින අවදානම් තත්වය.

නිදහස් අධ්‍යාපනය ගැන කොතරම් මිනිස්සුන්ට ඒත්තු ගන්වලා තියෙනවාද කිව්වොත්, දැන් බොහෝ දෙනෙක් හිතන්නේ නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය නිදහස් අධ්‍යාපනය කියලා. ඇත්තම කතාව ඒක නෙවෙයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ තමන්ගේ නිදහස් තෝරාගැනීමට යටත්ව රිසිසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකම. එහෙම බැලුවොත් ලංකාවට නිදහස් අධ්‍යපනය අහිමි වෙලා තියෙන්නනෙ සෑහෙන්න අවුරුදු ගාණකට කලින්.

පවතින ක්‍රමය යටතේ බොහෝ කාලයකට ඉහතදී යල් පැන ගිය නිදහස් අධ්‍යාපනය බොහෝ ගැටලු රැසක් වර්තමානයේ ඉතිරි කර තිබෙනවා. වෛද්‍යවරු වේවා ඉංජිනේරුවරු වේවා ඔවුන්ද සැලකෙන්නෙ කම්කරු මට්ටමෙන්. ඔවුන්ට වඩා අධ්‍යාපන සුදුසුකමින් අඩු මට්ටමේ දේශපාලකයින් ඉතා ඉහළ පහසුකම් සහ වැටුප් ලබාගන්නවා (සරල උදාහරණයක්) මෙවැනි වැටුප් විෂමතාවක් සහ සමාජ තලවල සැලකිය යුතු විකෘතියක් ඇතිවෙලා තියෙන්නෙ මේ යල් පැන ගිය නිදහස් අධ්‍යාපනය නිසා. ඉතින් ක්‍රමය වෙනස් කිරීමටැයි සටන් වදින අය පවතින ක්‍රමයම පෝෂණය කරන අධ්‍යාපන ක්‍රමය රැකගැනීමට සටන් වදින්නේ ඇයි?

එහෙමනම් සියයට හයක් ඉල්ලනවා වෙනුවට නව අධ්‍යාපන ක්‍රම ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සටන් වැදීම වඩාත් හොඳයි නේද?

විශ්ව විද්‍යාල කථිකාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීම අතිශයින්ම සාධාරණ ඉල්ලීමක්. මේ සටන ඇතුළෙ කුමන දේශපාලනයක් තිබුනත් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක්ගේ වැටුපට සෑහෙන්න ඉහළ ප්‍රමිතියක් හිමිවිය යුතුයි. මේ කොහොමවුනත් සුලුතරයක් වෙන ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඪ වලින් හැර අනෙකුත් විශ්ව විද්‍යාල වලින් රටේ දියුණුවට අදාළව මොනවද වෙලා තියෙන්නෙ? විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන දවසෙ ඉඳල ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරනවා ඇරෙන්න? ඒවත් සාර්ථක වුනානම් කමක් නෑ. මේ පාරවත් සාර්ථක වෙයිද?

මෙතන තියෙන්නෙ සරලව මුදල් පිළිබඳ ප්‍රශ්නයක්. නිදහස් අධ්‍යාපනය අතිශයින් වැදගත්. නමුත් නිදහස් අධ්‍යාපනය පැවතුනු කාල සීමාවේදී මෙතරම් බණ කියන, සාක්ෂරතාවෙන් සංතෘප්ත වුන රටේ මිනිස්සුන්ගෙ දූපත් මානසිකත්වය වෙනස් කරන්න අපට තවමත් බැරි වෙලා නේද?

සියයට හයක් ඉල්ලනවා වෙනුවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, ක්‍රමවේදයක් වෙනුවෙන් සටන් වදින්න. ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න.

Categories
කාලීන ජීවිතේ දේශපාලනික විවිධ

සිස්ටම් එක සහ තවත් කතා

කාලෙකට පස්සෙ ආපහු බ්ලොග් ලිපියක් ලියන්නෙ. කොච්චර ලියන්න හැදුවත් මට මුකුත් ලියවෙන්නෙ නැති තරම්. මේ සිස්ටම් එක ඇතුළෙ වෙලාව යනව කියන දේ තේරෙන්නෙ නැති එක ‍‍සමහර වෙලාවට සහනයක්. සමහර වෙලාවට අසහනයක්. ‍ලංකාවෙ මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් ඉවරවෙනකොට තවත් ට්‍රෙන්ඩ් එකක්. බොහෝ වෙලාවට මේ ට්‍රෙන්ඩ් එක නිර්මාණය කරන්න කෙලින්ම දායකත්වය දෙන්නෙ ජනමාධ්‍ය. ඒ මට හිතෙන විදිහ. අලුත්ම ට්‍රෙන්ඩ් එක මේ ලංකාවෙ සිස්ටම් එක ඇතුළෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ‍මට මතක ඇති කාලයක ඉඳල හැමදෙනාම තමන් බලයට පත් වුනේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල කියාගෙන. ඒත් කෙරුන අහෝසි කිරීමක් නැහැ තවත් ඒ තනතුරේ අධිපතීත්වය වැඩිවෙනව ඇරෙන්න. ඉතින් මං නං කියන්නෙ මේ සිස්ටම් එක ඇතුළෙ තමන්ගෙ ඡන්දයට එච්චර ‍ලොකු වටිනකමක් නැහැ කියන එකයි. දැන් ඔය සටන්වදින පාර්ශව වලට ඔය කියල ලොකූ උවමනාවක් තියෙනවනං විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, ඒක මහලොකු අමාරු දෙයක් නෙවෙයි. මෙතන තියෙන්නෙ තනිකර බලය පිළිබඳ ප්‍රශ්නයක්.